ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • හැම අවුරුදු හතකටම සැරයක් ණය සහනයක් (1-6)

      • දුප්පත් අයට උදව් කරන්න (7-11)

      • හැම අවුරුදු හතකටම සැරයක් දාසයන්ව නිදහස් කරනවා (12-18)

        • දාසයෙක්ගේ කන විදින්න (16, 17)

      • කුලුඳුල් සතුන්ව වෙන් කරන්න (19-23)

ද්විතීය කතාව 15:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ණය අවලංගු කරන එක හරි ණය ගෙවන්න තව කල් දෙන එක හරි.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:2

ද්විතීය කතාව 15:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 2 පි.

ද්විතීය කතාව 15:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:43; ද්වි 14:21; 23:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 2 පි.

ද්විතීය කතාව 15:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:8

ද්විතීය කතාව 15:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:7, 8; යෙසා 1:19

ද්විතීය කතාව 15:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:12
  • +ද්වි 28:13; 1රාජා 4:24, 25

ද්විතීය කතාව 15:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:13; යාකො 2:15, 16; 1යොහ 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2010, 8 පි.

ද්විතීය කතාව 15:8

පාදසටහන්

  • *

    ඒ කියන්නේ පුළුවන් දවසක ඒක ආපහු ඔයාට දෙන පොරොන්දුව පිට.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:35; හිතෝ 19:17; මතෙ 5:42; ලූක් 6:34, 35; ගලා 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2010, 8 පි.

ද්විතීය කතාව 15:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:1
  • +නික් 22:22, 23; ද්වි 24:14, 15; හිතෝ 21:13

ද්විතීය කතාව 15:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:35; 2කොරි 9:7; 1තිමෝ 6:18; හෙබ්‍රෙ 13:16
  • +ද්වි 24:19; ගීතා 41:1

ද්විතීය කතාව 15:11

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:11
  • +හිතෝ 3:27; මතෙ 5:42; ලූක් 12:33

ද්විතීය කතාව 15:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:2; ලෙවී 25:39

ද්විතීය කතාව 15:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2014, 19 පි.

ද්විතීය කතාව 15:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:5, 6

ද්විතීය කතාව 15:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:2; 22:30; ගණන් 3:13; 18:15, 17

ද්විතීය කතාව 15:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5, 6; 14:23; 16:11

ද්විතීය කතාව 15:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:20; ද්වි 17:1; මලා 1:8; හෙබ්‍රෙ 9:14

ද්විතීය කතාව 15:22

පාදසටහන්

  • *

    මූ.අ., “මුවන්ව සහ ගසෙල් (කුරංගයා) මුවන්ව.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:15; 14:4, 5

ද්විතීය කතාව 15:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:4; ලෙවී 7:26; ක්‍රියා 15:20, 29
  • +ලෙවී 17:10, 13; ද්වි 12:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2000, 30-31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 15:1ලෙවී 25:2
ද්වි. 15:2ද්වි 31:10
ද්වි. 15:3නික් 12:43; ද්වි 14:21; 23:20
ද්වි. 15:4ද්වි 28:8
ද්වි. 15:5යොෂු 1:7, 8; යෙසා 1:19
ද්වි. 15:6ද්වි 28:12
ද්වි. 15:6ද්වි 28:13; 1රාජා 4:24, 25
ද්වි. 15:7හිතෝ 21:13; යාකො 2:15, 16; 1යොහ 3:17
ද්වි. 15:8ලෙවී 25:35; හිතෝ 19:17; මතෙ 5:42; ලූක් 6:34, 35; ගලා 2:10
ද්වි. 15:9ද්වි 15:1
ද්වි. 15:9නික් 22:22, 23; ද්වි 24:14, 15; හිතෝ 21:13
ද්වි. 15:10ක්‍රියා 20:35; 2කොරි 9:7; 1තිමෝ 6:18; හෙබ්‍රෙ 13:16
ද්වි. 15:10ද්වි 24:19; ගීතා 41:1
ද්වි. 15:11මතෙ 26:11
ද්වි. 15:11හිතෝ 3:27; මතෙ 5:42; ලූක් 12:33
ද්වි. 15:12නික් 21:2; ලෙවී 25:39
ද්වි. 15:16නික් 21:5, 6
ද්වි. 15:19නික් 13:2; 22:30; ගණන් 3:13; 18:15, 17
ද්වි. 15:20ද්වි 12:5, 6; 14:23; 16:11
ද්වි. 15:21ලෙවී 22:20; ද්වි 17:1; මලා 1:8; හෙබ්‍රෙ 9:14
ද්වි. 15:22ද්වි 12:15; 14:4, 5
ද්වි. 15:23උත් 9:4; ලෙවී 7:26; ක්‍රියා 15:20, 29
ද්වි. 15:23ලෙවී 17:10, 13; ද්වි 12:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 15:1-23

ද්විතීය කතාව

15 “හැම අවුරුදු හතකටම සැරයක් ඔයාලා ණය සහනයක් ලබා දෙන්න ඕනේ.*+ 2 ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි. තමන්ගෙන් ණයක් ගත්ත සහෝදරයාට හරි අසල්වැසියාට හරි ඒක ගෙවන්න කියලා කරදර කරන්න එපා. හැම ණයහිමියෙක්ම එයාලාගෙන් ණය ගත්ත අයව ණය බරින් නිදහස් කරන්න ඕනේ. මොකද ඒ වගේ සහනයක් දෙන්න කියලා ප්‍රකාශ කරලයි තියෙන්නේ.+ ඒක යෙහෝවා දෙවියන්ගේ නියෝගයක්. 3 ඒත් විදේශිකයෙක් ඔයාලට ණය වෙලා ඉන්නවා නම් එයාගෙන් ඒක ඉල්ලන්න ඔයාලට පුළුවන්.+ හැබැයි ඊශ්‍රායෙල් ජාතිකයන්ට ඒ සහනය ඔයාලා ලබා දෙන්න ඕනේ. 4 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට අයිති කරලා දෙන දේශයට ගියාම ඔයාලා හැමෝටම කිසිම අඩුවක් නැතුව යෙහෝවාගේ ආශීර්වාද ලැබෙයි. ඒ නිසා ඔයාලා අතරේ ඉන්න කිසිම කෙනෙක් දුප්පත් වෙන්න හේතුවක් නැහැ.+ 5 ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වුණොත් විතරයි. ඒ වගේම මම අද ඔයාලට කියලා දෙන ඔහුගේ හැම ආඥාවක්ම ඒ විදිහටම පිළිපැද්දොත් විතරයි.+ 6 ඔයාලා එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා පොරොන්දු වුණ විදිහටම ඔයාලට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. ඔයාලට කවදාවත් වෙනත් ජාතීන්ගෙන් ණය ගන්න සිද්ධ වෙන්නේ නැහැ.+ ඒ වෙනුවට ඔයාලා ගොඩක් ජාතීන්ට ණයට දෙයි. ඒ වගේම ඔයාලට කවදාවත් වෙනත් ජාතීන් යටතේ ඉන්න වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔයාලා ගොඩක් ජාතීන්ව යටත් කරගනියි.+

7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+ 8 ත්‍යාගශීලීව එයාට අතහිත දෙන්න.+ අදිමදි කරන්නේ නැතුව එයාට අවශ්‍ය ඕනෙම දෙයක් දෙන්න.* 9 ඒත් ‘ණය සහනය ලබා දෙන හත්වෙනි අවුරුද්ද ළඟයි’+ කියලා හිතලා දුප්පත් සහෝදරයාට කිසිම උදව්වක් නොකර ඉන්න එපා. ඒක හරිම නපුරු සිතුවිල්ලක්. ඔයාගේ සහෝදරයා ඔයා කරපු දේ ගැන කියලා යෙහෝවාට කන්නලව් කළොත් ඔයා ඔහු ඉස්සරහා වරදකරුවෙක් වෙනවා.+ 10 අදිමදි කරන්නේ නැතුව කැමැත්තෙන්ම ඔයාගේ සහෝදරයාට අවශ්‍ය දේ දෙන්න.+ එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා කරන හැම දේකටම ආශීර්වාද කරයි.+ 11 හැබැයි දේශයේ දුප්පත් අය ඔයාලත් එක්ක හැමදාමත් ඉඳියි.+ ‘ඔයාලා අතරේ ඉන්න දුප්පත්, අසරණ සහෝදරයාට ලෝභ නැතුව අතහිත දෙන්න’ කියලා මම ඔයාලට කියන්නේ ඒ නිසයි.+

12 “හෙබ්‍රෙව් ජාතික පුරුෂයෙක්ව හරි ස්ත්‍රියක්ව හරි මෙහෙකාරකමට ඔයාට විකුණන්න පුළුවන්. ඒ කෙනා අවුරුදු හයක් ඔයාට සේවය කළාට පස්සේ හත්වෙනි අවුරුද්දේදී එයාට නිදහස ලබා දෙන්න.+ 13 එයාව නිදහස් කරලා යවද්දී හිස් අතින් යවන්න එපා. 14 ඔයාගේ රැළෙන් සත්තු කීපදෙනෙක්, ධාන්‍ය, වයින් සහ තෙල් ත්‍යාගශීලීව එයාට දෙන්න. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාට ආශීර්වාද කරලා තියෙන විදිහටම ඔයාත් එයාට දෙන්න. 15 ඔයාලා කාලයක් ඊජිප්තුවේ වහලුන් වෙලා හිටියා කියලත් ඔයාලව නිදහස් කරගෙන ආවේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා කියලත් කවදාවත් අමතක කරන්න එපා. ඒ නිසයි මං අද ඔයාලට ත්‍යාගශීලී වෙන්න කියලා අණ කරන්නේ.

16 “ඒත් ඔයා මෙහෙකාරකමට ගත්ත කෙනා ඔයා ළඟ සතුටින් වැඩ කරපු නිසාත් ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි ආදරේ නිසාත් මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘මං ඔයාලව දාලා යන්න කැමති නැහැ.’+ 17 එතකොට ඔයා කරන්න ඕනෙ මේකයි. එයාව ගෙදර දොර ළඟට එක්කගෙන ගිහින් දොරට තියලා විදින කටුවකින් එයාගේ කන විදින්න. එහෙම කළාට පස්සේ එයා හැමදාටම අයිති ඔයාටයි. ඔයාට එහෙම සේවය කරන්න කැමති ස්ත්‍රියකටත් ඒ දේම කරන්න. 18 ඔයාට සේවය කරපු දාසයෙක්ව නිදහස් කරලා යවන්න අදිමදි කරන්න එපා. මොකද එයා ඔයා ළඟ වැඩ කරපු අවුරුදු හයේදී කුලියට ගන්න සේවකයෙක් කරන වැඩ වගේ දෙගුණයක් ඔයා වෙනුවෙන් කළා. ඒ වගේම ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයා කරපු හැම දේකටම ආශීර්වාද කරලා තියෙනවා.

19 “ඔයාලාගේ ගව රැළේ සහ එළු බැටළු රැළේ ඉපදෙන හැම කුලුඳුල් පිරිමි සතෙක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් වෙන් කරන්න.+ රැළේ ඉන්න කුලුඳුල් ගවයන්ගෙන් කිසිම වැඩක් ගන්න එපා. කුලුඳුල් බැටළුවන්ගේ ලොම් කපන්නත් එපා. 20 ඔයාලා ඔයාලාගේ පවුලේ අයත් එක්ක හැම අවුරුද්දකම ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට ගිහින් ඒ සතුන්ව මරලා යෙහෝවා ඉස්සරහා උන්ව කෑමට ගන්න ඕනේ.+ 21 ඒත් ඒ සතුන් කොරයි නම් අන්ධයි නම් නැත්නම් උන්ට වෙන බරපතළ දෝෂයක් තියෙනවා නම් උන්ව ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පූජා කරන්න එපා.+ 22 ඒ සතුන්ව ඔයාලා ඉන්න නගරේදීම මරලා කෑමට ගන්න ඔයාලට පුළුවන්. හරියට මුවන්ව* මරලා කෑමට ගන්නවා වගේ උන්ව කෑමට ගන්න. ඔයාලා පවිත්‍ර තත්වයක හිටියත් නැතත් ඒ මස් කන්න ඔයාලට පුළුවන්.+ 23 හැබැයි උන්ගේ ලේ කන්න ඔයාලට අවසර නැහැ.+ ඒක වතුර වගේ බිමට වක් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න