ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • පොඩි මෝඩකමක් ගෞරවය නැති කරයි (1)

      • දෙයක් හරියට නොකරන එකේ අනතුරු (2-11)

      • මෝඩයාට ලැබෙන ප්‍රතිඵල (12-15)

      • පාලකයන්ගේ මෝඩකම් (16-20)

        • ඔයා කියපු දේ කුරුල්ලෙක් ගිහින් කියයි (20)

දේශනාකාරයා 10:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:10, 12; 2සාමු 12:9-11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 16 පි.

    පිබිදෙව්!,

    3/8/2001, 12-13 පි.

දේශනාකාරයා 10:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:8; 17:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 15 පි.

දේශනාකාරයා 10:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ එයාට හිතලා මතලා වැඩ කරන්නවත් හොඳ තීරණ ගන්නවත් බැහැ කියලා.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:23
  • +හිතෝ 13:16; 18:7

දේශනාකාරයා 10:4

හරස් යොමු දැක්වීම්

  • +දේශ 8:2, 3
  • +1සාමු 25:23, 24; හිතෝ 25:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 16 පි.

දේශනාකාරයා 10:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:21; 1රාජා 12:13, 14

දේශනාකාරයා 10:6

පාදසටහන්

  • *

    මූ.අ., “පොහොසත්.”

දේශනාකාරයා 10:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:21-23

දේශනාකාරයා 10:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:27

දේශනාකාරයා 10:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දර පළන කෙනාත් පරෙස්සම් වෙන්න ඕනේ.”

දේශනාකාරයා 10:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    2/2014, 6 පි.

    මුරටැඹ,

    10/1/2000, 16 පි.

දේශනාකාරයා 10:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:6, 8; ගීතා 37:30; ලූක් 4:22; එෆී 4:29
  • +ගීතා 64:2, 8; හිතෝ 10:14, 21; 14:3

දේශනාකාරයා 10:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:10, 11

දේශනාකාරයා 10:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:19; 15:2
  • +හිතෝ 27:1; දේශ 6:12; යාකො 4:13, 14

දේශනාකාරයා 10:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 15 පි.

දේශනාකාරයා 10:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:7; 36:9

දේශනාකාරයා 10:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 31:4, 5

දේශනාකාරයා 10:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:25; 24:33, 34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1996, 22 පි.

දේශනාකාරයා 10:19

පාදසටහන්

  • *

    මූ.අ., “රොටි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:15; දේශ 9:7
  • +දේශ 7:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 4 පි.

දේශනාකාරයා 10:20

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔයා ඇඳේ ඉද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:28

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 10:1ගණන් 20:10, 12; 2සාමු 12:9-11
දේශ. 10:2හිතෝ 14:8; 17:16
දේශ. 10:3හිතෝ 10:23
දේශ. 10:3හිතෝ 13:16; 18:7
දේශ. 10:4දේශ 8:2, 3
දේශ. 10:41සාමු 25:23, 24; හිතෝ 25:15
දේශ. 10:51සාමු 26:21; 1රාජා 12:13, 14
දේශ. 10:7හිතෝ 30:21-23
දේශ. 10:8හිතෝ 26:27
දේශ. 10:121රාජා 10:6, 8; ගීතා 37:30; ලූක් 4:22; එෆී 4:29
දේශ. 10:12ගීතා 64:2, 8; හිතෝ 10:14, 21; 14:3
දේශ. 10:131සාමු 25:10, 11
දේශ. 10:14හිතෝ 10:19; 15:2
දේශ. 10:14හිතෝ 27:1; දේශ 6:12; යාකො 4:13, 14
දේශ. 10:162ලේක 13:7; 36:9
දේශ. 10:17හිතෝ 31:4, 5
දේශ. 10:18හිතෝ 21:25; 24:33, 34
දේශ. 10:19ගීතා 104:15; දේශ 9:7
දේශ. 10:19දේශ 7:12
දේශ. 10:20නික් 22:28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 10:1-20

දේශනාකාරයා

10 මළ මැස්සන් නිසා සුවඳ තෛලයක් නාස්ති වෙලා ගඳ ගහන්න පටන්ගන්නවා. ගෞරවය දිනාගත්ත ඥානවන්තයෙක්ගේ අතින් වෙන පොඩි මෝඩකමක් නිසා එයාගේ හොඳ නම නැති වෙලා යනවා.+

2 ප්‍රඥාවන්තයාගේ හිත එයාට හරි පාර පෙන්නලා දෙනවා. ඒත් මෝඩයාගේ හිත එයාට පෙන්නලා දෙන්නේ වැරදි පාර.+ 3 මෝඩයා මොන දේ කළත් එයාගේ මෝඩකම* හොඳට පේනවා.+ එයා කොච්චර මෝඩද කියලා හැමෝම ඉස්සරහා ප්‍රදර්ශනය කරනවා.+

4 පාලකයෙක් ඔයාත් එක්ක කේන්ති ගත්තොත් ඔයා ඉන්න තැනින් අයින් වෙලා යන්න එපා.+ මොකද සන්සුන්ව ඉන්න එකෙන් බරපතළ වැරදි වෙන එක අඩු කරගන්න පුළුවන්.+

5 ඉර යට සිද්ධ වෙන කනගාටුදායක දෙයක් මම දැක්කා. ඒක සාමාන්‍යයෙන් බලතල තියෙන අය අතින් වෙන වරදක්.+ 6 උසස් තනතුරුවල වැඩිපුර ඉන්නේ මෝඩයෝ. ඒත් දක්ෂ* අය ඉන්නේ පහත් තනතුරුවල.

7 සේවකයන් අශ්වයන් පිටේ නැඟලා යනවාත් අධිපතීන් සේවකයන් වගේ පයින් යනවාත් මම දැකලා තියෙනවා.+

8 වළක් හාරන කෙනා ඒ වළටම වැටෙන්න පුළුවන්.+ ගල් පවුරක් කඩලා දාන කෙනාට සර්පයෙක් දෂ්ට කරන්න පුළුවන්.

9 ගල් කඩන කෙනාට ඒ ගල්වලින් හානියක් වෙන්න පුළුවන්. දර පළන කෙනාටත් දර කෑලි වැදිලා අනතුරක් වෙන්න පුළුවන්.*

10 මොට්ට යකඩ ආයුධයක් මුවහත් කරන්නේ නැතුව පාවිච්චි කරද්දී ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් ප්‍රඥාවන්තව වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

11 නයාව නටවන්න කලින් ඌ දෂ්ට කළොත් නයි නටවන කෙනාගේ දක්ෂතාවෙන් කිසිම වැඩක් නැහැ.

12 ප්‍රඥාවන්තයා කියන දේවල්වලින් හිත් දිනාගන්නවා.+ ඒත් මෝඩයා කියන දේවල් එයාටම විනාශයක් ගේනවා.+ 13 එයා කට ඇරලා කියන මුල් වචන ටිකම මෝඩයි.+ එයා අන්තිමට කියන්නෙත් ලොකු විනාශයකට අත වනන විකාර කතා. 14 ඒත් මෝඩයා කියවන එක නම් නවත්තන්නේ නැහැ.+

ඉස්සරහට වෙන්නේ මොනවාද කියලා මිනිසෙක් දන්නේ නැහැ. කෙනෙක් නැති වුණාට පස්සේ වෙන දේවල් ගැන එයාට කියන්න පුළුවන් කාටද?+

15 මෝඩයා මහන්සි වෙලා වැඩ කළත් එයා හෙම්බත් වෙනවා. අඩුම තරමේ නගරයට යන්නේ කොහොමද කියලවත් එයාට හොයාගන්න බැහැ.

16 රජ පොඩි දරුවෙක් නම් දේශයට මොකක් වෙයිද?+ අධිපතීන් උදේම කාලා බීලා සතුටු වෙන්න පටන්ගත්තොත් තත්වය කොච්චර දරුණුද! 17 ඒත් රජ වංශවත් කෙනෙක්ගේ පුතෙක් නම් දේශයට කොච්චර හොඳක් වෙයිද! අධිපතීන් බේබදුකම නිසා නෙමෙයි ශක්තිය ලබාගන්න ඕනෙ නිසා වෙලාවට කන අය නම් දේශයේ ඉන්න අයට කොච්චර සතුටින් ඉන්න පුළුවන් වෙයිද!+

18 කම්මැළි කෙනෙක්ගේ වහලේ පරාල කැඩිලා බිමට පහත් වෙයි. එයා අත් දෙක බැඳගෙන බලාගෙන හිටියොත් ගේ තෙමෙයි.+

19 කෑම* පිළියෙල කරන්නේ හිත සතුටු කරන්නයි. වයින්වලින් ජීවිතයට සතුටක් ගේනවා.+ ඒත් සල්ලිවලින් හැම අවශ්‍යතාවක්ම පිරිමහගන්න පුළුවන්.+

20 ඔයාගේ හිතින්වත්* රජට ශාප කරන්න එපා.+ නිදන කාමරේ ඉද්දී ධනවතෙක්ට ශාප කරන්න එපා. මොකද කුරුල්ලෙක්ට ඒක ඇහිලා ඒක දැනුම් දෙයි. තටු තියෙන පුංචි සතෙක්ට ඒක ඇහිලා ඌ ඒක ගිහින් කියයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න