ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • හැම කුලුඳුලෙක්ම අයිති යෙහෝවාටයි (1, 2)

      • මුහුන් නොදැමූ රොටි උත්සවය (3-10)

      • හැම කුලුඳුලෙක්වම දෙවියන්ට කැප කරයි (11-16)

      • ඊශ්‍රායෙල්වරුන්ව රතු මුහුද පැත්තට යවයි (17-20)

      • වලා ටැඹ සහ ගිනි ටැඹ (21, 22)

නික්මයාම 13:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:13; 18:15; ද්වි 15:19; ලූක් 2:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2021, 1 පි.

නික්මයාම 13:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:42; ද්වි 16:3
  • +ද්වි 4:34; නෙහෙ 9:10

නික්මයාම 13:4

පාදසටහන්

  • *

    උප. B15 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:1

නික්මයාම 13:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; නික් 6:5, 8
  • +නික් 3:8; 34:11
  • +නික් 3:17; ද්වි 8:7-9

නික්මයාම 13:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:15; 34:18

නික්මයාම 13:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:15
  • +ද්වි 16:3

නික්මයාම 13:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:26, 27

නික්මයාම 13:9

පාදසටහන්

  • *

    හෝ, “අත්වල ලකුණක් සහ නළල්වල සිහිවටනයක් වගේ වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:14; ද්වි 11:18

නික්මයාම 13:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:24, 25

නික්මයාම 13:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18

නික්මයාම 13:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:29; 34:19, 20; ලෙවී 27:26; ගණන් 3:13; ලූක් 2:22, 23

නික්මයාම 13:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:15

නික්මයාම 13:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:7, 8

නික්මයාම 13:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:2
  • +නික් 12:29; ගීතා 78:51

නික්මයාම 13:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:18

නික්මයාම 13:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 8/2020, 1 පි.

නික්මයාම 13:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:2, 3; ගණන් 33:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2018, 26 පි.

නික්මයාම 13:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:24, 25; යොෂු 24:32; හෙබ්‍රෙ 11:22

නික්මයාම 13:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:19
  • +ගණන් 9:15; ගීතා 78:14

නික්මයාම 13:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:39; 1කොරි 10:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 13:2ගණන් 3:13; 18:15; ද්වි 15:19; ලූක් 2:22, 23
නික්. 13:3නික් 12:42; ද්වි 16:3
නික්. 13:3ද්වි 4:34; නෙහෙ 9:10
නික්. 13:4ද්වි 16:1
නික්. 13:5උත් 15:18; නික් 6:5, 8
නික්. 13:5නික් 3:8; 34:11
නික්. 13:5නික් 3:17; ද්වි 8:7-9
නික්. 13:6නික් 12:15; 34:18
නික්. 13:7නික් 23:15
නික්. 13:7ද්වි 16:3
නික්. 13:8නික් 12:26, 27
නික්. 13:9නික් 12:14; ද්වි 11:18
නික්. 13:10නික් 12:24, 25
නික්. 13:11උත් 15:18
නික්. 13:12නික් 22:29; 34:19, 20; ලෙවී 27:26; ගණන් 3:13; ලූක් 2:22, 23
නික්. 13:13ගණන් 18:15
නික්. 13:14ද්වි 7:7, 8
නික්. 13:15නික් 5:2
නික්. 13:15නික් 12:29; ගීතා 78:51
නික්. 13:16ද්වි 11:18
නික්. 13:18නික් 14:2, 3; ගණන් 33:5
නික්. 13:19උත් 50:24, 25; යොෂු 24:32; හෙබ්‍රෙ 11:22
නික්. 13:21නික් 14:19
නික්. 13:21ගණන් 9:15; ගීතා 78:14
නික්. 13:22ගීතා 105:39; 1කොරි 10:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 13:1-22

නික්මයාම

13 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම මට කැප කරන්න. මොකද ඉපදෙන හැම කුලුඳුල් පිරිමි දරුවෙක්ම සහ පිරිමි සතෙක්ම අයිති මටයි.”+

3 මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “ඔයාලා ඊජිප්තුවෙන් පිටතට ආපු මේ දවස සිහි කරන්න.+ එහේ වහලුන් වෙලා හිටපු ඔයාලව යෙහෝවා බේරගත්තේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ ඒ නිසා අද මුහුන් දාපු කිසිම දෙයක් කන්න එපා. 4 ඔයාලා ඊජිප්තුවෙන් පිට වෙලා ආපු මේ දවස ආබීබ්*+ මාසයේ දවසක්. 5 යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණා+ ඔයාලව කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ+ දේශයට අරන් යනවා කියලා. කිරියෙන් සහ පැණියෙන් ඉතිරිලා යන ඒ දේශයට+ ගියාට පස්සෙත් ඔයාලා මේ මාසයේදීම මේ උත්සවය පැවැත්විය යුතුයි. 6 දවස් හතක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුයි.+ හත්වෙනි දවසේදී යෙහෝවාට ගෞරව කරන්න උත්සවයක් පවත්වන්න. 7 ඒ දවස් හත පුරාම ඔයාලා කන්න ඕනෙ මුහුන් දාපු නැති රොටි.+ මුහුන් දාපු කිසිම දෙයක් ඔයාලා ළඟ තියාගන්න එපා.+ ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයේ කොතනකවත් පිපුණු පිටි තියාගන්න එපා. 8 ‘මම ඊජිප්තුවෙන් පිට වෙලා ආපු දවසේ යෙහෝවා මං වෙනුවෙන් කරපු දේවල් නිසයි මං මේ දවස සමරන්නේ’+ කියලා ඔයාලාගේ දරුවන්ට ඔයාලා තේරුම් කරලා දෙන්න ඕනේ. 9 මේ සැමරීම ඔයාලාගේ අත්වල සහ නළල්වල තියෙන ලකුණක් වගේ වෙයි.*+ යෙහෝවාගේ නීතිය ගැන නිතරම කතා කරන්න ඕනෙ කියලත් යෙහෝවා ඔයාලව ඊජිප්තුවෙන් එළියට අරන් ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි කියලත් ඒකෙන් ඔයාලට මතක් වෙයි. 10 හැම අවුරුද්දකදීම නියම කරලා තියෙන කාලයේදී ඔයාලට නියෝග කරලා තියෙන මේ දේවල් පිළිපදින්න ඕනේ.+

11 “කානානිවරුන්ගේ දේශය ඔයාලට දෙනවා කියලා යෙහෝවා ඔයාලටත් ඔයාලාගේ මුතුන්මිත්තන්ටත් දිවුරලා පොරොන්දු වුණා.+ ඔහු ඒ දේශයට ඔයාලව අරන් ගියාට පස්සේ 12 ඔයාලාගේ හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම යෙහෝවාට කැප කළ යුතුයි. ඔයාලට අයිති හැම කුලුඳුල් පිරිමි සතෙක්වමත් කැප කළ යුතුයි. ඒ හැමෝම අයිති යෙහෝවාටයි.+ 13 ඒත් බූරුවන් අතරේ ඉන්න හැම කුලුඳුල් සතෙක්වම මුදවගත යුතුයි. ඒ එක් එක් කුලුඳුල් සතාව මුදවගන්න බැටළුවෙක් ගාණේ දිය යුතුයි. උන්ව මුදවගත්තේ නැත්නම් උන්ගේ බෙල්ල කඩා දැමිය යුතුයි. ඔයාලාගේ හැම කුලුඳුල් පුතෙක්වමත් මුදලක් ගෙවලා මුදවගත යුතුයි.+

14 “‘මේ දේවල් කරන්නේ ඇයි’ කියලා පස්සේ කාලෙක ඔයාලාගේ දරුවන් ඇහුවොත් මෙහෙම කියන්න. ‘අපි වහලුන් විදිහට ජීවත් වුණ ඊජිප්තු දේශයෙන් යෙහෝවා අපිව පිටතට අරන් ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ 15 පාරාවෝ හිත මුරණ්ඩු කරගෙන අපිට යන්න දුන්නේ නැහැ.+ එතකොට යෙහෝවා ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුලෙක්වම මරලා දැම්මා. කුලුඳුල් දරුවන්ට වගේම කුලුඳුල් සත්තුන්ටත් ඔහු පහර දුන්නා.+ අපි හැම කුලුඳුල් සතෙක්වම යෙහෝවා දෙවියන්ට කැප කරන්නේ ඒ නිසයි. ඒත් අපේ කුලුඳුල් පුතාලා හැමෝවම අපි මුදවගන්නවා.’ 16 ඔයාලාගේ අත්වල තියෙන ලකුණක් වගෙත් ඔයාලාගේ නළල්වල බැඳලා තියෙන පටියක් වගෙත් මේ සැමරීම ඔයාලට සිහිවටනයක් වෙයි.+ මොකද යෙහෝවා දෙවියන් තමන්ගේ මහත් බලය යොදාගෙන අපිව ඊජිප්තු දේශයෙන් පිටතට අරන් ආවා.”

17 පාරාවෝ සෙනඟට යන්න දුන්නාම දෙවියන් එයාලව පිලිස්තිවරුන්ගේ දේශය මැදින් අරන් ගියේ නැහැ. ඒක කෙටි මාර්ගයක් වුණත් ඔහු එයාලව ඒ මාර්ගයෙන් අරන් ගියේ නැහැ. මොකද “ඊශ්‍රායෙල් සෙනඟට යුද්ධ කරන්න වුණොත් එයාලා බය වෙලා ආපහු ඊජිප්තුවට යයි” කියලා දෙවියන් කිව්වා. 18 දෙවියන් රතු මුහුද ළඟ තියෙන පාළුකරය හරහා ඊශ්‍රායෙල් සෙනඟව අරන් ගියා.+ එයාලා ඊජිප්තුවෙන් පිටතට ආවේ යුද්දෙට පෙළ ගැහිලා ඉන්න හමුදාවක් වගෙයි. 19 එයාලා පිටත් වෙලා යද්දී මෝසෙස් යෝසෙප්ගේ ඇටකටුත් අරන් ගියා. මොකද යෝසෙප් මැරෙන්න කලින් ඊශ්‍රායෙල්ගේ පුතාලාගෙන් මේ වගේ දිවුරුමක් ගත්තා. “දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලා දිහා බලලා ඔයාලට කරුණාව පෙන්නයි. ඔයාලා මේ දේශයෙන් යද්දී මගේ ඇටකටු අරන් යන්න.”+ 20 ඊශ්‍රායෙල්වරු සුක්කොත් ඉඳන් පාළුකරයේ කෙළවරේ තියෙන ඒතාම් වෙන කල් ගමන් කරලා එහේ කඳවුරු බැඳගත්තා.

21 යෙහෝවා දෙවියන් සෙනඟට මඟ පෙන්නන්න එයාලට ඉදිරියෙන් ගමන් කළා. ඔහු දවල් කාලයේ වලා ටැඹක් මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවා.+ රාත්‍රියේදී ගිනි ටැඹක් මාර්ගයෙන් එයාලට එළිය දීලා මඟ පෙන්නුවා. ඒ නිසා සෙනඟට පුළුවන් වුණා රෑ දවල් දෙකේම ගමන් කරන්න.+ 22 දවල් කාලයේදී වලා ටැඹත් රාත්‍රියේදී ගිනි ටැඹත් සෙනඟ ඉස්සරහා හැම වෙලේම තිබුණා. ඒවා ඉවත් වෙලා ගියේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න