විනිශ්චයකරුවෝ
15 ටික කාලෙකට පස්සේ තිරිඟු අස්වැන්න නෙළන කාලේදී සැම්සන් එළු පැටියෙක්ව අරගෙන එයාගේ බිරිඳව බලන්න ගියා. එයා එහෙට ගිහින් මෙහෙම කිව්වා. “මං කැමතියි මගේ බිරිඳ ඉන්න කාමරේට යන්න.” ඒත් බිරිඳගේ තාත්තා ඒකට ඉඩ දුන්නේ නැහැ. 2 එයා සැම්සන්ට මෙහෙම කිව්වා. “මං හිතුවේ ඔයා එයාට වෛර කරනවා ඇති කියලා.+ ඉතින් උත්සවේදී ඔයාගේ උදව්වට හිටපු තරුණයෙක්ට මං එයාව බන්දලා දුන්නා.+ එයාට වඩා එයාගේ නංගි ලස්සනයි. මං එයාව ඔයාට දෙන්නම්.” 3 එතකොට සැම්සන් එයාලට මෙහෙම කිව්වා. “මං පිලිස්තිවරුන්ට හොඳ පාඩමක් උගන්නනවා. මේ පාර නම් මට දොස් කියන්න එයාලට බැහැ.”
4 සැම්සන් ගිහිල්ලා නරි 300ක්ව අල්ලගත්තා. එයා උන් දෙන්නා ගාණේ අරගෙන උන්ගේ වලිග එකට තියලා බැඳලා ඒක මැදින් පන්දමක් ගැටගැහුවා. 5 ඊටපස්සේ එයා ඒ පන්දම්වලට ගින්දර පත්තු කරලා උන්ව අස්වැන්නෙන් බර වෙලා තිබුණ පිලිස්තිවරුන්ගේ කෙත්වතුවලට යැව්වා. බැඳලා තිබ්බ ධාන්‍ය මිටි, කරල්වලින් බර වෙලා තිබුණ කෙත්වතු, මිදිවතු සහ ඔලීවවතු හැම එකක්ම එයා පුච්චලා දැම්මා.
6 පිලිස්තිවරු ඒක දැකලා “කවුද මේක කළේ” කියලා ඇහුවා. කවුරු හරි එයාලට මෙහෙම දැන්නුවා. “මේක කළේ සැම්සන්. එයා තිම්නාහ්වල ඉන්න මනුස්සයෙක්ගේ බෑනා. ඒ මනුස්සයා සැම්සන්ගේ බිරිඳව වෙන කෙනෙක්ට බන්දලා දීලා.+ ඒකයි එයා මෙහෙම කරලා තියෙන්නේ.” එතකොට පිලිස්තිවරු ගිහිල්ලා සැම්සන්ගේ බිරිඳවයි, එයාගේ තාත්තාවයි අල්ලගෙන එයාලට ගිනි තිබ්බා.+ 7 ඊටපස්සේ සැම්සන් එයාලට මෙහෙම කිව්වා. “මේ කරපු දේට මං අනිවාර්යයෙන්ම පළිගන්නවාමයි.”+ 8 සැම්සන් එයාලට එක දිගට පහර දීලා පිලිස්තිවරු සෑහෙන දෙනෙක්ව මරලා දැම්මා.* ඊටපස්සේ එයා ඒටාම් කියන පර්වතයේ තිබ්බ ගුහාවකට ගිහිල්ලා ඒකට වෙලා හිටියා.
9 පස්සේ පිලිස්තිවරු යූදාවල කඳවුරු බැඳගෙන ලේහී+ ප්‍රදේශයට ගිහිල්ලා කොල්ල කන්න පටන්ගත්තා. 10 යූදා ගෝත්‍රයේ මිනිස්සු එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයාලා අපිට මෙහෙම කරදර කරන්නේ?” එතකොට එයාලා මෙහෙම කිව්වා. “අපි ආවේ සැම්සන්ව අල්ලගන්න. මිනිහා අපිට කරපු දේම අපිත් එයාට කරනවා.” 11 ඉතින් යූදා ගෝත්‍රයේ මිනිස්සු 3,000ක් එකතු වෙලා ඒටාම් පර්වතයේ ගුහාවක හිටපු සැම්සන් ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “අපි ඉන්නේ පිලිස්තිවරු යටතේ කියලා ඔයා දන්නේ නැද්ද?+ ඇයි ඉතින් ඔයා මේ වගේ දෙයක් කළේ?” එතකොට සැම්සන් මෙහෙම කිව්වා. “එයාලා මට කරපු දේට හරියන්න තමයි මං ඒක කළේ.” 12 ඒ මිනිස්සු එයාට මෙහෙම කිව්වා. “අපි ආවේ ඔයාව අල්ලගෙන ගිහින් පිලිස්තිවරුන්ට භාර දෙන්න.” එතකොට සැම්සන් මෙහෙම කිව්වා. “හරි, හැබැයි මට පොරොන්දු වෙන්න ඔයාලා මට ගහන්නේ නැහැ කියලා.” 13 ඉතින් එයාලා මෙහෙම පොරොන්දු වුණා. “අපි ඔයාව බැඳලා පිලිස්තිවරුන්ට භාර දෙනවා විතරයි. අපි ඔයාව මරන්නේ නැහැ.”
ඊටපස්සේ එයාලා අලුත් කඹ දෙකක් අරගෙන ඒකෙන් සැම්සන්ව බැඳලා එයාව ගුහාවෙන් එළියට අරගෙන ආවා. 14 එයාව ලේහීවලට අරගෙන ආවාම පිලිස්තිවරු එයාව දැකලා සතුටින් කෑගැහුවා. එතකොට යෙහෝවා දෙවියන්ගේ බලයෙන් සැම්සන් බලවත් වුණා.+ එයාගේ අත් බැඳලා තිබුණ කඹ එයා ලේසියෙන්ම කඩලා දැම්මා. ඒවා හරියට ලිනන් නූල් පිච්චිලා යනවා වගේ නිකම්ම කැඩිලා ගියා.+ 15 එයා එතන තිබිලා හම්බ වුණ බූරුවෙක්ගේ අලුත් හකු ඇටයක් අරගෙන ඒකෙන් ගහලා පිලිස්තිවරු 1,000ක් මරලා දැම්මා.+ 16 ඊටපස්සේ සැම්සන් මෙහෙම කිව්වා.
“බූරුවෙක්ගේ හකු ඇටයකින් මම සතුරෝ 1,000ක් මැරුවා.
මරපු අයව එකතු කරලා එක ගොඩක්, නෑ ගොඩවල් දෙකක්ම ගැහුවා.”+
17 එහෙම කියලා එයා අතේ තිබුණ හකු ඇටේ වීසි කරලා එතනට රාමත්ලේහි*+ කියන නම තිබ්බා. 18 ඊටපස්සේ එයාට ලොකු තිබහක් දැනුණා. ඉතින් එයා යෙහෝවාට මෙහෙම කන්නලව් කළා. “දෙවියනි, මේ ජයග්‍රහණය ඔයාගේ සේවකයාට ලබා දුන්නේ ඔයායි. ඒත් දැන් මං තිබහෙන් මැරෙන්න යනවා. ඔයා ඒකට ඉඩ දෙනවාද? එහෙම වුණොත් ඔයාට සේවය කරන්නේ නැති මේ මිනිස්සුන්ගේ* අතට මාව අහු වෙයි. ඔයා එහෙම වෙන්න ඉඩ දෙනවාද?” 19 ඉතින් දෙවියන් ලේහීවල තිබුණ කුහරයක් දෙබෑ කළා. එතකොට ඒකෙන් වතුර ගලාගෙන ආවා.+ සැම්සන් ඒ වතුර බිව්වාම ආයෙත් පණගහලා ආවා. ඒ නිසයි එයා ඒ තැනට ඒන්හක්කෝරේ* කියන නම තිබ්බේ. අද වෙන කල්ම ලේහීවල ඒක තියෙනවා.
20 සැම්සන් අවුරුදු 20ක් පුරා විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් දේශයේ සේවය කළා.+ ඒ කාලේදී ඊශ්‍රායෙල්වරු හිටියේ පිලිස්තිවරු යටතේ.