ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ආබ්‍රම් ලොත්ව බේරයි (1-16)

      • මෙල්කිසදෙක් ආබ්‍රම්ට ආශීර්වාද කරයි (17-24)

උත්පත්ති 14:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:9, 10
  • +උත් 10:22
  • +උත් 14:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 23 පි.

උත්පත්ති 14:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:19; 13:12
  • +උත් 13:10, 12
  • +ද්වි 29:23

උත්පත්ති 14:3

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේදී.”

  • *

    ඒ කියන්නේ මළ මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:10
  • +ගණන් 34:2, 12

උත්පත්ති 14:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:10, 11

උත්පත්ති 14:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:12
  • +උත් 36:8

උත්පත්ති 14:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:1
  • +උත් 36:12; 1සාමු 15:2
  • +2ලේක 20:2
  • +උත් 10:15, 16

උත්පත්ති 14:8

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවට.”

උත්පත්ති 14:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:1, 2

උත්පත්ති 14:10

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

උත්පත්ති 14:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:16

උත්පත්ති 14:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:1

උත්පත්ති 14:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:18
  • +උත් 14:24

උත්පත්ති 14:14

පාදසටහන්

  • *

    මූ.අ., “සහෝදරයාව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:27
  • +විනි 18:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2009, 3 පි.

    5/15/2004, 26-27 පි.

    8/15/2001, 23-24 පි.

උත්පත්ති 14:17

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:18

උත්පත්ති 14:18

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:1, 2
  • +ගීතා 110:4; හෙබ්‍රෙ 6:20
  • +ගීතා 83:18; හෙබ්‍රෙ 5:5, 10

උත්පත්ති 14:20

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:4

උත්පත්ති 14:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 14:1උත් 10:9, 10
උත්. 14:1උත් 10:22
උත්. 14:1උත් 14:17
උත්. 14:2උත් 10:19; 13:12
උත්. 14:2උත් 13:10, 12
උත්. 14:2ද්වි 29:23
උත්. 14:3උත් 14:10
උත්. 14:3ගණන් 34:2, 12
උත්. 14:5ද්වි 2:10, 11
උත්. 14:6ද්වි 2:12
උත්. 14:6උත් 36:8
උත්. 14:7ගණන් 20:1
උත්. 14:7උත් 36:12; 1සාමු 15:2
උත්. 14:72ලේක 20:2
උත්. 14:7උත් 10:15, 16
උත්. 14:9උත් 14:1, 2
උත්. 14:11උත් 14:16
උත්. 14:12උත් 19:1
උත්. 14:13උත් 13:18
උත්. 14:13උත් 14:24
උත්. 14:14උත් 11:27
උත්. 14:14විනි 18:29
උත්. 14:172සාමු 18:18
උත්. 14:18හෙබ්‍රෙ 7:1, 2
උත්. 14:18ගීතා 110:4; හෙබ්‍රෙ 6:20
උත්. 14:18ගීතා 83:18; හෙබ්‍රෙ 5:5, 10
උත්. 14:20හෙබ්‍රෙ 7:4
උත්. 14:24උත් 14:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 14:1-24

උත්පත්ති

14 ඒ කාලේදී ෂීනාර්+ ප්‍රදේශය පාලනය කළේ අම්රාෆෙල් රජයි. එල්ලාසාර්වල හිටියේ අරියොක් රජයි. ඒලාම්වල+ හිටියේ කෙදොර්ලායොමෙර් රජයි.+ ගොයීම්වල හිටියේ තීදාල් රජයි. 2 ඒ රජවරු සොදොම්වල+ රජ වුණ බෙරාටයි, ගොමෝරාවේ+ රජ වුණ බිර්ෂාටයි, අද්මාවල රජ වුණ ෂිනාබ්ටයි, ෂෙබොයිම්වල+ රජ වුණ ෂෙමෙබෙර්ටයි, බෙලාවල ඒ කියන්නේ ෂොවර්වල රජටයි විරුද්ධව සටනට ආවා. 3 ඒ රජවරු පස්දෙනාගේ හමුදාවන් සිද්දිම් නිම්නයේදී*+ ඒ කියන්නේ දැන් ලුණු මුහුද*+ තියෙන ප්‍රදේශයේ එකට එකතු වුණා.

4 ඒ රජවරු අවුරුදු 12ක් පුරා කෙදොර්ලායොමෙර් රජට යටත් වෙලා හිටියා. ඒත් 13වෙනි අවුරුද්දේදී එයාලා කැරලිගහන්න පටන්ගත්තා. 5 ඒ නිසා 14වෙනි අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ එයා එක්ක එකතු වුණ අනිත් රජවරු යුද්ධ කරන්න පිටත් වුණා. එයාලා අෂ්ටෙරොත්කර්නායිම්වල රෙෆායිවරුන්වයි, හාම් නගරයේ ෂූෂිවරුන්වයි, ෂාවේකිරියාතයිම්වල ඒමිවරුන්වයි+ පරාජය කළා. 6 එයාලා හෝරිවරුන්ට+ අයිති සේයිර් කියන කන්දේ+ ඉඳන් පාළුකරයේ තියෙන එල්පාරාන් දක්වා ප්‍රදේශයත් යටත් කරගත්තා. 7 ඊටපස්සේ එයාලා ආපස්සට හැරිලා ඇවිත් ඒන්මිෂ්පාත් කියලත් හඳුන්වපු කාදෙෂ්වලට+ ගිහින් අමලෙක්වරුන්ට+ අයිති මුළු ප්‍රදේශයම යටත් කරගත්තා. එයාලා හෂෂොන්තාමාර්වල+ හිටපු අමෝරිවරුන්වත්+ පරාජය කළා.

8 ඒ අවස්ථාවේදී සොදොම්, ගොමෝරා, අද්මා, ෂෙබොයිම් සහ බෙලා ඒ කියන්නේ ෂොවර් කියන නගරවල රජවරු සිද්දිම් නිම්නයට* ගිහින් සටන් කරන්න ලෑස්ති වුණා. 9 එයාලා සටන් කළේ ඒලාම්වල රජ වුණ කෙදොර්ලායොමෙර්ට, ගොයීම්වල රජ වුණ තීදාල්ට, ෂීනාර්වල රජ වුණ අම්රාෆෙල්ට සහ එල්ලාසාර්වල+ රජ වුණ අරියොක්ට විරුද්ධවයි. ඒ කියන්නේ රජවරු පස්දෙනෙක් රජවරු හතරදෙනෙක්ට විරුද්ධව සටන් කළා. 10 සිද්දිම් නිම්නයේ* හැම තැනම තාර වළවල් තිබුණා. සොදොම් ගොමෝරාවේ රජවරු සහ එයාලාගේ හමුදාවන් පලා යද්දී එයාලා තාර වළවල්වලට වැටුණා. ඉතුරු අය කඳුකරයට පලා ගියා. 11 සටනෙන් දිනපු රජවරු හතරදෙනා සොදොම් සහ ගොමෝරාවේ තිබුණ කෑම ඇතුළුව හැම දෙයක්ම අරගෙන ගියා.+ 12 එයාලා සොදොම් නගරයේ+ හිටපු ආබ්‍රම්ගේ ඥාති පුතෙක් වුණ ලොත්වත් එයාට අයිති හැම දෙයක්මත් පැහැරගෙන ගියා.

13 එයාලාගෙන් බේරිලා ආපු මනුස්සයෙක් හෙබ්‍රෙව් ජාතිකයෙක් වුණ ආබ්‍රම් ළඟට ඇවිල්ලා වෙච්ච දේ ගැන කිව්වා. ඒ කාලේදී ආබ්‍රම් කූඩාරම් ගහගෙන හිටියේ අමෝරි ජාතියෙක් වුණ මම්රේගේ විශාල ගස් ළඟයි.+ මම්රේට එෂ්කොල් සහ අනෙර් කියලා සහෝදරයන් දෙන්නෙක් හිටියා.+ එක් කෙනාට එක් කෙනා උදව් කරගන්නවා කියලා ඒ තුන්දෙනා ආබ්‍රම් එක්ක ගිවිසුමක් ඇති කරගෙනයි හිටියේ. 14 එයාගේ ඥාති පුතාව*+ පැහැරගෙන ගියා කියලා ආබ්‍රම් දැනගත්තාම එයා එයාගෙම ගෙදර ඉපදුණ, සටනට දක්ෂ සේවකයන් 318දෙනෙක්ව ලෑස්ති කරගත්තා. ආබ්‍රම් එයාලා එක්ක දාන්+ වෙන කල් කොල්ලකරුවන් පස්සේ ගියා. 15 රෑ වුණාට පස්සේ ආබ්‍රම් එයාත් එක්ක හිටපු කට්ටියව කණ්ඩායම් කීපයකට බෙදුවා. එයාලා කොල්ලකාරයන්ට පහර දීලා එයාලව පරාජය කළා. ඊටපස්සේ එයාලා දමස්කයට උතුරෙන් තියෙන හෝබා වෙන කල්ම කොල්ලකාරයන්ව එළවගෙන ගියා. 16 ලොත්ට අයිති දේවල් ඇතුළුව කොල්ල කාපු හැම දෙයක්ම ආපහු ගන්න ආබ්‍රම්ට පුළුවන් වුණා. එයාගේ ඥාති පුතා වුණ ලොත්වයි, කාන්තාවන්වයි, පැහැරගෙන ගිය අනිත් අයවයි ආබ්‍රම් බේරගත්තා.

17 ආබ්‍රම් කෙදොර්ලායොමෙර් රජව සහ එයාත් එක්ක හිටපු අනිත් රජවරුන්ව පරාජය කරලා ආපහු එද්දී එයාව හම්බ වෙන්න සොදොම්වල රජ ආවා. ෂාවේ නිම්නයේ* ඒ කියන්නේ රජගේ නිම්නයේදී+ එයාට ආබ්‍රම්ව හම්බ වුණා. 18 ඒ අවස්ථාවේ සාලම් නගරයේ රජ+ වුණ මෙල්කිසදෙක්+ රොටි සහ වයින් අරගෙන ආබ්‍රම්ව හම්බ වෙන්න ආවා. මෙල්කිසදෙක් තමයි උසස්ම දෙවියන්ගේ+ පූජකයා විදිහට වැඩ කළේ.

19 එයා ආබ්‍රම්ට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා.

“අහසත් පොළොවත් හදපු

උසස්ම දෙවියන්ගෙන් ඔයාට ආශීර්වාද ලැබේවා!

20 ඔයාගේ සතුරන්ව ඔයාගේ අතට අල්ලලා දුන්න

උසස්ම දෙවියන්ට ප්‍රශංසා වේවා!”

ඊටපස්සේ ආබ්‍රම් එයා ළඟ තිබුණු හැම දේකින්ම දහයෙන් කොටසක්+ මෙල්කිසදෙක්ට දුන්නා.

21 ඊටපස්සේ සොදොම්වල රජ ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “මට මගේ මිනිස්සුන්ව විතරක් දෙන්න. අනිත් හැම දෙයක්ම ඔයා තියාගන්න.” 22 ඒ වෙලාවේ ආබ්‍රම් සොදොම්වල රජට මෙහෙම කිව්වා. “මගේ අත උස්සලා අහසත් පොළොවත් හදපු උසස්ම දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා කියනවා 23 මම ඔයාට අයිති කිසිම දෙයක් ගන්නේ නැහැ කියලා. නූල් පොටක්වත් පාවහන් පටියක්වත් මම ඔයාගෙන් ගන්නේ නැහැ. නැත්තං ඔයා කියයි ‘ආබ්‍රම්ව පොහොසත් කළේ මමයි’ කියලා. 24 මගේ උදව්වට ආපු අනෙර්ටයි, එෂ්කොල්ටයි, මම්රේටයි+ විතරක් එයාලාගේ පංගුව දෙන්න. ඔයා මගේ සේවකයන්ට කන්න දුන්න දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් මම ඔයාගෙන් ගන්නේ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න