ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • සලමොන්ගේ භාර්යාවන් එයාව දෙවියන්ගෙන් ඈත් කරයි (1-13)

      • සලමොන්ට විරුද්ධ වුණ අය (14-25)

      • යෙරොබොවම්ට ගෝත්‍ර දහයක් දෙන්න පොරොන්දු වෙයි (26-40)

      • සලමොන්ගේ මරණය; රෙහබෝවම් රජ වෙයි (41-43)

1 රාජාවලිය 11:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:1
  • +ද්වි 17:15, 17; නෙහෙ 13:26
  • +උත් 19:36, 37
  • +1රාජා 14:21
  • +1රාජා 16:30, 31
  • +උත් 26:34, 35

1 රාජාවලිය 11:2

පාදසටහන්

  • *

    හෝ, “මිශ්‍ර විවාහයන් කරගන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:16; ද්වි 7:3; යොෂු 23:12, 13; 2කොරි 6:14

1 රාජාවලිය 11:3

පාදසටහන්

  • *

    හෝ, “එයාගේ භාර්යාවන් එයාලට ඕනඕන විදිහට එයාව නැටෙව්වා.”

1 රාජාවලිය 11:4

පාදසටහන්

  • *

    හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නුවේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:42
  • +ද්වි 7:3, 4; නෙහෙ 13:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2005, 29 පි.

1 රාජාවලිය 11:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:11, 13; 10:6; 1සාමු 7:3
  • +ශෙප 1:5

1 රාජාවලිය 11:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:5

1 රාජාවලිය 11:7

පාදසටහන්

  • *

    මූ.අ., “උස් තැන්.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:13
  • +ලෙවී 18:21; ක්‍රියා 7:43
  • +ලෙවී 26:30; ගණන් 33:52; 2රාජා 21:1, 3

1 රාජාවලිය 11:8

පාදසටහන්

  • *

    හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”

1 රාජාවලිය 11:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:3, 4; හිතෝ 4:23
  • +1රාජා 3:5; 9:2

1 රාජාවලිය 11:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 7:19, 20

1 රාජාවලිය 11:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:21

1 රාජාවලිය 11:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 10:18, 19

1 රාජාවලිය 11:13

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ යූදා ගෝත්‍රයට සහයෝගය දුන්න බෙන්ජමින් ගෝත්‍රය ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12, 15
  • +ද්වි 12:11
  • +1රාජා 12:20; 2ලේක 11:1

1 රාජාවලිය 11:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12, 14
  • +උත් 27:40

1 රාජාවලිය 11:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:13

1 රාජාවලිය 11:18

පාදසටහන්

  • *

    පේන විදිහට ඒදොම්වලම නැත්නම් ඒදොම්වලට කිට්ටුව තිබුණ ප්‍රදේශයක්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:12

1 රාජාවලිය 11:19

පාදසටහන්

  • *

    පාලනයට හවුල් වුණේ නැති රැජිනක්.

1 රාජාවලිය 11:21

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:10
  • +1රාජා 2:34

1 රාජාවලිය 11:23

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:14
  • +2සාමු 8:3

1 රාජාවලිය 11:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 10:18
  • +2සාමු 8:5; 1රාජා 19:15; යෙසා 7:8

1 රාජාවලිය 11:26

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:6
  • +1රාජා 11:31; 12:32; 14:10; 2ලේක 11:14; 13:3, 20
  • +1රාජා 9:22

1 රාජාවලිය 11:27

පාදසටහන්

  • *

    සමහරවිට මේක හදන්න ඇත්තේ නගරයට ආරක්ෂාවක් විදිහට.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:15, 24
  • +2සාමු 5:7

1 රාජාවලිය 11:28

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:16

1 රාජාවලිය 11:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:15; 14:2; 2ලේක 9:29

1 රාජාවලිය 11:31

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:16

1 රාජාවලිය 11:32

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:20; 2ලේක 11:1
  • +උත් 49:10
  • +ද්වි 12:5, 6; 1රාජා 11:13; ගීතා 132:13

1 රාජාවලිය 11:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; 2ලේක 15:2

1 රාජාවලිය 11:34

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:4, 5; ගීතා 89:49; 132:17; යෙසා 9:7

1 රාජාවලිය 11:35

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:20; 2ලේක 10:16

1 රාජාවලිය 11:36

පාදසටහන්

  • *

    මූ.අ., “මං ඉස්සරහා පහනක් හැමදාටම තියෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:29; 1රාජා 15:4; 2රාජා 8:19

1 රාජාවලිය 11:38

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:5
  • +2සාමු 7:11

1 රාජාවලිය 11:39

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:16
  • +උත් 49:10; යෙසා 11:1; ලූක් 1:32, 33

1 රාජාවලිය 11:40

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:25
  • +2ලේක 10:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2005, 30 පි.

1 රාජාවලිය 11:41

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 9:29-31

1 රාජාවලිය 11:42

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 2 පි.

1 රාජාවලිය 11:43

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:10; 2ලේක 13:7; මතෙ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 11:11රාජා 3:1
1 රාජා. 11:1ද්වි 17:15, 17; නෙහෙ 13:26
1 රාජා. 11:1උත් 19:36, 37
1 රාජා. 11:11රාජා 14:21
1 රාජා. 11:11රාජා 16:30, 31
1 රාජා. 11:1උත් 26:34, 35
1 රාජා. 11:2නික් 34:16; ද්වි 7:3; යොෂු 23:12, 13; 2කොරි 6:14
1 රාජා. 11:41රාජා 11:42
1 රාජා. 11:4ද්වි 7:3, 4; නෙහෙ 13:26
1 රාජා. 11:5විනි 2:11, 13; 10:6; 1සාමු 7:3
1 රාජා. 11:5ශෙප 1:5
1 රාජා. 11:61රාජා 15:5
1 රාජා. 11:72රාජා 23:13
1 රාජා. 11:7ලෙවී 18:21; ක්‍රියා 7:43
1 රාජා. 11:7ලෙවී 26:30; ගණන් 33:52; 2රාජා 21:1, 3
1 රාජා. 11:9ද්වි 7:3, 4; හිතෝ 4:23
1 රාජා. 11:91රාජා 3:5; 9:2
1 රාජා. 11:102ලේක 7:19, 20
1 රාජා. 11:112රාජා 17:21
1 රාජා. 11:122ලේක 10:18, 19
1 රාජා. 11:132සාමු 7:12, 15
1 රාජා. 11:13ද්වි 12:11
1 රාජා. 11:131රාජා 12:20; 2ලේක 11:1
1 රාජා. 11:142සාමු 7:12, 14
1 රාජා. 11:14උත් 27:40
1 රාජා. 11:152සාමු 8:13
1 රාජා. 11:18ගණන් 10:12
1 රාජා. 11:211රාජා 2:10
1 රාජා. 11:211රාජා 2:34
1 රාජා. 11:231රාජා 11:14
1 රාජා. 11:232සාමු 8:3
1 රාජා. 11:242සාමු 10:18
1 රාජා. 11:242සාමු 8:5; 1රාජා 19:15; යෙසා 7:8
1 රාජා. 11:262ලේක 13:6
1 රාජා. 11:261රාජා 11:31; 12:32; 14:10; 2ලේක 11:14; 13:3, 20
1 රාජා. 11:261රාජා 9:22
1 රාජා. 11:271රාජා 9:15, 24
1 රාජා. 11:272සාමු 5:7
1 රාජා. 11:281රාජා 5:16
1 රාජා. 11:291රාජා 12:15; 14:2; 2ලේක 9:29
1 රාජා. 11:311රාජා 12:16
1 රාජා. 11:321රාජා 12:20; 2ලේක 11:1
1 රාජා. 11:32උත් 49:10
1 රාජා. 11:32ද්වි 12:5, 6; 1රාජා 11:13; ගීතා 132:13
1 රාජා. 11:33ද්වි 28:15; 2ලේක 15:2
1 රාජා. 11:341රාජා 9:4, 5; ගීතා 89:49; 132:17; යෙසා 9:7
1 රාජා. 11:351රාජා 12:20; 2ලේක 10:16
1 රාජා. 11:362සාමු 7:29; 1රාජා 15:4; 2රාජා 8:19
1 රාජා. 11:381රාජා 15:5
1 රාජා. 11:382සාමු 7:11
1 රාජා. 11:391රාජා 12:16
1 රාජා. 11:39උත් 49:10; යෙසා 11:1; ලූක් 1:32, 33
1 රාජා. 11:401රාජා 14:25
1 රාජා. 11:402ලේක 10:2
1 රාජා. 11:412ලේක 9:29-31
1 රාජා. 11:431ලේක 3:10; 2ලේක 13:7; මතෙ 1:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 11:1-43

පළවෙනි රාජාවලිය

11 සලමොන් රජ පාරාවෝගේ දුවට+ වගේම වෙනත් ජාතීන්ට අයිති තවත් ස්ත්‍රීන්ට ආදරේ කළා.+ ඒ අයට මෝවබ්,+ අම්මොන්,+ ඒදොම්, සීදොන්+ සහ හිත්තී+ ජාතික ස්ත්‍රීන් ඇතුළත්. 2 ඒ ජාතීන් ගැන යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියලා තිබුණා. “එයාලා එක්ක කිට්ටු බැඳීම් ඇති කරගන්න එපා.* එහෙම කළොත් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න එයාලා ඔයාලාගේ හිත් අනිවාර්යයෙන්ම පොලඹවගනියි.”+ ඒත් සලමොන් ඒ ජාතීන්ට අයිති ස්ත්‍රීන්ට ගොඩක් ළං වෙලා එයාලට ආදරේ කළා. 3 සලමොන්ට භාර්යාවන් 700ක් හිටියා. ඒ හැමෝම කුමාරිකාවෝ. එයාට උපභාර්යාවන් 300කුත් හිටියා. සලමොන්ගේ භාර්යාවන් ටිකෙන් ටික එයාගේ හිත දෙවියන්ගෙන් ඈත් කළා.* 4 සලමොන් වයසට ගියාම+ එයාගේ භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න එයාගේ හිත පොලඹවගත්තා.+ එයාගේ තාත්තා වුණ දාවිත් මුළු හදවතින්ම දෙවියන්ට ළැදි වෙලා හිටපු විදිහට සලමොන් මුළු හදවතින්ම එයාගේ දෙවියන් වුණ යෙහෝවාට ළැදි වෙලා හිටියේ නැහැ.* 5 එයා සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක් වුණ අෂ්ටොරෙත්ටයි,+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙක් වුණ මිල්කොම්ටයි+ නමස්කාර කළා. 6 ඒ විදිහට සලමොන් රජ යෙහෝවා ඉස්සරහා හරිම නරක දේවල් කළා. එයා එයාගේ තාත්තා වුණ දාවිත් වගේ යෙහෝවාට මුළු හදවතින්ම කීකරු වුණේ නැහැ.+

7 ඒ කාලේදී සලමොන් යෙරුසලමට ඉස්සරහින් තිබුණ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුල්සහගත දෙවියෙක් වුණ කෙමොෂ්ට සහ අම්මොන්වරුන්ගේ පිළිකුල්සහගත දෙවියෙක්+ වුණ මෝලෙක්ට+ නමස්කාර කරන්න තැන්*+ ගොඩනැඟුවා. 8 තම තමන්ගේ දෙවිවරුන්ට ගින්නෙන් පූජා* ඔප්පු කරපු වෙනත් ජාතීන්ට අයිති එයාගේ භාර්යාවන් හැමෝටමත් එයා නමස්කාර කරන්න තැන් හදලා දුන්නා.

9 යෙහෝවා දෙවියන්ට සලමොන් එක්ක ගොඩක් කේන්ති ගියා. මොකද සලමොන්ගේ හිත දෙවියන්ගෙන් ඈත් වෙලයි තිබුණේ.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා දෙසැරයක්ම සලමොන් ඉස්සරහා පෙනී ඉඳලා+ 10 වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න එපා කියලා අණ කරලා තියෙද්දීත් එයා ඒ දේම කළා.+ එයා යෙහෝවාගේ අණට කීකරු වුණේ නැහැ. 11 ඉතින් යෙහෝවා සලමොන්ට මෙහෙම කිව්වා. “ඔයා මගේ ගිවිසුම කැඩුවා. මං ඔයාට දුන්න අණපනත්වලට අකීකරු වෙලා ඔයා කරන මේ දේවල් නිසා මං අනිවාර්යයෙන්ම ඔයාගේ අතින් රාජ්‍යය උදුරගන්නවා. මං ඒක ඔයාගේ සේවකයෙක්ට දෙනවා.+ 12 ඒත් ඔයාගේ තාත්තා වුණ දාවිත්ට මම දුන්න පොරොන්දුව නිසා මං ඒක ඔයාගේ ජීවිත කාලේදී කරන්නේ නැහැ. මං ඔයාගේ පුතාගේ අතින් රාජ්‍යය උදුරගන්නවා.+ 13 හැබැයි මම මුළු රාජ්‍යයම එයාගෙන් උදුරගන්නේ නැහැ.+ මගේ සේවකයා වුණ දාවිත්වයි, මං තෝරගත්ත නගරේ වන යෙරුසලමයි+ මං අමතක කරන්නේ නැහැ. ඒ නිසා මං ඔයාගේ පුතාට පාලනය කරන්න එක ගෝත්‍රයක්* දෙනවා.”+

14 ඊටපස්සේ යෙහෝවා සලමොන්ට විරුද්ධව වැඩ කරන්න+ ඒදොම් ජාතික හදද්ව පෙලඹුවා. එයා ඒදොම්වරුන්ගේ රජ පවුලේ කෙනෙක්.+ 15 දාවිත් ඒදොම්වරුන්ව පරාජය කරපු කාලේදී+ එයාගේ හමුදාවේ ප්‍රධානියා වුණ යෝවාබ් මැරුණ අයව වළලන්න ගියා. ඒ වෙලාවේ යෝවාබ් උත්සාහ කළා ඒදොම්වල හිටපු පුරුෂයන් හැමෝවම මරලා දාන්න. 16 (යෝවාබ් සහ මුළු ඊශ්‍රායෙල් හමුදාව ඒදොම්වල හිටපු පුරුෂයන් හැමෝවම මරලා දාන කල් මාස හයක් එහේ හිටියා.) 17 ඒත් හදද් එයාගේ තාත්තාගේ සේවකයන් කීපදෙනෙක් එක්ක ඒ කියන්නේ ඒදොම් ජාතිකයන් කීපදෙනෙක් එක්ක ඊජිප්තුවට පැනලා ගියා. ඒක වෙද්දී හදද් පොඩි දරුවෙක්. 18 එයාලා මිදියන්* දේශයෙන් පිටත් වෙලා පාරාන්වලට+ ආවා. ඊටපස්සේ පාරාන්වල හිටපු පුරුෂයන් කට්ටියකුත් එකතු කරගෙන එයාලා ඊජිප්තුවේ රජ වුණ පාරාවෝ ළඟට ගියා. පාරාවෝ රජ හදද්ට ගේකුයි, ඉඩම් කෑල්ලකුයි දුන්නා. එයාට කෑම බීම දෙන්න කියලත් කිව්වා. 19 හදද් පාරාවෝගේ හිත කොච්චර දිනාගත්තාද කියනවා නම් පාරාවෝ එයාගේ බිරිඳ වුණ තාපෙනෙස් රැජිනගේ* නංගිව එයාට විවාහ කරලා දුන්නා. 20 කාලයක් ගියාම තාපෙනෙස්ගේ නංගිට හදද්ගෙන් පුතෙක් හම්බ වුණා. ඒ පුතාට ගෙනුබත් කියන නම තිබ්බා. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ ඒ දරුවාව හදා වඩා ගත්තා. ගෙනුබත් පාරාවෝගේ පුතාලා එක්ක රජමාලිගාවේ දිගටම හිටියා.

21 දාවිත් රජ+ සහ හමුදාවේ ප්‍රධානියා වුණ යෝවාබ් මැරුණා+ කියලා ඊජිප්තුවේදී හදද්ට ආරංචි වුණා. ඊටපස්සේ හදද් පාරාවෝ ළඟට ගිහින් “මගේ රටට යන්න මට අවසර දෙන්න” කියලා පාරාවෝගෙන් ඉල්ලුවා. 22 ඒත් පාරාවෝ “ඇයි ඔයා යන්න හදන්නේ? මගේ අතින් මොනවා හරි අඩුපාඩුවක්වත් වුණාද” කියලා ඇහුවා. එතකොට හදද් මෙහෙම උත්තර දුන්නා. “එහෙම දෙයක් වුණේ නෑ. අනේ, මගේ රටට යන්න මට අවසර දෙන්න.”

23 දෙවියන් සලමොන්ට විරුද්ධව වැඩ කරන්න තවත් කෙනෙක්ව පෙලඹුවා.+ එයා තමයි එලියාදාගේ පුතා වුණ රෙෂොන්. එයා එයාගේ ස්වාමියාගෙන් ඒ කියන්නේ ෂොබාවල රජ වුණ හදද්එෂෙර්ගෙන්+ පැනලා ගිහිල්ලයි හිටියේ. 24 දාවිත් ෂොබාවල මිනිස්සුන්ව පරාජය කළාට පස්සේ+ රෙෂොන් මිනිස්සු කට්ටියක්ව එකතු කරගෙන කොල්ලකරුවන්ගේ කණ්ඩායමක් හදාගත්තා. එයා තමයි ඒ කණ්ඩායමේ නායකයා. එයාලා දමස්කයට+ ගිහින් එහේ පදිංචි වෙලා දමස්කය පාලනය කරන්න පටන්ගත්තා. 25 හදද් ඇති කරපු ප්‍රශ්නවලට අමතරව රෙෂොනුත් සලමොන් පාලනය කරපු කාලේ පුරාම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ප්‍රශ්න ඇති කළා. රෙෂොන්ට ඊශ්‍රායෙල්වරුන් එක්ක තිබුණ වෛරය එයා සිරියාව පාලනය කරපු කාලේ පුරාම දකින්න තිබුණා.

26 රජට විරුද්ධව කැරලිගහපු තවත් කෙනෙක් හිටියා.+ එයාගේ නම යෙරොබොවම්.+ එයා ෂෙරේදාවලින් ආපු එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති නෙබාත්ගේ පුතා. වැන්දඹුවක් වුණ එයාගේ අම්මාගේ නම ෂෙරුවා. යෙරොබොවම් සලමොන් රජගේ සේවකයෙක්.+ 27 එයා රජට විරුද්ධව කැරලිගහන්න හේතු වුණ සිද්ධිය මේකයි. සලමොන් මිල්ලෝ කියන ගොඩැල්ල*+ හැදුවා වගේම එයාගේ තාත්තා වුණ දාවිත්ගේ නුවරේ තිබුණ පවුරේ ඉදි කරන වැඩත් කළා.+ 28 යෙරොබොවම් කියන්නේ හරිම දක්ෂ කෙනෙක්. මේ තරුණයා හොඳට මහන්සි වෙලා වැඩ කරනවා කියලා සලමොන් දැක්කා. ඉතින් රජ යෝසෙප්ගේ ගෝත්‍රයෙන් සේවයට බඳවගත්ත හැමෝගෙම වැඩ බලාගන්න එයාව පත් කළා.+ 29 ඔය කාලේදී යෙරොබොවම් එක දවසක් යෙරුසලමෙන් පිටට ගියා. එයා එහෙම යද්දී ෂීලෝවල කෙනෙක් වුණ අහියා+ කියන අනාගතවක්තෘවරයාට පාරේදී එයාව මුණගැහුණා. අහියා අලුත් සළුවක් දාගෙන හිටියා. ඒ වෙලාවේ එතන වෙන කවුරුත් හිටියේ නැහැ. 30 අහියා එයා දාගෙන හිටපු සළුව ගලවලා ඒක කෑලි 12කට ඉරුවා. 31 ඊටපස්සේ එයා යෙරොබොවම්ට මෙහෙම කිව්වා.

“මේකෙන් කෑලි දහයක් ඔයා ගන්න. මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම සලමොන්ගේ අතින් රාජ්‍යය උදුරගන්නවා. මං ගෝත්‍ර දහයක් ඔයාට දෙනවා.+ 32 ඒත් මං එක ගෝත්‍රයක් එයාට ඉතුරු කරනවා.+ මගේ සේවක දාවිත් වෙනුවෙනුයි,+ ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති නගරවලින් මං තෝරගත්ත නගරේ වන යෙරුසලම වෙනුවෙනුයි මං එහෙම කරනවා.+ 33 මම සලමොන්ගේ අතින් රාජ්‍යය උදුරගන්නේ ඊශ්‍රායෙල්වරු මාව අත්හැරලා+ සීදොන්වරුන්ගේ දේවතාවියක් වන අෂ්ටොරෙත්ටයි, මෝවබ්වරුන්ගේ දෙවියෙක් වන කෙමොෂ්ටයි, අම්මොන්වරුන්ගේ දෙවියෙක් වන මිල්කොම්ටයි නමස්කාර කරන නිසයි. එයාලා සලමොන්ගේ තාත්තා වුණ දාවිත් කළා වගේ මගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වුණේ නැහැ. එයාලා මං හරියි කියලා සලකන දේවල් කළේවත් මගේ අණපනත් පිළිපැද්දෙවත් නැහැ. 34 ඒත් මං රාජ්‍යය සම්පූර්ණයෙන්ම සලමොන්ගේ අතින් උදුරගන්නේ නැහැ. මං එයාට එයාගේ ජීවිත කාලේ පුරාම අධිපතියෙක් විදිහට ඉන්න ඉඩ දෙනවා. මං එහෙම කරන්නේ මං තෝරගත්ත මගේ සේවකයා වුණ දාවිත් වෙනුවෙන්.+ මොකද එයා මගේ ආඥාවලට සහ පනත්වලට කීකරු වුණා. 35 ඒත් මම සලමොන්ගේ පුතාගේ අතින් රාජ්‍යය අරගෙන ඒකෙන් ගෝත්‍ර දහයක් ඔයාට දෙනවා.+ 36 මම එයාගේ පුතාට එක ගෝත්‍රයක් දෙනවා. එතකොට මගේ නම දරන්න මං තෝරගත්ත නගරේ වන යෙරුසලමේ ඉඳන් මං ඉස්සරහා පාලනය කරන්න මගේ සේවක දාවිත්ගෙන් පැවතෙන කෙනෙක් හැමදාටම ඉඳියි.*+ 37 මම ඔයාව ඊශ්‍රායෙල්වරුන්ගේ රජ විදිහට පත් කරනවා. ඔයා කැමති හැම ප්‍රදේශයක්ම පාලනය කරන්න ඔයාට පුළුවන්. 38 මං ඔයාට අණ කරන හැම දේකටම කීකරු වෙන්න. ඔයාත් මගේ සේවකයා වුණ දාවිත් වගේ+ මගේ පනත් සහ ආඥා පිළිපැදලා මගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙනවා නම්, මං හරියි කියලා සලකන දේවල් කරනවා නම් මම හැමදාම ඔයා එක්ක ඉන්නවා. දාවිත්ගෙන් පැවතෙන අයට හැමදාටම පාලනය කරන්න මම ඉඩ දෙනවා වගේ+ ඔයාගෙන් පැවතෙන අයටත් හැමදාටම පාලනය කරන්න මම ඉඩ දෙනවා. ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න මම ඔයාට භාර දෙනවා. 39 එයාලා කරන දුෂ්ට දේවල් නිසා මම දාවිත්ගෙන් පැවතෙන අයව ලැජ්ජාවට පත් කරනවා.+ ඒත් ඒක හැමදාටම තියෙන්නේ නැහැ.’”+

40 ඉතින් සලමොන් රජ යෙරොබොවම්ව මරලා දාන්න උත්සාහ කළා. ඒත් යෙරොබොවම් ඊජිප්තුවේ රජ වුණ ෂීෂක්+ ළඟට පැනලා ගිහින්+ සලමොන් මැරෙන කල්ම ඊජිප්තුවට වෙලා හිටියා.

41 සලමොන්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයාගේ ප්‍රඥාව ගැනත් එයා කරපු හැම දෙයක්ම ගැනත් සලමොන්ගේ ඉතිහාසය ලියලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ 42 සලමොන් යෙරුසලමේ ඉඳන් අවුරුදු 40ක් මුළු ඊශ්‍රායෙල් සෙනඟවම පාලනය කළා. 43 ඊටපස්සේ සලමොන් රජ මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ එයාගේ තාත්තා වුණ දාවිත්ගේ නුවරේ. සලමොන්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ රෙහබෝවම්+ රජකමට පත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න