ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සැදුම්කරුට ප්‍රශංසා කරන්න

        • “අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න” (3)

        • යෙහෝවාගේ නියෝගයෙන් සහ ඔහුගේ හුස්මෙන් හැම දේම නිර්මාණය වුණා (6)

        • යෙහෝවාව පිළිගන්න ජාතිය සන්තෝෂවත් (12)

        • යෙහෝවා විමසිල්ලෙන් බලන් ඉන්නවා (18)

ගීතාවලිය 33:1

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:4

ගීතාවලිය 33:2

පාදසටහන්

  • *

    මූ.අ., “තත් දසයේ සංගීත භාණ්ඩයක්.”

ගීතාවලිය 33:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:3; 98:1; 149:1; යෙසා 42:10; එළි 5:9

ගීතාවලිය 33:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:6

ගීතාවලිය 33:5

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:23; ගීතා 11:7; 45:7
  • +ගීතා 145:16; ක්‍රියා 14:17

ගීතාවලිය 33:6

පාදසටහන්

  • *

    මූ.අ., “සේනාවන්.”

  • *

    හෝ, “බලයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 33:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:9; යෝබ් 38:8-11; හිතෝ 8:29; යෙරෙ 5:22

ගීතාවලිය 33:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:7

ගීතාවලිය 33:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 148:4, 5
  • +ගීතා 119:90

ගීතාවලිය 33:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:10; 19:3
  • +ගීතා 21:8, 11

ගීතාවලිය 33:11

පාදසටහන්

  • *

    හෝ, “උපදෙස්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:21; යෙසා 46:10

ගීතාවලිය 33:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29
  • +ගීතා 65:4; 135:4; 1පේතෘ 2:9

ගීතාවලිය 33:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:4; 14:2; හිතෝ 15:3; හෙබ්‍රෙ 4:13

ගීතාවලිය 33:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:9; යෝබ් 34:21; හිතෝ 24:12

ගීතාවලිය 33:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:6
  • +2ලේක 32:21; ගීතා 44:4, 5

ගීතාවලිය 33:17

පාදසටහන්

  • *

    හෝ, “ජය.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 7:6, 7; ගීතා 20:7; හිතෝ 21:31; යෙසා 31:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 33:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:7; ගීතා 34:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 33:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 33:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 33:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29

ගීතාවලිය 33:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:7; හිතෝ 18:10

ගීතාවලිය 33:22

හරස් යොමු දැක්වීම්

  • +මීකා 7:7
  • +ගීතා 32:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 33:1ෆිලි 4:4
ගීතා. 33:3ගීතා 40:3; 98:1; 149:1; යෙසා 42:10; එළි 5:9
ගීතා. 33:4ගීතා 12:6
ගීතා. 33:5යෝබ් 37:23; ගීතා 11:7; 45:7
ගීතා. 33:5ගීතා 145:16; ක්‍රියා 14:17
ගීතා. 33:6හෙබ්‍රෙ 11:3
ගීතා. 33:7උත් 1:9; යෝබ් 38:8-11; හිතෝ 8:29; යෙරෙ 5:22
ගීතා. 33:8එළි 14:7
ගීතා. 33:9ගීතා 148:4, 5
ගීතා. 33:9ගීතා 119:90
ගීතා. 33:10යෙසා 8:10; 19:3
ගීතා. 33:10ගීතා 21:8, 11
ගීතා. 33:11හිතෝ 19:21; යෙසා 46:10
ගීතා. 33:12ද්වි 33:29
ගීතා. 33:12ගීතා 65:4; 135:4; 1පේතෘ 2:9
ගීතා. 33:13ගීතා 11:4; 14:2; හිතෝ 15:3; හෙබ්‍රෙ 4:13
ගීතා. 33:151ලේක 28:9; යෝබ් 34:21; හිතෝ 24:12
ගීතා. 33:16යොෂු 11:6
ගීතා. 33:162ලේක 32:21; ගීතා 44:4, 5
ගීතා. 33:172රාජා 7:6, 7; ගීතා 20:7; හිතෝ 21:31; යෙසා 31:1
ගීතා. 33:18යෝබ් 36:7; ගීතා 34:15
ගීතා. 33:19යෙසා 33:15, 16
ගීතා. 33:20ද්වි 33:29
ගීතා. 33:21ගීතා 28:7; හිතෝ 18:10
ගීතා. 33:22මීකා 7:7
ගීතා. 33:22ගීතා 32:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 33:1-22

ගීතාවලිය

33 ධර්මිෂ්ඨයෙනි, යෙහෝවා නිසා හඬ නඟා සතුටු වෙන්න.+

අවංක සිත් තියෙන හැම කෙනෙක්ගෙන්ම ප්‍රශංසාව ලබන්න ඔහු වටිනවා.

 2 කුඩා වීණාව වයමින් යෙහෝවාට ස්තුති කරන්න.

විශාල වීණාව* වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.

 3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+

ප්‍රීති ඝෝෂා නඟමින් මුළු හදවතින්ම තත් භාණ්ඩ වාදනය කරන්න.

 4 යෙහෝවාගේ වදන් සත්‍යයයි.+

ඔහු කරන හැම දේම නිවැරදියි කියලා විශ්වාස කරන්න පුළුවන්.

 5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙක්.+

යෙහෝවාගේ නොසැලෙන ආදරය පොළොව පුරාම දැකගන්න

පුළුවන්.+

 6 යෙහෝවාගේ නියෝගයට අනුව අහස නිර්මාණය වුණා.+

ඔහු ඒකේ තියෙන හැම දෙයක්ම* ඔහුගේ හුස්මෙන්* හැදුවා.

 7 වේල්ලක් බඳිනවා වගේ ඔහු මුහුදු ජලය එක තැනකට සීමා කරනවා.+

ඔහු විශාල ජල කඳන් ගබඩාවල රැස් කරගන්නවා.

 8 පොළොවේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ගරුබිය දක්වන්න.+

පොළොවේ වැසියෙනි, ඔහු ගැන පුදුම වෙන්න.

 9 මොකද ඔහු යම් දෙයක් කිව්ව ගමන්ම ඒක ඉටු වුණා.+

ඔහු යමක් අණ කළාම ඒක ඒ විදිහටම සිද්ධ වුණා.+

10 යෙහෝවා ජාතීන්ගේ කුමන්ත්‍රණ බිඳලා දැම්මා.+

ඔහු ජනයාගේ සැලසුම් අසාර්ථක කළා.+

11 ඒත් යෙහෝවා දෙවියන්ගේ තීරණ* සදහටම පවතිනවා.+

පරම්පරා ගණනාවක් ගත වුණත් ඔහුගේ කැමැත්ත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

12 යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළි අරන් ඉන්න ජාතිය සන්තෝෂවත්.+

දෙවියන් තමන්ගේ උරුමය විදිහට තෝරගත්ත සෙනඟ සන්තෝෂවත්.+

13 යෙහෝවා ස්වර්ගයේ ඉඳන් බලද්දී

මිනිසුන් හැමෝවම දකිනවා.+

14 ඔහුගේ වාසස්ථානයේ ඉඳන්

ඔහු පොළොවේ ජීවත් වෙන හැමෝම දිහා හොඳින් බලන් ඉන්නවා.

15 ඔහු ඔවුන්ගේ හදවත් සකස් කරනවා.

ඔවුන් කරන හැම දෙයක්ම සෝදිසි කරලා බලනවා.+

16 විශාල යුද සේනාවක් හිටියා කියලා රජෙක්ට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.+

කෙනෙක්ට ලොකු ශක්තියක් තිබුණා කියලා ඒ කෙනා ගැලවෙන්නෙත් නැහැ.+

17 අශ්වයන් ඉන්න නිසා ගැලවීම* ලැබෙයි කියලා හිතන එක මෝඩකමක්.+

උන්ට ලොකු ශක්තියක් තිබුණා කියලා ගැලවීම ලැබෙන්නෙත් නැහැ.

18 යෙහෝවාගේ ඇස් ඔහු ගැන ගරුබියක් තියෙන අය වෙතටත්+

ඔහුගේ නොසැලෙන ආදරේ ලබන්න ආශාවෙන් ඉන්න අය වෙතටත් යොමු වෙලා තියෙනවා.

19 ඒ, ඔවුන්ව මරණයෙන් බේරගන්නයි.

සාගත කාලයේදී ඔවුන්ව ආරක්ෂා කරන්නයි.+

20 අපි යෙහෝවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අපිට උපකාර කරන කෙනාත් අපේ පලිහත් ඔහුයි.+

21 දෙවියන්ගේ ශුද්ධ නම ගැන අපිට විශ්වාසයි.+

ඔහු අපේ සිත් සතුටෙන් පිරී ඉතිරී යන්න සලස්වන්නේ ඒ නිසයි.

22 යෙහෝවා දෙවියනි, අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබ මතයි.+

ඒ නිසා ඔබේ නොසැලෙන ආදරේ අපිට පෙන්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න