යෝබ්
3 මේ වෙන කල් නිහඬව හිටිය යෝබ් එයා ඉපදුණ දවසට ශාප කරන්න පටන් අරන්+ 2 මෙහෙම කිව්වා.
4 ගන අඳුර ඒ දවස වෙළාගන්නවා නම්,
දෙවියන්ගේ මතකයෙන් ඒ දවස මැකිලා යනවා නම්,
එදාට හිරු උදා නොවෙනවා නම් කොයි තරම් හොඳද!
5 ඝන අන්ධකාරයෙන්* ඒ දවස වැහිලා යන්න ඕනේ!
වැහි වලාවක් ඒක වෙළාගන්න ඕනේ!
බියකරු අඳුරක් ඒ දවස ගිලගන්න ඕනේ!
6 රාත්රිය පුරාම ඒ අඳුර පැතිරිලා යන්න කියලත්+
ඒ දවස දුකෙන් පිරුණු එකක් වෙන්න කියලත්
එක මාසයකවත් ඒ දවස උදා නොවෙන්න කියලත් මං ඉල්ලනවා.
7 ඒ රාත්රියේදී කිසිම දරු උපතක් සිදු නොවුණා නම්,
ප්රීති ඝෝෂාවක් නොඇසුණා නම් කොයි තරම් හොඳද!
9 ඒ සැන්දෑවේ පායන තරු නිවී යත්වා!
ඒ දවස, හිරු උදා වෙන කල් නෙත් අයාගෙන හිටියත් එය උදා නොවේවා!
හිමිදිරියේ පායන හිරුරැස් දකින්න ඒ දවසට නොලැබේවා!
11 මව්කුසේදීම මා මිය නොගියේ ඇයි?
බිහි වුණ ගමන්ම මගේ දිවි කෙළවර නොවුණේ ඇයි?+
12 ඇයි මාව මව් තුරුලට ගත්තේ?
ඇයි මාව ඇගේ උකුළේ තියලා නැළෙව්වේ?
15 රිදීවලින් පිරී ඉතිරී ගිය නිවෙස්වල ජීවත් වුණ,
රනින් පොහොසත් වුණ කුමරුන් එක්ක මටත් සැතපෙන්න තිබුණා.
16 මම මව්කුසේ රහසින් නැති වී ගිය කලලයක් නොවුණේ ඇයි?
මෙලොව එළිය නොදුටු බිලිඳෙක් නොවුණේ ඇයි?
18 මිනී වළ සිරකරුවන්ටත් සැනසීමේ නිවහනක්.
එහෙදී අණ දෙන්නන්ගේ කුරිරු හඬ ඔවුන්ට නොඇසෙයි.
20 දුක් වේදනාවලින් හෙම්බත් වෙලා ඉන්න අයට ඔහු හිරු උදා කරන්නේ ඇයි?
ජීවිතේ තිත්ත වෙලා ඉන්න අයට ජීවත් වෙන්න ඉඩහරින්නේ ඇයි?+
21 මරණයෙන් සැනසීම සොයන අයට එය සම්බ නොවෙන්නේ ඇයි?+
නිධානයකටත් වඩා ඔවුන්ට වටින්නේ ඒ සැනසීමයි.
22 එය හමු වුණොත් ඔවුන්ගේ සතුට උතුරා යයි.
මිනී වළ දැක ඔවුන් ප්රීතියෙන් ඉපිල යයි.
23 ජීවිතේ අතරමං වෙලා ඉන්න කෙනෙක්ට දෙවියන් ජීවත් වෙන්න ඉඩහරින්නේ ඇයි?
හැම අතින්ම ඔහුව කොටු කරන්නේ ඇයි?+
25 මට වෙයි කියලා බයෙන් හිටපු දේමයි මට අද්දකින්න වුණේ.
මගේ හිත සලිත කරපු දේමයි මාව හොයාගෙන ආවේ.
26 සහනය, සතුට, සැනසීම මගෙන් ඈතට ගිහින්.
දැන් මා පසුපස එන්නේ දුක් කරදරමයි.”