ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම්වල තියයි (1)

      • “යෙහෝවාට විතරක් නමස්කාර කරන්න” කියලා සාමුවෙල් උනන්දු කරයි (2-6)

      • මිෂ්පාවලදී ඊශ්‍රායෙල්වරු ලබපු ජයග්‍රහණය (7-14)

      • සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකරු වෙයි (15-17)

1 සාමුවෙල් 7:1

පාදසටහන්

  • *

    මූ.අ., “ශුද්ධ තත්වයකට ගෙනාවා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:2, 4; 1ලේක 13:5, 7

1 සාමුවෙල් 7:2

පාදසටහන්

  • *

    හෝ, “අඬඅඬ උදව් ඉල්ලන්න පටන්ගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:28

1 සාමුවෙල් 7:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:24
  • +විනි 2:13; 10:6; 1රාජා 11:33
  • +යොෂු 24:14, 23; විනි 3:7
  • +ද්වි 10:20; 13:4; ලූක් 4:8
  • +ද්වි 28:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 69 පි.

    මුරටැඹ,

    1/1/2011, 24-25 පි.

1 සාමුවෙල් 7:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 10:16

1 සාමුවෙල් 7:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:1; 1සාමු 10:17; 2රාජා 25:23; යෙරෙ 40:6
  • +1සාමු 12:23; යාකො 5:16

1 සාමුවෙල් 7:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 10:10
  • +2ලේක 20:3; නෙහෙ 9:1; යෝවෙ 2:12
  • +විනි 2:18

1 සාමුවෙල් 7:7

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2, 3; 1සාමු 6:4

1 සාමුවෙල් 7:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:19; යෙසා 37:4

1 සාමුවෙල් 7:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:10
  • +ගීතා 99:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 22 පි.

1 සාමුවෙල් 7:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:10; 2සාමු 22:14
  • +යොෂු 10:10; විනි 4:15
  • +ද්වි 20:4; 28:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 69-70 පි.

    මුරටැඹ,

    1/1/2011, 25 පි.

1 සාමුවෙල් 7:12

පාදසටහන්

  • *

    තේරුම, “උදව්ව කියන ගල.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 4:9; 24:26
  • +ගීතා 44:3

1 සාමුවෙල් 7:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:16; 13:5
  • +1සාමු 14:22, 23; 17:51

1 සාමුවෙල් 7:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18, 21

1 සාමුවෙල් 7:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:20; 12:11; 25:1; ක්‍රියා 13:20

1 සාමුවෙල් 7:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 16:1
  • +යොෂු 15:7, 12; 1සාමු 11:15
  • +1සාමු 7:5

1 සාමුවෙල් 7:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:1; 8:4; 19:18
  • +නික් 20:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 22 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 7:12සාමු 6:2, 4; 1ලේක 13:5, 7
1 සාමු. 7:2නෙහෙ 9:28
1 සාමු. 7:31සාමු 12:24
1 සාමු. 7:3විනි 2:13; 10:6; 1රාජා 11:33
1 සාමු. 7:3යොෂු 24:14, 23; විනි 3:7
1 සාමු. 7:3ද්වි 10:20; 13:4; ලූක් 4:8
1 සාමු. 7:3ද්වි 28:1
1 සාමු. 7:4විනි 10:16
1 සාමු. 7:5විනි 20:1; 1සාමු 10:17; 2රාජා 25:23; යෙරෙ 40:6
1 සාමු. 7:51සාමු 12:23; යාකො 5:16
1 සාමු. 7:6විනි 10:10
1 සාමු. 7:62ලේක 20:3; නෙහෙ 9:1; යෝවෙ 2:12
1 සාමු. 7:6විනි 2:18
1 සාමු. 7:7යොෂු 13:2, 3; 1සාමු 6:4
1 සාමු. 7:81සාමු 12:19; යෙසා 37:4
1 සාමු. 7:9ලෙවී 1:10
1 සාමු. 7:9ගීතා 99:6
1 සාමු. 7:101සාමු 2:10; 2සාමු 22:14
1 සාමු. 7:10යොෂු 10:10; විනි 4:15
1 සාමු. 7:10ද්වි 20:4; 28:7
1 සාමු. 7:12යොෂු 4:9; 24:26
1 සාමු. 7:12ගීතා 44:3
1 සාමු. 7:131සාමු 9:16; 13:5
1 සාමු. 7:131සාමු 14:22, 23; 17:51
1 සාමු. 7:14උත් 15:18, 21
1 සාමු. 7:151සාමු 3:20; 12:11; 25:1; ක්‍රියා 13:20
1 සාමු. 7:16යොෂු 16:1
1 සාමු. 7:16යොෂු 15:7, 12; 1සාමු 11:15
1 සාමු. 7:161සාමු 7:5
1 සාමු. 7:171සාමු 1:1; 8:4; 19:18
1 සාමු. 7:17නික් 20:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 7:1-17

පළවෙනි සාමුවෙල්

7 ඉතින් කිර්යත්යෙයාරීම්වල ජීවත් වුණ අය යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය අබිනාදාබ්ගේ+ ගෙදරට අරගෙන ගියා. අබිනාදාබ්ගේ ගෙදර තිබුණේ කන්දක් උඩ. එයාලා යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ආරක්ෂා කරන්න අබිනාදාබ්ගේ පුතා වන එලියාසර්ව පත් කළා.*

2 ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම්වලට අරන් ඇවිත් අවුරුදු 20ක්ම ගත වුණා. ඔය කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ ආයෙත් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පටන්ගත්තා.*+ 3 සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “ඔයාලා යෙහෝවා වෙතට හැරෙන්නේ අවංක හිතකින් නම්+ ඔයාලා ළඟ තියෙන අෂ්ටොරෙත් රූපයි,+ වෙනත් දෙවිවරුන්ගේ රූපයි අයින් කරලා+ යෙහෝවාට විතරක් නමස්කාර කරන්න. මුළු හිතින්ම කැප වෙලා ඔහුට සේවය කරන්න.+ එහෙම කළොත් ඔහු ඔයාලව පිලිස්තිවරුන්ගෙන් බේරගනියි.”+ 4 ඉතින් ඊශ්‍රායෙල් සෙනඟ එයාලා ළඟ තිබුණ බාල් රූප සහ අෂ්ටොරෙත් රූප අයින් කරලා යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න පටන්ගත්තා.+

5 ඊටපස්සේ සාමුවෙල් මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, ඔයාලා හැමෝම මිෂ්පා+ නගරයට රැස් වෙන්න. එහෙදී මම ඔයාලා වෙනුවෙන් යෙහෝවාට යාච්ඤා කරන්නම්.”+ 6 ඉතින් එයාලා හැමෝම මිෂ්පාවලට ආවා. එහෙදී එයාලා ළිඳකින් වතුර ඇදලා ඒ වතුර ටික යෙහෝවා ඉස්සරහා බිමට හලලා මෙහෙම කිව්වා. “අපි යෙහෝවාට විරුද්ධව පව් කළා.”+ එයාලා ඒ ගැන දුක් වෙවී එදා මුළු දවසම කෑම නොකා හිටියා.+ සාමුවෙල් එදා ඉඳන් මිෂ්පාවලදී විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් සෙනඟට සේවය කරන්න පටන්ගත්තා.+

7 ඊශ්‍රායෙල් සෙනඟ මිෂ්පාවල රැස් වෙලා ඉන්නවා කියලා පිලිස්තිවරුන්ට ආරංචි වුණා. ඉතින් පිලිස්තිවරුන්ගේ අධිපතීන්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න පිටත් වුණා. ඒක ආරංචි වුණාම ඊශ්‍රායෙල්වරු හොඳටම බය වෙලා, 8 සාමුවෙල්ට මෙහෙම කිව්වා. “අනේ, අපිට උදව් කරන්න කියලා දිගටම යෙහෝවාට යාච්ඤා කරන්න.+ පිලිස්තිවරුන්ගෙන් අපිව බේරගන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න.” 9 එතකොට සාමුවෙල් කිරි බොන වයසේ ඉන්න බැටළු පැටියෙක්ව අරන් මුළු සතාවම දවන පූජාවක්+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. සාමුවෙල් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. යෙහෝවාත් එයාට ඇහුම්කන් දුන්නා.+ 10 සාමුවෙල් දවන පූජාව ඔප්පු කරකර ඉද්දී පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න ආවා. ඒත් ඒ වෙලාවේ යෙහෝවා ලොකු ගිගුරුම් හඬක් ඇති කරලා+ පිලිස්තිවරුන්ගේ හිත් හොඳටම අවුල් කළා.+ ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා එයාලව පරද්දන්න.+ 11 ඊශ්‍රායෙල්වරු මිෂ්පාවල ඉඳන් බෙත්කාර්වල දකුණු මායිම වෙන කල්ම පිලිස්තිවරු පස්සේ පන්නගෙන ගිහින් එයාලව මරලා දැම්මා. 12 ඊටපස්සේ සාමුවෙල් ගලක් අරගෙන+ මිෂ්පා සහ යෙෂානා කියන නගර දෙක අතරේ තිබ්බා. “මේ වෙන කල්ම යෙහෝවා අපිට උදව් කළා”+ කියලා එයා ඒ වෙලාවේ කිව්වා. ඒ නිසා එයා ඒ ගලට එබෙන්එසෙර්* කියන නම දුන්නා. 13 ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ව යටත් කරගත්තේ ඒ විදිහටයි. පිලිස්තිවරු ආයෙත් ඊශ්‍රායෙල්වරුන්ගේ දේශ සීමාවට ආවේ නැහැ.+ සාමුවෙල් ජීවත් වුණ කාලය පුරාම ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගන්න යෙහෝවා පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ නැහැ.+ 14 එක්‍රොන් ඉඳන් ගාත් වෙන කල් පිලිස්තිවරු යටත් කරගෙන තිබුණ හැම නගරයක්මත් ඒ අවට තිබුණ ප්‍රදේශත් ඊශ්‍රායෙල්වරු ආයෙත් යටත් කරගත්තා.

ඒ කාලේ ඊශ්‍රායෙල්වරු සහ අමෝරිවරු එකිනෙකා එක්ක සමාදානයෙන් හිටියා.+

15 සාමුවෙල්ගේ ජීවිත කාලය පුරාම එයා ඊශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකරු විදිහට සේවය කළා.+ 16 සාමුවෙල් හැම අවුරුද්දකම බෙතෙල්වලටත්+ ගිල්ගාල්වලටත්+ මිෂ්පාවලටත්+ ගියා. එයා එහෙම ගියේ ඒ නගරවල හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ නඩු විසඳන්න. 17 ඒ තැන්වල එයාට කරන්න තිබුණ වැඩ ඉවර වුණාට පස්සේ එයා ආයෙත් රාමාවල+ තිබුණ එයාගේ ගෙදරට ආවා. එයා එහේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟගේ නඩුත් විසඳුවා. එයා රාමාවල යෙහෝවා දෙවියන්ට පූජාසනයක් ඉදි කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න