ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • දේවදූතයෙක් මානෝවාව සහ එයාගේ බිරිඳව හම්බ වෙයි (1-23)

      • සැම්සන් ඉපදෙයි (24, 25)

විනිශ්චයකරුවෝ 13:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:11, 19; 10:6
  • +යොෂු 13:1-3; විනි 10:7

විනිශ්චයකරුවෝ 13:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:16
  • +විනි 16:31
  • +යොෂු 15:20, 33; 19:41, 48
  • +උත් 30:22, 23

විනිශ්චයකරුවෝ 13:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:10; 1සාමු 1:20; ලූක් 1:11, 13

විනිශ්චයකරුවෝ 13:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:2, 3; ලූක් 1:15
  • +ලෙවී 11:26, 27

විනිශ්චයකරුවෝ 13:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:2, 5
  • +විනි 2:16; 13:1; නෙහෙ 9:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 25 පි.

විනිශ්චයකරුවෝ 13:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:17, 18

විනිශ්චයකරුවෝ 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2015, 3 පි.

    8/15/2013, 16 පි.

විනිශ්චයකරුවෝ 13:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:3

විනිශ්චයකරුවෝ 13:12

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:8

විනිශ්චයකරුවෝ 13:13

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:4

විනිශ්චයකරුවෝ 13:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:2, 3
  • +ලෙවී 11:26, 27

විනිශ්චයකරුවෝ 13:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:5, 7; විනි 6:18, 19; හෙබ්‍රෙ 13:2

විනිශ්චයකරුවෝ 13:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:29; විනි 13:6

විනිශ්චයකරුවෝ 13:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 10 පි.

විනිශ්චයකරුවෝ 13:21

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:22, 23

විනිශ්චයකරුවෝ 13:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:20; යොහ 1:18

විනිශ්චයකරුවෝ 13:23

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:16

විනිශ්චයකරුවෝ 13:24

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:32

විනිශ්චයකරුවෝ 13:25

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:9, 10; 6:34; 11:29; 1සාමු 11:6
  • +යොෂු 15:20, 33
  • +විනි 18:11, 12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 13:1විනි 2:11, 19; 10:6
විනි. 13:1යොෂු 13:1-3; විනි 10:7
විනි. 13:2උත් 49:16
විනි. 13:2විනි 16:31
විනි. 13:2යොෂු 15:20, 33; 19:41, 48
විනි. 13:2උත් 30:22, 23
විනි. 13:3උත් 18:10; 1සාමු 1:20; ලූක් 1:11, 13
විනි. 13:4ගණන් 6:2, 3; ලූක් 1:15
විනි. 13:4ලෙවී 11:26, 27
විනි. 13:5ගණන් 6:2, 5
විනි. 13:5විනි 2:16; 13:1; නෙහෙ 9:27
විනි. 13:6විනි 13:17, 18
විනි. 13:10විනි 13:3
විනි. 13:12විනි 13:8
විනි. 13:13විනි 13:4
විනි. 13:14ගණන් 6:2, 3
විනි. 13:14ලෙවී 11:26, 27
විනි. 13:15උත් 18:5, 7; විනි 6:18, 19; හෙබ්‍රෙ 13:2
විනි. 13:17උත් 32:29; විනි 13:6
විනි. 13:21විනි 6:22, 23
විනි. 13:22නික් 33:20; යොහ 1:18
විනි. 13:23විනි 13:16
විනි. 13:24හෙබ්‍රෙ 11:32
විනි. 13:25විනි 3:9, 10; 6:34; 11:29; 1සාමු 11:6
විනි. 13:25යොෂු 15:20, 33
විනි. 13:25විනි 18:11, 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 13:1-25

විනිශ්චයකරුවෝ

13 ඊශ්‍රායෙල්වරු ආයෙත් යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් කරන්න පටන්ගත්තා.+ ඒ නිසා යෙහෝවා අවුරුදු 40ක් පුරා එයාලට පීඩා කරන්න පිලිස්තිවරුන්ට ඉඩහැරියා.+

2 ඒ කාලේදී දාන්+ ගෝත්‍රයට අයිති මානෝවා+ කියලා කෙනෙක් හිටියා. එයා හිටියේ ෂොරාවල.+ මානෝවාගේ බිරිඳට දරුවෝ හිටියේ නැහැ. එයා වඳ කෙනෙක්.+ 3 දවසක් යෙහෝවාගේ දූතයෙක් එයා ඉස්සරහට ඇවිල්ලා එයාට මෙහෙම කිව්වා. “ඔයා දරුවන් නැති වඳ කෙනෙක් වුණත් ඔයා ගැබ්ගන්නවා. ඔයා අනිවාර්යයෙන්ම පුතෙක් බිහි කරනවා.+ 4 හැබැයි වයින්වත් වෙන කිසි මත්පැන් වර්ගයක්වත් බොන්න එපා.+ අපවිත්‍රයි කියලා සලකන කිසිම දෙයක් කන්නත් එපා.+ 5 ඔයා ගැබ් අරන් බිහි කරන පුතා ඉපදුණ දවසේ ඉඳලාම නසරීතවරයෙක්. ඒ නිසා කවදාවත් එයාගේ කොණ්ඩේ කපන්න එපා.+ එයාව දෙවියන්ගේ සේවය වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. එයා තමයි පිලිස්තිවරුන්ගෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්නේ.”+

6 ඊටපස්සේ ඒ කාන්තාව එයාගේ පුරුෂයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන්ගේ සේවකයෙක් මාව හම්බ වෙන්න ආවා. එයාගේ පෙනුම හරියට සැබෑ දෙවියන්ගේ දූතයෙක් වගෙයි. එයාට තිබුණේ හරිම පුදුමාකාර පෙනුමක්. එයා ආවේ කොහෙන්ද කියලා මං ඇහුවේ නැහැ. එයාගේ නමවත් එයා මට කිව්වේ නැහැ.+ 7 හැබැයි එයා මට මේ වගේ දෙයක් කිව්වා. ‘ඔයා ගැබ් අරන් පුතෙක් බිහි කරනවා. ඒ දරුවා ඉපදුණ දවසේ ඉඳලා මැරෙන කල් නසරීතවරයෙක්. එයාව දෙවියන්ගේ සේවය වෙනුවෙන්ම වෙන් කරලයි තියෙන්නේ. ඒ නිසා ඔයා වයින්වත් වෙන කිසි මත්පැන් වර්ගයක්වත් බොන්න එපා. අපවිත්‍රයි කියලා සලකන කිසිම දෙයක් කන්නත් එපා.’”

8 ඉතින් මානෝවා යෙහෝවාට කන්නලව් කරලා මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මං මෙහෙම ඉල්ලුවාට කමක් නැද්ද? සැබෑ දෙවියන් වන ඔයා එවපු සේවකයාව ආයෙත් එවන්න පුළුවන්ද? එතකොට අපිට පුළුවන් අපිට ලැබෙන්න යන දරුවාව හදා වඩා ගන්නේ කොහොමද කියලා එයාගෙන් දැනගන්න.” 9 සැබෑ දෙවියන් මානෝවා කරපු ඉල්ලීමට ඇහුම්කන් දුන්නා. මානෝවාගේ බිරිඳ එළියේ හිටපු වෙලාවක සැබෑ දෙවියන්ගේ දූතයා ආපහු එයාව හම්බ වෙන්න ආවා. ඒ වෙලාවේ මානෝවා එතන හිටියේ නැහැ. 10 එයා මානෝවා ගාවට දුවගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඉක්මනින් එන්න! එදා ආපු කෙනා ආපහු ඇවිල්ලා.”+

11 එතකොට මානෝවා එයාගේ බිරිඳ එක්ක ඒ කෙනා හිටපු තැනට ගිහින් එයාගෙන් මෙහෙම ඇහුවා. “මගේ බිරිඳ එක්ක එදා කතා කළේ ඔයාද?” එයා කිව්වා “ඔව්, ඒ මං තමයි” කියලා. 12 එතකොට මානෝවා මෙහෙම කිව්වා. “ඔයා එදා කියපු දේ ඒ විදිහටම වෙනවා දකින්න අපි කැමතියි. අපිට ලැබෙන දරුවා මොන වගේ කෙනෙක් වෙයිද, එයා ඉස්සරහට මොනවා කරයිද කියලා අපිට කියන්න.”+ 13 එතකොට යෙහෝවාගේ දූතයා මානෝවාට මෙහෙම කිව්වා. “මං ඔයාගේ බිරිඳට කරන්න එපා කියපු දේවල් නොකර ඉන්න එයා පරෙස්සම් වෙන්න ඕනේ.+ 14 මිදිවත් මිදිවලින් හදන කිසිම දෙයක්වත් එයාට කන්න බැහැ. එයාට වයින්වත් වෙන කිසිම මත්පැන් වර්ගයක්වත් බොන්න බැහැ.+ ඒ වගේම අපවිත්‍රයි කියලා සලකන කිසිම දෙයක් එයාට කන්න බැහැ.+ මං එයාට අණ කරපු හැම දෙයක්ම එයා කරන්න ඕනේ.”

15 මානෝවා යෙහෝවාගේ දූතයාට මෙහෙම කිව්වා. “අනේ, ටිකක් ඉන්න. අපි කෑමට එළු පැටියෙක්ව ලෑස්ති කරලා දෙන්නම්.”+ 16 ඒත් යෙහෝවාගේ දූතයා මානෝවාට මෙහෙම කිව්වා. “මම ටිකකට නතර වුණත් කෑම නම් කන්නේ නැහැ. ඒත් ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් යෙහෝවාට දවන පූජාවක් ඔප්පු කරන්න.” එයා යෙහෝවාගේ දූතයෙක් කියලා මානෝවා දැනගෙන හිටියේ නැහැ. 17 එතකොට මානෝවා යෙහෝවාගේ දූතයාට මෙහෙම කිව්වා. “ඔයා කියපු දේවල් ඉටු වෙද්දී අපි කැමතියි ඒ වෙනුවෙන් ඔයාට අපේ අගය පෙන්නන්න. ඒ නිසා ඔයාගේ නම අපිට කියන්න.”+ 18 ඒත් යෙහෝවාගේ දූතයා එයාට මෙහෙම කිව්වා. “ඇයි ඔයා මගේ නම අහන්නේ? ඒක පුදුම හිතෙන නමක්.”

19 ඊටපස්සේ මානෝවා එළු පැටියාවයි, ධාන්‍ය පූජාවයි අරගෙන ඒවා ලොකු ගලක් උඩ තියලා යෙහෝවාට ඔප්පු කළා. මානෝවායි, එයාගේ බිරිඳයි බලාගෙන ඉද්දී දෙවියන් පුදුම දෙයක් කළා. 20 පූජාව ගින්නෙන් දැවෙද්දී ඒ ගිනිදලු අහස උසට නැග්ගා. ඒ ගිනිදලු එක්කම යෙහෝවාගේ දූතයාත් ඉහළට නැඟලා ගියා. ඒක දැක්ක ගමන්ම මානෝවා සහ එයාගේ බිරිඳ දණින් වැටිලා ඔළුව බිමට පහත් කළා. 21 යෙහෝවාගේ දූතයා ආයෙත් මානෝවා සහ එයාගේ බිරිඳව හම්බ වෙන්න ආවේ නැහැ. එයාට කතා කළේ යෙහෝවාගේ දූතයෙක් කියලා මානෝවා තේරුම්ගත්තා.+ 22 එතකොට මානෝවා එයාගේ බිරිඳට මෙහෙම කිව්වා. “අපි ඒ දැක්කේ දෙවියන්වයි.+ ඒ හින්දා අපි දෙන්නා අනිවාර්යයෙන්ම මැරෙයි.” 23 ඒත් එයාගේ බිරිඳ එයාට මෙහෙම කිව්වා. “අපිව මරලා දාන්න යෙහෝවාට ඕනෙ වුණා නම් අපි ඔප්පු කරපු දවන පූජාවයි,+ ධාන්‍ය පූජාවයි මේ විදිහට පිළිගනියිද? අර වගේ පුදුම දේවල් දෙවියන් අපි ඉස්සරහා කරයිද? අපිට ඒ වගේ දේවල් කියයිද?”

24 පස්සේ මානෝවාගේ බිරිඳට පුතෙක් හම්බ වුණා. එයා ඒ පුතාට සැම්සන් කියන නම දැම්මා.+ දරුවා උස් මහත් වෙද්දී යෙහෝවා දිගටම එයාට ආශීර්වාද කළා. 25 පස්සේ සැම්සන්ට යෙහෝවාගේ බලය ලැබුණා.+ ඒ නිසා එයා ෂොරා සහ එෂ්තායොල්+ අතරේ තිබුණ මහනේදාන්වල+ ඉද්දී ඒ බලයේ පෙලඹීමට අනුව වැඩ කරන්න පටන්ගත්තා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න