ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • එලිෂා පොරෝ තලය උඩට මතු වෙන්න සලස්වයි (1-7)

      • සිරියානුවන් එලිෂාට විරුද්ධ වෙයි (8-23)

        • එලිෂාගේ සේවකයාගේ ඇස් අරියි (16, 17)

        • සිරියානුවන්ව අන්ධ කරයි (18, 19)

      • සමාරියේ සාගතයක් (24-33)

2 රාජාවලිය 6:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 2:3, 5; 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.

2 රාජාවලිය 6:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.

2 රාජාවලිය 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.

2 රාජාවලිය 6:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 20:1, 34; 22:31

2 රාජාවලිය 6:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:24

2 රාජාවලිය 6:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 2:12

2 රාජාවලිය 6:12

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:22, 28

2 රාජාවලිය 6:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:16, 17

2 රාජාවලිය 6:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:13; ගීතා 3:6
  • +2සාමු 22:31; 2ලේක 32:7; ගීතා 18:2; 27:3; 46:7; 55:18; 118:11; රෝම 8:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1998, 12-13, 18 පි.

2 රාජාවලිය 6:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:56
  • +ගීතා 34:7; මතෙ 26:53
  • +2රාජා 2:11; ගීතා 68:17; සෙක 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1998, 12-13 පි.

2 රාජාවලිය 6:18

පාදසටහන්

  • *

    මූ.අ., “ජාතියව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 10 පි.

2 රාජාවලිය 6:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2022, 1 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1 පි.

2 රාජාවලිය 6:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2022, 1 පි.

2 රාජාවලිය 6:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:21; රෝම 12:20

2 රාජාවලිය 6:23

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:2

2 රාජාවලිය 6:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:52; 1රාජා 20:1

2 රාජාවලිය 6:25

පාදසටහන්

  • *

    මූ.අ., “කැබ් මිනුමකින් හතරෙන් එකක්.” කැබ් මිනුමක් කියන්නේ ලීටර් 1.22ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:26; ද්වි 28:15, 17
  • +ද්වි 14:3; එස 4:14

2 රාජාවලිය 6:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:29; ද්වි 28:53-57; එස 5:10

2 රාජාවලිය 6:29

හරස් යොමු දැක්වීම්

  • +විලා 4:10

2 රාජාවලිය 6:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:29; 1රාජා 21:27

2 රාජාවලිය 6:31

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 38:4

2 රාජාවලිය 6:32

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:13; 21:9, 10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 6:12රාජා 2:3, 5; 9:1
2 රාජා. 6:81රාජා 20:1, 34; 22:31
2 රාජා. 6:91රාජා 17:24
2 රාජා. 6:10මතෙ 2:12
2 රාජා. 6:12දානි 2:22, 28
2 රාජා. 6:13උත් 37:16, 17
2 රාජා. 6:16නික් 14:13; ගීතා 3:6
2 රාජා. 6:162සාමු 22:31; 2ලේක 32:7; ගීතා 18:2; 27:3; 46:7; 55:18; 118:11; රෝම 8:31
2 රාජා. 6:17ක්‍රියා 7:56
2 රාජා. 6:17ගීතා 34:7; මතෙ 26:53
2 රාජා. 6:172රාජා 2:11; ගීතා 68:17; සෙක 6:1
2 රාජා. 6:18උත් 19:10, 11
2 රාජා. 6:191රාජා 16:29
2 රාජා. 6:22හිතෝ 25:21; රෝම 12:20
2 රාජා. 6:232රාජා 5:2
2 රාජා. 6:24ද්වි 28:52; 1රාජා 20:1
2 රාජා. 6:25ලෙවී 26:26; ද්වි 28:15, 17
2 රාජා. 6:25ද්වි 14:3; එස 4:14
2 රාජා. 6:28ලෙවී 26:29; ද්වි 28:53-57; එස 5:10
2 රාජා. 6:29විලා 4:10
2 රාජා. 6:30උත් 37:29; 1රාජා 21:27
2 රාජා. 6:31යෙරෙ 38:4
2 රාජා. 6:321රාජා 18:13; 21:9, 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 6:1-33

දෙවෙනි රාජාවලිය

6 අනාගතවක්තෘවරුන්ගේ පුතාලා+ එලිෂාට මෙහෙම කිව්වා. “ඔයාත් එක්ක අපි හැමෝටම මෙහේ ඉන්න ඉඩ මදි. 2 අනේ, අපිට යොර්දාන් ගඟ ළඟට යන්න දෙන්න. එතකොට අපි එක් එක් කෙනාට පුළුවන් එහේ තියෙන ගස් ටිකක් කපලා අපිට ඉන්න තැනක් හදාගන්න.” ඉතින් එලිෂා එයාලට “යන්න” කියලා කිව්වා. 3 එයාලාගෙන් එක් කෙනෙක් එලිෂාට මෙහෙම කිව්වා. “අනේ, ඔයාත් එනවාද ඔයාගේ සේවකයනුත් එක්ක යන්න?” එතකොට එලිෂා “හොඳයි, මාත් එන්නම්” කියලා කිව්වා. 4 ඉතින් එලිෂා එයාලත් එක්ක ගියා. යොර්දාන් ගඟ ළඟට ආවාම එයාලා ඒ වටේ තිබුණ ගස් කපන්න පටන්ගත්තා. 5 එයාලාගෙන් එක් කෙනෙක් ගහක් කපකප ඉද්දී පොරෝ තලය ගැලවිලා වතුරට වැටුණා. එතකොට එයා “අනේ මගේ ස්වාමීනි, මං ඒක වෙන කෙනෙක්ගෙන් ඉල්ලගත්ත එකක්” කියලා කෑගැහුවා. 6 එතකොට සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු “ඒක වැටුණේ කොහෙටද” කියලා ඇහුවා. ඉතින් ඒ කෙනා ඒක වැටුණ තැන පෙන්නුවා. පස්සේ එලිෂා අත්තක් කපලා එතනට වීසි කළාම පොරෝ තලය උඩට මතු වුණා. 7 “දැන් ඒක ගන්න” කියලා එලිෂා එයාට කිව්වා. ඉතින් එයා අත දාලා පොරෝ තලය ගත්තා.

8 සිරියාවේ රජ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න ආවා.+ රජ එයාගේ හමුදාවේ නිලධාරීන් එක්ක කතා කරලා මෙහෙම කිව්වා. “අපි මේ මේ තැන්වල කඳවුරු බැඳගමු.” 9 එතකොට සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු+ ඊශ්‍රායෙල්වල රජට මෙහෙම දැන්නුවා. “සිරියානුවන් පහර දෙන්න අහවල් තැනට එන හින්දා එහෙට යන්න එපා.” 10 ඉතින් ඊශ්‍රායෙල්වල රජ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු යන්න එපා කිව්ව පැත්තේ හිටපු මිනිස්සුන්ට අනතුරු ඇඟෙව්වා. එයා විවිධ තැන් ගැන ඒ විදිහට කීප සැරයක්ම රජට අනතුරු ඇඟෙව්වා. ඉතින් රජත් ඒ තැන්වලට යන්නේ නැතුව හිටියා.+

11 ඒ ගැන සිරියාවේ රජට ගොඩක් කේන්ති ගියා. ඉතින් එයා එයාගේ හමුදාවේ නිලධාරීන්ට අඬගහලා මෙහෙම ඇහුවා. “මට දැනගන්න ඕනෙ ඊශ්‍රායෙල්වල රජගේ පැත්තට වැඩ කරන කවුරු හරි අපිත් එක්ක ඉන්නවාද කියලා.” 12 එතකොට ඒ නිලධාරීන්ගෙන් එක් කෙනෙක් මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, අපි එක්ක එහෙම කවුරුත් නැහැ. රජතුමනි, ඔබ නිදන කාමරයේ ඉඳන් කතා කරන දේවල් ඊශ්‍රායෙල්වල ඉන්න එලිෂා කියන අනාගතවක්තෘවරයා තමයි ඊශ්‍රායෙල්වල රජට ගිහින් කියන්නේ.”+ 13 රජ මෙහෙම කිව්වා. “ගිහින් එයා ඉන්නේ කොහෙද කියලා බලන්න. එතකොට මට පුළුවන් මිනිස්සු යවලා එයාව අල්ලගන්න.” පස්සේ “එයා දොතාන්වල ඉන්නවා”+ කියලා රජට ආරංචි වුණා. 14 එයා ඉක්මනින්ම අශ්වයනුයි, යුධ රථයි, විශාල හමුදාවකුයි එහෙට යැව්වා. එයාලා රෑ ඇවිත් නගරය වැටලුවා.

15 සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු වුණ එලිෂාගේ සේවකයා උදේ පාන්දර නැඟිටලා එළියට ගිහින් බලද්දී අශ්වයනුයි, යුධ රථයි එක්ක හමුදාවක් නගරය වටලගෙන ඉන්නවා එයා දැක්කා. එතකොටම එයා එලිෂාට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි! අනේ, අපි දැන් මොකද කරන්නේ?” 16 ඒත් එලිෂා “බය වෙන්න එපා!+ මොකද එයාලා එක්ක ඉන්න අයට වඩා ලොකු කට්ටියක් අපිත් එක්ක ඉන්නවා”+ කියලා සේවකයාට කිව්වා. 17 ඊටපස්සේ එලිෂා මෙහෙම යාච්ඤා කළා. “අනේ යෙහෝවා, හැම දෙයක්ම දකින්න පුළුවන් වෙන විදිහට එයාගේ ඇස් අරින්න.”+ එතකොටම යෙහෝවා ඒ සේවකයාගේ ඇස් ඇරියා. එතකොට එලිෂා වටේට+ තිබුණ කඳුකර පළාතම අශ්වයන් සහ අශ්ව රථවලින් පිරිලා තියෙනවා එයා දැක්කා. ඒ අශ්වයනුයි, අශ්ව රථයි හරියට ගින්දර වගේ.+

18 සිරියානුවන් ටික ටික ඉස්සරහට එද්දී එලිෂා යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා. “අනේ දෙවියනි, මේ සෙනඟව* අන්ධ කරන්න.”+ ඉතින් එලිෂා ඉල්ලපු විදිහටම දෙවියන් එයාලව අන්ධ කළා. 19 එලිෂා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා යන පාර වැරදියි. ඔයාලා යන්න ඕනෙ නගරේ මේක නෙමෙයි. මාත් එක්ක එන්න. ඔයාලා හොයන මනුස්සයා ළඟට මං ඔයාලව එක්ක යන්නම්.” ඒත් එලිෂා එයාලව එක්කගෙන ගියේ සමාරියට.+

20 එයාලා සමාරියට ආවාම එලිෂා “අනේ යෙහෝවා, පැහැදිලිව දකින්න පුළුවන් වෙන විදිහට එයාලාගේ ඇස් අරින්න” කියලා යාච්ඤා කළා. ඉතින් යෙහෝවා එයාලාගේ ඇස් ඇරියා. එයාලා ඉන්නේ සමාරිය නගරේ ඇතුළේ කියලා එතකොට එයාලට තේරුණා. 21 ඊශ්‍රායෙල්වල රජ එයාලව දැක්ක ගමන්ම එලිෂාගෙන් මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, මං පහර දෙන්නද? මං එයාලට පහර දෙන්නද?” 22 ඒත් එලිෂා එයාට මෙහෙම කිව්වා. “එයාලට පහර දෙන්න එපා. යුද්දෙකට පස්සේ ඔයා අල්ලගෙන යන අයව ඔයා මරලා දානවාද? දැන් මෙයාලට කන්න රොටියි, බොන්න වතුරයි දීලා+ එයාලාගේ ස්වාමියා ගාවට යන්න අරින්න.” 23 රජ එයාලා වෙනුවෙන් ලොකු කෑමක් ලෑස්ති කළා. එයාලා කාලා බීලා ඉවර වුණාට පස්සේ රජ එයාලව එයාලාගේ ස්වාමියා ළඟට යැව්වා. එදායින් පස්සේ සිරියානු කොල්ලකරුවෝ+ ආයේ එක පාරක්වත් ඊශ්‍රායෙල් දේශයට ආවේ නැහැ.

24 පස්සේ කාලෙක සිරියාවේ රජ වුණ බෙන්හාදද් එයාගේ මුළු හමුදාවම එකතු කරගෙන ඇවිත් සමාරිය වැටලුවා.+ 25 ඒ නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති වුණා.+ වැටලීම කොච්චර කාලයක් තිබුණාද කියනවා නම් බූරුවෙක්ගේ ඔළුවක්+ රිදී ෂෙකෙල් 80කටත් කොබෙයියන්ගේ අසූචි මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් 5කටත් විකිණෙන තරමටම බඩුවල මිල වැඩි වුණා. 26 දවසක් ඊශ්‍රායෙල්වල රජ නගරයේ පවුර දිගේ යනවා දැකලා ස්ත්‍රියක් කෑගහලා “මගේ ස්වාමීනි, අනේ රජතුමනි, අපිව බේරගන්න” කියලා කිව්වා. 27 රජ එයාට මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාට උදව් කරන්නේ නැත්තං මං කාගෙන් ඔයාට උදව් අරන් දෙන්නද? ඔයා හිතනවාද ඔයාට දෙන්න කමතේ මොනවා හරි දෙයක් ඉතුරු වෙලා තියෙනවා කියලා? වයින්වත් තෙල්වත් ඉතුරු වෙලා තියෙනවා කියලා ඔයා හිතනවාද?” 28 ඊටපස්සේ රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට මොකද වුණේ?” ඒ ස්ත්‍රිය මෙහෙම කිව්වා. “මෙයා මට කිව්වා ‘අද අපි ඔයාගේ පුතාව කමු. හෙට අපිට පුළුවන් මගේ පුතාව කන්න’ කියලා.+ 29 ඉතින් අපි දෙන්නා මගේ පුතාව තම්බලා කෑවා.+ පහුවදා මං එයාගෙන් ‘ඔයාගේ පුතාව කන්න දෙන්න’ කියලා ඉල්ලුවාම එයා පුතාව හංගගත්තා.”

30 රජ ඒක අහපු ගමන්ම එයාගේ ඇඳුම් ඉරාගත්තා.+ රජ පවුර දිගේ යද්දී එයාගේ ඇඳුමට යටින් එයා ගෝණි රෙදි ඇඳගෙන ඉන්නවා කියලා මිනිස්සු දැක්කා. 31 ඊටපස්සේ රජ මෙහෙම කිව්වා. “මං අද ෂාපාත්ගේ පුතා එලිෂාගේ ඔළුව කඳෙන් වෙන් කරනවා. එහෙම කළේ නැත්තං දෙවියන් මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ!”+

32 ඒ වෙලාවේ එලිෂා වැඩිමහල්ලන් එක්ක එයාගේ ගෙදර ඉඳගෙන හිටියා. රජ එලිෂා හිටපු තැනට යන්න කලින් පණිවිඩකරුවෙක්ව එහෙට යැව්වා. ඒ පණිවිඩකරු එන්නත් කලින් එලිෂා වැඩිමහල්ලන්ට මෙහෙම කිව්වා. “අර මිනීමරුවාගේ පුතා+ මගේ හිස ගසා දාන්න මනුස්සයෙක්ව එවලා. එයා එන කල් බලාගෙන ඉන්න. එයා එද්දී දොර වහලා එයාට ඇතුළට එන්න බැරි වෙන්න දොරට හේත්තු වෙලා ඉන්න. එයාට පස්සෙන් එන එයාගේ ස්වාමියාගේ අඩි සද්දේ ඔයාලට ඇහෙනවාද?” 33 එලිෂා එයාලා එක්ක කතා කරකර ඉද්දී පණිවිඩකරු එතනට ආවා. ඊටපස්සේ රජ ඇවිල්ලා මෙහෙම කිව්වා. “මේ විපත ගෙනාවේ යෙහෝවා. ඉතින් යෙහෝවාගේ උදව් ලැබෙන කල් මං මොකටද තවත් බලාගෙන ඉන්නේ?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න