ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • එෆ්‍රායිම් ගෝත්‍රයේ අය රණ්ඩු කරයි (1-7)

        • ෂිබොලෙත් පරීක්ෂණය (6)

      • ඉබ්ෂාන්, ඒලොන් සහ අබ්දොන් (8-15)

විනිශ්චයකරුවෝ 12:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ගඟෙන් එගොඩ වෙලා උතුරු ප්‍රදේශයට.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:1

විනිශ්චයකරුවෝ 12:3

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 10 පි.

විනිශ්චයකරුවෝ 12:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 10 පි.

විනිශ්චයකරුවෝ 12:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:28; 7:24

විනිශ්චයකරුවෝ 12:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 10 පි.

විනිශ්චයකරුවෝ 12:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:16

විනිශ්චයකරුවෝ 12:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:12; නික් 17:16; ගණන් 13:29; 1සාමු 15:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 12:1විනි 8:1
විනි. 12:3විනි 11:29
විනි. 12:4ද්වි 3:12, 13
විනි. 12:5විනි 3:28; 7:24
විනි. 12:8විනි 2:16
විනි. 12:15උත් 36:12; නික් 17:16; ගණන් 13:29; 1සාමු 15:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 12:1-15

විනිශ්චයකරුවෝ

12 එෆ්‍රායිම් ගෝත්‍රයේ මිනිස්සු එකට එකතු වෙලා ගඟෙන් එගොඩ තිබුණ ෂපොන්වලට* ඇවිත් යෙප්තාට මෙහෙම කිව්වා. “ඔයා ගඟෙන් එගොඩ වෙලා අම්මොන්වරුන්+ එක්ක සටන් කරන්න යද්දී ඇයි අපිට කතා කළේ නැත්තේ? දැන් අපි ඔයාටයි, ඔයාගේ ගෙදරටයි ගිනි තියනවා.” 2 එතකොට යෙප්තා එයාලට මෙහෙම කිව්වා. “මමයි, මගේ සෙනඟයි අම්මොන්වරු එක්ක ලොකු සටනක් කළා. මම ඒකට ඔයාලාගෙනුත් උදව් ඉල්ලුවා. ඒත් ඔයාලා මට උදව් කළේ නැහැ. 3 ඔයාලා මගේ උදව්වට එන්නේ නැහැ කියලා තේරුණාම මම තීරණය කළා මගේ ජීවිතේ පරදුවට තියලා හරි අම්මොන්වරු එක්ක සටන් කරන්න.+ ඒ සටනේදී එයාලව පරාජය කරන්න යෙහෝවා මට උදව් කළා. ඉතින් ඇයි දැන් ඔයාලා මාත් එක්ක රණ්ඩුවට එන්නේ?”

4 යෙප්තා ගිලියද්+ දේශයේ හිටපු හැමෝවම එකතු කරගෙන එෆ්‍රායිම් ගෝත්‍රයේ අයට විරුද්ධව සටන් කළා. ගිලියද්වල මිනිස්සුන්ට අපහාස කරපු එෆ්‍රායිම්වරුන්ව එයාලා පරාජය කළා. එෆ්‍රායිම්වරු එයාලට මෙහෙම කියලා තිබුණා. “ගිලියද්වරු එෆ්‍රායිම් ගෝත්‍රයටයි, මනස්සේ ගෝත්‍රයටයි අයිති ප්‍රදේශයේ හිටියාට එයාලා මේ එෆ්‍රායිම් ගෝත්‍රයෙන් පැනලා ගිය කට්ටියක්නේ.” 5 ඉතින් ගිලියද්වල මිනිස්සු යොර්දාන්+ ගඟෙන් එගොඩ වෙන ප්‍රදේශ අල්ලගෙන ඒ තැන්වල මිනිස්සුන්ව රැඳෙව්වා. එහෙම කළේ එෆ්‍රායිම්වරුන්ට එගොඩ වෙන්න බැරි වෙන්නයි. එෆ්‍රායිම්වරු ඇවිත් “මට ගඟෙන් එගොඩ වෙන්න ඉඩ දෙන්න” කියලා ඉල්ලද්දී ගිලියද්වල මිනිස්සු ඒ හැම කෙනෙක්ගෙන්ම ඇහුවා “ඔයා එෆ්‍රායිම්වල කෙනෙක්ද” කියලා. එයාලා “නැහැ” කියලා කිව්වාම 6 ගිලියද්වල මිනිස්සු එයාලට මෙහෙම කිව්වා. “එහෙනම් ෂිබොලෙත් කියලා කියන්නකෝ.” එෆ්‍රායිම්වරුන්ට ඒ වචනේ හරියට කියන්න අමාරු නිසා එයාලා කිව්වේ “සිබොලෙත්” කියලයි. එහෙම කියපු හැමෝවම අල්ලගෙන ගඟෙන් එගොඩ වෙන තැනදීම එයාලව මරලා දැම්මා. ඒ විදිහට එයාලා එෆ්‍රායිම්වරු 42,000ක් මරලා දැම්මා.

7 ගිලියද්වල කෙනෙක් වුණ යෙප්තා අවුරුදු හයක් විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් දේශයේ සේවය කළා. එයා මැරුණාම ගිලියද් දේශයේ එයා ජීවත් වුණ නගරයේ එයාව තැන්පත් කළා.

8 එයාට පස්සේ බෙත්ලෙහෙම්වල කෙනෙක් වුණ ඉබ්ෂාන් විනිශ්චයකරුවෙක් විදිහට සේවය කළා.+ 9 ඉබ්ෂාන්ට පුතාලා 30දෙනෙකුයි, දුවලා 30දෙනෙකුයි හිටියා. එයා එයාගේ දුවලව එයාට නෑයෝ වුණේ නැති අයට බන්දලා දුන්නා. පුතාලා 30දෙනාටත් භාර්යාවන් 30දෙනෙක්ව හොයලා දුන්නා. ඉබ්ෂාන් අවුරුදු හතක් විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් දේශයේ සේවය කළා. 10 එයා මැරුණාට පස්සේ එයාව බෙත්ලෙහෙම්වල තැන්පත් කළා.

11 එයාට පස්සේ සෙබ්‍යූලන් ගෝත්‍රයට අයිති ඒලොන් විනිශ්චයකරුවෙක් විදිහට අවුරුදු දහයක් ඊශ්‍රායෙල් දේශයේ සේවය කළා. 12 එයා මැරුණාට පස්සේ එයාව තැන්පත් කළේ සෙබ්‍යූලන් ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ තියෙන ආයාලොන්වල.

13 එයාට පස්සේ පිරතොන්වල කෙනෙක් වුණ හිල්ලෙල්ගේ පුතා අබ්දොන් විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් දේශයේ සේවය කළා. 14 එයාට පුතාලා 40දෙනෙකුයි, මුනුපුරෝ 30දෙනෙකුයි හිටියා. ඒ 70දෙනාටම ගමන්බිමන් යන්න බූරුවෙක් ගාණේ හිටියා. අබ්දොන් අවුරුදු අටක් විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් දේශයේ සේවය කළා. 15 පිරතොන්වල කෙනෙක් වුණ හිල්ලෙල්ගේ පුතා අබ්දොන් මැරුණා. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ අමලෙක්වරුන්ගේ+ කන්දේ තිබුණ පිරතොන්වල එයාව තැන්පත් කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න