හොෂෙයා
අපිට පහර දුන්නත් අපේ තුවාල වෙළුම් පටිවලින් බඳියි.
2 දවස් දෙකකට පස්සේ ඔහු අපිව ප්‍රාණවත් කරයි.
තුන්වෙනිදා ඔහු අපිව නැඟිටුවයි.
අපිට ආයෙත් ජීවිතේ දීලා ඔහුගේ ආදරේ දැනෙන්න සලස්වයි.
3 ඒ කාලයේදී අපි යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්නවා.
තව තවත් හොඳින් දැන හඳුන ගන්න උත්සාහ කරනවා.
ඔහුගේ පැමිණීම අලුයම ඉර උදා වෙනවා වගේ ස්ථිරයි.
ඔහු අපි ළඟට එන්නේ පොළොවට ඇද හැලෙන වරුසාව වගෙයි.
වසන්ත කාලයේ පොළොව නහවන වැස්ස වගෙයි.”
4 “අනේ එෆ්‍රායිම්, අනේ යූදා, ඔබට මං ගැන තියෙන ආදරේ*
මොහොතකින් නැති වෙලා යන අලුයම මීදුම වගෙයි.
සැණෙකින් නැති වෙලා යන පින්න වගෙයි.
මං ඔබව කොහොම නිවැරදි මාර්ගයට ගන්නද?
5 ඒ නිසයි අනාගතවක්තෘවරුන්ගේ පණිවිඩවලින් මං ඔබට පහර* දෙන්නේ.+
මගේ මුවින් නික්මෙන වචනවලින් මං ඔබව විනාශ කරන්නේ.+
එදාට ඔබ ලබන දඬුවම හිරු එළිය වගේ පැහැදිලිව දිස් වෙයි.+
6 මට වටින්නේ නොසැලෙන ආදරේ* මිසක් පූජාවන් නෙමෙයි.
මං අගය කරන්නේ මාව දැන හඳුන ගෙන වැඩ කරන එක මිසක් දවන පූජාවන් නෙමෙයි.+
7 ඒත් අනිත් මිනිසුන් වගේ ඔවුනුත් මගේ ගිවිසුම කඩ කළා.+
ඔවුන්ගෙම දේශයේ ඉඳන් මට ද්‍රෝහිකම් කරනවා.
9 පූජකයන් මඟ රැකගෙන ඉන්න කොල්ලකරුවන් වගෙයි.
ඔවුන්ගේ හිත් ඇදී යන්නේ පහත් දේවල් කරන්නමයි.
ඔවුන් ෂීකෙම්+ නගරය ළඟ මිනී මරන්නේ ඒ නිසයි.
10 ඊශ්‍රායෙල් දේශයේ පිළිකුල් දෙයක් වෙනවා මම දැක්කා.