ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • වෙච්ච දේ පේතෘස් නියෝජිතයන්ට දැනුම් දෙයි (1-18)

      • බානබස් සහ සාවුල් සිරියාවේ අන්තියෝකියට යයි (19-26)

        • ගෝලයන්ව මුල්ම වතාවට ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වයි (26)

      • අගබස් සාගතයක් එනවා කියලා කියයි (27-30)

ක්‍රියා 11:2

පාදසටහන්

  • *

    හෝ, “එයා එක්ක වාද කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:45; ගලා 2:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 21-22 පි.

ක්‍රියා 11:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:10-16

ක්‍රියා 11:6

පාදසටහන්

  • *

    කෘමීන් සහ බඩ ගාගෙන යන අනිත් සත්තුත් ඇතුළත්.

ක්‍රියා 11:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:17-20

ක්‍රියා 11:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 80 පි.

ක්‍රියා 11:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:30-33

ක්‍රියා 11:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:1, 4; 10:44, 45

ක්‍රියා 11:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:11; මාක් 1:8; ලූක් 3:16; ක්‍රියා 1:5
  • +යෝවෙ 2:28; යොහ 1:33; ක්‍රියා 2:17

ක්‍රියා 11:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 82 පි.

ක්‍රියා 11:18

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලා නිහඬ වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:10; ක්‍රියා 17:30; රෝම 10:12; 15:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1996, 16 පි.

ක්‍රියා 11:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:1
  • +මතෙ 10:5, 6

ක්‍රියා 11:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 83 පි.

    මුරටැඹ,

    7/15/2000, 25 පි.

ක්‍රියා 11:21

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:47; 9:35

ක්‍රියා 11:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:36, 37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 25 පි.

ක්‍රියා 11:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:43; 14:21, 22

ක්‍රියා 11:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:47; 4:4; 5:14; 9:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 25 පි.

ක්‍රියා 11:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 25 පි.

ක්‍රියා 11:26

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 84-86 පි.

    මුරටැඹ,

    7/15/2000, 25-26 පි.

ක්‍රියා 11:27

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 12:28; එෆී 4:11

ක්‍රියා 11:28

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:10, 11
  • +මතෙ 24:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2023, 16-17 පි.

    සාක්ෂියක් දෙමු, 84-86 පි.

    පිබිදෙව්!,

    4/2011, 11-12 පි.

ක්‍රියා 11:29

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:12
  • +ගලා 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1998, 21 පි.

ක්‍රියා 11:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 12:25

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 11:2ක්‍රියා 10:45; ගලා 2:12
ක්‍රියා 11:5ක්‍රියා 10:10-16
ක්‍රියා 11:11ක්‍රියා 10:17-20
ක්‍රියා 11:13ක්‍රියා 10:30-33
ක්‍රියා 11:15ක්‍රියා 2:1, 4; 10:44, 45
ක්‍රියා 11:16මතෙ 3:11; මාක් 1:8; ලූක් 3:16; ක්‍රියා 1:5
ක්‍රියා 11:16යෝවෙ 2:28; යොහ 1:33; ක්‍රියා 2:17
ක්‍රියා 11:17ක්‍රියා 10:47
ක්‍රියා 11:18යෙසා 11:10; ක්‍රියා 17:30; රෝම 10:12; 15:8, 9
ක්‍රියා 11:19ක්‍රියා 8:1
ක්‍රියා 11:19මතෙ 10:5, 6
ක්‍රියා 11:21ක්‍රියා 2:47; 9:35
ක්‍රියා 11:22ක්‍රියා 4:36, 37
ක්‍රියා 11:23ක්‍රියා 13:43; 14:21, 22
ක්‍රියා 11:24ක්‍රියා 2:47; 4:4; 5:14; 9:31
ක්‍රියා 11:25ක්‍රියා 21:39
ක්‍රියා 11:26ක්‍රියා 9:2
ක්‍රියා 11:271කොරි 12:28; එෆී 4:11
ක්‍රියා 11:28ක්‍රියා 21:10, 11
ක්‍රියා 11:28මතෙ 24:7
ක්‍රියා 11:292කොරි 8:12
ක්‍රියා 11:29ගලා 2:10
ක්‍රියා 11:30ක්‍රියා 12:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 11:1-30

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

11 වෙනත් ජාතීන්වලට අයිති අයත් දෙවියන්ගේ පණිවිඩය පිළි අරන් කියලා යුදයේ හිටපු නියෝජිතයන්ටත් අනිත් සහෝදරයන්ටත් ආරංචි වුණා. 2 ඉතින් පේතෘස් යෙරුසලමට ආවාම චර්මච්ඡේදනය වෙන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා හිතපු අය+ එයාට දොස් කියන්න* පටන්ගත්තා. 3 එයාලා මෙහෙම කිව්වා. “ඔයා චර්මච්ඡේදනය කරපු නැති අය ඉන්න ගේකට ගියා. ඒ මදිවට එයාලත් එක්ක එකට කෑම කෑවා.” 4 ඒ වෙලාවේ පේතෘස් වෙච්ච හැම දෙයක්ම මෙහෙම විස්තර කළා.

5 “එදා මම හිටියේ යොප්පාවේ. මම යාච්ඤා කරකර ඉද්දී දර්ශනයක් දැක්කා. මම දැක්කා ලොකු ලිනන් ඇතිරිල්ලක් වගේ දෙයක් ඒකේ කොන් හතරෙන් අල්ලගෙන අහසේ ඉඳන් ටිකෙන් ටික පොළොවට පහත් කරනවා. ඒක මං ඉන්න තැනටම පහත් කළා.+ 6 මං ඒකේ ඇතුළ බලද්දී ඒකේ සිව්පාවෝයි, වනසත්තුයි, උරගයෝයි,* කුරුල්ලෝයි ඉන්නවා දැක්කා. 7 ‘පේතෘස් නැඟිටින්න! උන්ව මරලා කන්න’ කියන හඬකුත් මට ඇහුණා. 8 එතකොට මම කිව්වා ‘ස්වාමීනි, මට නම් ඒ දේ කොහොමටවත් කරන්න බැහැ. මම කවදාවත් කිසිම පිළිකුල්, අපවිත්‍ර දෙයක් කාලා නැහැ’ කියලා. 9 ඒත් අහසෙන් ආපු ඒ හඬ දෙවෙනි පාරටත් මට කතා කරලා මෙහෙම කිව්වා. ‘දෙවියන් පවිත්‍ර කරලා තියෙන දේවල් අපවිත්‍රයි කියලා කියන එක නවත්තන්න.’ 10 ඒ හඬ ඒ විදිහට මට තුන් පාරක්ම කිව්වා. ඊටපස්සේ ඒ හැම දෙයක්ම ආයෙත් අහසට ඔසවගත්තා. 11 ඒ වෙලාවෙම අපි නතර වෙලා හිටපු ගෙදරට මාව හම්බ වෙන්න මිනිස්සු තුන්දෙනෙක් ඇවිත් හිටියා. එයාලා ඇවිත් තිබුණේ සිසේරියේ ඉඳන්.+ 12 එතකොට දෙවියන්ගේ බලයෙන් මට දැනුම් දුන්නා සැක කරන්නේ නැතුව එයාලා එක්ක යන්න කියලා. ඉතින් මම දැන් මාත් එක්ක ඉන්න මේ සහෝදරයන් හයදෙනාත් එක්ක ඒ කෙනාගේ ගෙදරට ගියා.

13 “අපි එහෙට ගියාම එයා අපිට කිව්වා දේවදූතයෙක් එයාගේ ගෙදරට ඇවිත් කියපු දෙයක් ගැන. දේවදූතයා එයාට මෙහෙම කියලා තිබුණා. ‘යොප්පාවට මිනිස්සුන්ව යවලා පේතෘස් කියලත් හඳුන්වන සීමොන්ව එක්කගෙන එන්න.+ 14 ඒ කෙනා ඔයාටත් ඔයාගේ ගෙදර ඉන්න හැමෝටමත් ගැලවීම ලබාගන්න පුළුවන් කොහොමද කියලා කියයි.’ 15 මං එයාලත් එක්ක කතා කරන්න පටන්ගත්තාම, අපිට දෙවියන්ගේ බලය මුලින්ම ලැබුණ විදිහටම එයාලටත් දෙවියන්ගේ බලය ලැබුණා.+ 16 එතකොටම අපේ ස්වාමීන් කියපු දෙයක් මට මතක් වුණා. ඔහු කිව්වේ ‘යොහන් බව්තීස්ම කළේ වතුරෙන්.+ ඒත් ඉස්සරහට ඔයාලව දෙවියන්ගේ බලයෙන් බව්තීස්ම කරනවා’+ කියලයි. 17 ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තිබ්බ අපිට නොමිලේ දුන්න තෑග්ගම දෙවියන් එයාලටත් දුන්නා නම් දෙවියන් ගත්ත ඒ තීරණයට හරස් වෙන්න මම කවුද?”+

18 ඒ දේවල් ඇහුවාට පස්සේ එයාලා පේතෘස්ට දොස් කියන එක නැවැත්තුවා.* “වෙනත් ජාතීන්වල අයටත් පසුතැවිලි වෙලා ජීවනය ලබාගන්න දෙවියන් අවස්ථාව දීලා”+ කියකිය එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා.

19 ස්තේපන්ගේ මරණයෙන් පස්සේ ඇති වුණ පීඩා නිසා හුඟදෙනෙක් ෆිනීෂියාව, සයිප්‍රසය සහ අන්තියෝකිය දක්වාම විසිරිලා ගියා.+ ඒ ගිය තැන්වල එයාලා දෙවියන්ගේ පණිවිඩේ කිව්වේ යුදෙව්වන්ට විතරයි.+ 20 ඒත් සයිප්‍රසයෙන් සහ සිරේනියෙන් ආපු පුරුෂයන් කීපදෙනෙක් අන්තියෝකියට ගිහින් ග්‍රීක භාෂාව කතා කරපු අයට ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය කිව්වා. 21 යෙහෝවා* එයාලට උදව් කරපු නිසා හුඟදෙනෙක් ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන ඔහුගේ අනුගාමිකයෝ වුණා.+

22 එයාලා ගැන යෙරුසලමේ තියෙන සභාවට ආරංචි වුණාම එයාලා බානබස්ව+ අන්තියෝකියට යැව්වා. 23 එයා එහෙට ගියාම දැක්කා එයාලට දෙවියන්ගේ මහත් කරුණාව ලැබිලා තියෙනවා කියලා. ඒක දැකලා එයා ගොඩක් සතුටු වුණා. ස්ථිර අධිෂ්ඨානයකින් ස්වාමීන්ට විශ්වාසවන්තව ඉන්න කියලා එයා ඒ හැමෝටම දිරිගැන්නුවා.+ 24 බානබස් හුඟක් හොඳ, ශක්තිමත් විශ්වාසයක් තිබුණ කෙනෙක්. එයාට දෙවියන්ගේ බලය කිසිම අඩුවක් නැතුව ලැබුණා. එයාගේ උදව්වෙන් හුඟදෙනෙක් ස්වාමීන්ව විශ්වාස කරන්න පටන්ගත්තා.+ 25 ඊටපස්සේ එයා සාවුල්ව හොයාගෙන ටාසස්වලට ගියා. එයා එහේ අස්සක් මුල්ලක් නෑර සාවුල්ව හෙව්වා.+ 26 සාවුල්ව හම්බ වුණාම එයා එයාව අන්තියෝකියට එක්කගෙන ආවා. ඒ දෙන්නා මුළු අවුරුද්දක්ම ඒ සභාවේ හිටපු අය එක්ක රැස් වෙලා ලොකු පිරිසකට ඉගැන්නුවා. අන්තියෝකියේදී තමයි ගෝලයන්ව ක්‍රිස්තියානීන් විදිහට මුලින්ම හඳුන්වන්න පටන්ගත්තේ.+ ඒ දේ වුණේ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව.

27 ඒ කාලයේදී යෙරුසලමේ ඉඳන් අන්තියෝකියට අනාගතවක්තෘවරුන්+ කීපදෙනෙක් ආවා. 28 අගබස්+ එයාලාගෙන් කෙනෙක්. මුළු පොළොවටම බලපාන දරුණු සාගතයක් ඉස්සරහට එනවා කියලා එයාට දෙවියන්ගේ බලයෙන් දැනගන්න ලැබුණා.+ ඒ ගැන එයා හැමෝටම කිව්වා. එයා කියපු විදිහටම සාගතයක් ආවා. ඒක ආවේ ක්ලෝදියස්ගේ කාලයේදී. 29 එතකොට ගෝලයෝ තීරණය කළා එයාලා එක් එක් කෙනාට පුළුවන් විදිහට+ යුදයේ ඉන්න සහෝදරයන්ට සහනාධාර+ යවන්න. 30 එයාලා තීරණය කරපු විදිහට සහනාධාර එකතු කරලා ඒවා බානබස් සහ සාවුල් අතේ වැඩිමහල්ලන්ට යැව්වා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න