ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • දෙවියන් පත් කරන සැබෑ එඬේරාව ප්‍රතික්ෂේප කළොත් වෙන දේ (1-17)

        • “මරණයට නියම වුණ බැටළු රැළ රැකබලා ගන්න” (4)

        • සැරයටි දෙකක්: මිතුදම සහ එකමුතුකම (7)

        • එඬේරාගේ කුලිය: රිදී ෂෙකෙල් 30ක් (12)

        • සල්ලි භාණ්ඩාගාරයට වීසි කරයි (13)

සෙකරියා 11:3

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන්ගේ සරුසාර තණබිම් විනාශ වෙලා ගිහින්.”

  • *

    හෝ, “කේශර සිංහයන්ගේ.”

සෙකරියා 11:4

හරස් යොමු දැක්වීම්

  • +එස 34:8

සෙකරියා 11:5

හරස් යොමු දැක්වීම්

  • +එස 34:2, 4
  • +නෙහෙ 5:8
  • +එස 22:25

සෙකරියා 11:7

හරස් යොමු දැක්වීම්

  • +සෙක 11:4
  • +සෙක 11:10, 14

සෙකරියා 11:10

හරස් යොමු දැක්වීම්

  • +සෙක 11:7

සෙකරියා 11:12

පාදසටහන්

  • *

    මූ.අ., “රිදී කෑලි.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:14, 15; 27:9; මාක් 14:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 13 පි.

    12/1/2010, 10 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 29-30 පි.

සෙකරියා 11:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:32
  • +මතෙ 27:5, 6; ක්‍රියා 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 13 පි.

සෙකරියා 11:14

හරස් යොමු දැක්වීම්

  • +සෙක 11:7
  • +1රාජා 12:19, 20; එස 37:16

සෙකරියා 11:15

හරස් යොමු දැක්වීම්

  • +එස 34:2, 4

සෙකරියා 11:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:2; එස 34:6; මතෙ 9:36
  • +එස 34:21
  • +උත් 31:38
  • +එස 34:3, 10

සෙකරියා 11:17

හරස් යොමු දැක්වීම්

  • +යොහ 10:12
  • +යෙරෙ 23:1; මතෙ 23:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 11:4එස 34:8
සෙක. 11:5එස 34:2, 4
සෙක. 11:5නෙහෙ 5:8
සෙක. 11:5එස 22:25
සෙක. 11:7සෙක 11:4
සෙක. 11:7සෙක 11:10, 14
සෙක. 11:10සෙක 11:7
සෙක. 11:12මතෙ 26:14, 15; 27:9; මාක් 14:10, 11
සෙක. 11:13නික් 21:32
සෙක. 11:13මතෙ 27:5, 6; ක්‍රියා 1:18
සෙක. 11:14සෙක 11:7
සෙක. 11:141රාජා 12:19, 20; එස 37:16
සෙක. 11:15එස 34:2, 4
සෙක. 11:16යෙරෙ 23:2; එස 34:6; මතෙ 9:36
සෙක. 11:16එස 34:21
සෙක. 11:16උත් 31:38
සෙක. 11:16එස 34:3, 10
සෙක. 11:17යොහ 10:12
සෙක. 11:17යෙරෙ 23:1; මතෙ 23:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 11:1-17

සෙකරියා

11 “ලෙබනොන් වැසියෙනි, දේශයේ දොරටු විවෘත කරලා තියන්න.

එතකොට ගින්නක් ඇවිත් ඔබේ දේවදාර ගස් අළු කරලා දායි.

 2 ජුනිපර් වෘක්ෂයෙනි, දැවිලා ගිය දේවදාර ගස් වෙනුවෙන් හඬා වැලපෙන්න.

දැවැන්ත ගස් විනාශ වෙලා ගිහින්.

බාෂාන්වල ඕක් වෘක්ෂයෙනි, අළු වෙලා ගිය ඝන වනාන්තර වෙනුවෙන් හඬා වැලපෙන්න.

 3 එඬේරුන්ගේ විලාප හඬට ඇහුම්කන් දෙන්න.

මොකද ඔවුන්ගේ තේජස නැති වෙලා ගිහින්.*

තරුණ සිංහයන්ගේ* ගර්ජනාවට ඇහුම්කන් දෙන්න.

මොකද යොර්දාන් ගඟ ළඟ තිබුණ ගන කැලෑව විනාශ කරලා.

4 “මගේ දෙවි යෙහෝවා මෙහෙම කිව්වා. ‘මරණයට නියම වුණ බැටළු රැළ රැකබලා ගන්න.+ 5 මොකද ඔවුන්ගේ එඬේරුන්ට ඔවුන් ගැන කිසිම අනුකම්පාවක් නැහැ.+ ඔවුන්ව විකුණන අය+ කියනවා “යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ. මොකද අපි දැන් පොහොසත් වෙන්නයි යන්නේ” කියලා. ඔවුන්ව මිල දී ගන්න අය ඔවුන්ව මරලා දැම්මත්+ ඒ අයට දඬුවම් ලැබෙන්නේ නැහැ.’

6 “යෙහෝවා දෙවියන් මෙහෙමත් කියනවා. ‘මම දේශයේ වැසියන්ට තවත් නම් අනුකම්පා කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් හැමෝටම ඔවුන්ගේ අසල්වැසියාගෙත් ඔවුන්ගේ රජගෙත් අතට අහු වෙන්න මම ඉඩහරිනවා. ඔවුන් මුළු දේශයම නැති නාස්ති කරලා දායි. මම එක් කෙනෙක්වවත් බේරගන්නේ නැහැ.’”

7 මම මරණයට නියම වුණ බැටළු රැළ රැකබලා ගන්න කැමති වුණා.+ හිරිහැර විඳින බැටළුවෙනි, මම එහෙම කළේ ඔයාලා ගැන හිතලයි. මම සැරයටි දෙකක් අතට අරන් එක සැරයටියක් ‘මිතුදම’ කියලත් අනිත් සැරයටිය ‘එකමුතුකම’+ කියලත් හැඳින්නුවා. ඊටපස්සේ මම බැටළු රැළ රැකබලා ගන්න පටන්ගත්තා. 8 මාසයක් ගත වෙන්නත් කලින් මම එඬේරු තුන්දෙනෙක්ව පන්නලා දැම්මා. මොකද එයාලා කරන දේවල් මට ඉවසන් ඉන්න බැරි වුණා. එයාලත් මට වෛර කළා. 9 ඒත් පස්සේ මම මෙහෙම කිව්වා. “මම තවත් නම් ඔයාලව බලාගන්නේ නැහැ. ඒ නිසා පණ අදින අයට මැරෙන්න ඉඩ දෙන්න. විනාශ වෙන්න යන අයව අත්හැරලා දාන්න. ඉතුරු වෙලා ඉන්න අයට එකිනෙකාව මරාගන්න ඉඩහරින්න.” 10 ඉතින් මම ‘මිතුදම’ කියලා හඳුන්වපු මගේ සැරයටිය+ අරගෙන ඒක කෑලි කෑලිවලට කපලා දැම්මා. මම එහෙම කරලා සෙනඟ එක්ක මං ඇති කරගත්ත ගිවිසුම අහෝසි කළා. 11 එයාලා එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුම එදාම අවසන් වුණා. ඒක දැක්කාම සෙනඟ අතරේ හිරිහැර විඳින අය තේරුම්ගත්තා යෙහෝවා මට දුන්න පණිවිඩය එයාලට දැනුම් දෙන්න ඕනෙ නිසයි මම එහෙම කළේ කියලා.

12 ඊටපස්සේ මම එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා සුදුසුයි කියලා හිතනවා නම් මට ලැබෙන්න ඕනෙ කුලිය දෙන්න. ඒත් ඔයාලා අකමැති නම් ඒක දෙන්න එපා.” එතකොට එයාලා මගේ කුලිය විදිහට රිදී ෂෙකෙල්* 30ක් දුන්නා.+

13 ඒක දැකලා යෙහෝවා මට මෙහෙම කිව්වා. “එයාලා මාව කොච්චර පහත් කරලා සලකනවාද කියලා ඔයා දැක්කාද?+ ඔයාට දීපු රිදී ෂෙකෙල් භාණ්ඩාගාරයට වීසි කරන්න.” ඉතින් මම ඒ රිදී ෂෙකෙල් 30 අරන් ගිහින් යෙහෝවාගේ ගෘහයේ තියෙන භාණ්ඩාගාරයට වීසි කළා.+

14 ඊටපස්සේ මම ‘එකමුතුකම’ කියලා හඳුන්වපු මගේ අනිත් සැරයටියත්+ කෑලි කෑලිවලට කපලා දැම්මා. මං එහෙම කළේ යූදා සහ ඊශ්‍රායෙල් අතර තියෙන සහෝදරකම නැති වෙනවා+ කියලා පෙන්වන්නයි.

15 යෙහෝවා මට මෙහෙමත් කිව්වා. “දැන් කිසි කමකට නැති එඬේරෙක්ගේ උපකරණ අතට ගන්න.+ 16 මොකද මම මේ දේශයට ඒ වගේ එඬේරෙක්ව එවනවා. විනාශ වෙන්න යන බැටළුවන් ගැන එයාට කිසිම සැලකිල්ලක් නැහැ.+ එයා නැති වුණ බැටළු පැටවුන්ව හොයාගෙන යන්නෙවත් තුවාල වුණ බැටළුවන්ව සුව කරන්නෙවත් නැහැ.+ ශක්තිමත්ව ඉන්න සතුන්ට එයා කෑම දෙන්නේ නැහැ. එයා මහත සතුන්ගේ මස් ගිලලා දානවා.+ එයා බැටළුවන්ගේ කුර කඩලා දානවා.+

17 රැළ අත්හැරලා දාන,+ කිසි කමකට නැති එඬේරාට+ මොන තරම් දුක් වෙන්න වෙයිද!

කඩුවකින් එයාගේ අතටත් දකුණු ඇහැටත් පහර දෙයි.

එයාගේ අත පණ නැති වෙලා යයි.

එයාගේ දකුණු ඇහැ අන්ධ වෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න