ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • බොරුවට නිරාහාරව ඉන්න එක යෙහෝවා හෙළා දකියි (1-14)

        • “ඔයාලා ඇත්තටම නිරාහාරව හිටියේ මං වෙනුවෙන්ද?” (5)

        • ‘එකිනෙකාට යුක්තිය ඉටු කරන්න. නොසැලෙන ආදරයක් පෙන්වන්න. දයාවත් පෙන්වන්න’ (9)

සෙකරියා 7:1

පාදසටහන්

  • *

    උප. B15 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 6:14; සෙක 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 29 පි.

සෙකරියා 7:3

පාදසටහන්

  • *

    හෝ, “දේවමාලිගාවේ.”

  • *

    මූ.අ., “මම.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:8-10; යෙරෙ 52:12-14

සෙකරියා 7:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:11; සෙක 1:12
  • +යෙරෙ 41:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1996, 5 පි.

සෙකරියා 7:7

පාදසටහන්

  • *

    මූ.අ., “ෂෙපේලාවලත්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:15

සෙකරියා 7:9

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:3; යෙරෙ 21:12
  • +හිතෝ 16:6; හොෂෙ 10:12; මීකා 6:8

සෙකරියා 7:10

පාදසටහන්

  • *

    හෝ, “අම්මා තාත්තා නැති දරුවන්ටවත්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:22; ද්වි 24:17; යෙසා 1:17
  • +නික් 23:9; මලා 3:5
  • +හිතෝ 22:22
  • +සෙක 8:17

සෙකරියා 7:11

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:10; යෙරෙ 6:10
  • +නෙහෙ 9:29
  • +2රාජා 17:13, 14; යෙසා 6:10; යෙරෙ 25:7

සෙකරියා 7:12

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් දියමන්ති, එමරි ගල් නැත්නම් ගොඩක් ශක්තිමත් වෙනත් ගල් කියන අදහස් ඒ වචනයට ඇතුළත් වෙන්න පුළුවන්.

  • *

    හෝ, “මඟ පෙන්වීම්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +එස 3:7
  • +නෙහෙ 9:30; ක්‍රියා 7:51
  • +2ලේක 36:15, 16; යෙරෙ 21:5

සෙකරියා 7:13

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහු.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 50:2
  • +යෙසා 1:15; විලා 3:44

සෙකරියා 7:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:64; යෙරෙ 5:15
  • +ලෙවී 26:22, 33; 2ලේක 36:20, 21

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 7:1එස්රා 6:14; සෙක 1:1
සෙක. 7:32රාජා 25:8-10; යෙරෙ 52:12-14
සෙක. 7:5යෙරෙ 25:11; සෙක 1:12
සෙක. 7:5යෙරෙ 41:1, 2
සෙක. 7:72ලේක 36:15
සෙක. 7:9හිතෝ 21:3; යෙරෙ 21:12
සෙක. 7:9හිතෝ 16:6; හොෂෙ 10:12; මීකා 6:8
සෙක. 7:10නික් 22:22; ද්වි 24:17; යෙසා 1:17
සෙක. 7:10නික් 23:9; මලා 3:5
සෙක. 7:10හිතෝ 22:22
සෙක. 7:10සෙක 8:17
සෙක. 7:112ලේක 33:10; යෙරෙ 6:10
සෙක. 7:11නෙහෙ 9:29
සෙක. 7:112රාජා 17:13, 14; යෙසා 6:10; යෙරෙ 25:7
සෙක. 7:12එස 3:7
සෙක. 7:12නෙහෙ 9:30; ක්‍රියා 7:51
සෙක. 7:122ලේක 36:15, 16; යෙරෙ 21:5
සෙක. 7:13යෙසා 50:2
සෙක. 7:13යෙසා 1:15; විලා 3:44
සෙක. 7:14ද්වි 28:64; යෙරෙ 5:15
සෙක. 7:14ලෙවී 26:22, 33; 2ලේක 36:20, 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 7:1-14

සෙකරියා

7 දාරියුස් රජකම් කරපු හතරවෙනි අවුරුද්දේ නමවෙනි මාසයේ, ඒ කියන්නේ කිස්ලෙව්* මාසයේ හතරවෙනිදා යෙහෝවා දෙවියන්ගෙන් සෙකරියාට+ පණිවිඩයක් ලැබුණා. 2 ඒ කාලයේදී යෙහෝවා දෙවියන්ට කන්නලව් කරලා ඔහුගේ අනුමැතිය ලබාගන්න කියලා බෙතෙල් නගරයේ වැසියෝ ෂරෙෂෙර්, රෙගෙම්මෙලෙක් සහ එයාගේ සේවකයන්ව පිටත් කරලා යැව්වා. 3 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ ගෘහයේ* ඉන්න පූජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් මෙහෙම අහලා දැනගන්න කියලා එයාලට කියලා තිබුණා. “අපි* අවුරුදු ගාණක් තිස්සේ කළා වගේ දිගටම පස්වෙනි මාසයේ+ නිරාහාරව ඉඳලා වැලපෙන්නද?”

4 එතකොට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මට මෙහෙම කිව්වා. 5 “දේශයේ වැසියන්ටත් පූජකයන්ටත් මෙහෙම කියන්න. ‘ඔයාලා මේ අවුරුදු 70+ පුරා පස්වෙනි මාසයෙත් හත්වෙනි මාසයෙත්+ නිරාහාරව හිටියා. ඒත් ඔයාලා ඇත්තටම නිරාහාරව හිටියේ මං වෙනුවෙන්ද? 6 ඔයාලා කෑවේ බිව්වේ ඔයාලවම සතුටු කරගන්න නෙවෙයිද? 7 කලින් හිටපු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා වන මං ඔයාලට කියපු දේවල්වලට ඔයාලට කීකරු වෙන්න තිබුණා නේද?+ ඒ කාලේදී නෙගෙබ් පළාතෙත් පහත් බිම්වලත්* යෙරුසලමෙත් ඒ අවට තියෙන නගරවලත් මිනිස්සු ජීවත් වුණා. එයාලා හැමෝම හිටියේ සමාදානයෙන්.’”

8 යෙහෝවා සෙකරියාට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා. 9 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාලට කියන්නේ මෙහෙමයි. ‘විනිශ්චය කරද්දී යුක්තිය ඉටු කරන්න.+ එකිනෙකා එක්ක වැඩ කරද්දී නොසැලෙන ආදරයක්* පෙන්වන්න.+ එකිනෙකාට දයාවත් පෙන්වන්න. 10 වැන්දඹුවන්ටවත් පියා නැති දරුවන්ටවත්*+ ඔබ අතරේ ඉන්න විදේශිකයන්ටවත්+ දුප්පතුන්ටවත්+ වංචා කරන්න එපා. එකිනෙකාට විරුද්ධව හිතින්වත් දුෂ්ට දේවල් කුමන්ත්‍රණය කරන්න එපා.’+ 11 ඒත් එයාලා ඒ දේවල් කනකටවත් ගත්තේ නැහැ.+ එයාලා මුරණ්ඩු විදිහට මට පිටු පෑවා.+ මං කතා කරද්දී කන් වහගත්තා.+ 12 එයාලාගේ හිත් ගල්* වගේ දැඩි කරගත්තා.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමන්ගේ බලය මාර්ගයෙන් අතීතයේ හිටපු අනාගතවක්තෘවරුන්ට දීපු නීතියට* එයාලා අකීකරු වුණා. ඔහු කියපු දේවල් ගැන එයාලා කිසි තැකීමක් කළේ නැහැ.+ ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට එයාලා එක්ක ඇති වුණේ ලොකු කේන්තියක්.”+

13 “‘මං* කතා කරද්දී එයාලා මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ ඒ නිසා එයාලා මට අඬගහද්දී මාත් එයාලට ඇහුම්කන් දුන්නේ නැහැ.’+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන්. 14 ‘මම කුණාටුවක් යවලා නොදන්න දේශවලට එයාලව විසුරුවාහැරියා.+ එයාලාගේ දේශය පාළුවට ගියා. කිසිම කෙනෙක් ඒ දේශයට ආපහු හැරිලා ආවේවත් ඒ මැදින් ගමන් කළේවත් නැහැ.+ මොකද එයාලා අලංකාර දේශය නැති නාස්ති කරලා දැම්මා. කොච්චරද කියනවා නම් ඒක දැක්කාම මිනිස්සුන්ගේ ඇඟ කිලිපොළා යනවා.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න