ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • උරුමය ලැබුණ දුවලට විවාහය ගැන දුන්න නීතිය (1-13)

ගණන් කතාව 36:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:29

ගණන් කතාව 36:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:55; 33:54
  • +ගණන් 27:1-7

ගණන් කතාව 36:4

පාදසටහන්

  • *

    හෝ, “ජුබිලි අවුරුද්දේදී.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:10

ගණන් කතාව 36:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 23:22

ගණන් කතාව 36:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 36:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2008, 4-5 පි.

ගණන් කතාව 36:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:1

ගණන් කතාව 36:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:3; 33:50; 35:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 36:1ගණන් 26:29
ගණන්. 36:2ගණන් 26:55; 33:54
ගණන්. 36:2ගණන් 27:1-7
ගණන්. 36:4ලෙවී 25:10
ගණන්. 36:81ලේක 23:22
ගණන්. 36:10ගණන් 36:6
ගණන්. 36:11ගණන් 27:1
ගණන්. 36:13ගණන් 26:3; 33:50; 35:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 36:1-13

ගණන් කතාව

36 ගිලියද්වරුන්ගේ පවුල්වල ප්‍රධානීන් මෝසෙස්ව සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ව හම්බ වෙන්න ආවා. ගිලියද්වරු කියන්නේ යෝසෙප්ගේ පුතා වුණ මනස්සේගේ පුත් මාකීර්ගෙන් පැවතෙන අය.+ 2 එයාලා මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, යෙහෝවා ඔයාට කිව්වා දාදු දාලා ඊශ්‍රායෙල් සෙනඟට දේශයේ ඉඩම් බෙදලා දෙන්න කියලා.+ අපේ සහෝදරයා වන ෂෙලොපෙහාද්ගේ උරුමය එයාගේ දුවලට දෙන්න කියලත් යෙහෝවා කිව්වා.+ 3 ඒත් එයාගේ දුවලා වෙනත් ගෝත්‍රයකට අයිති අය එක්ක විවාහ වුණොත් එයාලාගේ උරුමය ඒ ගෝත්‍රයට අයිති වෙයි. එතකොට දාදු දාලා අපේ ගෝත්‍රයට ලැබුණ උරුමයෙන් කොටසක් අඩු වෙනවා. 4 නිදහස ලැබෙන අවුරුද්දේදී*+ එයාලාගේ උරුමය අනිවාර්යයෙන්ම එයාලා විවාහ වුණ පුරුෂයන්ගේ ගෝත්‍රයට අයිති වෙනවා. එතකොට අපේ ගෝත්‍රයට ආයෙත් ඒ උරුමය ලැබෙන්නේ නැහැ.”

5 යෙහෝවා දෙවියන් ඒ ගැන කිව්ව දේ මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට දැනුම් දුන්නා. එයා මෙහෙම කිව්වා. “යෝසෙප්ගේ පුතාලා කියන දේ හරි. 6 යෙහෝවා ඒ ගැන මෙහෙම කිව්වා. ‘ෂෙලොපෙහාද්ගේ දුවලට පුළුවන් එයාලට කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න. ඒත් ඒ කෙනා එයාලාගෙම ගෝත්‍රයට අයිති කෙනෙක් වෙන්න ඕනේ. 7 එක එක ගෝත්‍රයට ලැබෙන උරුමය ඒ ගෝත්‍රයේම අය අතරේ තියෙන්න ඕනේ. එයාලට ලැබුණ උරුමය වෙනත් ගෝත්‍රයකට දෙන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර නැහැ. 8 කාන්තාවකට තාත්තාගේ උරුමය ලැබුණොත් එයා විවාහ වෙන්න ඕනෙ එයාගේ තාත්තාගේ ගෝත්‍රයේ කෙනෙක් එක්කයි.+ එතකොට හැම ඊශ්‍රායෙල් ජාතිකයෙක්ටම පුළුවන් තාත්තාගෙන් ලැබෙන උරුමය එයා ළඟම තියාගන්න. 9 එක එක ගෝත්‍රයට ලැබෙන උරුමය ඒ ගෝත්‍රයේම අය අතරේ තියෙන්න ඕනේ. එයාලට ලැබුණ උරුමය වෙනත් ගෝත්‍රයකට දෙන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර නැහැ.’”

10 ෂෙලොපෙහාද්ගේ දුවලා යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් කියපු විදිහටම කළා.+ 11 මාලාහ්, තිර්ෂා, හොග්ලා, මිල්කා සහ නෝවා කියන ෂෙලොපෙහාද්ගේ+ දුවලා එයාලාගේ තාත්තාගේ සහෝදරයන්ගේ පුතාලා එක්ක විවාහ වුණා. 12 එයාලාගේ පුරුෂයන් යෝසෙප්ගේ පුතා වුණ මනස්සේගෙන් පැවත ආපු පවුල්වල අය. ඒ නිසා ෂෙලොපෙහාද්ගේ දුවලාගේ උරුමය වෙන ගෝත්‍රයකට අයිති වුණේ නැහැ.

13 යෙරිකෝවට+ මුහුණ ලා, යොර්දාන් ගඟ ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීති සහ තීන්දු ඒවායි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න