ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • මිනිස්සු හැමෝටම ලැබුණ මඟ පෙන්වීම් (1-7)

        • ලේ ගැන දුන්න නීතිය (4-6)

      • දේදුන්න ගිවිසුමට ලකුණක් (8-17)

      • නෝවාගෙන් පැවතෙන අය ගැන කියපු අනාවැකි (18-29)

උත්පත්ති 9:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28

උත්පත්ති 9:2

පාදසටහන්

  • *

    හෝ, “ඔයාගේ පාලනය යටතේ ඉඳියි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26; යාකො 3:7

උත්පත්ති 9:3

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:3
  • +උත් 1:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2004, 14-15 පි.

    පිබිදෙව්!,

    8/8/1997, 20-22 පි.

උත්පත්ති 9:4

පාදසටහන්

  • *

    හෝ, “ජීවය තියෙන්නේ ලේවලයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:17; 7:26; 17:10, 13; ද්වි 12:16, 23; ක්‍රියා 15:20, 29; 21:25
  • +ලෙවී 17:11, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 41 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 39 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 90 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 85 පි.

    මුරටැඹ,

    6/15/2004, 14-15, 20 පි.

    11/1/1991, 8 පි.

    රුධිරය, 3 පි.

උත්පත්ති 9:5

පාදසටහන්

  • *

    හෝ, “ජීවිතය නැති කළොත්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:8, 10; නික් 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 85 පි.

    මුරටැඹ,

    6/15/2004, 15 පි.

    11/15/1995, 10 පි.

    11/1/1991, 8 පි.

    රුධිරය, 3 පි.

උත්පත්ති 9:6

පාදසටහන්

  • *

    මූ.අ., “එයාගේ ලේත් හලන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:27
  • +නික් 20:13; ගණන් 35:30; මතෙ 26:52

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2004, 15 පි.

    11/15/1995, 10, 12 පි.

උත්පත්ති 9:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28; 10:32

උත්පත්ති 9:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:15; යෙසා 54:9

උත්පත්ති 9:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:17

උත්පත්ති 9:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21

උත්පත්ති 9:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21

උත්පත්ති 9:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 15 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 8-12 පි.

උත්පත්ති 9:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:12, 13

උත්පත්ති 9:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:32; 7:7; 10:1
  • +උත් 10:6

උත්පත්ති 9:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:32

උත්පත්ති 9:22

පාදසටහන්

  • *

    නෝවාට ලිංගික අපයෝජනයක් කළා කියලා මේකෙන් අදහස් වෙන්න පුළුවන්.

උත්පත්ති 9:24

පාදසටහන්

  • *

    බයිබලයේ පුතා කියලා කියද්දී ඒකෙන් මුනුපුරාත් අදහස් වෙන්න පුළුවන්.

උත්පත්ති 9:25

පාදසටහන්

  • *

    මූ.අ., “දාසයන්ගේ දාසයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:1
  • +යොෂු 17:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 31 පි.

උත්පත්ති 9:26

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 26 පි.

උත්පත්ති 9:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1998, 29 පි.

උත්පත්ති 9:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 9:1උත් 1:28
උත්. 9:2උත් 1:26; යාකො 3:7
උත්. 9:31තිමෝ 4:3
උත්. 9:3උත් 1:29
උත්. 9:4ලෙවී 3:17; 7:26; 17:10, 13; ද්වි 12:16, 23; ක්‍රියා 15:20, 29; 21:25
උත්. 9:4ලෙවී 17:11, 14
උත්. 9:5උත් 4:8, 10; නික් 21:12
උත්. 9:6උත් 1:27
උත්. 9:6නික් 20:13; ගණන් 35:30; මතෙ 26:52
උත්. 9:7උත් 1:28; 10:32
උත්. 9:9උත් 9:15; යෙසා 54:9
උත්. 9:10උත් 8:17
උත්. 9:11උත් 8:21
උත්. 9:15උත් 8:21
උත්. 9:17උත් 9:12, 13
උත්. 9:18උත් 5:32; 7:7; 10:1
උත්. 9:18උත් 10:6
උත්. 9:19උත් 10:32
උත්. 9:25ද්වි 7:1
උත්. 9:25යොෂු 17:13
උත්. 9:26විනි 1:28
උත්. 9:28උත් 7:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 9:1-29

උත්පත්ති

9 දෙවියන් නෝවාටයි, එයාගේ පුතාලටයි ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙන්න.+ 2 පොළොවේ ජීවත් වෙන හැම සතෙක්වම, පියාසර කරන හැම ජීවියෙක්වම, අනිත් හැම කුඩා සතෙක්වම සහ මුහුදේ ඉන්න හැම මාළු වර්ගයක්ම ඔයාලාගේ අතට භාර දෙනවා.*+ දැන් වගේම ඉස්සරහටත් උන් ඔයාලට හුඟක් බයෙන් ඉඳියි. 3 පලා වර්ගවලට අමතරව පොළොවේ ජීවත් වෙන හැම සතෙක්වමත්+ කෑමට ගන්න මම ඔයාලට අවසර දෙනවා.+ 4 ඒත් ලේ එක්ක මස් කන්න එපා.+ මොකද ජීවිතේ පවතින්නේ ලේ+ නිසයි.* 5 ඒ වගේම ඕනෙම කෙනෙක් හරි සතෙක් හරි ඔයාලාගේ ලේ හැලුවොත්* ඒ ගැන මට වන්දි ගෙවන්න ඕනේ. කෙනෙක් තව කෙනෙක්ගේ ලේ හැලුවොත් එයාගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්න ඕනේ.+ සතෙක් මනුස්සයෙක්ව මරලා දැම්මොත් ඌව මරලා දාන්න ඕනේ. 6 දෙවියන් මිනිසාව හැදුවේ තමන්ට සමානකම් තියෙන විදිහට.+ ඒ නිසා කවුරු හරි කෙනෙක් මනුස්සයෙක්ව මැරුවොත් ඒ කෙනාවත් මරන්න* ඕනේ.+ 7 ඔයාලා දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. පොළොව පුරාම පදිංචි වෙන්න.”+

8 දෙවියන් නෝවාට සහ එයාගේ පුතාලට මෙහෙමත් කිව්වා. 9 “මම ඔයාලා එක්කයි, ඔයාලාගෙන් පැවතෙන අය එක්කයි ගිවිසුමක්+ ඇති කරගන්නවා. 10 ඔයාලා එක්ක ඉන්න ඔක්කොම සත්තු ඒ කියන්නේ කුරුල්ලන්, හීලෑ සතුන්, වනසතුන් සහ අනිත් හැම සතෙක් එක්කමත් මම ගිවිසුමක් ඇති කරගන්නවා. නැවෙන් එළියට ආපු හැම ජීවියෙක් එක්කම+ මම ගිවිසුමක් ඇති කරගන්නවා. 11 මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම මේකයි. මිනිස්සු සහ සත්තු ඔක්කොම විනාශ කරන්න මං ආයේ කවදාවත් ජලගැල්මක් ගේන්නේ නැහැ. පොළොව ආයේ කවදාවත් ජලගැල්මකින් විනාශ කරන්නේ නැහැ.”+

12 දෙවියන් මෙහෙමත් කිව්වා. “මම ඔයාලා එක්කත් ඔයාලා එක්ක ඉන්න හැම සතෙක් එක්කත් ඇති කරගන්න ගිවිසුම ඉදිරියට එන හැම පරම්පරාවක් දක්වාම තියෙනවා. ඒ ගිවිසුම ස්ථිර කරන්න මම දෙන ලකුණ මේකයි. 13 මම වලාකුළු අතරේ දේදුන්නක් ඇති කරනවා. ඒක තමයි පොළොව එක්ක මං ඇති කරගන්න ගිවිසුමට දෙන ලකුණ. 14 මං පොළොවට ඉහළින් වැහි වලාකුළු ගේද්දී දේදුන්න ඒ අතරේ පෙනෙයි. 15 එතකොට ඔයාලා එක්කත් හැම සතෙක් එක්කත් මං ඇති කරගත්ත ගිවිසුම මට අනිවාර්යයෙන්ම මතක් වෙයි. හැම ජීවියෙක්වම විනාශ කරන්න පුළුවන් තරමේ ජලගැල්මක් ආයේ කවදාවත් ඇති වෙන්නේ නැහැ.+ 16 දේදුන්න වලාකුළු අතරේ පායලා තියෙනවා දකිද්දී පොළොවේ ඉන්න හැම ජීවියෙක් එක්කම මං සදහටම ඇති කරගත්ත ගිවිසුම මට අනිවාර්යයෙන්ම මතක් වෙයි.”

17 “පොළොවේ ඉන්න හැම ජීවියෙක් එක්කම මං ඇති කරගත්ත ගිවිසුම ස්ථිර කරන ලකුණ ඒකයි”+ කියලා දෙවියන් ආයෙත් නෝවාට කිව්වා.

18 නැවෙන් එළියට ආපු නෝවාගේ පුතාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ පස්සේ හාම්ට කානාන් කියලා පුතෙක් ඉපදුණා.+ 19 පොළොව පුරාම පැතිරිලා ගිය හැමෝම එන්නේ නෝවාගේ පුතාලා තුන්දෙනාගෙනුයි.+

20 වගා කරන්න පටන්ගත්ත නෝවා මිදිවත්තක් වැව්වා. 21 දවසක් එයා වයින් බීලා මත් වෙලා එයාගේ කූඩාරම ඇතුළේ නිර්වස්ත්‍රව හිටියා. 22 කානාන්ගේ තාත්තා වුණ හාම් එයාගේ තාත්තා නිර්වස්ත්‍රව ඉන්නවා දැකලා* එළියට ගිහිල්ලා එයාගේ සහෝදරයන් දෙන්නාට ඒ ගැන කිව්වා. 23 ඉතින් ෂෙම් සහ යාෆෙත් එයාලාගේ උරහිසට ඉහළින් රෙද්දක් අල්ලගෙන පස්සෙන් පස්සට ගිහින් එයාලාගේ තාත්තාගේ ඇඟට ඒක දැම්මා. එයාලා හැරිලා තාත්තා දිහා බැලුවේ නැති නිසා තාත්තා නිර්වස්ත්‍රව ඉන්නවා එයාලා දැක්කේ නැහැ.

24 මත් ගතිය හිඳුණාට පස්සේ නෝවා නැඟිට්ටා. එයාගේ බාලම පුතා* කරපු දේ ගැන එතකොට එයා දැනගත්තා. 25 ඊටපස්සේ නෝවා මෙහෙම කිව්වා.

“කානාන්ට ශාප වේවා!+

එයා එයාගේ අයියලාගේ දාසයෙක්* වෙයි.”+

26 නෝවා මෙහෙමත් කිව්වා.

“ෂෙම්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!

කානාන් ෂෙම්ගේ දාසයෙක් වෙයි.+

27 දෙවියන්ගෙන් යාෆෙත්ට විශාල ප්‍රදේශයක් ලැබේවා!

යාෆෙත්ට ෂෙම්ගේ කූඩාරම්වල ඉන්න ලැබේවා!

කානාන් එයාටත් දාසයෙක් වෙයි.”

28 ජලගැල්මෙන් පස්සේ නෝවා තව අවුරුදු 350ක් ජීවත් වුණා.+ 29 නෝවා ජීවත් වුණ මුළු අවුරුදු ගාණ 950යි. ඊටපස්සේ එයා මැරුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න