එසකියෙල්
28 යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, තීර්වල නායකයාට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
“ඔබ උඩඟු වෙලා+ කිව්වා ‘මම දෙවි කෙනෙක්.
මම මුහුද මැද තියෙන දෙවි කෙනෙක්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නේ’+ කියලා.
ඔබ දෙවි කෙනෙක් කියලා හිතාගෙන හිටියාට
ඔබ දෙවි කෙනෙක් නෙමෙයි. නිකම්ම නිකම් මනුස්සයෙක්.
3 ඔබ දානියෙල්ට වඩා බුද්ධිමත්ද?+
ඔබ නොදන්න රහසක් නැහැ කියලා හිතනවාද?
6 “‘ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
“ඔබ හිතාගෙන ඉන්නේ ඔබ දෙවි කෙනෙක් කියලයි. ඒ නිසා
7 මම ඔබට විරුද්ධව විදේශිකයන්ව එවනවා. ඔවුන් ජාතීන් අතරේ ඉන්න දරුණුම සෙනඟක්.+
ඔබ බුද්ධිමත්ව වැඩ කරලා ලබාගත්ත හැම අලංකාර දෙයක්ම ඔවුන් කඩුවෙන් විනාශ කරලා දායි.
ඔබේ තේජස නැති කරලාම දායි.+
9 ඔබව මරන කෙනාට ඒ වෙලාවේදීත් ඔබ කියනවාද ‘මම දෙවි කෙනෙක්’ කියලා?
ඔබේ ගෞරවය නැති කරලා දාන අය ඉස්සරහා ඔබ දෙවි කෙනෙක් නෙමෙයි. නිකම්ම නිකම් මනුස්සයෙක් විතරයි.”’
10 ‘ඔබ විදේශිකයන් අතින් මැරුම් කන්නේ අචර්මච්ඡේදිත කෙනෙක් වගෙයි.
මොකද ඒ දේ කිව්වේ මමයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”
11 යෙහෝවා ආයෙත් සැරයක් කතා කරලා මට මෙහෙම කිව්වා. 12 “මනුෂ්‍ය පුත්‍රය, තීර්වල රජ ගැන ශෝක ගීයක් ගායනා කරලා ඔහුට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි.
“හැමෝම ඉස්සරහා ඔබ හිටියේ හැම අතින්ම අංග සම්පූර්ණ කෙනෙක් විදිහටයි.
ඔබේ නුවණෙවත් පෙනුමෙවත් කිසිම අඩුවක් තිබුණේ නැහැ.+
13 ඔබ හිටියේ දෙවියන්ගේ උයනේ. ඒදන් උයනේ.
වටින හැම මැණිකකින්ම ඔබව සරසලා තිබුණා.
රතු කැට, පඩියන්, ජැස්පර්, ක්‍රිසොලයිට්, ඔනික්ස්, ජේඩ්, නිල් මැණික්, පච්ච+ සහ මරකතවලින් ඔබව සරසලා තිබුණා.
ඒ මැණික් ඔබ්බවලා තිබුණේ රත්තරන්වලයි.
ඒවා සූදානම් කළේ ඔබව නිර්මාණය කරපු දවසේදීමයි.
14 ආරක්ෂක කෙරුබ්වරයා විදිහට ඔබව අභිෂේක කළෙත් ඔබව පත් කළෙත් මමයි.
ඔබ හිටියේ දෙවියන්ගේ ශුද්ධ කන්දේ.+ ඔබ ඇවිද්දේ ගිනි ඇවිළෙන ගල් අතරේ.
15 ඔබව නිර්මාණය කරපු දවසේ ඉඳන් ඔබ හරි දේ කළා.
ඔබ අධර්මිෂ්ඨව වැඩ කරන්න පටන්ගත්ත දවස වෙන කල්ම ඔබ හරි දේ කළා.+
ඉතින් මම ඔබව අපවිත්‍ර දෙයක් විදිහට සලකලා දෙවියන්ගේ කන්දෙන් වීසි කරලා දානවා. විනාශ කරලා දානවා.+
ආරක්ෂක කෙරුබ්වරයා වන ඔබව ගිනි ඇවිළෙන ගල් අතරින් අයින් කරලා දානවා.
17 ඔබේ ලස්සන නිසා ඔබ ආඩම්බර වුණා.+
ඔබේ තේජස නිසා ඔබ මෝඩ විදිහට වැඩ කළා.+
මම ඔබව බිමට ඇදලා දානවා.+
ඔබට වෙන දේ දිහා රජවරු බලාගෙන ඉඳියි.
18 බරපතළ වැරදි කරලා, වංක විදිහට වෙළඳාම් කරලා ඔබ ඔබේ ශුද්ධස්ථාන අපවිත්‍ර කළා.
ඔබ අතරේ ගින්නක් ඇවිළෙන්න මම සලස්වනවා. ඒ ගින්නට ඔබ පිච්චිලා යනවා.+
ඔබ දිහා බලාගෙන ඉන්න අය ඉස්සරහම මම ඔබව අළු ගොඩක් කරනවා.
19 ඔබව දන්න වෙනත් ජාතීන්ට අයිති හැමෝම ඔබ දිහා පුදුමයෙන් බලාගෙන ඉඳියි.+
ඔබ විනාශ වෙන්නේ නොහිතන මොහොතක. ඒක භයානක විනාශයක්.
සදහටම ඔබ නැති වෙලා යනවා.”’”+
20 යෙහෝවා මට මෙහෙමත් කිව්වා. 21 “මනුෂ්‍ය පුත්‍රය, සීදොන් දිහාවට හැරිලා+ ඇයට විරුද්ධව අනාවැකි කියන්න. 22 ඔයා කියන්න ඕනෙ මෙහෙමයි. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
“සීදොන්, මම ඔබට විරුද්ධව සටන් කරනවා. මම ඔබට කරන දේ නිසා මට ලොකු ගෞරවයක් ලැබෙනවා.
ඇයට විරුද්ධව දීපු තීන්දුව ඉටු කරලා මම ශුද්ධ කෙනෙක් කියලා ඔප්පු කරනවා. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න සෙනඟට සිද්ධ වෙනවා.
23 මම ඇයට වසංගතවලින් පහර දෙනවා. ඇගේ පාරවල් ලේවලින් තෙත් වෙයි.
කඩුව හැම පැත්තෙන්ම ඇයට පහර දෙද්දී ඇය තුළ ඉන්න හුඟදෙනෙක් මැරුම් කයි.
එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.+
24 “‘“ඒ දේ වුණාට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟට විස කටු පඳුරුවලින් ඒ කියන්නේ ඔවුන්ට අපහාස කරන අයගෙන් වට වෙලා ඉන්න ආයේ සිද්ධ වෙන්නේ නැහැ.+ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මමයි කියලා පිළිගන්න සෙනඟට සිද්ධ වෙනවා.”’
25 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “ජාතීන් අතරේ විසිරිලා ඉන්න ඊශ්‍රායෙල් සෙනඟව මම ආපහු එකට එකතු කරගන්නවා.+ ඔවුන් මගේ සේවකයා වුණ යාකොබ්ට මම දුන්න දේශයේ+ ජීවත් වෙයි.+ ඔවුන් වෙනුවෙන් කරන ඒ දේ නිසා මම ශුද්ධ කෙනෙක් කියලා ජාතීන් ඉස්සරහා ඔප්පු වෙයි.+ 26 ඒ දේශයේ ඔවුන් ගෙවල් හදාගෙන, මිදිවතු වවාගෙන+ සුරක්ෂිතව ජීවත් වෙයි.+ ඔවුන් අවට හිටපු ජාතීන් ඔවුන්ට අපහාස කළා. ඒත් ඒ ජාතීන්ට විරුද්ධව දීපු තීන්දුව මම ඉටු කළාම ඊශ්‍රායෙල් සෙනඟට කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි.+ මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’”