ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • විනාශය කරන පුරුෂයන් හයදෙනා සහ තීන්ත කූඩුවක් තිබුණ පුරුෂයා (1-11)

        • විනිශ්චය පටන්ගන්නේ ශුද්ධස්ථානයෙන් (6)

එසකියෙල් 9:2

පාදසටහන්

  • *

    හෝ, “පිටපත්කරුවෙක්ගේ තීන්ත කූඩුවක්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:2; එස 8:3
  • +2ලේක 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2017, 6 පි.

එසකියෙල් 9:3

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන් ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +එස 3:23; 8:3, 4; 11:22
  • +එස 10:4

එසකියෙල් 9:4

හරස් යොමු දැක්වීම්

  • +එස 5:11
  • +ගීතා 119:53; 2පේතෘ 2:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2017, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2016, 16-17 පි.

    මුරටැඹ,

    7/15/2008, 5-6 පි.

    දෙවිට නමස්කාර කරන්න, 124 පි.

    දැනුම, 180 පි.

එසකියෙල් 9:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:26, 27; එස 7:4

එසකියෙල් 9:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:17
  • +නික් 12:23; යොෂු 2:17-19; එළි 9:4
  • +2රාජා 25:18, 21; යෙරෙ 25:29
  • +එස 8:11

එසකියෙල් 9:7

හරස් යොමු දැක්වීම්

  • +විලා 2:21

එසකියෙල් 9:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:23; එස 11:13

එසකියෙල් 9:9

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14; යෙසා 1:4
  • +2රාජා 21:16; යෙරෙ 2:34; මතෙ 23:30
  • +එස 22:29
  • +යෙසා 29:15; එස 8:12

එසකියෙල් 9:10

හරස් යොමු දැක්වීම්

  • +එස 5:11; 7:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 9:2යෙරෙ 20:2; එස 8:3
එස. 9:22ලේක 4:1
එස. 9:3එස 3:23; 8:3, 4; 11:22
එස. 9:3එස 10:4
එස. 9:4එස 5:11
එස. 9:4ගීතා 119:53; 2පේතෘ 2:7, 8
එස. 9:5නික් 32:26, 27; එස 7:4
එස. 9:62ලේක 36:17
එස. 9:6නික් 12:23; යොෂු 2:17-19; එළි 9:4
එස. 9:62රාජා 25:18, 21; යෙරෙ 25:29
එස. 9:6එස 8:11
එස. 9:7විලා 2:21
එස. 9:8උත් 18:23; එස 11:13
එස. 9:92ලේක 36:14; යෙසා 1:4
එස. 9:92රාජා 21:16; යෙරෙ 2:34; මතෙ 23:30
එස. 9:9එස 22:29
එස. 9:9යෙසා 29:15; එස 8:12
එස. 9:10එස 5:11; 7:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 9:1-11

එසකියෙල්

9 ඔහු කෑගහලා මට මෙහෙම කිව්වා. “නගරයට දඬුවම් කරන්න යන අයව කැඳවන්න. විනාශ කරන්න පාවිච්චි කරන තමන්ගේ ආයුධත් අරගෙන ඔවුන් එයි.”

2 උතුරට මුහුණ ලා තියෙන ඉහළ දොරටුව පැත්තේ ඉඳන් පුරුෂයන් හයදෙනෙක් එනවා මම දැක්කා.+ විනාශ කරන්න පාවිච්චි කරන ආයුධත් ඔවුන් හැමෝගෙම අතේ තිබුණා. ලිනන් රෙද්දෙන් මහපු ඇඳුමක් ඇඳගෙන හිටපු පුරුෂයෙකුත් ඔවුන් එක්ක හිටියා. ඔහුගේ ඉණේ ලේකම්වරයෙක්ගේ තීන්ත කූඩුවක්* තිබුණා. ඔවුන් ඇවිත් තඹ පූජාසනය ළඟ හිටගත්තා.+

3 කෙරුබ්වරුන්ට උඩින් දකින්න තිබුණ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ තේජස+ එතනින් ඉහළට ගිහින් ගෘහයට ඇතුල් වෙන තැන නැවතුණා.+ ඔහු* ලිනන් ඇඳුම ඇඳගෙන, ලේකම්වරයෙක්ගේ තීන්ත කූඩුවක් ඉණේ බැඳගෙන හිටපු කෙනාට කතා කරන්න පටන්ගත්තා. 4 යෙහෝවා දෙවියන් ඒ කෙනාට මෙහෙම කිව්වා. “යෙරුසලම පුරාම ගිහින් නගරයේ සිද්ධ වෙන හැම පිළිකුල්සහගත දෙයක් ගැනම දුක් වෙන, ඒවා ගැන සුසුම්ලන අයගේ+ නළල්වල ලකුණක් දාන්න.”+

5 ඔහු අනිත් අයට මෙහෙම කියනවා මට ඇහුණා. “ඔහු නගරය පුරා ගියාට පස්සේ ඔබත් නගරය පුරාම ගිහින් මිනිස්සුන්ට පහර දෙන්න. ඔවුන් ගැන දුක් වෙන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්නන්නවත් එපා.+ 6 මහලු අයවයි, තරුණ තරුණියන්වයි, පොඩි දරුවන්වයි, ස්ත්‍රීන්වයි මරලා සම්පූර්ණයෙන් විනාශ කරන්න.+ ඒත් නළලේ ලකුණ තියෙන කිසිම කෙනෙක් ළඟට යන්න එපා.+ පහර දෙන වැඩේ මගේ ශුද්ධස්ථානයෙන්ම පටන්ගන්න.”+ ඉතින් ඔවුන් දෙවියන්ගේ ගෘහය ඉස්සරහා හිටපු වැඩිමහල්ලන්ගෙන්ම ඒක පටන්ගත්තා.+ 7 ඊටපස්සේ ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. “යන්න! ගිහින් ගෘහය අපවිත්‍ර කරලා ගෘහයේ හැම මළුවක්ම මළ කඳන්වලින් පුරවන්න.”+ ඉතින් ඔවුන් ගිහින් නගරයේ හිටපු සෙනඟට පහර දුන්නා.

8 ඔවුන් සෙනඟට පහර දෙද්දී බේරුණේ මං විතරයි. මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගෙන මෙහෙම කන්නලව් කළා. “අනේ යෙහෝවා, ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, යෙරුසලමට විරුද්ධව ඔබේ කේන්තිය සම්පූර්ණයෙන්ම පිට කරද්දී ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න හැමෝවම ඔබ විනාශ කරලා දානවාද?”+

9 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ කරලා තියෙන්නේ ගොඩක් බරපතළ වැරදි.+ ඔවුන් දේශය ලෙයින් නාවලා.+ නගරය අයුක්තිසහගත දේවලින් පුරවලා.+ ඔවුන් මෙහෙම කියනවා. ‘යෙහෝවාට අපිව පේන්නේ නැහැ. යෙහෝවා අපේ දේශය අතහැරලා ගිහිල්ලා.’+ 10 ඔවුන් ගැන මම දුක් වෙන්නෙවත් ඔවුන්ට අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔවුන් කරපු දේවල්වල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගේනවා.”

11 ඊටපස්සේ මං දැක්කා ලිනන් ඇඳුමක් ඇඳගෙන, තීන්ත කූඩුවක් ඉණේ බැඳගෙන හිටපු කෙනා ආපහු එනවා. “ඔබ අණ කරපු දේ මම ඒ විදිහටම කළා” කියලා ඔහු කිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න