ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • සේවකයන් විශ්වාසවන්ත අය වෙන්න ඕනේ (1-5)

      • දේවසේවකයන්ගේ නිහතමානිකම (6-13)

        • “ලියලා තියෙන දේවලට එහායින් දෙයක් කරන්න එපා” (6)

        • ක්‍රිස්තියානීන් හැමෝම ඉස්සරහා ප්‍රදර්ශනය වෙයි (9)

      • පාවුල් එයාගේ ආදරණීය දරුවන් ගැන සැලකිලිමත් (14-21)

1 කොරින්ති 4:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:11; රෝම 16:25, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2012, 11 පි.

    8/1/2000, 14-15 පි.

1 කොරින්ති 4:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2012, 12-13 පි.

1 කොරින්ති 4:4

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:2; රෝම 14:10; හෙබ්‍රෙ 4:13

1 කොරින්ති 4:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 7:1
  • +හිතෝ 10:9; 2කොරි 10:18; 1තිමෝ 5:24, 25

1 කොරින්ති 4:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:12
  • +රෝම 12:3; 2කොරි 12:20; 3යොහ 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2008, 7 පි.

1 කොරින්ති 4:7

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:27

1 කොරින්ති 4:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 20:4, 6
  • +2තිමෝ 2:12; එළි 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2008, 22 පි.

    1/15/1994, 17-18 පි.

1 කොරින්ති 4:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:36; 1කොරි 15:32; 2කොරි 6:4, 9
  • +හෙබ්‍රෙ 10:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 24 පි.

    රාජ්‍ය සේවාව,

    8/2001, 1 පි.

    පිබිදෙව්!,

    8/8/1998, 13 පි.

1 කොරින්ති 4:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 3:18

1 කොරින්ති 4:11

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:12
  • +2කොරි 11:27
  • +ක්‍රියා 14:19; 23:2; 2කොරි 11:24

1 කොරින්ති 4:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:3; 20:34; 1තෙස 2:9
  • +රෝම 12:14; 1පේතෘ 3:9
  • +මතෙ 5:44

1 කොරින්ති 4:13

පාදසටහන්

  • *

    හෝ, “මෘදු විදිහට.”

  • *

    හෝ, “ජරාව.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:23

1 කොරින්ති 4:15

හරස් යොමු දැක්වීම්

  • +ගලා 4:19; 1තෙස 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1993, 15 පි.

1 කොරින්ති 4:16

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:1; ෆිලි 3:17; 1තෙස 1:6

1 කොරින්ති 4:17

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 14 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2017, 30-31 පි.

1 කොරින්ති 4:19

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

1 කොරින්ති 4:21

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 13:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 4:1මතෙ 13:11; රෝම 16:25, 26
1 කොරි. 4:4හිතෝ 21:2; රෝම 14:10; හෙබ්‍රෙ 4:13
1 කොරි. 4:5මතෙ 7:1
1 කොරි. 4:5හිතෝ 10:9; 2කොරි 10:18; 1තිමෝ 5:24, 25
1 කොරි. 4:61කොරි 1:12
1 කොරි. 4:6රෝම 12:3; 2කොරි 12:20; 3යොහ 9
1 කොරි. 4:7යොහ 3:27
1 කොරි. 4:8එළි 20:4, 6
1 කොරි. 4:82තිමෝ 2:12; එළි 3:21
1 කොරි. 4:9රෝම 8:36; 1කොරි 15:32; 2කොරි 6:4, 9
1 කොරි. 4:9හෙබ්‍රෙ 10:33
1 කොරි. 4:101කොරි 3:18
1 කොරි. 4:11ෆිලි 4:12
1 කොරි. 4:112කොරි 11:27
1 කොරි. 4:11ක්‍රියා 14:19; 23:2; 2කොරි 11:24
1 කොරි. 4:12ක්‍රියා 18:3; 20:34; 1තෙස 2:9
1 කොරි. 4:12රෝම 12:14; 1පේතෘ 3:9
1 කොරි. 4:12මතෙ 5:44
1 කොරි. 4:131පේතෘ 2:23
1 කොරි. 4:15ගලා 4:19; 1තෙස 2:11
1 කොරි. 4:161කොරි 11:1; ෆිලි 3:17; 1තෙස 1:6
1 කොරි. 4:172තිමෝ 1:13
1 කොරි. 4:212කොරි 13:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 4:1-21

පළවෙනි කොරින්ති

4 මිනිස්සු අපිව දකින්න ඕනෙ ක්‍රිස්තුස් යටතේ සේවය කරන, දෙවියන්ගේ පරිශුද්ධ රහස් භාර දීලා තියෙන අය විදිහටයි.+ 2 ඒ වගේ සේවකයන්ගෙන් විශ්වාසවන්තකම බලාපොරොත්තු වෙනවා. 3 ඔයාලා මාව විභාග කළා කියලවත් උසාවියකින් මාව විභාග කළා කියලවත් ඒක මට එච්චර වැදගත් නැහැ. ඇත්තටම මංවත් මං ගැන විනිශ්චයක් දෙන්නේ නැහැ. 4 මගේ අතින් වරදක් වෙලා තියෙනවා කියලා මට දැනෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ මම ධර්මිෂ්ඨයෙක් කියලා. මොකද යෙහෝවා* තමයි මාව සෝදිසි කරලා බලන්නේ.+ 5 ඉතින් නියමිත කාලේ එන කල් කිසිම දෙයක් විනිශ්චය කරන්න එපා.+ ස්වාමීන් ආවාම අඳුරේ හංගලා තියෙන රහස් එළියට ගනියි. හැම කෙනෙක්ගෙම හිතේ තියෙන දේවල් ඔහු හෙළි කරයි. එක් එක් කෙනා ලබන්න වටින ප්‍රශංසාව එතකොට දෙවියන් එයාලට දෙයි.+

6 සහෝදරයෙනි, මම මං ගැනයි, අපොලොස්+ ගැනයි ඔයාලට කිව්වේ වැදගත් කාරණයක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. අපේ ආදර්ශයෙන් ඔයාලා මේ වැදගත් දේ ඉගෙනගන්න ඕනේ. “ලියවිලිවල ලියලා තියෙන දේවලට එහායින් දෙයක් කරන්න එපා.” නීතියක් විදිහට සලකලා ඔයාලා ඒ දේ පිළිපැද්දොත් ඔයාලා අහංකාරකමින් ඉදිමෙන්නෙවත්+ එක් කෙනෙක්ට වඩා තව කෙනෙක්ට විශේෂ සැලකිලි පෙන්නන්නෙවත් නැහැ. 7 තව කෙනෙක්ට වඩා ඔයා උසස් කියලා හිතන්න ඔයාට මොනවාද තියෙන්නේ? ඔයාට තියෙන හැම දෙයක්ම දුන්නේ දෙවියන් නෙමෙයිද?+ හැම දෙයක්ම ලැබුණේ දෙවියන්ගෙන් නම් ඒවා ඔයාගේ හැකියාවෙන් ලබාගත්තා වගේ ලොකුවට කියවන්නේ ඇයි?

8 ඔයාලා ලබාගන්න ආසාවෙන් ඉන්න හැම දෙයක්ම දැනටමත් ලැබිලා කියලද හිතන්නේ? ඔයාලා පොහොසත් කියලා හිතනවාද? අපි නැතුව ඔයාලා දැනටමත් රජකම් කරන්න පටන් අරන් කියලා හිතනවාද?+ ඔයාලා රජකම් කරන්න පටන් අරන් නම් මට සතුටුයි. එතකොට අපිටත් පුළුවන් ඔයාලා එක්ක රජකම් කරන්න.+ 9 මට දැනෙන්නේ මාවයි, අනිත් නියෝජිතයන්වයි හැමෝටම ප්‍රදර්ශනය වෙන්න දෙවියන් ඉඩහැරලා තියෙනවා කියලයි. අපි හරියට ක්‍රීඩා භූමියකට අන්තිමට අරන් එන මරණයට නියම කරපු පිරිස වගේ.+ මොකද අපි මේ මුළු ලෝකයම ඉස්සරහා, මිනිස්සු සහ දේවදූතයන් ඉස්සරහා රංග භූමියක ඉන්න පිරිසක් වගේ.+ 10 අපි ක්‍රිස්තුස්ව අනුගමනය කරන නිසා අපිව සලකන්නේ මෝඩයන් විදිහට.+ ඒත් ඔයාලා ක්‍රිස්තුස්ව අනුගමනය කරන නිසා ඔයාලා හිතනවා ඔයාලා ප්‍රඥාවන්තයි කියලා. අපිව පේන්නේ හරිම දුර්වල අය වගේ. ඔයාලව පේන්නේ ශක්තිමත් අය වගේ. ඔයාලට ගෞරවය ලැබෙනවා. ඒත් අපිව පහත් කරලා සලකනවා. 11 මේ මොහොත වෙන කල්ම අපි ඉන්නේ බඩගින්නෙන්,+ තිබහෙන්.+ අපිට අඳින්න හරි හමං ඇඳුමක් නැහැ. අපි ගුටි කනවා.+ අපිට ඉන්න තැනක්වත් නැහැ. 12 අපි මහන්සි වෙලා අපේ අත්වලින් වැඩ කරනවා.+ අපිට නින්දා කරද්දී අපි කරුණාවන්තව සලකනවා.+ අපිට පීඩා කරද්දී අපි ඒවා ඉවසීමෙන් දරාගන්නවා.+ 13 අපිට අපහාස කරද්දී අපි කේන්ති ගන්නේ නැතුව* කතා කරනවා.+ මේ වෙන කල්ම මිනිස්සු අපිව සලකන්නේ මේ ලෝකේ තියෙන කුණු* විදිහට. වීසි කරලා දාන්න ඕනෙ කසළ ගොඩවල් විදිහට.

14 මං මේ දේවල් ඔයාලට ලියන්නේ ඔයාලව ලැජ්ජාවට පත් කරන්න නෙමෙයි. ඔයාලා මගේ ආදරණීය දරුවන්. මට ඕනෙ ඔයාලට හරි දේ ගැන කියලා දෙන්න. 15 ඔයාලට ක්‍රිස්තුස්ව ආදර්ශයට ගන්න විදිහ කියලා දෙන්න ගුරුවරු 10,000ක් ඉන්න පුළුවන්. ඒත් ඔයාලට තාත්තලා ගොඩක් නැහැ. මම තමයි ඔයාලාගේ තාත්තා.+ මොකද ක්‍රිස්තුස් යේසුස් ගැන ශුභාරංචිය ඔයාලට කිව්වේ මමයි. 16 ඉතින් මං ඔයාලාගෙන් ඉල්ලන්නේ මාව ආදර්ශයට ගන්න කියලයි.+ 17 ඒ නිසයි මං ඔයාලා ළඟට තිමෝතිව එවන්නේ. ස්වාමීන්ට විශ්වාසවන්තව සේවය කරන එයා මට මගේම පුතෙක් වගේ. ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරද්දී මං දේවල් කරන විදිහ එයා ඔයාලට මතක් කරලා දෙයි.+ හැම සභාවකටම ගිහින් මං උගන්නන දේවල් ගැනත් එයා ඔයාලට මතක් කරයි.

18 ඔයාලාගෙන් සමහරු හිතාගෙන ඉන්නේ මං ආයේ එන එකක් නැහැ කියලා. ඒ නිසා එයාලා හරිම ආඩම්බරෙන් කතා කරනවා. 19 ඒත් වැඩි දවසක් යන්න කලින් මං ඔයාලව හම්බ වෙන්න එනවා. ඒක යෙහෝවාගේ* කැමැත්ත නම් මං අනිවාර්යයෙන්ම එනවා. එතකොට ඔය මහ ඉහළින් කතා කරන අයට ඇත්තටම දෙවියන්ගේ බලය තියෙනවාද කියලා මට දැනගන්න පුළුවන්. 20 මොකද කෙනෙක් දෙවියන්ගේ රාජ්‍යයට කීකරුද කියලා ඔප්පු වෙන්නේ එයා කියන දේවල්වලින් නෙමෙයි එයා කරන දේවල්වලින්. ඒකෙන් තමයි පේන්නේ කෙනෙක්ට දෙවියන්ගේ බලය තියෙනවාද නැද්ද කියලා. 21 ඔයාලා මොනවාටද කැමති? මං කෝට්ටක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනවාටද?+ නැත්නම් ආදරෙන්, කරුණාවෙන් ඔයාලා ළඟට එනවාටද?

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න