ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාවුල්ව රජ විදිහට අභිෂේක කරයි (1-16)

      • සාවුල්ව සෙනඟට හඳුන්වලා දෙයි (17-27)

1 සාමුවෙල් 10:1

පාදසටහන්

  • *

    මූ.අ., “උරුමය.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:13; 2රාජා 9:2, 3
  • +1සාමු 9:16; ක්‍රියා 13:21
  • +නික් 19:5; ද්වි 32:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 72-73 පි.

    මුරටැඹ,

    1/1/2011, 27 පි.

1 සාමුවෙල් 10:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:19
  • +1සාමු 9:3, 5

1 සාමුවෙල් 10:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19, 22

1 සාමුවෙල් 10:5

පාදසටහන්

  • *

    මූ.අ., “උස් තැනේ.”

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

1 සාමුවෙල් 10:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:25
  • +1සාමු 10:10

1 සාමුවෙල් 10:7

පාදසටහන්

  • *

    මූ.අ., “ලකුණු.”

1 සාමුවෙල් 10:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:15, 16; 11:14

1 සාමුවෙල් 10:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:5, 6; 1සාමු 11:6; 16:13
  • +1සාමු 10:6; 19:23

1 සාමුවෙල් 10:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:24

1 සාමුවෙල් 10:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:3

1 සාමුවෙල් 10:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:5

1 සාමුවෙල් 10:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:14; ද්වි 4:34

1 සාමුවෙල් 10:19

පාදසටහන්

  • *

    මූ.අ., “දහස් ගණන් ඉන්න කණ්ඩායම්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:7; 12:12

1 සාමුවෙල් 10:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:16-18; ක්‍රියා 1:24
  • +1සාමු 9:21

1 සාමුවෙල් 10:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:21

1 සාමුවෙල් 10:22

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:1; 20:18, 28; 1සාමු 23:2

1 සාමුවෙල් 10:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:2

1 සාමුවෙල් 10:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:14, 15; 1සාමු 9:17

1 සාමුවෙල් 10:25

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:11-18

1 සාමුවෙල් 10:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 10-11 පි.

1 සාමුවෙල් 10:27

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 11:12
  • +1රාජා 10:1, 10; 2ලේක 17:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 10:11සාමු 16:13; 2රාජා 9:2, 3
1 සාමු. 10:11සාමු 9:16; ක්‍රියා 13:21
1 සාමු. 10:1නික් 19:5; ද්වි 32:9
1 සාමු. 10:2උත් 35:19
1 සාමු. 10:21සාමු 9:3, 5
1 සාමු. 10:3උත් 28:19, 22
1 සාමු. 10:6ගණන් 11:25
1 සාමු. 10:61සාමු 10:10
1 සාමු. 10:81සාමු 7:15, 16; 11:14
1 සාමු. 10:10විනි 14:5, 6; 1සාමු 11:6; 16:13
1 සාමු. 10:101සාමු 10:6; 19:23
1 සාමු. 10:121සාමු 19:24
1 සාමු. 10:141සාමු 9:3
1 සාමු. 10:171සාමු 7:5
1 සාමු. 10:18නික් 13:14; ද්වි 4:34
1 සාමු. 10:191සාමු 8:7; 12:12
1 සාමු. 10:20යොෂු 7:16-18; ක්‍රියා 1:24
1 සාමු. 10:201සාමු 9:21
1 සාමු. 10:21ක්‍රියා 13:21
1 සාමු. 10:22විනි 1:1; 20:18, 28; 1සාමු 23:2
1 සාමු. 10:231සාමු 9:2
1 සාමු. 10:24ද්වි 17:14, 15; 1සාමු 9:17
1 සාමු. 10:251සාමු 8:11-18
1 සාමු. 10:271සාමු 11:12
1 සාමු. 10:271රාජා 10:1, 10; 2ලේක 17:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 10:1-27

පළවෙනි සාමුවෙල්

10 සාමුවෙල් තෙල් බඳුනක් අරගෙන සාවුල්ගේ හිසට තෙල් වක් කළා.+ ඊටපස්සේ එයා සාවුල්ව ඉඹලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් අද ඔයාව රජ විදිහට අභිෂේක කරනවා.+ ඔහුගේ සෙනඟව*+ පාලනය කරන්න ඔහු තෝරගෙන තියෙන්නේ ඔයාවයි. 2 ඔයා මෙහෙන් පිට වෙලා යද්දී ඔයාට මිනිස්සු දෙන්නෙක්ව හම්බ වෙයි. බෙන්ජමින්වරුන්ගේ පළාතේ ෂෙල්ෂාවල තියෙන රාකෙල්ගේ සොහොන ළඟදී+ තමයි ඔයාට එයාලව හම්බ වෙන්නේ. එයාලා ඔයාට මෙහෙම කියයි. ‘ඔයා හොයාගෙන ගිය බූරුවෝ ටික+ හම්බ වුණා. ඒත් දැන් ඔයාගේ තාත්තා “අනේ, මගේ පුතාට මොකද වුණේ” කියකිය දුක් වෙනවා.’ 3 ඊටපස්සේ ඔයා එතන ඉඳන් තාබෝර්වල තියෙන ලොකු ගහ ළඟට යන්න. එතනදී සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න බෙතෙල්වලට+ යන මිනිස්සු තුන්දෙනෙක්ව ඔයාට හම්බ වෙයි. එක් කෙනෙක් එළු පැටව් තුන්දෙනෙක්ව අරගෙන යයි. අනිත් කෙනා ළඟ රොටි තුනක් තියෙයි. තුන්වෙනි කෙනා ලොකු වයින් භාජනයක් අරගෙන යයි. 4 එයාලා ඔයාගේ සැප දුක අහලා ඔයාට රොටි දෙකක් දෙයි. ඔයා ඒවා ගන්න. 5 දිගටම ඇවිදගෙන යද්දී ඔයාට සැබෑ දෙවියන්ගේ කන්ද පෙනෙයි. එතන පිලිස්තිවරු කඳවුරු බැඳගෙන ඉන්නවා. නගරෙට ආවාම, පූජා ඔප්පු කරන තැන* ඉඳන් එන අනාගතවක්තෘවරුන් කීපදෙනෙක්ව ඔයාට හම්බ වෙයි. එයාලා අනාවැකි* කියකිය එද්දී එයාලට ඉස්සරහින් කුඩා වීණාව, වීණාව, රබාන, බටනළාව වාදනය කරන කණ්ඩායමක් යයි. 6 එතකොට ඔයාට යෙහෝවාගේ බලය ලැබිලා+ ඔයාගේ ලොකු වෙනසක් දකින්න ලැබෙයි. ඔයාත් ඒ අනාගතවක්තෘවරුන් එක්කම අනාවැකි කියන්න පටන්ගනියි.+ 7 ඒ දේවල්* වෙද්දී ඔයාට කරන්න පුළුවන් හැම දේම කරන්න. මොකද සැබෑ දෙවියන් ඔයාත් එක්කම ඉන්නවා. 8 ඔයා මට කලින් ගිල්ගාල්වලට යන්න.+ මං එන කල් දවස් හතක් එහේ ඉන්න. ඊටපස්සේ මං ඇවිත් දවන පූජායි, හවුල් පූජායි ඔප්පු කරන්නම්. ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා මං පස්සේ ඔයාට කියන්නම්.”

9 සාවුල්, සාමුවෙල්ගෙන් සමු අරන් එන්න හදද්දී දෙවියන් එයා හිතන විදිහේ, වැඩ කරන විදිහේ වෙනසක් ඇති කළා. එදා සාමුවෙල් කියපු හැම ලකුණක්ම ඒ විදිහටම වුණා. 10 සාවුල් සහ එයාගේ සේවකයා කන්දට ඇවිදගෙන යද්දී එයාලට අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් හම්බ වුණා. ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය සාවුල් තුළ ක්‍රියාත්මක වුණා.+ එයා ඒ අනාගතවක්තෘවරුන් එක්ක එකතු වෙලා අනාවැකි කියන්න පටන්ගත්තා.+ 11 එයා අනාවැකි කියනවා දැක්කාම එයාව අඳුරන අය මෙහෙම කතා වුණා. “කිෂ්ගේ පුතාට මොනවාද මේ වෙලා තියෙන්නේ? දැන් සාවුලුත් අනාගතවක්තෘවරයෙක්ද?” 12 එතන හිටපු කෙනෙක් “එතකොට මේ අනිත් අනාගතවක්තෘවරුන් කාගේ කවුද?” කියලා ඇහුවා. “දැන් සාවුලුත් අනාගතවක්තෘවරයෙක්ද”+ කියන කියමන ප්‍රසිද්ධ වුණේ ඒ සිද්ධියෙන් පස්සේ.

13 සාවුල් අනාවැකි කියලා ඉවර වුණාට පස්සේ පූජා ඔප්පු කරන තැනට ආවා. 14 පස්සේ කිෂ්ගේ සහෝදරයෙක් සාවුල්ගෙනුයි, එයාගේ සේවකයාගෙනුයි ඇහුවා “ඔයාලා කොහෙද ගියේ” කියලා. එතකොට සාවුල් මෙහෙම කිව්වා. “නැති වුණ බූරුවෝ ටික හොයාගෙන+ අපි හුඟක් දුර ගියා. උන්ව හම්බ වුණේ නැති නිසා අපි සාමුවෙල් ළඟට ගියා.” 15 එතකොට කිෂ්ගේ සහෝදරයා එයාගෙන් ඇහුවා “සාමුවෙල් මොනවාද ඔයාට කිව්වේ” කියලා. 16 සාවුල් එයාට මෙහෙම කිව්වා. “බූරුවෝ ටික හම්බ වුණා කියලා එයා අපිට කිව්වා.” ඒත් සාමුවෙල් රජකම ගැන කියපු දේවල් සාවුල් එයාට කියන්න ගියේ නැහැ.

17 සාමුවෙල් සෙනඟට කිව්වා යෙහෝවා දෙවියන් ඉස්සරහා රැස් වෙන්න මිෂ්පාවලට+ එන්න කියලා. 18 එයා ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් අරන් ආවේ මමයි. ඊජිප්තුවරුන්ගෙනුත් ඔයාලට පීඩා කරපු අනිත් ජාතීන්ගෙනුත් ඔයාලව බේරගත්තේ මමයි.+ 19 ඒත් ඔයාලා “අපිව පාලනය කරන්න රජෙක්ව ඕනෙමයි” කියකිය මාව ප්‍රතික්ෂේප කළා.+ හැම දුකකින්ම, හැම නපුරු දේකින්ම ඔයාලව බේරගත්ත ඔයාලාගේ දෙවියන්වයි ඔයාලා ප්‍රතික්ෂේප කළේ. දැන් ඔයාලා යෙහෝවා වන මං ඉස්සරහට එන්න. එක් එක් කෙනා ඔයාලාගේ ගෝත්‍රවලට අනුවත් පවුල්වලට* අනුවත් මං ඉස්සරහා රැස් වෙන්න.’”

20 ඉතින් සාමුවෙල් හැම ගෝත්‍රයකටම කිව්වා එයා ළඟට එන්න කියලා.+ එයාලා අතරින් තේරුණේ බෙන්ජමින් ගෝත්‍රය.+ 21 ඊටපස්සේ බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට එයා ළඟට එන්න කිව්වා. ඒ අයගෙන් තේරුණේ මට්රීගේ පවුල. අන්තිමට කිෂ්ගේ පුතා වුණ සාවුල්ව තේරුණා.+ ඒත් සෙනඟ සාවුල්ව හොයාගෙන ගියත් එයාව හොයාගන්න බැරි වුණා. 22 ඒ නිසා එයාලා යෙහෝවාගෙන් ඇහුවා+ “සාවුල් මෙහෙට ඇවිත් ඉන්නවාද” කියලා. එතකොට යෙහෝවා එයාලට කිව්වා “එයා බඩු මලු අතරේ හැංගිලා ඉන්නවා” කියලා. 23 ඉතින් එයාලා සාවුල් ඉන්න තැනට දුවලා ගිහින් එයාව සෙනඟ ඉන්න තැනට එක්කගෙන ආවා. එයා කොච්චර උසද කිව්වොත් එයාගේ උරහිසට වඩා උස කිසිම කෙනෙක් එතන හිටියේ නැහැ.+ 24 සාමුවෙල් සෙනඟට මෙහෙම කිව්වා. “මේ ඉන්නේ යෙහෝවා තෝරගත්ත කෙනා.+ සෙනඟ අතරේ එයා වගේ කෙනෙක් නැහැ.” ඒ වෙලාවේ සෙනඟ “රජතුමා දිගු කල් ජීවත් වේවා” කියලා සතුටින් කෑගහන්න පටන්ගත්තා.

25 ඊටපස්සේ, රජට තියෙන අයිතිවාසිකම් ගැන සාමුවෙල් සෙනඟට කිව්වා.+ එයා ඒ හැම දෙයක්ම ලියවිල්ලක සටහන් කරලා යෙහෝවා දෙවියන් ඉස්සරහා තිබ්බා. අන්තිමට සාමුවෙල් සෙනඟව එයාලාගේ ගෙවල්වලට පිටත් කරලා යැව්වා. 26 සාවුලුත් ගිබෙයාවල තියෙන එයාගේ ගෙදරට ගියා. එයා එක්ක යුද්දෙට දක්ෂ පුරුෂයනුත් ගියා. එහෙම කරන්න එයාලාගේ හිත් පෙලඹුවේ යෙහෝවා දෙවියන්. 27 ඒත් එතන හිටිය රස්තියාදුකාර පිරිමි “මෙයා කොහොමද අපිව බේරගන්නේ”+ කියකිය සාවුල්ට අපහාස කළා. එයාලා සාවුල්ට තෑගි දුන්නෙත් නැහැ.+ ඒත් ඒ වෙලාවේ සාවුල් වචනයක්වත් කිව්වේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න