ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • අමලෙක්වරු ෂික්ලග්වලට ගිනි තියලා එහේ හිටපු අයව පැහැරගෙන යයි (1-6)

        • දාවිත් දෙවියන්ගෙන් උදව් ඉල්ලලා හිතට ධෛර්යය ගනියි (6)

      • දාවිත් අමලෙක්වරුන්ව පරාජය කරයි (7-31)

        • පැහැරගෙන ගිය අයව දාවිත් බේරගනියි (18, 19)

        • කොල්ල කාපු දේවල් ගැන දාවිත් දුන්න නියෝගය (23, 24)

1 සාමුවෙල් 30:1

පාදසටහන්

  • *

    හෝ, “නෙගෙබ් පළාතටත්.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:21, 31; 1සාමු 27:5, 6
  • +උත් 36:12; නික් 17:14; 1සාමු 15:2; 27:8

1 සාමුවෙල් 30:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 27:3

1 සාමුවෙල් 30:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:42, 43

1 සාමුවෙල් 30:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6; 31:1, 9; 34:19; 143:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2022, 2 පි.

1 සාමුවෙල් 30:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:9
  • +1සාමු 22:20; 1රාජා 2:26

1 සාමුවෙල් 30:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:21; විනි 20:28; 1සාමු 23:2, 11; 28:6
  • +1සාමු 30:18; ගීතා 34:19

1 සාමුවෙල් 30:9

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:13; 27:2

1 සාමුවෙල් 30:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:21

1 සාමුවෙල් 30:14

පාදසටහන්

  • *

    හෝ, “නෙගෙබ් පළාතටයි.”

  • *

    හෝ, “නෙගෙබ් පළාතටයි.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:18; 1රාජා 1:38; 1ලේක 18:17; එස 25:16; ශෙප 2:5
  • +යොෂු 14:13

1 සාමුවෙල් 30:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:14

1 සාමුවෙල් 30:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:3

1 සාමුවෙල් 30:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:8; ගීතා 34:19

1 සාමුවෙල් 30:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:10

1 සාමුවෙල් 30:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:8

1 සාමුවෙල් 30:24

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:10
  • +ගණන් 31:27; යොෂු 22:8; ගීතා 68:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 24 පි.

1 සාමුවෙල් 30:26

පාදසටහන්

  • *

    මූ.අ., “ආශීර්වාදයක්.”

1 සාමුවෙල් 30:27

පාදසටහන්

  • *

    හෝ, “නෙගෙබ්වල.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:4, 8
  • +යොෂු 15:20, 48; 21:8, 14

1 සාමුවෙල් 30:28

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 50; 21:8, 14

1 සාමුවෙල් 30:29

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 27:10; 1ලේක 2:9
  • +විනි 1:16; 1සාමු 15:6

1 සාමුවෙල් 30:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:3; යොෂු 19:1, 4; විනි 1:17

1 සාමුවෙල් 30:31

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:13; 2සාමු 2:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 30:1යොෂු 15:21, 31; 1සාමු 27:5, 6
1 සාමු. 30:1උත් 36:12; නික් 17:14; 1සාමු 15:2; 27:8
1 සාමු. 30:21සාමු 27:3
1 සාමු. 30:51සාමු 25:42, 43
1 සාමු. 30:6ගීතා 18:6; 31:1, 9; 34:19; 143:5
1 සාමු. 30:71සාමු 23:9
1 සාමු. 30:71සාමු 22:20; 1රාජා 2:26
1 සාමු. 30:8ගණන් 27:21; විනි 20:28; 1සාමු 23:2, 11; 28:6
1 සාමු. 30:81සාමු 30:18; ගීතා 34:19
1 සාමු. 30:91සාමු 23:13; 27:2
1 සාමු. 30:101සාමු 30:21
1 සාමු. 30:142සාමු 8:18; 1රාජා 1:38; 1ලේක 18:17; එස 25:16; ශෙප 2:5
1 සාමු. 30:14යොෂු 14:13
1 සාමු. 30:17නික් 17:14
1 සාමු. 30:181සාමු 30:3
1 සාමු. 30:191සාමු 30:8; ගීතා 34:19
1 සාමු. 30:211සාමු 30:10
1 සාමු. 30:231සාමු 30:8
1 සාමු. 30:241සාමු 30:10
1 සාමු. 30:24ගණන් 31:27; යොෂු 22:8; ගීතා 68:12
1 සාමු. 30:27යොෂු 19:4, 8
1 සාමු. 30:27යොෂු 15:20, 48; 21:8, 14
1 සාමු. 30:28යොෂු 15:20, 50; 21:8, 14
1 සාමු. 30:291සාමු 27:10; 1ලේක 2:9
1 සාමු. 30:29විනි 1:16; 1සාමු 15:6
1 සාමු. 30:30ගණන් 21:3; යොෂු 19:1, 4; විනි 1:17
1 සාමු. 30:31යොෂු 14:13; 2සාමු 2:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 30:1-31

පළවෙනි සාමුවෙල්

30 දවස් තුනකට පස්සේ දාවිත් සහ එයාත් එක්ක හිටපු පිරිස ෂික්ලග්වලට+ ආවා. එහෙට ආවාම එයාලා දැක්කා අමලෙක්වරු+ දකුණු දිශාවෙන් තියෙන පළාතටත්* ෂික්ලග් නගරයටත් පහර දීලා කියලා. අමලෙක්වරු ෂික්ලග් නගරයට ගිනි තියලා, 2 එහේ හිටපු ස්ත්‍රීන්වයි,+ බාල මහලු හැමෝවමයි පැහැරගෙන ගිහින් තිබුණා. එයාලා කාවවත් මරන්නේ නැතුව හැමෝවම අරන් ගිහින් තිබුණා. 3 දාවිත් සහ එයාගේ සෙනඟ නගරයට ආවාම ඒක ගින්නෙන් විනාශ කරලා කියලත් එයාලාගේ භාර්යාවන්වයි, දරුදැරියන්වයි පැහැරගෙන ගිහිල්ලා කියලත් එයාලා දැක්කා. 4 ඒක දැක්කාම එයාලා හැමෝම කෑගහලා අඬන්න පටන්ගත්තා. කොච්චර ඇඬුවාද කියනවා නම් තවත් නම් අඬන්න එයාලාගේ ඇඟට පණක් තිබුණේ නැහැ. 5 දාවිත්ගේ භාර්යාවන් දෙන්නා වන යෙෂ්‍රෙයෙල්වල අහිනොවම්වත් කර්මෙල්වල ජීවත් වුණ නාබල්ගේ බිරිඳ වෙලා හිටපු අබිගායිල්වත්+ පැහැරගෙන ගිහින් තිබුණා. 6 ඒ වෙලාවේ දාවිත් හොඳටම මානසිකව වැටුණා. මොකද පුරුෂයන් හැමෝම දාවිත් එක්ක හිටියේ ලොකු කේන්තියකින්. එයාලාගේ දරුවන්ව අරන් ගිහින් තිබුණ නිසා එයාලා දාවිත්ට ගල් ගහන්නත් ලෑස්ති වුණා. ඒත් ඒ වෙලාවේ දාවිත් යෙහෝවාගෙන් උදව් ඉල්ලලා හිතට ධෛර්යය ගත්තා.+

7 ඊටපස්සේ දාවිත් “ඒෆොද් ඇඳුම මං ළඟට ගේන්න”+ කියලා අහිමෙලෙක්ගේ පුතා වුණ පූජක අබියාතර්ට+ කිව්වා. ඉතින් අබියාතර් ඒක දාවිත් ළඟට අරන් ගියා. 8 දාවිත් යෙහෝවා දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා.+ “මම මේ කොල්ලකරුවන් පස්සේ පන්නගෙන යන්නද? මට එයාලව අල්ලගන්න පුළුවන් වෙයිද?” එතකොට දෙවියන් කිව්වා “යන්න, ඔයා අනිවාර්යයෙන්ම එයාලව අල්ලගන්නවා. එයාලා අරන් ගිය අයවත් ඔයාට බේරගන්න පුළුවන් වෙනවා”+ කියලා.

9 ඉතින් දාවිත් ඉක්මනටම මිනිසුන් 600ක්+ එක්ක එතනින් පිටත් වුණා. එයාලා බෙසොර් නිම්නයට* ආවාම එයාලාගෙන් පිරිසක් එතන නතර වුණා. 10 පුරුෂයන් 200දෙනෙක් එතන නතර වුණේ එයාලා හොඳටම මහන්සි වෙලා හිටිය නිසයි. ඒ නිසා එයාලට බෙසොර් නිම්නය හරහා යන්න බැරි වුණා.+ ඒත් දාවිත් ඉතුරු 400දෙනාත් එක්ක කොල්ලකරුවන් පස්සේ දිගටම පන්නගෙන ගියා.

11 කොල්ලකරුවන්ව පන්නගෙන යද්දී එයාලට කෙතක හිටපු ඊජිප්තු ජාතිකයෙක්ව හම්බ වුණා. එයාලා ඒ කෙනාව දාවිත් ළඟට අරන් ගිහින් එයාට කන්න රොටියි, බොන්න වතුරයි දුන්නා. 12 එයාලා වියළි අත්තික්කා කුට්ටියකින් කෑල්ලකුත් වියළි මිදි කුට්ටි දෙකකුත් එයාට කන්න දුන්නා. ඒවා කෑවාට පස්සේ එයාගේ ඇඟට පණක් ආවා. මොකද දවස් තුනක්ම එයා කිසිම දෙයක් කාලා බීලා තිබුණේ නැහැ. 13 දාවිත් එයාගෙන් ඇහුවා “ඔයා කොහේ ඉඳන්ද ආවේ? ඔයා කාගේ කවුද” කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. “මං ඊජිප්තු ජාතිකයෙක්. මම අමලෙක් ජාතිකයෙක්ගේ දාසයෙක්. දවස් තුනකට කලින් මං ලෙඩ වුණා. ඒ නිසා මගේ ස්වාමියා මාව මෙහේ දාලා ගියා. 14 අපි කෙරෙතිවරුන්ගේ+ දේශයේ දකුණු පළාතටයි,* යූදා දේශයටයි, කාලෙබ්ගේ+ දේශයේ දකුණු පළාතටයි* පහර දුන්නා. අපි ෂික්ලග් නගරයටත් ගිනි තියලා ඒක විනාශ කළා.” 15 එතකොට දාවිත් එයාගෙන් ඇහුවා “ඔයා එක්ක හිටපු කොල්ලකරුවන් ළඟට මාව එක්කගෙන යන්න පුළුවන්ද” කියලා. ඊජිප්තු ජාතිකයා දාවිත්ට මෙහෙම කිව්වා. “ඔබ මාව මරන්නේ නැහැ කියලත් මගේ ස්වාමියාගේ අතට මාව පාවලා දෙන්නේ නැහැ කියලත් දෙවියන්ගේ නමින් දිවුරලා පොරොන්දු වුණොත් මම ඒ අය ළඟට ඔබව එක්කගෙන යන්නම්.”

16 ඉතින් ඒ මිනිසා දාවිත්ව කොල්ලකරුවන් ඉන්න තැනට එක්කන් ගියා. කොල්ලකරුවෝ තැන් තැන්වල විසිරිලයි හිටියේ. පිලිස්තිවරුන්ගේ දේශයෙනුත් යූදා දේශයෙනුත් එයාලා ගොඩක් දේවල් පැහැරගෙන තිබුණ නිසා එයාලා කාකා බිබී හුඟක් සතුටින් හිටියා. 17 දාවිත් උදේ පාන්දර ඉඳන් හවස් වෙන කල්ම එයාලට පහර දුන්නා. ඔටුවන් පිටේ පලා ගිය තරුණයන් 400දෙනෙක් ඇරෙන්න වෙන කවුරුත් බේරුණේ නැහැ.+ 18 අමලෙක්වරු පැහැරගත්ත හැම දෙයක්ම දාවිත් ආයෙත් එයාලාගෙන් ගත්තා.+ එයාගේ භාර්යාවන් දෙන්නාවත් බේරගන්න දාවිත්ට පුළුවන් වුණා. 19 එයාලාගේ දරුදැරියන් ඇතුළු හැම කෙනෙක්වමත් එයාලට අයිති වස්තුවත් එයාලා බේරගත්තා.+ එයාලට අයිති කිසිම දෙයක් නැති වෙලා තිබුණේ නැහැ. 20 දාවිත් අමලෙක්වරුන්ට අයිති සත්තුන්වත් පැහැරගත්තා. අමලෙක්වරුන්ගේ සත්තුන්ව දක්කගෙන ගියේ එයාලට අයිති සත්තුන්ට ඉස්සරහින්. සෙනඟ අමලෙක්වරුන්ගේ සත්තුන්ව පෙන්නලා කිව්වා “මේ දාවිත්ගේ පංගුව” කියලා.

21 ඒ හැම දෙයක්ම අරගෙන දාවිත් ආයෙත් බෙසොර් නිම්නය ළඟට ආවා.+ මහන්සිය නිසා එතන නතර වෙලා හිටපු 200දෙනා දාවිත්වයි, එයාත් එක්ක හිටපු අයවයි හම්බ වෙන්න ආවාම “ඔයාලා හොඳින් ඉන්නවාද” කියලා දාවිත් එයාලාගෙන් ඇහුවා. 22 ඒ වෙලාවේ දාවිත් එක්ක හිටපු කිසි වැදගැම්මකට නැති, නපුරු අය මෙහෙම කිව්වා. “අපි පැහැරගත්ත කිසිම දෙයක් එයාලට දෙන්න ඕනෙ නැහැ. එයාලා අපිත් එක්ක ආවේ නෑනේ. අපි එයාලට කියමු එයාලාගේ භාර්යාවනුයි, දරුවනුයි අරගෙන මෙහෙන් යන්න කියලා.” 23 ඒත් දාවිත් එයාලට මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, එහෙම කරන එක හොඳ නැහැ. අපිට මේ හැම දෙයක්ම දුන්නේ යෙහෝවා. අපිව ආරක්ෂා කරලා කොල්ලකරුවන්ව අපේ අතටම අල්ලලා දුන්නේ ඔහුයි.+ 24 ඔයාලා හිතනවාද ඔයාලා කියන දේට කිසිම කෙනෙක් එකඟ වෙයි කියලා? යුද්ධයට ගිය අයට වගේම බඩු මලු ළඟ නතර වෙලා හිටපු අයටත් අනිවාර්යයෙන්ම කොටසක් ලැබෙන්න ඕනේ.+ කොල්ල කාපු දේවල් ඒ දෙගොල්ලන්ටම එක සමානව බෙදන්න.”+ 25 එදා දුන්න ඒ නියෝගය දාවිත් ඊශ්‍රායෙල්වල නීතියක් විදිහට ස්ථිර කළා. ඒක අද වෙන කල්ම ඊශ්‍රායෙල්වරු නීතියක් විදිහට පිළිපදිනවා.

26 දාවිත් ෂික්ලග්වලට ආවාම එයා පැහැරගත්ත දේවලින් කොටසක් යූදාවල වැඩිමහල්ලන්ට යැව්වා. එයාගේ යාළුවන් වුණ ඒ අයට එයා මෙහෙම කියලා යැව්වා. “මේ යෙහෝවා දෙවියන්ගේ සතුරන්ගෙන් කොල්ල කාපු දේවලින් කොටසක්. මේක මගෙන් තෑග්ගක්* විදිහට පිළිගන්න.” 27 බෙතෙල්වල,+ රාමොත්වල දකුණු දිශාවේ* සහ යත්තීර්වල+ හිටපු අයටත් 28 අරෝයේර්වල, සිප්මොත්වල, එෂ්තෙමෝවාවල+ හිටපු අයටත් 29 රාකල්වල, යෙරාමෙයෙල්වරුන්ගේ+ සහ කේනිවරුන්ගේ+ නගරවල හිටපු අයටත් 30 හොර්මාවල,+ බෝර්ආෂාන්වල, ආතක්වල සහ 31 හෙබ්‍රොන්වල+ හිටපු අයටත් දාවිත් කොටස ගාණේ යැව්වා. දාවිත් සහ එයාගේ සෙනඟ නිතරම ගැවසුණ තැන්වල හිටපු හැම කෙනෙක්ටමත් කොටසක් ලැබුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න