ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • දෙවියන්ට විරුද්ධව වැඩ කරන අයට කරන්න ඕනෙ දේ (1-18)

ද්විතීය කතාව 13:3

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:19; යෙරෙ 27:9
  • +ද්වි 6:5; 10:12; මතෙ 22:37
  • +ද්වි 8:2

ද්විතීය කතාව 13:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2002, 16-17 පි.

ද්විතීය කතාව 13:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:20
  • +ද්වි 17:2, 3, 7; 1කොරි 5:13

ද්විතීය කතාව 13:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:4; 2පේතෘ 2:1

ද්විතීය කතාව 13:8

හරස් යොමු දැක්වීම්

  • +ගලා 1:8

ද්විතීය කතාව 13:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:20; 32:27; ගණන් 25:5
  • +ද්වි 17:2, 3, 7

ද්විතීය කතාව 13:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:2, 27

ද්විතීය කතාව 13:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:13; 1තිමෝ 5:20

ද්විතීය කතාව 13:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:15; 1තිමෝ 5:19

ද්විතීය කතාව 13:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:4, 5; 2ලේක 28:6
  • +නික් 22:20

ද්විතීය කතාව 13:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:18
  • +උත් 22:15, 17; 26:3, 4

ද්විතීය කතාව 13:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 13:3යෙසා 8:19; යෙරෙ 27:9
ද්වි. 13:3ද්වි 6:5; 10:12; මතෙ 22:37
ද්වි. 13:3ද්වි 8:2
ද්වි. 13:4ද්වි 10:20
ද්වි. 13:5ද්වි 18:20
ද්වි. 13:5ද්වි 17:2, 3, 7; 1කොරි 5:13
ද්වි. 13:61රාජා 11:4; 2පේතෘ 2:1
ද්වි. 13:8ගලා 1:8
ද්වි. 13:9නික් 22:20; 32:27; ගණන් 25:5
ද්වි. 13:9ද්වි 17:2, 3, 7
ද්වි. 13:10ලෙවී 20:2, 27
ද්වි. 13:11ද්වි 17:13; 1තිමෝ 5:20
ද්වි. 13:14ද්වි 19:15; 1තිමෝ 5:19
ද්වි. 13:15ද්වි 17:4, 5; 2ලේක 28:6
ද්වි. 13:15නික් 22:20
ද්වි. 13:17යොෂු 6:18
ද්වි. 13:17උත් 22:15, 17; 26:3, 4
ද්වි. 13:18ද්වි 6:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 13:1-18

ද්විතීය කතාව

13 “ඔයාලා අතරේ ඉන්න කෙනෙක් අනාගතවක්තෘවරයෙක් විදිහට හරි සිහින මාර්ගයෙන් අනාගතය ගැන කියන කෙනෙක් විදිහට හරි වැඩ කරන්න පටන් අරන් යම් ලකුණක් දෙන්න ඉඩ තියෙනවා. නැත්නම් අනාවැකියක් කියන්න ඉඩ තියෙනවා. 2 ඒ ලකුණ හරි අනාවැකිය හරි ඉටු වුණාම එයා මෙහෙම කියන්නත් පුළුවන්. ‘එන්න, අපි දැනගෙන හිටියේ නැති වෙනත් දෙවිවරුන් ළඟට ගිහින් එයාලට වන්දනාමාන කරමු. අපි එයාලා කියන විදිහට කරමු.’ 3 ඒ අනාගතවක්තෘවරයා නැත්නම් සිහින දකින්නා කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න එපා.+ ඒ වගේ දේකට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉඩ දෙන්නේ යෙහෝවා දෙවියන්ට ඔයාලා මුළු හදවතින්ම ආදරේ කරනවාද ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* පෙන්නනවාද+ කියලා බලන්නයි.+ 4 ඔයාලා ජීවත් වෙන්න ඕනෙ ඔයාලාගේ දෙවි වන යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ඔයාලා ගරුබිය දක්වන්න ඕනෙ ඔහුටයි. ඔයාලා පිළිපදින්න ඕනෙ ඔහුගේ ආඥායි. ඔයාලා සවන් දෙන්න ඕනෙ ඔහුගේ හඬටයි. ඔයාලා නමස්කාර කරන්න ඕනෙත් ළං වෙන්න ඕනෙත් ඔහුට විතරයි.+ 5 ඒ අනාගතවක්තෘවරයා නැත්නම් සිහින දකින්නා උත්සාහ කරන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න ඔයාලව පොලඹවන්නයි. ඊජිප්තුවේ වහලුන් වෙලා හිටපු ඔයාලව නිදහස් කරගෙන ආවේ ඔයාලාගේ දෙවි වන යෙහෝවායි. ඔහු පිළිපදින්න කියලා දීපු ආඥාවලට පිටු පාන්න ඔයාලව පොලඹවන්නයි ඒ කෙනා හදන්නේ. ඒ නිසා එයාව මරලා දාන්න ඕනේ.+ ඒ විදිහට ඔයාලා අතරින් ඒ දුෂ්ට දේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න.+

6 “ඔයාගේ පුතා හරි දුව හරි ඔයාගේ ආදරණීය බිරිඳ හරි එක කුසේ උපන් ඔයාගෙම සහෝදරයා හරි එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවා හරි ඔයාට මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘අපි ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමු.’+ ඒ විදිහට එයා ඔයාලවත් ඔයාලාගේ මුතුන්මිත්තන්වත් අහලා නැති දෙවිවරු පස්සේ යන්න කාටත් හොරෙන් ඔයාලව පොලඹවගන්න උත්සාහ කරයි. 7 ඒ දෙවිවරුන් ළඟපාත ඉන්න ජාතීන් නමස්කාර කරන දෙවිවරුන් වෙන්නත් පුළුවන්. නැත්නම් දුර ඈත ඉන්න ජාතීන් නමස්කාර කරන දෙවිවරුන් වෙන්නත් පුළුවන්. 8 ඒ දෙවිවරු පස්සේ යන්න ඔයාව පොලඹවගන්න හදන කෙනාට අහු වෙන්නවත් එයා කියන දේවල් අහන්නවත් එපා.+ එයාට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා. එයා ගැන දුක් වෙන්නවත් එයාව ආරක්ෂා කරන්න හදන්නවත් එපා. 9 ඔයා අනිවාර්යයෙන්ම එයාව මරලා දාන්න ඕනේ.+ එයාව මරන්න මුල්ම ගල ගහන්න ඕනෙ ඔයායි. ඊටපස්සේ මුළු සෙනඟම ඒකට හවුල් වෙන්න ඕනේ.+ 10 ඊජිප්තුවේ වහලුන් වෙලා හිටපු ඔයාලව නිදහස් කරගෙන ආපු ඔයාලාගේ දෙවි වන යෙහෝවාගෙන් ඔයාව ඈත් කරන්න එයා උත්සාහ කළා. ඒ නිසයි එයාට ගල් ගහලා මරලා දාන්න ඕනේ.+ 11 ඒ ගැන මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ආරංචි වුණාම එයාලට බයක් ඇති වෙයි. එතකොට ඔයාලා අතරේ ඉන්න කිසිම කෙනෙක් ඒ වගේ දුෂ්ට දෙයක් ආයේ කවදාවත් කරන එකක් නැහැ.+

12 “ඔයාලට පදිංචි වෙන්න ඔයාලාගේ දෙවි වන යෙහෝවා දෙන එක නගරෙකින් මේ වගේ දෙයක් ආරංචි වෙන්න පුළුවන්. 13 ‘කිසි වැඩකට නැති මිනිස්සු කට්ටියක් නගරේ හැම තැනම ගිහින් ඔයාලා දන්නේ නැති දෙවිවරුන්ට නමස්කාර කරන්න මිනිස්සුන්ව පොලඹවනවා. “අපි වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමු” කියලා එයාලා කියනවා.’ 14 ඔයාලා ඒ ගැන විභාග කරලා හොඳට හොයලා බලන්න ඕනේ.+ ඒ වගේ පිළිකුල් දෙයක් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ වෙලා තියෙනවා කියලා ඔප්පු වුණොත් 15 ඔයාලා ඒ නගරේ ඉන්න හැම කෙනෙක්ටම කඩුවෙන් පහර දීලා මරලා දාන්න ඕනේ.+ ඒ නගරෙයි, ඒකේ තියෙන හැම දෙයක්මයි, නගරේ ඉන්න අයට අයිති සත්තුන්වයි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න.+ 16 ඒ නගරෙන් එකතු කරගන්න වටිනා හැම දෙයක්ම නගරේ ප්‍රධාන හන්දියේ ගොඩගහන්න. ඊටපස්සේ මුළු නගරෙටම ගිනි තියන්න. එකතු කරගත්ත වටිනා දේවල් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන දවන පූජාවක් වගේ වෙයි. ඒ නගරේ හැමදාටම නටබුන් ගොඩක් වෙයි. ඒක ආයේ කවදාවත් ගොඩනඟන්න අවසර නැහැ. 17 විනාශ කරන්න නියම කරපු කිසිම දෙයක් ගන්න එපා.+ ඒ හැම දෙයක්ම විනාශ කළාට පස්සේ ඔයාලට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය නිවිලා යයි. ඔහු ඔයාලට දයාව සහ අනුකම්පාව පෙන්නලා ඔයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ඔයාලාගේ සෙනඟ ගොඩක් වැඩි කරයි.+ 18 මං අද ඔයාලට කියලා දෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවා දුන්න හැම ආඥාවක්ම පිළිපැදලා ඔහුට කීකරු වෙන්න. එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ හරි දේ කරන්න ඔයාලට පුළුවන්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න