ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • සාරාගේ මරණය සහ එයාව තැන්පත් කරයි (1-20)

උත්පත්ති 23:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:17

උත්පත්ති 23:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:5
  • +උත් 35:27; ගණන් 13:22
  • +යොෂු 14:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 4 පි.

    මුරටැඹ,

    6/1/1995, 7 පි.

    පිබිදෙව්!,

    9/8/1994, 28 පි.

උත්පත්ති 23:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:15

උත්පත්ති 23:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1, 8; හෙබ්‍රෙ 11:9, 13

උත්පත්ති 23:6

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ශ්‍රේෂ්ඨ අධිපතියෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 21-22 පි.

උත්පත්ති 23:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:13

උත්පත්ති 23:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:15
  • +උත් 25:9, 10; 49:29-33; 50:13, 14

උත්පත්ති 23:10

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:1

උත්පත්ති 23:15

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

උත්පත්ති 23:16

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:15, 16

උත්පත්ති 23:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:9, 10; 49:29-33; 50:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1994, 32 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 23:1උත් 17:17
උත්. 23:2උත් 12:5
උත්. 23:2උත් 35:27; ගණන් 13:22
උත්. 23:2යොෂු 14:15
උත්. 23:3උත් 10:15
උත්. 23:4උත් 17:1, 8; හෙබ්‍රෙ 11:9, 13
උත්. 23:6උත් 21:22
උත්. 23:71ලේක 1:13
උත්. 23:9උත් 23:15
උත්. 23:9උත් 25:9, 10; 49:29-33; 50:13, 14
උත්. 23:10රූත් 4:1
උත්. 23:16ක්‍රියා 7:15, 16
උත්. 23:20උත් 25:9, 10; 49:29-33; 50:13, 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 23:1-20

උත්පත්ති

23 සාරා අවුරුදු 127ක් ජීවත් වෙලා මැරුණා.+ 2 කානාන් දේශයේ+ හෙබ්‍රොන්+ කියලත් හඳුන්වන කිර්යත්අර්බාවලදී+ තමයි එයා මැරුණේ. සාරා මැරුණාම ආබ්‍රහම් ගොඩක් අඬා වැලපුණා. 3 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ බිරිඳගේ මිනිය තිබුණු තැනින් නැඟිටලා ගිහින් හෙත්ගෙන්+ පැවත ආපු අයව හම්බ වෙලා මෙහෙම කිව්වා. 4 “මම ඔයාලා අතරේ ජීවත් වෙන විදේශිකයෙක්.+ ඒත් මං කැමතියි මගේ බිරිඳගේ මිනිය තැන්පත් කරන්න ඉඩමක් මිලට ගන්න.” 5 හෙත්ගෙන් පැවත ආපු අය ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. 6 “ස්වාමීනි, අපි කියන දේ අහන්න. ඔයා අපිට දෙවියන් පත් කරපු අධිපතියෙක්* වගේ.+ ඔයාගේ බිරිඳගේ මිනිය තැන්පත් කරන්න අපේ සොහොන් බිම්වලින් හොඳම එක තෝරගන්න. ඔයා කැමති ඕනම සොහොන් බිමක් ඉල්ලන්න. අපි ඒක ඔයාට නොදී ඉන්නේ නැහැ.”

7 ආබ්‍රහම් නැඟිටලා ඒ දේශයේ වැසියන් වුණ හෙත්ගෙන්+ පැවත ආපු අය ඉස්සරහා හිස නමලා 8 එයාලට මෙහෙම කිව්වා. “මගේ බිරිඳගේ මිනිය මෙහේ තැන්පත් කරන එක ඔයාලට ප්‍රශ්නයක් නෙමෙයි නං මං වෙනුවෙන් මේ දේ කරන්න පුළුවන්ද? ෂෝහර්ගේ පුතා එෆ්‍රොන්ට කියන්න 9 එයාගේ ඉඩම කෙළවරේ තියෙන මක්පේලාවල ගුහාව මට විකුණන්න කියලා. ඔයාලා හැමෝම ඉස්සරහා ඒක මට විකුණන්න එයාට පුළුවන්. ඒකේ වටිනාකමට හරියන රිදී ගාණ+ ගෙවලා මම ඒක එයාගෙන් ගන්නම්. එතකොට සොහොන් බිමක් විදිහට ඒ තැන පාවිච්චි කරන්න මට පුළුවන්.”+

10 ඒ වෙලාවේ එතන හිටපු අය එක්ක එෆ්‍රොනුත් ඉඳගෙන හිටියා. එයාත් හෙත්ගෙන් පැවත ආපු හිත්තීවරයෙක්. ඉතින් එයා හෙත්ගෙන් පැවත ආපු අය සහ නගරේ දොරටුව ළඟ+ හිටපු අය ඉස්සරහා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. 11 “මගේ ස්වාමීනි, ගුහාවත් එක්ක ඒ මුළු ඉඩමම මම ඔයාට දෙන්නම්. මෙතන ඉන්න මගේ නෑදෑයන් ඉස්සරහා මම ඒක ඔයාට දෙන්නම්. ඔයාගේ බිරිඳගේ මිනිය ඒකේ තැන්පත් කරන්න.” 12 එතකොට ආබ්‍රහම් දේශයේ වැසියන් ඉස්සරහා හිස නමලා 13 එයාලා හැමෝටම ඇහෙන්න එෆ්‍රොන්ට මෙහෙම කිව්වා. “මං කියන දේ ටිකක් අහන්නකෝ. ඉඩමේ වටිනාකමට හරියන රිදී ගාණ මම ඔයාට දෙන්නම්. ඒක ගන්න. එතකොට මගේ බිරිඳගේ මිනිය ඒකේ තැන්පත් කරන්න මට පුළුවන්.”

14 එතකොට එෆ්‍රොන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. 15 “මගේ ස්වාමීනි, මේ අහන්න. ඉඩමේ වටිනාකම රිදී ෂෙකෙල්* 400යි. මේ වෙලාවේ ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. ඔයා ඔයාගේ බිරිඳගේ මිනිය ඒකේ තැන්පත් කරන්න.” 16 එෆ්‍රොන් කියපු දේ අහගෙන හිටියාට පස්සේ ආබ්‍රහම් හෙත්ගෙන් පැවත ආපු අය ඉස්සරහා එෆ්‍රොන් කියපු රිදී ගාණ කිරලා එයාට දුන්නා. ආබ්‍රහම් එයාට රිදී ෂෙකෙල්* 400ක් දුන්නා. වෙළඳුන් පිළිගත්ත බරට අනුවයි ආබ්‍රහම් ඒ රිදී කිරලා දුන්නේ.+ 17 ඉතින් එෆ්‍රොන් මම්රේවලට කිට්ටුවෙන් තිබුණු මක්පේලාවල එයාගේ ඉඩම වික්කා. ඒ ඉඩම, ඒකේ තිබ්බ ගුහාව සහ ඉඩමේ මායිම් ඇතුළේ තිබ්බ හැම ගහක්ම අයිති 18 ආබ්‍රහම්ට කියලා ස්ථිර වුණා. හෙත්ගෙන් පැවත ආපු අය සහ නගරයේ දොරටුව ළඟ හිටපු හැමෝම ඉස්සරහා ආබ්‍රහම් ඒක මිල දීලා ගත්තා. 19 ඊටපස්සේ ආබ්‍රහම් කානාන් දේශයේ හෙබ්‍රොන්වල ඒ කියන්නේ මම්රේවලට කිට්ටුවෙන් තිබුණු මක්පේලාවල ඉඩමේ තිබ්බ ගුහාවේ එයාගේ බිරිඳ වුණ සාරාව තැන්පත් කළා. 20 සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න ඒ ඉඩමේ සහ ඒකේ තිබ්බ ගුහාවේ අයිතිය හෙත්ගෙන් පැවත ආපු අය ආබ්‍රහම්ට පැවරුවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න