ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • එලිෂා නාමන්ගේ ලාදුරු රෝගය සුව කරයි (1-19)

      • කෑදරකම නිසා ගෙහාසීට ලාදුරු රෝගය හැදෙයි (20-27)

2 රාජාවලිය 5:1

පාදසටහන්

  • *

    හෝ, “හමේ රෝගයක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2007, 31 පි.

2 රාජාවලිය 5:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:16
  • +මතෙ 8:2; 11:5; ලූක් 4:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2008, 9-10 පි.

    8/1/2005, 10 පි.

2 රාජාවලිය 5:4

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ නාමන් ගැන වෙන්න පුළුවන්.

2 රාජාවලිය 5:5

පාදසටහන්

  • *

    තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

2 රාජාවලිය 5:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:39

2 රාජාවලිය 5:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:24; 19:16; 2රාජා 3:11, 12; 8:4

2 රාජාවලිය 5:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 14:7; ගණන් 19:4
  • +යොහ 9:6, 7

2 රාජාවලිය 5:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 7:8

2 රාජාවලිය 5:13

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ තාත්තේ.”

2 රාජාවලිය 5:14

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:10
  • +ලූක් 4:27; 5:13
  • +යෝබ් 33:25

2 රාජාවලිය 5:15

පාදසටහන්

  • *

    මූ.අ., “ආශීර්වාදය.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 17:15, 16
  • +ගීතා 96:4, 5; යෙසා 43:10

2 රාජාවලිය 5:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2005, 9 පි.

2 රාජාවලිය 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2007, 31 පි.

    මුරටැඹ,

    8/1/2005, 9 පි.

2 රාජාවලිය 5:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:24
  • +2රාජා 4:12; 8:4
  • +2රාජා 5:1; ලූක් 4:27

2 රාජාවලිය 5:22

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:5

2 රාජාවලිය 5:23

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:16

2 රාජාවලිය 5:24

පාදසටහන්

  • *

    සමාරියේ තිබුණ තැනක්. සමහරවිට කන්දක් හරි ආරක්ෂාව තිබුණ තැනක් හරි වෙන්න පුළුවන්.

2 රාජාවලිය 5:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:8, 9

2 රාජාවලිය 5:26

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:8; ලූක් 12:15; ක්‍රියා 20:33; 1තිමෝ 6:10

2 රාජාවලිය 5:27

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:1
  • +නික් 4:6; ගණන් 12:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 5:31රාජා 19:16
2 රාජා. 5:3මතෙ 8:2; 11:5; ලූක් 4:27
2 රාජා. 5:7ද්වි 32:39
2 රාජා. 5:81රාජා 17:24; 19:16; 2රාජා 3:11, 12; 8:4
2 රාජා. 5:10ලෙවී 14:7; ගණන් 19:4
2 රාජා. 5:10යොහ 9:6, 7
2 රාජා. 5:12යෙසා 7:8
2 රාජා. 5:142රාජා 5:10
2 රාජා. 5:14ලූක් 4:27; 5:13
2 රාජා. 5:14යෝබ් 33:25
2 රාජා. 5:15ලූක් 17:15, 16
2 රාජා. 5:15ගීතා 96:4, 5; යෙසා 43:10
2 රාජා. 5:16මතෙ 10:8
2 රාජා. 5:201රාජා 17:24
2 රාජා. 5:202රාජා 4:12; 8:4
2 රාජා. 5:202රාජා 5:1; ලූක් 4:27
2 රාජා. 5:222රාජා 5:5
2 රාජා. 5:232රාජා 5:16
2 රාජා. 5:25ක්‍රියා 5:8, 9
2 රාජා. 5:26මතෙ 10:8; ලූක් 12:15; ක්‍රියා 20:33; 1තිමෝ 6:10
2 රාජා. 5:272රාජා 5:1
2 රාජා. 5:27නික් 4:6; ගණන් 12:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 5:1-27

දෙවෙනි රාජාවලිය

5 ඒ කාලේ සිරියාවේ රජගේ හමුදාපති විදිහට සේවය කළේ නාමන්. එයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. යෙහෝවා දෙවියන් එයා මාර්ගයෙන් සිරියාවට ජය ලබා දුන්න නිසා සිරියාවේ රජ එයාව සැලකුවේ හරිම වැදගත් කෙනෙක් විදිහට. එයා යුද්දෙට ගොඩක් දක්ෂ කෙනෙක්. ඒත් එයාට ලාදුරු රෝගය* හැදිලා තිබුණා. 2 සිරියානුවන් ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න ගිය එක අවස්ථාවකදී එයාලා පොඩි දැරියක්ව අල්ලගෙන ආවා. ඒ දැරිය නාමන්ගේ බිරිඳගේ සේවිකාවක් විදිහට වැඩ කරන්න පටන්ගත්තා. 3 දවසක් ඒ දැරිය නාමන්ගේ බිරිඳට මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා සමාරියේ ඉන්න අනාගතවක්තෘවරයාව හම්බ වෙන්න ගියොත්+ එයා මගේ ස්වාමියාගේ ලාදුරු රෝගය සුව කරයි.”+ 4 ඉතින් එයා* ඊශ්‍රායෙල් දේශයෙන් අරන් ආපු දැරිය කියපු දේ එයාගේ ස්වාමියාට දැනුම් දුන්නා.

5 ඊටපස්සේ සිරියාවේ රජ නාමන්ට මෙහෙම කිව්වා. “දැන්මම යන්න. මම ඊශ්‍රායෙල්වල රජට දෙන්න ලියුමකුත් දෙන්නම්.” ඉතින් නාමන් රිදී තලෙන්ත* දහයකුයි, ෂෙකෙල්* 6,000ක් බර රත්තරනුයි, අලුත් ඇඳුම් දහයකුයි අරගෙන පිටත් වුණා. 6 නාමන් ගිහින් ඊශ්‍රායෙල්වල රජට ඒ ලියුම දුන්නා. ලියුමේ මෙහෙම සඳහන් වුණා. “මම මේ ලියුම එක්ක මගේ සේවකයා වන නාමන්ව ඔබ ළඟට එවනවා. එයා ලාදුරු රෝගියෙක්. එයාගේ ලාදුරු රෝගය සුව කරන්න.” 7 ලියුම කියවපු ගමන්ම ඊශ්‍රායෙල්වල රජ එයාගේ ඇඳුම් ඉරාගෙන මෙහෙම කිව්වා. “කෙනෙක්ට ජීවිතය දෙන්නත් ඒක ගන්නත් මට බලයක් තියෙනවාද? මොකද මං දෙවියන්ද?+ මේ මනුස්සයාගේ ලාදුරු හොඳ කරන්න කියලා මං ළඟට එවලා තියෙන්නේ මොකටද? පේනවා නේද සිරියාවේ රජ මාත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න හදන හැටි!”

8 ඊශ්‍රායෙල්වල රජ තමන්ගේ ඇඳුම් ඉරාගත්තා කියලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු වන එලිෂාට ආරංචි වුණ ගමන්ම එයා රජට මෙහෙම කියලා යැව්වා. “ඔබතුමා ඇඳුම් ඉරාගත්තේ ඇයි? එයාව මං ළඟට එවන්න. එතකොට ඊශ්‍රායෙල්වල අනාගතවක්තෘවරයෙක් ඉන්නවා කියලා එයා දැනගනියි.”+ 9 ඉතින් නාමන් එයාගේ අශ්වයනුයි, යුධ රථයි එක්ක එලිෂාගේ ගේ ළඟට ඇවිත් දොරකඩ ඉස්සරහා හිටගෙන හිටියා. 10 ඒත් එලිෂා පණිවිඩකරුවෙක් අතේ නාමන්ට මෙහෙම දැන්නුවා. “ගිහින්, හත් පාරක්+ යොර්දාන් ගඟේ ගිලිලා නාන්න.+ එතකොට ඔයාගේ තුවාල හොඳ වෙලා ඔයා පවිත්‍ර වෙයි.” 11 ඒක අහලා හොඳටම කේන්ති ගිය නාමන් මෙහෙම කියකිය එතනින් යන්න ගියා. “මං හිතුවා එයා මං ළඟට ඇවිත් මගේ ඉස්සරහා හිටගෙන එයාගේ දෙවි වන යෙහෝවාගේ නමින් කන්නලව් කරයි කියලා. තුවාලෙට උඩින් එයාගේ අත එහෙට මෙහෙට වනලා මාව සුව කරයි කියලයි මං හිතුවේ. 12 දමස්කයේ+ තියෙන අබානා ගඟයි, ෆාපර් ගඟයි ඊශ්‍රායෙල්වල තියෙන හැම ගඟකටම වඩා හොඳ නැද්ද? මට ඒ ගඟක නාලා පවිත්‍ර වෙන්න බැරිද?” එහෙම කියකිය එයා කේන්තියෙන් එතනින් යන්න පිටත් වුණා.

13 එයාගේ සේවකයෝ එයා ළඟට ඇවිල්ලා එයාට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි,* අනාගතවක්තෘවරයා අමාරු දෙයක් කරන්න කිව්වා නම් ඔබ ඒක කරන්නේ නැද්ද? ඒත් එයා ඔබට කිව්වේ ‘නාලා පවිත්‍ර වෙන්න’ කියලයි. ඒක කරන එක කොච්චර ලේසි දෙයක්ද?” 14 ඉතින් නාමන් යොර්දාන් ගඟට ගිහින් සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු කියපු විදිහටම+ හත් පාරක් ගඟේ ගිලිලා නෑවා. එතකොට එයාගේ තුවාල හොඳ වෙලා එයා පවිත්‍ර වුණා.+ එයාගේ හම පොඩි දරුවෙක්ගේ හමක් වගේ වුණා.+

15 ඊටපස්සේ නාමන් එයාගේ සෙබළු හැමෝමත් එක්ක ආපහු සැබෑ දෙවියන්ගේ+ පණිවිඩකරු ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වල මිසක් පොළොවේ වෙන කිසිම තැනක දෙවි කෙනෙක් නැහැ කියලා මම දැන් හොඳින්ම දන්නවා.+ අනේ, දැන් ඔයාගේ සේවකයා දෙන මේ තෑග්ග* පිළිගන්න.” 16 ඒත් එලිෂා මෙහෙම කිව්වා. “මං සේවය කරන ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මං කියනවා මට මේ තෑග්ග පිළිගන්න බැහැ කියලා.”+ නාමන් ඒක පිළිගන්න කියලා කොච්චර කිව්වත් එලිෂා ඒක පිළිගත්තේ නැහැ. 17 අන්තිමේදී නාමන් මෙහෙම කිව්වා. “ඔයා මගේ තෑග්ග පිළිගන්නේ නැත්තං අනේ මට මේ දේ කරන්නවත් ඉඩ දෙන්න. කොටළුවන් දෙන්නෙක්ට ගෙනියන්න පුළුවන් තරම් පස් ප්‍රමාණයක් ඊශ්‍රායෙල් දේශයෙන් ගන්න ඔබේ සේවකයා වන මට ඉඩ දෙන්න. මොකද ඔබේ සේවකයා අද ඉඳන් යෙහෝවා දෙවියන්ට ඇරෙන්න වෙන කිසිම දෙවි කෙනෙක්ට දවන පූජාවක්වත් වෙන කිසිම පූජාවක්වත් ඔප්පු කරන්නේ නැහැ. 18 ඒත් මේ කාරණයේදී විතරක් ඔබේ සේවකයාට සමාව දෙන්න කියලා මම යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලනවා. මගේ ස්වාමීන් වන රජතුමා රිම්මොන්ට නමස්කාර කරන්න දේවාලේට යනවා. එහෙම ගියාම රජතුමා මගේ අත අල්ලගෙන තමයි වැඳ වැටෙන්නේ. ඒ නිසා මටත් සිද්ධ වෙනවා රිම්මොන්ගේ දේවාලේදී දණින් වැටෙන්න. ඒ විදිහට දණින් වැටෙන එක ගැන අනේ මට සමාව දෙන්න කියලා ඔබේ සේවකයා වන මං යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලනවා.” 19 එතකොට එලිෂා “කරදර වෙන්න එපා. දැන් යන්න” කියලා එයාට කිව්වා. නාමන් එලිෂා ළඟින් පිටත් වෙලා ටික දුරක් ගිහින් තිබුණා. 20 ඔය අතරේ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු වන එලිෂාගේ සේවකයා+ වුණ ගෙහාසී+ මෙහෙම හිතුවා. ‘මගේ ස්වාමියා සිරියාවේ ඉඳන් ආපු නාමන්+ ගෙනාපු දේවල් ගන්නේ නැතුව එයාට යන්න ඇරියානේ. ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මං මේ කියන්නේ මං එයාගේ පස්සෙන් දුවගෙන ගිහින් මොනවා හරි ඉල්ලගන්නවා.” 21 ඉතින් ගෙහාසී නාමන් පස්සේ දුවගෙන ගියා. කෙනෙක් එයාගේ පස්සෙන් දුවගෙන එනවා කියලා නාමන් දැක්කාම එයා අශ්ව රථයෙන් බැහැලා “ඔයාට මොකක් හරි කරදරයක්ද” කියලා ඇහුවා. 22 එතකොට ගෙහාසී මෙහෙම උත්තර දුන්නා. “නෑ, නෑ කරදරයක් නෙමෙයි. මගේ ස්වාමියා තමයි ඔබ ළඟට මාව එව්වේ. එයා කියන්න කිව්වා ‘එෆ්‍රායිම් කඳුකරයේ ඉඳන් අනාගතවක්තෘවරුන්ගේ පුතාලා දෙන්නෙක් මේ දැන් මගේ ගෙදරට ආවා’ කියලා. ඉතින් එයා ඇහුවා ‘එයාලට දෙන්න රිදී තලෙන්තයකුයි, අලුත් ඇඳුම් දෙකකුයි දෙන්න පුළුවන්ද’+ කියලා.” 23 එතකොට නාමන් “තලෙන්ත දෙකක්ම ගන්න” කියලා කිව්වා. එයා බලෙන්ම+ රිදී තලෙන්ත දෙකක් ඔතලා ඇඳුම් දෙකකුත් එක්ක මලු දෙකකට දාලා දුන්නා. ඊටපස්සේ එයාගේ සේවකයන් දෙන්නෙක්ට කිව්වා ඒවා උස්සගෙන යන්න කියලා. ඒ දෙන්නා ඒවා අරගෙන ගෙහාසීට ඉස්සරහින් ගියා.

24 ගෙහාසී ඕෆෙල්වලට* ආවාට පස්සේ ඒ මලු දෙක සේවකයන්ගෙන් අරගෙන ඒවා එයාගේ ගෙදරින් තිබ්බා. ඊටපස්සේ සේවකයන් දෙන්නාව පිටත් කරලා යැව්වා. එයාලා ගියාට පස්සේ 25 එයා ආපහු එයාගේ ස්වාමියා ළඟට ගියා. එතකොට එලිෂා මෙහෙම ඇහුවා. “ගෙහාසී, ඔයා කොහෙද ගියේ?” එයා කිව්වා “ඔයාගේ සේවකයා කොහෙවත් ගියේ නෑ”+ කියලා. 26 එතකොට එලිෂා එයාට මෙහෙම කිව්වා. “ඔයා හිතනවාද ඔයා ඒ මනුස්සයා පස්සේ ගිය එක මං දන්නේ නෑ කියලා? ඔයාව හම්බ වෙන්න එයා අශ්ව රථයෙන් බැස්ස එක මං දන්නේ නෑ කියලා හිතුවාද? මේක රිදී, ඇඳුම්, ඔලීවවතු, මිදිවතු පිළිගන්න කාලයක්ද? බැටළුවන්වයි, ගවයන්වයි, සේවක සේවිකාවන්වයි තෑගි විදිහට ගන්න මේක කාලයක් කියලා ඔයා හිතනවාද?+ 27 ඔයා කරපු දේ නිසා නාමන්ට තිබුණ ලාදුරු රෝගය+ දැන් ඔයාට හැදෙයි. ඒක හැදුණ කෙනෙක් හැමදාම ඔයාගේ පවුලේ ඉඳියි.” එතකොටම ගෙහාසීට ලාදුරු රෝගය හැදුණා. එයාගේ හම හිම වගේ සුදු වුණා.+ ඊටපස්සේ එයා එතනින් යන්න ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න