ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • මිනී මැරුමක් ගැන තොරතුරු නැත්නම් (1-9)

      • වහලුන් අතරේ ඉන්න තරුණියක්ව විවාහ කරගන්න එක (10-14)

      • කුලුඳුලාගේ අයිතිය (15-17)

      • මුරණ්ඩු පුතෙක් (18-21)

      • කණුවක එල්ලන්නේ ශාප ලබපු කෙනෙක් (22, 23)

ද්විතීය කතාව 21:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:18

ද්විතීය කතාව 21:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:33

ද්විතීය කතාව 21:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:1
  • +ගණන් 6:23-27; 1ලේක 23:13
  • +ද්වි 17:8, 9

ද්විතීය කතාව 21:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:6; මතෙ 27:24

ද්විතීය කතාව 21:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:23
  • +යෙසා 26:21; යෙරෙ 26:15

ද්විතීය කතාව 21:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:9; ද්වි 20:13, 14

ද්විතීය කතාව 21:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:29; ද්වි 34:8

ද්විතීය කතාව 21:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 24:1

ද්විතීය කතාව 21:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:30, 33

ද්විතීය කතාව 21:17

පාදසටහන්

  • *

    හෝ, “පුරුෂ ශක්තියේ මුල්ම පලය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:31; 2ලේක 21:3

ද්විතීය කතාව 21:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12; ද්වි 27:16; හිතෝ 1:8; එෆී 6:1
  • +ද්වි 8:5; හිතෝ 13:24; 19:18; 23:13; හෙබ්‍රෙ 12:9

ද්විතීය කතාව 21:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:7
  • +රෝම 13:13; 1කොරි 6:10; එෆී 5:18

ද්විතීය කතාව 21:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:10, 11

ද්විතීය කතාව 21:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:5
  • +යොෂු 10:26; ක්‍රියා 10:39

ද්විතීය කතාව 21:23

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 8:29; යොහ 19:31
  • +ගලා 3:13
  • +ගණන් 35:34

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 21:2ද්වි 16:18
ද්වි. 21:4ගණන් 35:33
ද්වි. 21:5නික් 28:1
ද්වි. 21:5ගණන් 6:23-27; 1ලේක 23:13
ද්වි. 21:5ද්වි 17:8, 9
ද්වි. 21:6ගීතා 26:6; මතෙ 27:24
ද්වි. 21:82සාමු 7:23
ද්වි. 21:8යෙසා 26:21; යෙරෙ 26:15
ද්වි. 21:10ගණන් 31:9; ද්වි 20:13, 14
ද්වි. 21:13ගණන් 20:29; ද්වි 34:8
ද්වි. 21:14ද්වි 24:1
ද්වි. 21:15උත් 29:30, 33
ද්වි. 21:17උත් 25:31; 2ලේක 21:3
ද්වි. 21:18නික් 20:12; ද්වි 27:16; හිතෝ 1:8; එෆී 6:1
ද්වි. 21:18ද්වි 8:5; හිතෝ 13:24; 19:18; 23:13; හෙබ්‍රෙ 12:9
ද්වි. 21:20හිතෝ 28:7
ද්වි. 21:20රෝම 13:13; 1කොරි 6:10; එෆී 5:18
ද්වි. 21:21ද්වි 13:10, 11
ද්වි. 21:22ගණන් 25:5
ද්වි. 21:22යොෂු 10:26; ක්‍රියා 10:39
ද්වි. 21:23යොෂු 8:29; යොහ 19:31
ද්වි. 21:23ගලා 3:13
ද්වි. 21:23ගණන් 35:34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 21:1-23

ද්විතීය කතාව

21 “හිතන්න, ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ තියෙන ඉඩමක කවුරු හරි කෙනෙක්ව මරලා දාලා තියෙනවා කියලා. එයාව මැරුවේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. 2 එහෙම දෙයක් වුණොත් වැඩිමහල්ලන් සහ විනිශ්චයකරුවන්+ මිනිය තියෙන තැනට ගිහින් එතනට කිට්ටුවෙන්ම තියෙන නගරේ මොකක්ද කියලා බලන්න ඕනේ. 3 ඊටපස්සේ මිනිය තිබුණ තැනට ළඟින්ම තියෙන නගරේ ඉන්න වැඩිමහල්ලන් කවදාවත් වියගහක බැඳලා නැති, වෙන කිසිම වැඩකට අරගෙන නැති වැස්සියෙක්ව තෝරගන්න ඕනේ. 4 ඊටපස්සේ ඒ වැස්සියව දිය පහරක් ගලාගෙන යන නිම්නයකට අරගෙන යන්න. ඒ නිම්නය කවදාවත් හාලා නැති, බීජ වපුරලා නැති එකක් වෙන්න ඕනේ. එහෙට ගිහිල්ලා වැඩිමහල්ලන් වැස්සියගේ බෙල්ලට පහර දීලා ඌව මරන්න ඕනේ.+

5 “ඒ වෙලාවේදී ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කීපදෙනෙකුත් එතන ඉන්න ඕනේ. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුට සේවය කරන්නත්+ යෙහෝවාගේ නමින් සෙනඟට ආශීර්වාද කරන්නත්+ තෝරගෙන තියෙන්නේ එයාලවයි. දරුණු අපරාධයක් වුණ වෙලාවක ඒක විසඳන්නේ කොහොමද කියලා තීරණය කරන්න පත් කරලා තියෙන්නෙත් එයාලවයි.+ 6 මිනිය තිබුණ තැනට කිට්ටුවෙන්ම තියෙන නගරේ ඉන්න ඔක්කොම වැඩිමහල්ලෝ එයාලාගේ අත් නිම්නයේදී මරපු වැස්සියට උඩින් හිටින්න අල්ලලා හෝදගන්න ඕනේ.+ 7 ඊටපස්සේ එයාලා මෙහෙම කියන්න ඕනේ. ‘මේ මනුස්සයාගේ ලේ හැලුවේ අපි නෙමෙයි. ඒක කළේ කවුද කියලා අපි දැක්කෙත් නැහැ. 8 අනේ යෙහෝවා, ඔයා නිදහස් කරගෙන ආපු ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්+ පිටට මේ වරද දාන්න එපා. අහිංසක කෙනෙක්ගේ ලේ හලපු වරදින් ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන්න.’+ එතකොට එයාලට ඒ කෙනාගේ ජීවිතය වෙනුවෙන් වග කියන්න වෙන්නේ නැහැ. 9 එහෙම කරන එකෙන් යෙහෝවා ඉස්සරහා හරි දේ කරලා අහිංසක කෙනෙක්ගේ ලේ හලපු වරදින් නිදහස් වෙන්න ඔයාලට පුළුවන්.

10 “සතුරන් එක්ක යුද්ධ කරද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා වෙනුවෙන් සටන් කරලා සතුරන්ව පරාජය කරලා දුන්නාම ඔයාලා ඒ අයව වහලුන් කරගනියි.+ 11 ඒ වහලුන් අතරේ ඉන්න ලස්සන තරුණියකට ඔයාගේ හිත ඇදිලා ගිහින් එයාව විවාහ කරගන්න හිතුණොත් 12 ඔයාට පුළුවන් එයාව ගෙදරට එක්කගෙන යන්න. එයා එයාගේ ඔළුව බූ ගාලා නියපොතු කපලා 13 වහල්කමට ගත්ත වෙලාවේ ඇඳගෙන හිටපු ඇඳුම් අයින් කරන්න ඕනේ. ඊටපස්සේ එයාට පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න. එයාගේ මැරුණ අම්මායි, තාත්තායි ගැන වැලපෙන්න එයාට මාසයක් කල් දෙන්න.+ ඊටපස්සේ එයාව ඔයාගේ බිරිඳ විදිහට භාරගන්න. ඔයාලට අඹු සැමියන් විදිහට ජීවත් වෙන්න පුළුවන්. 14 හැබැයි ඔයාට එයාව එපා වුණොත් එයාට කැමති තැනකට යන්න අවසර දෙන්න.+ ඔයා එයාව බලෙන් විවාහ කරගත්ත නිසා එයාව සල්ලිවලට විකුණන්නවත් එයාට නපුරු විදිහට සලකන්නවත් ඔයාට අවසර නැහැ.

15 “පුරුෂයෙක්ට භාර්යාවන් දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. එක් කෙනෙක්ට එයා වැඩියෙන් ආදරේ කරනවා. ඒ දෙන්නාටම පුතාලා හිටියත් කුලුඳුල් පුතා හම්බුණේ එයා එච්චර ආදරේ කරන්නේ නැති බිරිඳගෙන් වෙන්න පුළුවන්.+ 16 එයා උරුමය බෙදද්දී කුලුඳුලාට අඩු සැලකිල්ලක් පෙන්නලා එයා ආදරේ කරන බිරිඳගේ පුතාට වැඩි සැලකිල්ලක් පෙන්නන්න එයාට බැහැ. කුලුඳුල් පුතාට ලැබෙන්න ඕනෙ අයිතිය එයා ආදරේ කරන බිරිඳගේ පුතාට දෙන්න අවසර නැහැ. 17 මොකද එච්චර ආදරේ කරන්නේ නැති බිරිඳගේ පුතා වුණත් එයා තමයි මුලින්ම ලැබුණ දරුවා.* කුලුඳුලා විදිහට එයාව පිළිගන්න. ඒ නිසා කුලුඳුලා විදිහට එයාගේ අයිතිය+ ඒ කියන්නේ හැම දේකින්ම කොටස් දෙක ගාණේ එයාට දෙන්න.

18 “කෙනෙක්ට හරිම මුරණ්ඩු, කැරලිකාර පුතෙක් ඉන්නවා කියලා හිතන්න. එයාගේ අම්මා හරි තාත්තා හරි කියන කිසිම දෙයක් එයා අහන්නේ නැහැ.+ කොච්චර උත්සාහ කළත් එයාව හදන්න බැරි නම්+ 19 එයාගේ දෙමාපියන් නගරේ දොරටුව ළඟ රැස් වෙන වැඩිමහල්ලන් ළඟට එයාව එක්කගෙන යන්න ඕනේ. 20 එයාලා වැඩිමහල්ලන්ට මෙහෙම කියන්න ඕනේ. ‘අපේ පුතා හරිම මුරණ්ඩුයි. කැරලිකාරයි. අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. එයා හරිම කෑදරයි.+ ඒ මදිවට බේබදුකමටත් වැටිලා.’+ 21 ඒ නගරේ ඉන්න පුරුෂයන් ඔක්කොම එකතු වෙලා එයාට ගල් ගහලා මරන්න ඕනේ. දුෂ්ටකම් කරන කෙනාව ඔයාලා අතරින් අයින් කරන්න. ඒ ගැන මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ආරංචි වුණාම එයාලට බයක් ඇති වෙයි.+

22 “කෙනෙක් මරණ දඬුවම ලබන්න සුදුසු වරදක් කළොත් එයාව මරලා+ එයාගේ ශරීරය ලී කණුවක එල්ලලා තියන්න.+ 23 ඒත් මළ සිරුර මුළු රෑම ඒ කණුවේ එල්ලලා තියන්න එපා.+ එයාව ඒ දවස ඇතුළත තැන්පත් කරන්න. මොකද කණුවක එල්ලන්නේ දෙවියන්ගෙන් ශාපයක් ලබපු කෙනෙක්වයි.+ ඒ දවස ඇතුළත එයාව තැන්පත් කළේ නැත්නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශය අපවිත්‍ර වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න