ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • හෙසකියා යූදාවල රජ වෙයි (1-8)

      • ඊශ්‍රායෙල් රාජ්‍යයේ වැටීම ගැන සාරාංශයක් (9-12)

      • සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කරයි (13-18)

      • රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා යෙහෝවාට නින්දා කරයි (19-37)

2 රාජාවලිය 18:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 15:30; 17:1
  • +2රාජා 16:2, 20
  • +2ලේක 28:27; මතෙ 1:9

2 රාජාවලිය 18:2

පාදසටහන්

  • *

    අබියා කියන නම කෙටි කරලා.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 29:1, 2

2 රාජාවලිය 18:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:5
  • +2රාජා 20:3; 2ලේක 31:20, 21; ගීතා 119:128

2 රාජාවලිය 18:4

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “නෙහුෂ්ටාන් කියලා හැඳින්නුවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:52; 1රාජා 3:2; 2රාජා 14:1, 4
  • +ද්වි 7:5; 12:3; 2ලේක 31:1
  • +ගණන් 21:8, 9

2 රාජාවලිය 18:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 19:15; 2ලේක 32:7, 8

2 රාජාවලිය 18:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:20; යොෂු 23:8

2 රාජාවලිය 18:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 16:7

2 රාජාවලිය 18:8

පාදසටහන්

  • *

    ඒ කියන්නේ සෙනඟ ගොඩක් හිටපු තැන් වගේම වැඩිය සෙනඟ නැති තැන් පවා එයා අල්ලගත්තා.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 28:18, 19; යෙසා 14:28, 29

2 රාජාවලිය 18:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:1
  • +2රාජා 17:3-6

2 රාජාවලිය 18:10

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 13:16; ආමො 3:11; මීකා 1:6

2 රාජාවලිය 18:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:4; ආමො 6:1, 7
  • +2රාජා 17:6; 1ලේක 5:26

2 රාජාවලිය 18:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:20; 1රාජා 14:15

2 රාජාවලිය 18:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:5
  • +2ලේක 32:1; යෙසා 36:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සියලුම ජනයා සඳහා පොතක්, 14-15 පි.

    මුරටැඹ,

    6/1/1993, 5-6 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 20 පි.

2 රාජාවලිය 18:14

පාදසටහන්

  • *

    තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය I, 383-385 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 14-15 පි.

    මුරටැඹ,

    6/1/1993, 5-6 පි.

2 රාජාවලිය 18:15

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 12:18; 16:8; 2ලේක 16:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1993, 6 පි.

2 රාජාවලිය 18:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 29:1, 3
  • +1රාජා 6:33-35

2 රාජාවලිය 18:17

පාදසටහන්

  • *

    හෝ, “හමුදාපති.”

  • *

    හෝ, “රජමාලිගාවේ ප්‍රධාන නිලධාරියා.”

  • *

    හෝ, “කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:9
  • +යොෂු 15:20, 39; 2ලේක 11:5, 9
  • +යෙසා 36:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය I, 385-386 පි.

2 රාජාවලිය 18:18

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 19:2; යෙසා 22:20-24
  • +යෙසා 22:15-19

2 රාජාවලිය 18:19

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:10; යෙසා 36:4-10

2 රාජාවලිය 18:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:7

2 රාජාවලිය 18:21

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 12-13 පි.

    8/1/2005, 11 පි.

2 රාජාවලිය 18:22

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:8
  • +2ලේක 31:1
  • +ද්වි 12:11, 13; 2ලේක 32:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 13 පි.

2 රාජාවලිය 18:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:12, 13

2 රාජාවලිය 18:26

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:18
  • +2රාජා 18:17
  • +එස්රා 4:7; දානි 2:4
  • +යෙසා 36:11, 12

2 රාජාවලිය 18:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 36:13-20

2 රාජාවලිය 18:29

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:15

2 රාජාවලිය 18:30

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 19:32-34

2 රාජාවලිය 18:31

පාදසටහන්

  • *

    ඒ කියන්නේ වතුර එකතු කරලා තියාගන්න හාරපු වළක්.

2 රාජාවලිය 18:32

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:6

2 රාජාවලිය 18:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:21
  • +2රාජා 17:24
  • +2රාජා 17:6

2 රාජාවලිය 18:35

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 19:17-19; 2ලේක 32:15; යෙසා 37:23

2 රාජාවලිය 18:36

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 36:21, 22

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 18:12රාජා 15:30; 17:1
2 රාජා. 18:12රාජා 16:2, 20
2 රාජා. 18:12ලේක 28:27; මතෙ 1:9
2 රාජා. 18:22ලේක 29:1, 2
2 රාජා. 18:31රාජා 15:5
2 රාජා. 18:32රාජා 20:3; 2ලේක 31:20, 21; ගීතා 119:128
2 රාජා. 18:4ගණන් 33:52; 1රාජා 3:2; 2රාජා 14:1, 4
2 රාජා. 18:4ද්වි 7:5; 12:3; 2ලේක 31:1
2 රාජා. 18:4ගණන් 21:8, 9
2 රාජා. 18:52රාජා 19:15; 2ලේක 32:7, 8
2 රාජා. 18:6ද්වි 10:20; යොෂු 23:8
2 රාජා. 18:72රාජා 16:7
2 රාජා. 18:82ලේක 28:18, 19; යෙසා 14:28, 29
2 රාජා. 18:92රාජා 17:1
2 රාජා. 18:92රාජා 17:3-6
2 රාජා. 18:10හොෂෙ 13:16; ආමො 3:11; මීකා 1:6
2 රාජා. 18:11යෙසා 8:4; ආමො 6:1, 7
2 රාජා. 18:112රාජා 17:6; 1ලේක 5:26
2 රාජා. 18:12ද්වි 8:20; 1රාජා 14:15
2 රාජා. 18:13යෙසා 10:5
2 රාජා. 18:132ලේක 32:1; යෙසා 36:1
2 රාජා. 18:152රාජා 12:18; 16:8; 2ලේක 16:2, 3
2 රාජා. 18:162ලේක 29:1, 3
2 රාජා. 18:161රාජා 6:33-35
2 රාජා. 18:172ලේක 32:9
2 රාජා. 18:17යොෂු 15:20, 39; 2ලේක 11:5, 9
2 රාජා. 18:17යෙසා 36:2, 3
2 රාජා. 18:182රාජා 19:2; යෙසා 22:20-24
2 රාජා. 18:18යෙසා 22:15-19
2 රාජා. 18:192ලේක 32:10; යෙසා 36:4-10
2 රාජා. 18:202රාජා 18:7
2 රාජා. 18:21යෙසා 30:1, 2
2 රාජා. 18:222ලේක 32:8
2 රාජා. 18:222ලේක 31:1
2 රාජා. 18:22ද්වි 12:11, 13; 2ලේක 32:12
2 රාජා. 18:23යෙසා 10:12, 13
2 රාජා. 18:262රාජා 18:18
2 රාජා. 18:262රාජා 18:17
2 රාජා. 18:26එස්රා 4:7; දානි 2:4
2 රාජා. 18:26යෙසා 36:11, 12
2 රාජා. 18:28යෙසා 36:13-20
2 රාජා. 18:292ලේක 32:15
2 රාජා. 18:302රාජා 19:32-34
2 රාජා. 18:322රාජා 17:6
2 රාජා. 18:34ගණන් 13:21
2 රාජා. 18:342රාජා 17:24
2 රාජා. 18:342රාජා 17:6
2 රාජා. 18:352රාජා 19:17-19; 2ලේක 32:15; යෙසා 37:23
2 රාජා. 18:36යෙසා 36:21, 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 18:1-37

දෙවෙනි රාජාවලිය

18 ඒලාගේ පුතා වුණ හෝෂෙයා+ ඊශ්‍රායෙල්වල රජකම් කරපු තුන්වෙනි අවුරුද්දේදී තමයි යූදාවල රජකම් කරපු ආහස්ගේ+ පුතා වුණ හෙසකියා+ රජකමට පත් වුණේ. 2 හෙසකියා රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 29ක් පාලනය කළා. හෙසකියාගේ අම්මාගේ නම අබි.* අබි සෙකරියාගේ දුව.+ 3 හෙසකියා එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් වගේ+ යෙහෝවා හරියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 4 එයා තමයි නමස්කාර කරන්න හදලා තිබුණ උස් තැන් අයින් කරලා දැම්මේ.+ නමස්කාර කරන්න ඉදි කරපු කුලුනු සහ කණුව* කඩලා බිඳලා දැම්මෙත් එයායි.+ මෝසෙස් හදපු තඹ සර්පයාවත් හෙසකියා කුඩු කරලා දැම්මා.+ මොකද ඊශ්‍රායෙල් සෙනඟ ඒ වෙන කල්ම ඒකට පූජා ඔප්පු කළා. තඹ සර්ප රූපේ කියන නමත් ඒකට දීලා තිබුණා.* 5 හෙසකියා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කළා.+ එයාට කලින්වත් එයාට පස්සෙවත් යූදා දේශය පාලනය කරපු රජවරුන් අතරේ හෙසකියා වගේ රජ කෙනෙක් හිටියේ නැහැ. 6 එයා යෙහෝවාව අත්හැරියේම නැහැ.+ හැම වෙලේම ඔහුට කීකරු වුණා. යෙහෝවා මෝසෙස්ට දුන්න ආඥා හෙසකියා දිගටම පිළිපැද්දා. 7 යෙහෝවා හෙසකියා ළඟින්ම හිටියා. හෙසකියා මොන දේ කළත් එයා ඥානවන්තව වැඩ කළා. ඇසිරියාවේ රජ යටතේ ඉන්න එයා කැමති වුණේ නැති නිසා එයා ඇසිරියාවේ රජට විරුද්ධව කැරලිගැහුවා.+ 8 හෙසකියා පිලිස්තිවරුන්ට+ පහර දීලා එයාලව පරාජය කළා. ගාසා සහ ඒ අවට මුළු ප්‍රදේශයම එයා ඒ විදිහට යටත් කරගත්තා. පොඩි මුරකොටුවේ ඉඳන් පවුරුවලින් වට වුණ ලොකු නගර හැම එකක්ම එයා අල්ලගත්තා.*

9 හෙසකියා රජ පාලනය කරපු හතරවෙනි අවුරුද්දේදී ඒ කියන්නේ ඒලාගේ පුතා වුණ හෝෂෙයා+ ඊශ්‍රායෙල්වල රජකම් කරපු හත්වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ වුණ ෂල්මනෙසෙර් සමාරිය වැටලුවා.+ 10 අවුරුදු තුනකට පස්සේ ඒ කියන්නේ ඊශ්‍රායෙල්වල රජ වුණ හෝෂෙයා පාලනය කරපු නමවෙනි අවුරුද්දේදී ඇසිරියානුවන් සමාරිය අල්ලගත්තා.+ ඒක වුණේ හෙසකියා පාලනය කරපු හයවෙනි අවුරුද්දේදී. 11 ඊටපස්සේ ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන් ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+ 12 එහෙම වුණේ එයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට ඊශ්‍රායෙල් සෙනඟ ඇහුම්කන් දුන්නේ නැති නිසයි. ඔහු එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා ආයේ ආයේ කඩපු නිසයි. යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් එයාලට අණ කරපු හැම දෙයක්ම එයාලා කඩපු නිසයි.+ ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ට ඇහුම්කන් දුන්නෙවත් ඔහුට කීකරු වුණේවත් නැහැ.

13 හෙසකියා රජ පාලනය කරපු 14වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ+ වුණ සෙනකෙරිබ් යූදාවල තිබුණ පවුරුවලින් වට වුණ හැම නගරයකටම විරුද්ධව සටන් කරලා ඒවා අල්ලගත්තා.+ 14 ඉතින් යූදාවල රජ වුණ හෙසකියා ලාකිෂ්වල හිටපු ඇසිරියාවේ රජට මේ පණිවිඩය යැව්වා. “මං වරදක් කළා කියලා පිළිගන්නවා. දැන් මට විරුද්ධව සටන් කරන එක නවත්තන්න. ඔබ මගෙන් ඉල්ලන ඕනෙම දෙයක් මම දෙන්නම්.” එතකොට ඇසිරියාවේ රජ දඩයක් විදිහට රිදී තලෙන්ත* 300කුයි, රත්තරන් තලෙන්ත 30කුයි දෙන්න කියලා යූදාවල රජ වුණ හෙසකියාට නියම කළා. 15 ඉතින් හෙසකියා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල තිබුණ ඔක්කොම රිදී ඇසිරියාවේ රජට දුන්නා.+ 16 හෙසකියා රජ එයාම රත්තරන්වලින් ආවරණය කරපු+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරවලුයි,+ උළුවහුයි ගලවලා ඒ රත්තරන් ඇසිරියාවේ රජට දුන්නා.

17 ඊටපස්සේ ඇසිරියාවේ රජ තර්තාන්,* රබ්සාරිස්* සහ රබ්ෂාකේ* කියන තනතුරු දරපු අයව ලොකු හමුදාවක් එක්ක යෙරුසලමේ හිටපු හෙසකියා රජ ළඟට යැව්වා.+ එයාලා ලාකිෂ්වල+ ඉඳන් යෙරුසලමට ඇවිල්ලා රෙදි හෝදන අය වැඩ කරන තැනට යන පාරේ තිබුණ ඉහළ පොකුණේ දිය අගල ළඟ නතර වුණා.+ 18 ඇවිත් එයාලව හම්බ වෙන්න කියලා රජට කිව්වාම හිල්කියාගේ පුතා වුණ රජමාලිගාවේ වැඩකටයුතු භාරව හිටපු එලියාකීම්,+ ලේකම් වුණ ෂෙබ්නාහ්+ සහ ආසාෆ්ගේ පුතා වුණ වාර්තාකරු යෝවා එයාලව හම්බ වෙන්න ගියා.

19 එතකොට රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා එයාලට මෙහෙම කිව්වා. “කරුණාකරලා ගිහින් හෙසකියාට කියන්න ‘ඇසිරියාවේ රජ වන මහ රජ්ජුරුවෝ එයාට මෙහෙම කිව්වා කියලා. “ඔබ කවුරු ගැනද විශ්වාසය තියාගෙන ඉන්නේ?+ 20 ඔබ මහ ලොකුවට කියනවා ‘යුද්ධ කරන්න හොඳ සැලැස්මකුයි, හොඳ හමුදා බලයකුයි මට තියෙනවා’ කියලා. ඒවා නිකම් බොරු කතා විතරයි. කාගේ හයියක් අරන්ද ඔබ මට විරුද්ධව මෙහෙම කැරලිගහන්නේ?+ 21 ඔබ විශ්වාසය තියාගෙන ඉන්නේ තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුව ගැනද?+ වැටෙන්න යද්දී තැළුණු බට දණ්ඩක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අත තුවාල වෙන එක විතරයි නේද? ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටම වෙන්නෙත් ඒකම තමයි. 22 එහෙම නැත්තං ඔබ මට කියන්න හදන්නේ ‘අපි අපේ දෙවි වන යෙහෝවා ගැන විශ්වාසය තියනවා’+ කියලද? ඒ දෙවියන්ගේ පූජාසනයි, එයාට නමස්කාර කරන්න හදපු උස් තැනුයි නේද හෙසකියා කඩලා දැම්මේ?+ එයා ඒවා කඩලා දාලා ‘යෙරුසලමේ තියෙන පූජාසනය ඉස්සරහා නමස්කාර කරන්න’ කියලා යූදාවලයි, යෙරුසලමෙයි ඉන්න මිනිස්සුන්ට කිව්වේ නැද්ද?”’+ 23 මං කැමතියි මගේ ස්වාමීන් වන ඇසිරියාවේ රජගේ නමින් ඔබට මේ අභියෝගය කරන්න. මං අශ්වයන් 2,000ක් දුන්නොත් ඒ ගාණට හරියන්න අසරුවන්ව ඔබට හොයාගන්න පුළුවන්ද?+ 24 හරි අපි හිතමු ඊජිප්තුවෙන් අශ්ව රථයි, අසරුවනුයි ඔබට ලැබුණා කියලා. ඒත් මගේ ස්වාමියාට සේවය කරන සුළුම නිලධාරියෙක්වවත් පරද්දන්න ඔබට පුළුවන්ද? 25 මම මේ නගරේ විනාශ කරන්න ආවේ යෙහෝවා දෙවියන්ගේ අවසරය නැතුව කියලද ඔබ හිතන්නේ? යෙහෝවා දෙවියන්ම තමයි මට කිව්වේ ‘ගිහින් ඒ දේශය විනාශ කරන්න’ කියලා.”

26 එතකොට හිල්කියාගේ පුතා වුණ එලියාකීම්, එයාත් එක්ක හිටපු ෂෙබ්නාහ්+ සහ යෝවා රබ්ෂාකේ+ කියන තනතුර දරපු කෙනාට මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපිට ඇරමයික භාෂාව+ තේරෙනවා. ඉතින් අපිත් එක්ක ඒ භාෂාවෙන් කතා කරන්න. ඔබ යුදෙව්වන්ගේ භාෂාවෙන් අපිත් එක්ක කතා කරද්දී ඔබ කියන දේ පවුර උඩ ඉන්න අයටත් තේරෙනවා.”+ 27 ඒත් රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා හිතුවාද මගේ ස්වාමියා මාව එව්වේ ඔයාලටයි, ඔයාලාගේ ස්වාමියාටයි විතරක් මේ පණිවිඩේ දෙන්න කියලා? මේ පණිවිඩේ පවුර උඩ ඉන්න හැමෝමත් අහන්න ඕනේ. මොකද වැඩි දවසක් යන්න කලින් ඔය දෙගොල්ලන්ටම සිද්ධ වෙන්නේ ඔයාලාගෙම අසූචි කන්නයි, මුත්‍රා බොන්නයි.”

28 ඊටපස්සේ රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා කෑගහලා යුදෙව් භාෂාවෙන්ම මෙහෙම කිව්වා. “ඇසිරියාවේ රජ වන මහ රජ්ජුරුවන්ගේ පණිවිඩේට ඇහුම්කන් දෙන්න.+ 29 රජ්ජුරුවන් මෙහෙම කියනවා. ‘හෙසකියා කියන දේවල්වලට රැවටෙන්න එපා. මගේ අතින් ඔයගොල්ලන්ව ගලවගන්න එයාට බැහැ.+ 30 හෙසකියා ඔයාලට මෙහෙම කියයි. “යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපිව ගලවගන්නවා. ඔහු මේ නගරේ අල්ලගන්න ඇසිරියාවේ රජට කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.”+ ඒ දේවල් කියලා යෙහෝවා දෙවියන් ගැන ඔයාලාගේ හිත්වල විශ්වාසයක් ඇති කරන්න එයා හදයි. ඒත් ඕවාට අහු වෙන්න එපා. 31 හෙසකියා කියන දේවල් පොඩ්ඩක්වත් අහන්න එපා. මොකද ඇසිරියාවේ රජ ඔයාලට කියන්නේ මේකයි. “මට යටත් වෙලා ආශීර්වාද ලබාගන්න. එහෙම කළොත් ඔයාලා හැමෝටම ඔයාලාගෙම මිදිවැලෙන්, ඔයාලාගෙම අත්තික්කා ගහෙන් ගෙඩි කන්න පුළුවන් වෙයි. ඔයාලාගෙම ළිඳෙන්* වතුර බොන්නත් ඔයාලට පුළුවන් වෙයි. 32 ඊටපස්සේ මම ඇවිල්ලා ඔයාලාගේ දේශය වගේ හොඳ දේශයකට ඔයාලව එක්කගෙන යන්නම්.+ ඒ දේශයේ ධාන්‍ය, අලුත් වයින්, රොටි, මිදිවතු, ඔලීව ගස්, මීපැණි ඇති තරම් තියෙනවා. මං කියන විදිහට කළොත් ඔයාලා මැරෙන්නේ නැහැ. දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා හෙසකියා කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න එපා. ‘යෙහෝවා දෙවියන් අපිව ගලවගනියි’ කියකිය එයා ඔයාලව රවට්ටනවා. 33 ඇසිරියාවේ රජ වන මං කොච්චර ජාතීන් යටත් කරගත්තාද! ඒ ජාතීන් අදහපු එක දෙවියෙක්ටවත් පුළුවන් වුණාද මගේ අතින් එයාලාගේ දේශය ගලවගන්න? 34 හමාත්,+ අර්පාද් නගරවල හිටපු දෙවිවරු දැන් කෝ? සෙෆාවායිම්,+ හේනා, ඉව්වා නගරවල හිටපු දෙවිවරු දැන් කෝ? එයාලට පුළුවන් වුණාද සමාරිය මගේ අතින් ගලවගන්න?+ 35 මගේ අතින් එයාලාගේ දේශයන් බේරගන්න ඒ එක දෙවියෙක්ටවත් බැරි වුණා. එහෙනම් යෙරුසලම මගේ අතින් ගලවගන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා ඔයාලා හිතන්නේ කොහොමද?”’”+

36 ඒත් සෙනඟ මුකුත් කියන්නේ නැතුව නිශ්ශබ්දව හිටියා. මොකද “එයාට කිසිම දෙයක් කියන්න එපා”+ කියලා රජ අණ කරලා තිබුණා. 37 ඒත් හිල්කියාගේ පුතා වුණ රජමාලිගාවේ වැඩකටයුතු භාරව හිටපු එලියාකීම්, ලේකම් වුණ ෂෙබ්නාහ් සහ ආසාෆ්ගේ පුතා වුණ වාර්තාකරු යෝවා එයාලාගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ගියා. රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා කියපු දේවල් එයාලා හෙසකියාට කිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න