ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • දවන පූජා ඔප්පු කරන පූජාසනය (1-7)

      • තඹවලින් හදපු වතුර භාජනය (8)

      • මළුව (9-20)

      • ශුද්ධ කූඩාරමේ භාණ්ඩ ගණන් කරලා සටහන් කරගනියි (21-31)

නික්මයාම 38:1

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:1-8; 40:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

නික්මයාම 38:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 1:5

නික්මයාම 38:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

නික්මයාම 38:8

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ඔප මට්ටම් කරපු ලෝහවලින් හදපු කැඩපත් ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:18; ලෙවී 8:11; 1රාජා 7:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2015, 15 පි.

නික්මයාම 38:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:8
  • +නික් 27:9-15

නික්මයාම 38:10

පාදසටහන්

  • *

    හෝ, “මුදු, කොකු නැත්නම් පටි.”

නික්මයාම 38:13

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මළුවේ දොරටුව තියෙන පැත්ත.

නික්මයාම 38:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:17

නික්මයාම 38:18

පාදසටහන්

  • *

    හෝ, “ඇතුල් වෙන තැන එල්ලුවා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:16

නික්මයාම 38:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:19

නික්මයාම 38:21

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:16; 31:18; ගණන් 17:7
  • +ගණන් 3:6; 4:46, 47
  • +නික් 6:23; ගණන් 4:28; 1ලේක 6:3

නික්මයාම 38:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:2-5; 35:30; 36:1; 37:1; 2ලේක 1:5

නික්මයාම 38:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:6; 35:34; 36:2

නික්මයාම 38:24

පාදසටහන්

  • *

    තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 35:22

නික්මයාම 38:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:37; ගණන් 1:45, 46
  • +නික් 30:15

නික්මයාම 38:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 26:19-21, 25, 32

නික්මයාම 38:29

පාදසටහන්

  • *

    හෝ, “සොලවන පූජාවක්.”

නික්මයාම 38:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 38:1නික් 27:1-8; 40:10
නික්. 38:22ලේක 1:5
නික්. 38:8නික් 30:18; ලෙවී 8:11; 1රාජා 7:23
නික්. 38:9නික් 40:8
නික්. 38:9නික් 27:9-15
නික්. 38:17නික් 27:17
නික්. 38:18නික් 27:16
නික්. 38:20නික් 27:19
නික්. 38:21නික් 25:16; 31:18; ගණන් 17:7
නික්. 38:21ගණන් 3:6; 4:46, 47
නික්. 38:21නික් 6:23; ගණන් 4:28; 1ලේක 6:3
නික්. 38:22නික් 31:2-5; 35:30; 36:1; 37:1; 2ලේක 1:5
නික්. 38:23නික් 31:6; 35:34; 36:2
නික්. 38:24නික් 35:22
නික්. 38:26නික් 12:37; ගණන් 1:45, 46
නික්. 38:26නික් 30:15
නික්. 38:27නික් 26:19-21, 25, 32
නික්. 38:31නික් 27:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 38:1-31

නික්මයාම

38 එයා දවන පූජා ඔප්පු කරන්න ඇකේෂියා ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් හැදුවා. ඒකේ දිග රියන්* පහක්, පළල රියන් පහක් සහ උස රියන් තුනක්.+ 2 එයා ඒ පූජාසනය හැදුවේ කොන් හතරේ අං හතරක් මතු වෙන විදිහට. ඊටපස්සේ මුළු පූජාසනයටම එයා තඹ ආලේප කළා.+ 3 පූජාසනයේ වැඩවලට ඕනෙ කරන දේවලුත් එයා හැදුවා. ඒ කියන්නේ බාල්දි, සවල්, බේසම්, විශාල ගෑරුප්පු සහ අඟුරු දාන්න භාජන හැදුවා. ඒ හැම එකක්ම එයා හැදුවේ තඹවලින්. 4 එයා තඹවලින් දැලක් හදලා ඒ දැල පූජාසනය වටේ තියෙන පටියට යටින් ඇතුළට යවලා පූජාසනය මැද්දට වෙන්න ඒක රඳවලා තිබ්බා. 5 පූජාසනය පොලුවලින් උස්සගෙන යන්න, එයා තඹ දැල ළඟින් පූජාසනයේ කොන් හතරේ වළලු හතරක් සවි කළා. 6 පූජාසනය උස්සගෙන යන්න එයා ඇකේෂියා ලීවලින් පොලු හදලා ඒවාට තඹ ආලේප කළා. 7 ඊටපස්සේ පූජාසනය එහා මෙහා ගෙනියන්න ඒකේ දෙපැත්තේ තියෙන වළලුවලට ඒ පොලු දැම්මා. එයා හිස් පෙට්ටියක හැඩේට ලෑලිවලින් පූජාසනය හැදුවා.

8 එයා තඹවලින් වතුර භාජනයකුත්+ ඒ භාජනය තියන්න ආධාරකයකුත් හැදුවා. එයා ඒවා හැදුවේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන සේවය කරන ස්ත්‍රීන් දීපු කැඩපත්වලින්.*

9 ඊටපස්සේ එයා ශුද්ධ කූඩාරමට මළුවක් හැදුවා.+ දකුණු දිශාවට මුහුණ ලා තියෙන මළුවේ දකුණු පැත්තේ දිග රියන් 100ක්. ඒ පැත්තේ දිගට එල්ලන්න එයා සිනිඳු ලිනන් රෙදිවලින් තිර රෙදි හැදුවා.+ 10 එයා ඒ පැත්තට කණු 20කුත් ඒ කණු පොළොවේ රඳවන්න තඹ අඩි 20කුත් හැදුවා. එයා කණුවල සවි කරන්න රිදී ඇණත් රිදී වළලුත්* හැදුවා. 11 මළුවේ උතුරු පැත්තටත් එයා ඒ විදිහටම කළා. ඒ පැත්තේ දිගත් රියන් 100ක්. ඒ පැත්තේ දිගට එල්ලන්නත් එයා තිර රෙදි හැදුවා. එයා තඹ කණු 20කුත් ඒවා පොළොවේ රඳවන්න තඹ අඩි 20කුත් කණුවල සවි කරන්න රිදී ඇණත් රිදී වළලුත් හැදුවා. 12 මළුවේ බස්නාහිර පැත්තේ දිග රියන් 50ක්. ඒ පැත්තේ දිගට එල්ලන්නත් එයා තිර රෙදි හැදුවා. ඒ පැත්තට කණු දහයකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි දහයකුත් කණුවල සවි කරන්න රිදී ඇණත් රිදී වළලුත් හැදුවා. 13 මළුවේ නැඟෙනහිර පැත්තේ* දිග රියන් 50ක්. 14 ඒ පැත්තේ දකුණු කෙළවරේ රියන් 15ක් දිගට තිර රෙදි එල්ලන්න කණු තුනකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි තුනකුත් එයා හැදුවා. 15 ඒ පැත්තේ වම් කෙළවරෙත් රියන් 15ක් දිගට තිර රෙදි එල්ලන්න එයා කණු තුනකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි තුනකුත් හැදුවා. 16 මළුව වටේට එල්ලපු හැම තිර රෙද්දක්ම හැදුවේ සිනිඳු ලිනන් රෙදිවලින්. 17 එයා මළුව වටේ තියෙන කණු පොළොවේ රඳවන්න තඹවලින් අඩි හැදුවා. කණුවල සවි කරපු ඇණ සහ වළලු හැදුවේ රිදීවලින්. කණුවල උඩ කොටසට රිදී ආලේප කරලා තිබුණා. මළුවේ හැම කණුවකම රිදී වළලු තිබුණා.+

18 එයා නිල් පාට නූල්වලින්, දම් පාට ලොම්වලින්, තද රතු පාට නූල්වලින් සහ සිහින්ව අඹරපු ලිනන් නූල්වලින් තිර රෙද්දක් වියලා ඒක මළුවේ දොරටුව විදිහට එල්ලුවා.* ඒ තිර රෙද්දේ දිග රියන් 20ක්. මළුවේ කණුවල එල්ලපු අනිත් තිර රෙදි වගේම ඒකේ උසත් රියන් 5ක්.+ 19 ඒ තිර රෙද්ද එල්ලන්න කණු හතරකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි හතරකුත් එයා තඹවලින් හැදුවා. කණුවල සවි කරන ඇණ සහ වළලු හැදුවේ රිදීවලින්. කණුවල උඩ කොටසට රිදී ආලේප කරලා තිබුණා. 20 කූඩාරමේ කූඤ්ඤ සහ මළුව වටේට තියෙන කූඤ්ඤ හැදුවේ තඹවලින්.+

21 ගිවිසුම් පෙට්ටිය*+ තියලා තිබුණ ශුද්ධ කූඩාරමේ භාණ්ඩ සහ භාජන ගණන් කරලා සටහන් කරගන්න කියලා මෝසෙස් කිව්වා. ඒ හැම දෙයක්ම ගණන් කරන වගකීම තිබුණේ ලෙවීවරුන්ට.+ එයාලා ඒ දේ කළේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ+ අධීක්ෂණය යටතේ. 22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට හදන්න කියපු හැම දෙයක්ම යූදා ගෝත්‍රයට අයිති හූර්ගේ පුතා වන උරීගේ පුත් බෙසලෙල්+ හැදුවා. 23 දාන් ගෝත්‍රයට අයිති අහිසාමක්ගේ පුතා වන ඔහොලියාබ්+ බෙසලෙල්ට උදව් කළා. ඔහොලියාබ් විවිධ වැඩවලට දක්ෂ කෙනෙක්. එයාට නූල්වලින් මෝස්තර මහන්න හැකියාව තිබුණා. නිල් පාට නූල්වලින්, දම් පාට ලොම්වලින්, තද රතු පාට නූල්වලින් සහ වටිනා ලිනන් නූල්වලින් රෙදි වියන්නත් එයාට හැකියාව තිබුණා.

24 සොලවන පූජාවක් විදිහට ගෙනාපු රත්තරන් ඔක්කොම ශුද්ධස්ථානයේ වැඩවලට පාවිච්චි කළා.+ ඒ රත්තරන්වල බර තලෙන්ත* 29ක් සහ ෂෙකෙල්* 730ක්. ඒ ෂෙකෙලයක බර ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමානයි. 25 ලියාපදිංචි වුණ අය ගෙනාපු රිදීවල බර තලෙන්ත 100ක් සහ ෂෙකෙල් 1,775ක්. ඒ ෂෙකෙලයක බර ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමානයි. 26 ලියාපදිංචි වුණ අවුරුදු 20ක් හෝ ඊට වැඩි අයගේ ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහක්.+ එයාලා හැමෝම ෂෙකෙල් භාගය ගාණේ ගෙව්වා. එයාලා ඒ මුදල ගෙව්වේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්.+

27 ශුද්ධ කූඩාරමේ රාමුවලට සහ ඒකේ තිර රෙද්ද එල්ලන කණුවලට ඕනෙ කරන අඩි හදන්න රිදී තලෙන්ත 100ක් පාවිච්චි කළා.+ එක අඩියක බර තලෙන්තයක්. අඩි 100ක බර තලෙන්ත 100ක්. 28 ඉතුරු ෂෙකෙල් 1,775න් එයා කණුවල සවි කරන්න ඇණ හදලා ඒ කණුවල උඩ කොටසට රිදී ආලේප කළා. ඊටපස්සේ ඒවා එකකට එකක් සම්බන්ධ කළා.

29 පූජාවක්* විදිහට ගෙනාපු තඹවල බර තලෙන්ත 70ක් සහ ෂෙකෙල් 2,400ක්. 30 ඒ තඹවලින් එයා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන ස්ථානයේ කණුවලට අඩි හැදුවා. ඒ වගේම ඒ තඹවලින් පූජාසනයත් ඒකේ දැලත් ඒකේ හැම භාණ්ඩයක්මත් හැදුවා. 31 කූඩාරමේ මළුව වටේ තියෙන කණු රඳවන අඩිත් මළුවේ දොරටුවේ තියෙන කණු රඳවන අඩිත් කූඩාරමේ කූඤ්ඤත්+ මළුව වටේට තියෙන කූඤ්ඤත් එයා හැදුවේ ඒ තඹවලින්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න