පළවෙනි ලේකම්
15 දාවිත්ගේ නුවර කියලා හඳුන්වපු නගරයේ දාවිත් තවත් මාලිගා හැදුවා. එයා සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තියන්නත් තැනක් ලෑස්ති කරලා එතන කූඩාරමක් ගැහුවා.+ 2 ඒ වෙලාවේ දාවිත් මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන යන්න ඕනෙ ලෙවීවරු විතරයි. වෙන කිසිම කෙනෙක්ට ඒක කරන්න අවසර නැහැ. මොකද යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් යන්නත් ඔහු වෙනුවෙන් හැමදාම සේවය කරන්නත් යෙහෝවා තෝරගෙන තියෙන්නේ එයාලවයි.”+ 3 ඊටපස්සේ දාවිත්, එයා ලෑස්ති කරපු තැනට යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ගේන අවස්ථාවට සහභාගි වෙන්න ඊශ්‍රායෙල්වරු හැමෝවම යෙරුසලමට රැස් කළා.+
4 දාවිත් රැස් කරපු ආරොන්ගෙන් පැවතෙන අයගෙයි,+ ලෙවීවරුන්ගෙයි+ විස්තර තමයි මේ: 5 කෝහාත්ගෙන් පැවතෙන උරියෙල් සහ එයාගේ සහෝදරයන් 120දෙනෙක්. එයාලාගේ ප්‍රධානියා වුණේ උරියෙල්. 6 මෙරාරීගෙන් පැවතෙන අසායා+ සහ එයාගේ සහෝදරයන් 220දෙනෙක්. එයාලාගේ ප්‍රධානියා වුණේ අසායා. 7 ගේර්ෂොම්ගෙන් පැවතෙන යෝවෙල්+ සහ එයාගේ සහෝදරයන් 130දෙනෙක්. එයාලාගේ ප්‍රධානියා වුණේ යෝවෙල්. 8 එලිෂාෆාන්ගෙන්+ පැවතෙන ෂෙමායා සහ එයාගේ සහෝදරයන් 200දෙනෙක්. එයාලාගේ ප්‍රධානියා වුණේ ෂෙමායා. 9 හෙබ්‍රොන්ගෙන් පැවතෙන එලියෙල් සහ එයාගේ සහෝදරයන් 80දෙනෙක්. එයාලාගේ ප්‍රධානියා වුණේ එලියෙල්. 10 උස්සියෙල්ගෙන්+ පැවතෙන අමිනදාබ් සහ එයාගේ සහෝදරයන් 112දෙනෙක්. එයාලාගේ ප්‍රධානියා වුණේ අමිනදාබ්. 11 දාවිත් රජ පූජකයන් වුණ සාදොක්+ සහ අබියාතර්ටයි,+ ලෙවීවරු වුණ උරියෙල්, අසායා, යෝවෙල්, ෂෙමායා, එලියෙල් සහ අමිනදාබ්ටයි එන්න කියලා 12 එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා තමයි ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්. ඉතින් දැන් ඔයාලයි, ඔයාලාගේ සහෝදරයනුයි ගිහිල්ලා පවිත්‍ර වෙන්න. ඊටපස්සේ මං ලෑස්ති කරපු තැනට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරන් එන්න. 13 කලින් සැරේ ඒක අරන් එන්න ඔයාලට භාර දුන්නේ නැති නිසා+ අපේ දෙවි වන යෙහෝවාට අපිත් එක්ක කේන්ති ගියා.+ එහෙම වුණේ ඒක කරන්න ඕනෙ හරි විදිහ ගැන අපි හොයලා බැලුවේ නැති නිසයි.”+ 14 ඉතින් පූජකයෝයි, ලෙවීවරුයි පවිත්‍ර වෙලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන එන්න ලෑස්ති වුණා.
15 ඊටපස්සේ ලෙවීවරු සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන්න දාලා තිබුණ පොලු+ එයාලාගේ කරේ තියාගෙන ගිවිසුම් පෙට්ටිය අරගෙන ආවා. යෙහෝවා මෝසෙස්ට අණ කරලා තිබුණ විදිහටම එයාලා ඒක කළා. 16 දාවිත් ඊළඟට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කිව්වා සතුටින් ගීතිකා කියන්න එයාලාගේ සහෝදරයන් වුණ ගායකයන්ව පත් කරන්න කියලා. එයාලා ගීතිකා කියන්න ඕනෙ වීණා,+ කුඩා වීණා, අත්තාළම්+ වගේ සංගීත භාණ්ඩ වාදනය කරද්දී කියලත් එයා කිව්වා.
17 ඉතින් ලෙවීවරු එයාලා අතරින් මේ අයව පත් කළා: යෝවෙල්ගේ පුතා වුණ හේමාන්,+ බෙරෙකියාගේ පුතා වුණ ආසාෆ්,+ මෙරාරීගෙන් පැවතෙන කුෂායාගේ පුතා වුණ ඒතන්.+ 18 දෙවෙනි කණ්ඩායමට+ එයාලාගේ සහෝදරයන් වුණ මේ අය ඇතුළත් වුණා: සෙකරියා, බෙන්, යයෂියෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, උන්නි, එලියාබ්, බෙනායා, මයසේයා, මත්තිතියා, එලිෆෙලෙහු, මික්නේයා, දොරටු පාලකයන් විදිහට හිටපු ඕබෙද්ඒදොම් සහ යෙයීයෙල්. 19 තඹ අත්තාළම්+ ගගහා ගීතිකා කිව්වේ හේමාන්,+ ආසාෆ්+ සහ ඒතන්. 20 ඉහළ ස්වරවලට*+ සකස් කරපු සංගීත භාණ්ඩ වාදනය කළේ සෙකරියා, අෂීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, උන්නි, එලියාබ්, මයසේයා සහ බෙනායා. 21 පහළ ස්වරවලට*+ සකස් කරපු වීණා වාදනය කරලා සංගීතයට මූලිකත්වය දුන්නේ මත්තිතියා,+ එලිෆෙලෙහු, මික්නේයා, ඕබෙද්ඒදොම්, යෙයීයෙල් සහ අසසියා. 22 ලෙවීවරුන්ගේ ප්‍රධානියා වුණ කෙනනියා+ ගිවිසුම් පෙට්ටිය අරගෙන එන වැඩේ අධීක්ෂණය කළා. මොකද එයාට ඒ ගැන හොඳ අවබෝධයක් තිබුණා. 23 ගිවිසුම් පෙට්ටිය මුර කළේ බෙරෙකියා සහ එල්කානා. 24 සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා මහත් හඬින් හොරණෑ පිඹින්න පත් කළේ+ පූජකයන් වුණ ෂෙබනියා, යොෂාපාට්, නෙතනෙල්, අමාසායි, සෙකරියා, බෙනායා සහ එලියේසර්. ගිවිසුම් පෙට්ටිය මුර කරන්න ඕබෙද්ඒදොම් සහ යෙහියාවත් පත් කරලා තිබුණා.
25 ඕබෙද්ඒදොම්ගේ ගෙදර+ ඉඳන් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් එන්න දාවිත් ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලෝ සහ දාහේ කණ්ඩායම්වල ප්‍රධානීන් එක්ක හරිම සතුටින්+ පිටත් වුණා. 26 යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන ආව ලෙවීවරුන්ට සැබෑ දෙවියන් උදව් කරපු නිසා එයාලා වස්සන් හත්දෙනෙකුයි, බැටළුවන් හත්දෙනෙකුයි පූජා කළා.+ 27 දාවිත් වටින රෙද්දකින් මහපු අත් නැති ඇඳුමක් ඇඳගෙන හිටියා. ගිවිසුම් පෙට්ටිය උස්සගෙන ආව ලෙවීවරු හැමෝමත් ගායකයෝත් ඒ හැමෝගෙම ප්‍රධානියා වුණ කෙනනියාත් ඒ වගේ ඇඳුම් ඇඳගෙන හිටියා. දාවිත් ලිනන් රෙදිවලින් මහලා තිබුණ ඒෆොද් ඇඳුමකුත් ඇඳගෙන හිටියා.+ 28 විවිධ හොරණෑවල,+ අත්තාළම්වල, වීණාවල, කුඩා වීණාවල+ හඬ මැද්දේ ඊශ්‍රායෙල්වරු හැමෝම හරිම සතුටින් කෑගගහා+ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් ආවා.
29 යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට+ අරන් එද්දී සාවුල්ගේ දුව වුණ මීකල්+ ජනේලයෙන් ඒ දිහා බලන් හිටියා. දාවිත් රජ හරිම සතුටින් උඩ පැනපැන නටන විදිහ දැක්කාම මීකල් හිතින් එයාව පිළිකුල් කරන්න පටන්ගත්තා.+