ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • දේවදාර ගහක් වගේ උසට හිටපු ඊජිප්තුව වැටෙයි (1-18)

එසකියෙල් 31:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:2; එස 29:2

එසකියෙල් 31:8

පාදසටහන්

  • *

    ගොඩක් අතු තියෙන, පොත්ත ලේසියෙන්ම ගැලවෙන ගහක්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:8; එස 28:12, 13

එසකියෙල් 31:11

හරස් යොමු දැක්වීම්

  • +එස 30:10, 11; හබ 1:6

එසකියෙල් 31:12

හරස් යොමු දැක්වීම්

  • +එස 32:5, 6

එසකියෙල් 31:13

හරස් යොමු දැක්වීම්

  • +එස 29:5; 32:4

එසකියෙල් 31:16

හරස් යොමු දැක්වීම්

  • +එස 31:9

එසකියෙල් 31:17

හරස් යොමු දැක්වීම්

  • +එස 32:18, 20
  • +එස 30:6; 32:31

එසකියෙල් 31:18

හරස් යොමු දැක්වීම්

  • +එස 31:9; 32:19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 31:2යෙරෙ 46:2; එස 29:2
එස. 31:8උත් 2:8; එස 28:12, 13
එස. 31:11එස 30:10, 11; හබ 1:6
එස. 31:12එස 32:5, 6
එස. 31:13එස 29:5; 32:4
එස. 31:16එස 31:9
එස. 31:17එස 32:18, 20
එස. 31:17එස 30:6; 32:31
එස. 31:18එස 31:9; 32:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 31:1-18

එසකියෙල්

31 11වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේ පළවෙනිදා යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජ වන පාරාවෝටයි, ඔහුගේ සෙනඟටයි මෙහෙම කියන්න.+

‘ඔබ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් තවත් ඉන්නවාද?

 3 ඔබ ඇසිරියානු ජාතිකයෙක් වගෙයි. ලෙබනොන්වල දේවදාර ගහක් වගෙයි.

ඒ ගහේ අතු ලස්සනට විහිදිලා තිබුණා. හරියට වනළැහැබක් වගෙයි.

ඒකේ මුදුන වලාකුළුවල ගෑවුණා.

 4 හොඳට වතුර තිබුණ නිසා ඒ ගහ සරුවට වැඩුණා. ගැඹුරු දිය උල්පත් නිසා ඒක අහස උසට වැඩුණා.

ඒක හිටවලා තිබුණේ දිය පහරවල්වලින් වට වුණ තැනක.

දේශයේ තිබුණ හැම ගහකටම වතුර ලැබුණේ ඒ දිය පහරවල්වලින්.

 5 අනිත් හැම ගහකටම වඩා ඒ ගහ උසට වැඩුණේ ඒ නිසයි.

දිය පහරවල්වලින් ඒක වට වෙලා තිබුණ නිසා,

ඒකේ අතු බෙදිලා තවත් හොඳට විහිදුණා.

 6 ඒකේ අතුවල හැම ජාතියේම කුරුල්ලෝ කූඩු හදාගත්තා.

කැලෑවේ ඉන්න හැම සතෙක්ම ඒ ගහ යට පැටව් බිහි කළා.

බලවත් ජාතීන්ට ඒක හෙවණක් වුණා.

 7 ඒ ගහට තිබුණේ පුදුම ලස්සනක්. ඒකේ අතු විහිදිලා කොළවලින් බර වුණා.

ඒකේ මුල් ගැඹුරු දිය උල්පත්වලටම ගිහින් තිබුණා.

 8 දෙවියන්ගේ උයනේ+ තියෙන කිසිම දේවදාර ගහක් ඒ ගහට සමාන කරන්න බැහැ.

කිසිම ජුනිපර් ගහකට ඒ ගහට තරම් අතු තිබුණේ නැහැ.

කිසිම ප්ලේන් ගහක* අතු ඒකේ අතුවලට සමාන කරන්න බැහැ.

ඒක තමයි දෙවියන්ගේ උයනේ තිබුණ ලස්සනම ගහ.

 9 ඒ ගහ ලස්සනට, සරුවට වැඩෙන්න සැලැස්සුවේ මමයි.

සැබෑ දෙවියන්ගේ උයන වුණ ඒදන් උයනේ තිබුණ අනිත් හැම ගහක්ම ඒකට ඊර්ෂ්‍යා කළා.’

10 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒ ගහ වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩුණා. ඒක උසට වැඩුණ නිසා උඩඟු වුණා. 11 ඉතින් මම ජාතීන්ව පාලනය කරන බලවත් පාලකයෙක්ගේ අතට ඒක භාර දෙනවා.+ ඔහු අනිවාර්යයෙන්ම ඒ ගහට විරුද්ධව පියවර ගන්නවා. ඒ ගහ ගොඩක් දුෂ්ටකම්වලට වග කියන්න ඕනෙ නිසා මං ඒක අයින් කරලා දානවා. 12 විදේශිකයන් ඒ කියන්නේ ජාතීන් අතරේ ඉන්න දරුණුම පිරිසක් ඒක කපලා කඳුවල දාලා යනවා. ඒකේ කොළ තැනිතලාවන් දිගේ විසිරිලා තියෙයි. කැඩුණ අතු දේශයේ හැම ගංගාවකම වැටිලා තියෙයි.+ ඒකේ හෙවණ ලබපු හැම කෙනෙක්ම එතනින් අයින් වෙලා යයි. ඒක අතහැරලා දාලා යයි. 13 කපලා දාපු කඳේ හැම ජාතියකම කුරුල්ලෝ ලැගුම් ගනියි. කඩලා දාපු අතු උඩ වනසතුන් ඉඳියි.+ 14 එහෙම කරන්නේ වතුර හිඟයක් නැති, දිය පහරවල්වලින් වට වුණ කිසිම ගහක් ඒ තරම් උසට ඒ කියන්නේ වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩෙන්නේ නැති වෙන්නයි. මොකද ඒ හැම ගහකටම උරුම වෙන්නේ මරණයයි. මැරිච්ච මිනිස්සුන්ව වළලනවා වගේ ඒ ගසුත් වළලලා දානවා.’

15 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒ ගහ මිනී වළට යන දවසේදී මම මිනිස්සුන්ට වැලපෙන්න සලස්වනවා. ගහට වතුර ලැබෙන්නේ නැති වෙන්න මම ගැඹුරු දිය උල්පත් වහලා දානවා. දිය පහරවල් හරස් කරනවා. මම ලෙබනොන් අන්ධකාරයෙන් වැහිලා යන්න සලස්වනවා. කැලේ තියෙන හැම ගහක්ම වේළිලා යයි. 16 ඒ ගහ වැටෙන සද්දේ ඇහෙද්දී ඒ කියන්නේ මිනී වළට යන හැමෝම එක්ක ඒ ගහ මම මිනී වළට ඇදලා දාද්දී ජාතීන්ව වෙවුලන්න මං සලස්වනවා. එදාට ඒදන් උයනේ තියෙන හැම ගහක්මත්+ ලෙබනොන්වල තියෙන හොඳම සහ වටිනාම ගසුත් හොඳට වතුර ලැබෙන හැම ගහක්මත් පොළොව යට සැනසීමෙන් ඉඳියි. 17 ඔවුන් හැමෝම ඔහුත් එක්කම මිනී වළට ගියා. කඩුවෙන් මැරුම් කාපු අය ඉන්න තැනට ගියා.+ ජාතීන් අතරේ ඔහුට අතහිත දීපු, ඔහුගේ හෙවණේ හිටපු අයත් ඔහුත් එක්කම ඔහු ගිය තැනට යනවා.’+

18 “‘ඔබේ ලස්සනට, ඔබේ තේජසට සමාන කරන්න පුළුවන් ඒදන් උයනේ තියෙන මොන ගහද?+ ඒත් ඒදන් උයනේ තියෙන ගස් එක්ක ඔබවත් පොළොව යටට ගෙනියනවා. අචර්මච්ඡේදිත අය සහ කඩුවෙන් මැරුම් කාපු අය අතරේ ඔබත් සැතපෙයි. පාරාවෝටයි, ඔහුගේ මුළු සෙනඟටයි වෙන්නේ ඒකයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න