ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • හෙසකියා අසනීප වෙයි. පස්සේ හොඳ වෙයි (1-11)

      • බැබිලෝනියෙන් පණිවිඩකරුවන් එයි (12-19)

      • හෙසකියා මැරෙයි (20, 21)

2 රාජාවලිය 20:1

පාදසටහන්

  • *

    හෝ, “මාලිගාවේ අයට.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:24
  • +යෙසා 38:1-3

2 රාජාවලිය 20:3

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 31:20, 21; ගීතා 25:7; 119:49

2 රාජාවලිය 20:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 38:4-6

2 රාජාවලිය 20:5

පාදසටහන්

  • *

    මූ.අ., “තුන්වෙනි දවසේදී.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:12
  • +ද්වි 32:39; ගීතා 41:3; 103:3; 147:3
  • +ගීතා 66:13; 116:12-14

2 රාජාවලිය 20:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:22; යෙසා 10:24
  • +2රාජා 19:34; යෙසා 37:35

2 රාජාවලිය 20:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 38:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2003, 25 පි.

2 රාජාවලිය 20:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:17; යෙසා 7:11

2 රාජාවලිය 20:9

පාදසටහන්

  • *

    සමහරවිට මේ පඩි පෙළට වැටෙන හෙවණැල්ල දිහා බලලා වෙලාව කීයද කියලා තීරණය කරන්න ඇති.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 38:7, 8

2 රාජාවලිය 20:11

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:12; 2ලේක 32:31

2 රාජාවලිය 20:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 39:1, 2

2 රාජාවලිය 20:13

පාදසටහන්

  • *

    හෝ, “පණිවිඩකරුවන්ට සවන් දීලා.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:27

2 රාජාවලිය 20:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 39:3, 4

2 රාජාවලිය 20:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 39:5-7

2 රාජාවලිය 20:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:12, 13; 25:13; 2ලේක 36:7, 18; යෙරෙ 27:21, 22; දානි 1:2

2 රාජාවලිය 20:18

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:12
  • +දානි 1:19; 2:49

2 රාජාවලිය 20:19

පාදසටහන්

  • *

    හෝ, “සත්‍යයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:5
  • +යෙසා 39:8

2 රාජාවලිය 20:20

හරස් යොමු දැක්වීම්

  • +යොහ 9:11
  • +2ලේක 32:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2009, 27 පි.

    6/15/1997, 9-10 පි.

    8/15/1996, 5-6 පි.

2 රාජාවලිය 20:21

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:10
  • +2රාජා 21:16; 23:26; 2ලේක 33:11-13
  • +2ලේක 32:33

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 20:12ලේක 32:24
2 රාජා. 20:1යෙසා 38:1-3
2 රාජා. 20:32ලේක 31:20, 21; ගීතා 25:7; 119:49
2 රාජා. 20:4යෙසා 38:4-6
2 රාජා. 20:5ගීතා 39:12
2 රාජා. 20:5ද්වි 32:39; ගීතා 41:3; 103:3; 147:3
2 රාජා. 20:5ගීතා 66:13; 116:12-14
2 රාජා. 20:62ලේක 32:22; යෙසා 10:24
2 රාජා. 20:62රාජා 19:34; යෙසා 37:35
2 රාජා. 20:7යෙසා 38:21, 22
2 රාජා. 20:8විනි 6:17; යෙසා 7:11
2 රාජා. 20:9යෙසා 38:7, 8
2 රාජා. 20:11යොෂු 10:12; 2ලේක 32:31
2 රාජා. 20:12යෙසා 39:1, 2
2 රාජා. 20:132ලේක 32:27
2 රාජා. 20:14යෙසා 39:3, 4
2 රාජා. 20:16යෙසා 39:5-7
2 රාජා. 20:172රාජා 24:12, 13; 25:13; 2ලේක 36:7, 18; යෙරෙ 27:21, 22; දානි 1:2
2 රාජා. 20:182රාජා 24:12
2 රාජා. 20:18දානි 1:19; 2:49
2 රාජා. 20:19ගීතා 141:5
2 රාජා. 20:19යෙසා 39:8
2 රාජා. 20:20යොහ 9:11
2 රාජා. 20:202ලේක 32:30
2 රාජා. 20:211රාජා 2:10
2 රාජා. 20:212රාජා 21:16; 23:26; 2ලේක 33:11-13
2 රාජා. 20:212ලේක 32:33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 20:1-21

දෙවෙනි රාජාවලිය

20 ඒ කාලේදී හෙසකියා අසනීප වෙලා මරණාසන්න වුණා.+ ආමොෂ්ගේ පුතා වුණ අනාගතවක්තෘ යෙසායා එයාව හම්බ වෙන්න ඇවිල්ලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියන්නේ මේකයි. ‘ඔයාට හොඳ වෙන්නේ නැහැ. ඔයා මැරෙනවා. ඒ නිසා ඔයාගේ මරණෙන් පස්සේ දේවල් කෙරෙන්න ඕනෙ විදිහ පවුලේ අයට* කියන්න.’”+ 2 එතකොට හෙසකියා බිත්තිය පැත්තට හැරිලා යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා. 3 “අනේ යෙහෝවා, මම විශ්වාසවන්තව ඔයාගේ මඟ පෙන්වීම් පිළිපැද්ද විදිහ සිහි කරන්න. මුළු හදවතින්ම ඔයාට ළැදි වෙලා ඔයා හරියි කියලා සලකන දේවල් කරපු විදිහ සිහි කරන්න කියලා බැගෑපත්ව ඉල්ලනවා.”+ එහෙම කියලා හෙසකියා හොඳටම අඬන්න පටන්ගත්තා.

4 යෙසායා මාලිගාවේ මැද මළුවට යන්නත් කලින් යෙහෝවා එයාට මේ දේ දැන්නුවා.+ 5 “ආයෙත් ගිහින් මගේ සෙනඟගේ නායකයා වන හෙසකියාට මෙහෙම කියන්න. ‘ඔයාගේ මුතුන්මිත්තා වන දාවිත්ගේ දෙවි යෙහෝවා ඔයාට මේ දේ කියනවා. “ඔයාගේ යාච්ඤාව මට ඇහුණා. ඔයාගේ කඳුළු මම දැක්කා.+ දැන් මං ඔයාව සුව කරනවා.+ අනිද්දා වෙද්දී* ඔයාට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න පුළුවන් වෙනවා.+ 6 මම ඔයාගේ ජීවිතේට තව අවුරුදු 15ක් එකතු කරනවා. මම ඔයාවයි, මේ නගරෙයි ඇසිරියාවේ+ රජගේ අතින් බේරගන්නවා. මගේ නම නිසාත් මගේ සේවකයා වුණ දාවිත් වෙනුවෙනුත් මම මේ නගරේ ආරක්ෂා කරනවා.”’”+

7 ඊටපස්සේ යෙසායා, රජගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “වේළගත්ත අත්තික්කා කුට්ටියක් අරන් එන්න.” ඉතින් එයාලා ඒක ගෙනල්ලා හෙසකියාගේ තුවාලෙට තිබ්බා. ඊටපස්සේ හෙසකියා ටිකෙන් ටික සුව වෙන්න පටන්ගත්තා.+

8 හෙසකියා රජ යෙසායාගෙන් මෙහෙම අහලා තිබුණා. “යෙහෝවා මාව හොඳ කරයි කියලත් අනිද්දා වෙද්දී මට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න පුළුවන් වෙයි කියලත් දැනගන්න මට මොකක් හරි ලකුණක් දෙන්න පුළුවන්ද?”+ 9 එතකොට යෙසායා මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු දේ අනිවාර්යයෙන්ම කරනවා කියලා ඔයාට සහතික කරන්න යෙහෝවා දෙන ලකුණ මේකයි. ඔයාට ඕනෙ පඩි පෙළට වැටෙන හෙවණැල්ල* පඩි දහයක් ඉස්සරහට යනවා දකින්නද නැත්තං පඩි දහයක් ආපස්සට යනවා දකින්නද?”+ 10 එතකොට හෙසකියා මෙහෙම කිව්වා. “හෙවණැල්ල පඩි දහයක් ඉස්සරහට යන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒත් හෙවණැල්ල පඩි දහයක් ආපස්සට යන එක නම් වෙන්න බැරි දෙයක්.” 11 ඊටපස්සේ අනාගතවක්තෘ යෙසායා යෙහෝවාට යාච්ඤා කළා. එතකොට දෙවියන් ආහස්ගේ පඩි පෙළට වැටිලා තිබුණ හෙවණැල්ල පඩි දහයක් ආපස්සට යන්න සැලැස්සුවා.+

12 ඔය කාලේදී බලදාන්ගේ පුතා වුණ බැබිලෝනියේ රජ බෙරොදක්බලදාන්ට ආරංචි වුණා හෙසකියා අසනීපෙන් හිටියා කියලා.+ ඉතින් එයා හෙසකියාට ලිපි ලියලා ඒ එක්ක තෑග්ගකුත් එව්වා. 13 හෙසකියා ඒ පණිවිඩකරුවන්ව පිළි අරන්* එයාගේ මුළු වස්තු ගබඩාවම එයාලට පෙන්නුවා.+ එයාගේ භාණ්ඩාගාරවල තිබුණ රත්තරන්, රිදී, බෝල්සම් තෙල්, වෙනත් වටින තෙල් වර්ග, එයාගේ යුධායුධ සහ භාණ්ඩාගාරවල තිබුණ හැම දෙයක්ම එයාලට පෙන්නුවා. හෙසකියා එයාගේ මාලිගාවෙයි, මුළු රාජධානියෙයි තිබුණ හැම දෙයක්ම එයාලට පෙන්නුවා.

14 ඊටපස්සේ අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජව හම්බ වෙන්න ඇවිල්ලා මෙහෙම ඇහුවා. “මොනවාද අර මිනිස්සු කිව්වේ? කොහෙන්ද එයාලා ආවේ?” එතකොට හෙසකියා මෙහෙම කිව්වා. “එයාලා ආවේ ගොඩක් ඈත තියෙන බැබිලෝනියේ ඉඳලා.”+ 15 එතකොට යෙසායා මෙහෙම ඇහුවා. “ඔයාගේ මාලිගාවේ තියෙන මොනවාද ඔයා එයාලට පෙන්නුවේ?” හෙසකියා මෙහෙම කිව්වා. “මගේ මාලිගාවේ තියෙන හැම දෙයක්ම එයාලා දැක්කා. මගේ ගබඩාවල තියෙන හැම දෙයක්ම මං එයාලට පෙන්නුවා.”

16 එතකොට යෙසායා හෙසකියාට මෙහෙම කිව්වා. “යෙහෝවා කියන මේ දේට ඇහුම්කන් දෙන්න.+ 17 ‘ඔයාගේ මාලිගාවේ තියෙන හැම දෙයක්මයි, මේ වෙන කල් ඔයාගේ මුතුන්මිත්තන් රැස් කරලා තියෙන හැම දෙයක්මයි බැබිලෝනියට අරගෙන යන දවස් ළඟ ළඟම එනවා.+ කිසිම දෙයක් මෙහේ ඉතුරු වෙන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. 18 ‘ඔයාගෙන් පැවතෙන සමහරදෙනෙක්ව බැබිලෝනියට අරන් යයි.+ එයාලා එහේ රජගේ මාලිගාවේ නිලධාරීන් විදිහට වැඩ කරයි.’”+

19 එතකොට හෙසකියා යෙසායාට මෙහෙම කිව්වා. “ඔයා මාර්ගයෙන් යෙහෝවා කියපු දේ සාධාරණයි.+ මගේ ජීවිත කාලේදී කරදරයක් නැතුව* සමාදානයෙන් ඉන්න පුළුවන් වෙන එක ගැන මං සතුටු වෙනවා.”+

20 හෙසකියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් එයා පොකුණයි,+ දිය අගලයි හදලා නගරයට වතුර ගෙනාපු විදිහ ගැනත්+ යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 21 ඊටපස්සේ හෙසකියා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ මනස්සේ+ රජකමට පත් වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න