ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 43
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • අකීකරු වෙලා සෙනඟ ඊජිප්තුවට යයි (1-7)

      • ඊජිප්තුවේදී යෙහෝවාගෙන් යෙරෙමියාට ලැබුණ පණිවිඩය (8-13)

යෙරෙමියා 43:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 41:16; 42:1-3

යෙරෙමියා 43:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 36:4; 45:1
  • +යෙරෙ 38:4, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2006, 19 පි.

යෙරෙමියා 43:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:11, 12

යෙරෙමියා 43:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:10
  • +2රාජා 22:8
  • +2ලේක 34:20, 21; යෙරෙ 26:24
  • +2රාජා 25:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2006, 19 පි.

යෙරෙමියා 43:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:14, 16; 44:1; එස 30:4, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2006, 19 පි.

යෙරෙමියා 43:10

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්ව.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:9; 27:6; එස 29:19, 20
  • +දානි 2:21; 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 214-215 පි.

යෙරෙමියා 43:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:17, 19; 46:13; එස 29:19; 30:4, 18
  • +යෙරෙ 44:13; එස 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 214-215 පි.

යෙරෙමියා 43:12

පාදසටහන්

  • *

    හෝ, “සමාදානයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:25

යෙරෙමියා 43:13

පාදසටහන්

  • *

    හෝ, “හිරුගේ දේවාලයේ.” ඒ කියන්නේ හෙලියෝපොලිස්.

  • *

    හෝ, “ගල් කුලුනු.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 43:2යෙරෙ 41:16; 42:1-3
යෙරෙ. 43:3යෙරෙ 36:4; 45:1
යෙරෙ. 43:3යෙරෙ 38:4, 6
යෙරෙ. 43:5යෙරෙ 40:11, 12
යෙරෙ. 43:6යෙරෙ 39:10
යෙරෙ. 43:62රාජා 22:8
යෙරෙ. 43:62ලේක 34:20, 21; යෙරෙ 26:24
යෙරෙ. 43:62රාජා 25:22
යෙරෙ. 43:7යෙරෙ 2:14, 16; 44:1; එස 30:4, 18
යෙරෙ. 43:10යෙරෙ 25:9; 27:6; එස 29:19, 20
යෙරෙ. 43:10දානි 2:21; 5:18
යෙරෙ. 43:11යෙරෙ 25:17, 19; 46:13; එස 29:19; 30:4, 18
යෙරෙ. 43:11යෙරෙ 44:13; එස 5:12
යෙරෙ. 43:12යෙරෙ 46:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 43:1-13

යෙරෙමියා

43 යෙහෝවා දෙවියන් දන්වපු හැම දෙයක්ම යෙරෙමියා සෙනඟට කිව්වා. එයාලාගේ දෙවි වන යෙහෝවා කියපු හැම වචනයක්ම සෙනඟට කිව්වා. 2 එතකොට හෝෂායාගේ පුතා වුණ අෂරියායි, කාරියාගේ පුතා වුණ යෝහානානුයි,+ එතන හිටපු උද්ධච්ච මිනිස්සු හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයා ඔය කියන්නේ බොරු. ‘පදිංචි වෙන්න ඊජිප්තුවට යන්න එපා’ කියලා අපිට කියන්න අපේ දෙවි යෙහෝවා ඔයාව එව්වේ නැහැ. 3 අර නෙරියාගේ පුතා බාරුක්+ තමයි එහෙම කියන්න කියලා ඔයාව උසිගැන්නුවේ. එයාට ඕනෙ කල්දිවරුන්ගේ අතට අපිව අල්ලලා දීලා අපිව මරලා දාන්න. එහෙමත් නැත්තං වහලුන් විදිහට අපිව බැබිලෝනියට යවන්න.”+

4 යූදා දේශයේ දිගටම ඉන්න කියලා යෙහෝවා කියපු දේට කාරියාගේ පුතා වුණ යෝහානාන්වත් හමුදාවේ ප්‍රධානීන්වත් මුළු සෙනඟවත් කීකරු වුණේ නැහැ. 5 ඒ වෙනුවට කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ හමුදාවේ ප්‍රධානීන් යූදාවල ඉතුරු වෙලා හිටපු සෙනඟව අරගෙන යන්න පිටත් වුණා. විවිධ දේශවලට විසිරිලා ගිහින් හිටියත් ආපහු යූදා දේශයට ආපු යුදෙව්වන්ව තමයි ඒ විදිහට අරන් ගියේ.+ 6 පුරුෂයන්වත් ස්ත්‍රීන්වත් දරුවන්වත් රාජ කුමාරිකාවන්වත් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුත් ගෙදලියාට+ භාර දීලා ගිය හැමෝවමත් එයාලා අරගෙන ගියා. අනාගතවක්තෘ යෙරෙමියාව සහ නෙරියාගේ පුතා වුණ බාරුක්වත් එයාලා අරගෙන ගියා. 7 යෙහෝවා කියපු දේට අකීකරු වුණ එයාලා ඊජිප්තු දේශයට ගියා. එයාලා තාහ්පනේස් වෙන කල්ම ගියා.+

8 තාහ්පනේස්වලදී යෙහෝවාගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඔහු මෙහෙම කිව්වා. 9 “ලොකු ගල් කීපයක් අරගෙන තාහ්පනේස්වල පාරාවෝගේ මාලිගාවට ඇතුල් වෙන දොරටුව ළඟට යන්න. ඒ දොරටුව ළඟ තියෙන වේදිකාවේ අතුරලා තියෙන ගඩොල් අතරේ ඒ ගල් තියලා බදාමවලින් ඒවා වහන්න. යුදෙව්වන් බලාගෙන ඉද්දීම ඒක කරන්න. 10 ඊටපස්සේ එයාලට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මම මගේ සේවකයාව, බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* කැඳවනවා.+ මං හංගපු මේ ගල් උඩ මම ඔහුගේ සිංහාසනය පිහිටුවනවා. ඔහු මෙතන තමන්ගේ රාජකීය කූඩාරම ගහගනියි.+ 11 ඔහු ඇවිත් ඊජිප්තුවට පහර දෙනවා.+ සමහරු මාරාන්තික වසංගතවලට ගොදුරු වෙනවා. තව සමහරුන්ව වහල්කමට ගෙනියනවා. තවත් සමහරු කඩුවෙන් මැරුම් කනවා.+ 12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා. 13 ඔහු ඊජිප්තුවේ බෙත්ෂෙමෙෂ්වල* තියෙන කුලුනු* කෑලි කෑලිවලට කඩලා දානවා. ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට ඔහු ගිනි තියලා ඒවා පුච්චලා දානවා.”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න