යෝබ්
2 විවේක ගන්න සෙවණක් ලැබෙන කල් වහලෙක් ආසාවෙන් බලන් ඉන්නවා වගේ
තමන්ගේ කුලිය ලැබෙන කල් කුලීකරුවෙක් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා වගේ
මමත් බලාගෙන ඉන්නවා.+
4 යහනේ සැතපෙද්දී මං කල්පනා කරන්නේ ‘කොයි වෙලේ හිරු පායයිද’+ කියලා.
ඒත් රාත්රියට නිමක් නැහැ. පහන් වෙන කල් යහනේ පෙරළි පෙරළි ඉවසුම් නැතුව මං බලන් ඉන්නවා.
6 රෙදි වියන යන්ත්රයකටත් වඩා වැඩි වේගයකින් මගේ ජීවිතයේ දවස් ගෙවිලා යනවා.+
මගේ ජීවිතය අවසන් වෙන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුවයි.+
7 ‘දෙවියනි, මගේ ජීවිතය හුස්මක් වගේ+ කියලත්
ආයේ කවදාවත් මගේ ඇස් දෙකට යහපත දකින්න ලැබෙන්නේ නැහැ කියලත් සිහි කරන්න.
11 මං කොහොමද කතා නොකර ඉන්නේ?
මගේ හිතේ තියෙන දුක නිසයි මං කතා කරන්නේ.
දැනෙන වේදනාව නිසයි මං කේන්තියෙන් කතා කරන්නේ!+
12 ඔබ මාව කොටු කරලා, මුර කරන්නේ ඇයි?
මං මහ මුහුදද? එහෙම නැත්නම් මුහුදේ සැරිසරන දැවැන්තයෙක්ද?
13 “මගේ යහන මට සැනසිල්ල දෙයි.
යහනේ සැතපුණොත් මගේ දුක තුනී වෙයි” කියලා මම හිතුවා.
14 ඒත් ඔබ මාව බියකරු සිහිනවලින් සලිත කළා.
භයානක දර්ශනවලින් බිය ගැන්නුවා.
15 මගේ හුස්ම හිර වෙලා මැරෙනවා නම් කොච්චර හොඳද!
මගේ වැහැරුණු ශරීරය දිහා බලන් ඉන්නවාට වඩා හොඳයි මං මැරිලා යනවා නම්.+
මොකද මගේ දවස් හුස්ම පොදක් වගේ ඉක්මනින්ම නැති වෙලා යනවා.+
17 දූවිල්ලට හැරිලා යන මිනිසා ගැන ඔබ මේ තරම් අවධානයෙන් ඉන්නේ ඇයි?
ඔබේ දෙනෙත් අයාගෙන ඉන්න තරම් ඒ මිනිසා වටිනවාද?+
ඔබ මාවම ඉලක්ක කරගෙන ඉන්නේ ඇයි?
මං ඔබට බරක් නිසාද ඔබ එහෙම කරන්නේ?
ඔබ ඒ ගැනවත් හිතලා මගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්තේ ඇයි?
මං කරපු වැරදි අමතක නොකරන්නේ ඇයි?’”