ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • දර්ශනයක් මාර්ගයෙන් එසකියෙල්ව යෙරුසලමට අරන් ගියා (1-4)

      • පිළිකුල් දේවල් දේවමාලිගාවේ තියෙනවා දැක්කා (5-18)

        • ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන වැලපෙනවා (14)

        • පුරුෂයන් හිරුට වන්දනාමාන කරනවා (16)

එසකියෙල් 8:1

පාදසටහන්

  • *

    මූ.අ., “අත මං පිට තිබ්බා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2018, 3 පි.

එසකියෙල් 8:2

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:9
  • +එස 1:4, 27

එසකියෙල් 8:3

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන වචනයෙන් දෙවියන්ගේ බලය නැත්නම් දේවදූතයෙක් අදහස් වෙන්න පුළුවන්.

  • *

    මූ.අ., “අහසයි, පොළොවයි අතරින් උස්සගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:2; එස 9:2
  • +ද්වි 32:16

එසකියෙල් 8:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:34
  • +එස 1:27, 28

එසකියෙල් 8:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 27 පි.

එසකියෙල් 8:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14
  • +යෙරෙ 26:4, 6

එසකියෙල් 8:10

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:10
  • +නික් 20:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 27 පි.

එසකියෙල් 8:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:3, 4; 25:22; යෙරෙ 26:24
  • +එස 16:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 27 පි.

එසකියෙල් 8:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 29:15; එස 9:9

එසකියෙල් 8:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 28 පි.

එසකියෙල් 8:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14

එසකියෙල් 8:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:9
  • +ද්වි 4:19; 2රාජා 17:16; යෙරෙ 8:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 28 පි.

එසකියෙල් 8:17

පාදසටහන්

  • *

    පේන විදිහට මේක රූප නමස්කාරයට පාවිච්චි කරපු අත්තක්.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:16; යෙරෙ 19:4; එස 9:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 28 පි.

එසකියෙල් 8:18

හරස් යොමු දැක්වීම්

  • +එස 5:11; 7:9
  • +යෙසා 1:15; මීකා 3:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 8:2දානි 7:9
එස. 8:2එස 1:4, 27
එස. 8:3යෙරෙ 20:2; එස 9:2
එස. 8:3ද්වි 32:16
එස. 8:4නික් 40:34
එස. 8:4එස 1:27, 28
එස. 8:62ලේක 36:14
එස. 8:6යෙරෙ 26:4, 6
එස. 8:10ලෙවී 11:10
එස. 8:10නික් 20:4, 5
එස. 8:112රාජා 22:3, 4; 25:22; යෙරෙ 26:24
එස. 8:11එස 16:17, 18
එස. 8:12යෙසා 29:15; එස 9:9
එස. 8:152ලේක 36:14
එස. 8:162ලේක 4:9
එස. 8:16ද්වි 4:19; 2රාජා 17:16; යෙරෙ 8:1, 2
එස. 8:172රාජා 21:16; යෙරෙ 19:4; එස 9:9
එස. 8:18එස 5:11; 7:9
එස. 8:18යෙසා 1:15; මීකා 3:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 8:1-18

එසකියෙල්

8 හයවෙනි අවුරුද්දේ හයවෙනි මාසයේ පස්වෙනිදා මම මගේ ගෙදර ඉඳගෙන හිටියා. මං ඉස්සරහා යූදාවල වැඩිමහල්ලනුත් ඉඳගෙන හිටියා. එතකොට ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියන්ගේ බලය මට ලැබුණා* කියලා මට දැනුණා. 2 මම බලාගෙන ඉද්දී ගින්නක් වගේ දෙයක් දැක්කා. ඒ ගින්නේ හැඩය හරියට මිනිසෙක්ගේ හැඩය වගෙයි. ඒ කෙනාගේ ඉණට පහළ කොටසින් ගින්නක් විහිදුණා.+ ඔහුගේ ඉණට ඉහළින් ලොකු දීප්තියක් විහිදුණා. ඒ දීප්තිය රත්තරන් සහ රිදී මිශ්‍ර ලෝහයක තියෙන දිස්නයට සමානයි.+ 3 අතක් වගේ පෙනුණ දෙයක් ඔහු දික් කරලා මගේ කොණ්ඩෙන් අල්ලගත්තා. එතකොට යම් බලයක්* මාව ඉහළට උස්සලා* මාව යෙරුසලමට අරගෙන ගියා. ඒක වුණේ දෙවියන්ගෙන් ලැබුණ දර්ශනයක් මාර්ගයෙන්. මාව අරගෙන ගියේ දේවමාලිගාවේ උතුරු දිශාවට මුහුණ ලා තියෙන ඇතුල් මළුවේ දොරටුව ළඟටයි.+ දෙවියන්ව කේන්ති ගස්සන, නින්දාවක් ගේන රූපය තිබුණේ එතනයි.+ 4 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ තේජසින් ඒ ස්ථානය පිරිලා තිබුණා.+ ඒක හරියට තැනිතලාවේදී මං දැක්ක තේජස වගෙයි.+

5 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, දැන් උතුරු පැත්ත බලන්න.” ඉතින් මම උතුරු පැත්ත බැලුවා. උතුරු පැත්තෙන් පූජාසනයට ඇතුල් වෙන්න තියෙන දොරටුව ළඟම නින්දාවක් ගේන ඒ රූපය තියෙනවා මම දැක්කා. 6 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟ මෙතන කරන හරිම පහත්, පිළිකුල්සහගත දේවල් ඔයාට පේනවාද?+ මගේ ශුද්ධස්ථානයෙන් ඈත් වෙලා යන්න මාව පොලඹවන දේවල් ඔවුන් කරනවා ඔයාට පේනවාද?+ ඔවුන් මීටත් වඩා පිළිකුල්සහගත දේවල් කරනවා ඔයා දකියි.”

7 ඊටපස්සේ ඔහු මාව මළුවට ඇතුල් වෙන තැනට ගෙනාවා. එතන තාප්පයේ සිදුරක් තියෙනවා මම දැක්කා. 8 ඔහු මට කිව්වා “මනුෂ්‍ය පුත්‍රය, ඒ සිදුර තව ලොකු කරන්න” කියලා. මම ඒ සිදුර තව ලොකු කළාම දොරටුවක් දැක්කා. 9 ඔහු මට මෙහෙමත් කිව්වා. “ඇතුළට ගිහින් ඔවුන් කරන දුෂ්ට, පිළිකුල්සහගත දේවල් බලන්න.” 10 ඇතුළට ගිහින් බැලුවාම මම දැක්කා බිත්තිය වටේටම රූප කැටයම් කරලා තියෙනවා. හැම කුඩා සතෙක්ගෙම රූපත්+ පිළිකුල්සහගත සතුන්ගේ රූපත් ඊශ්‍රායෙල් සෙනඟ වැඳුම්පිදුම් කරපු හැම පිළිකුල්සහගත රූපයක්මත්*+ ඒ බිත්තියේ කැටයම් කරලා තිබුණා. 11 ඊශ්‍රායෙල් සෙනඟගේ වැඩිමහල්ලන් 70දෙනෙක් ඒ රූප ඉස්සරහා හිටගෙන හිටියා. ඔවුන් අතරේ ෂාපාන්ගේ පුතා+ වුණ යයෂනියාත් හිටියා. ඒ හැමෝගෙම අතේ සුවඳ දුම් ඔප්පු කරන භාජන තිබුණා. ඒවාවලින් සුවඳ දුම් ඉහළට නැග්ගා.+ 12 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟගේ වැඩිමහල්ලන් අඳුරේ කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් ඇතුල් කාමරවලට ගිහින් කැටයම් කරපු තම තමන්ගේ රූප ඉස්සරහා කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් මෙහෙම කියනවා. ‘යෙහෝවාට අපිව පේන්නේ නැහැ. යෙහෝවා අපේ දේශය අතහැරලා ගිහිල්ලා.’”+

13 ඔහු මට මෙහෙමත් කිව්වා. “මීට වඩා පිළිකුල්සහගත දේවල් ඔවුන් කරනවා ඔයා දකියි.” 14 ඊටපස්සේ ඔහු මාව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ උතුරු පැත්තේ තියෙන දොරටුව ළඟට අරගෙන ගියා. ස්ත්‍රීන් එතන ඉඳගෙන තම්මුස් දෙවියා ගැන වැලපෙන විදිහ මම දැක්කා.

15 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ දේවල් ඔයාට පේනවාද? මීට වඩා පිළිකුල්සහගත දේවල් ඔයා දකියි.”+ 16 ඊළඟට ඔහු මාව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඇතුල් මළුවට එක්කගෙන ගියා.+ යෙහෝවා දෙවියන්ගේ මාලිගාවට ඇතුල් වෙන තැන, ඒ කියන්නේ ඇතුල් වෙන තැන තියෙන ශාලාවයි, පූජාසනයයි අතරේ පුරුෂයෝ 25දෙනෙක් විතර හිටියා. යෙහෝවා දෙවියන්ගේ මාලිගාවට පිටිපස්ස හරවගෙන හිටපු ඔවුන්, නැඟෙනහිර පැත්තට හැරිලා හිරුට වන්දනාමාන කරකරයි හිටියේ.+

17 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ දේවල් ඔයාට පේනවාද? යූදාවල සෙනඟ පිළිකුල්සහගත දේවල් කරනවා මදිවටද මුළු දේශයම දරුණු දේවල්වලින් පුරවලා තියෙන්නේ?+ ඔවුන් ඒ දේවල් කරලා දිගින් දිගටම මාව කේන්ති ගස්සන්නේ ඇයි? දැන් ඔවුන් අත්ත* මගේ නහයටම අල්ලනවා. 18 ඒ නිසා මම ලොකු කේන්තියකින් ඔවුන්ට විරුද්ධව වැඩ කරනවා. ඔවුන් ගැන මම දුක් වෙන්නෙවත් ඔවුන්ට අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔවුන් උදව් ඉල්ලලා මහ හයියෙන් කෑගැහුවත් මම ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න