ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යූදා සහ තාමර් (1-30)

උත්පත්ති 38:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:2, 3; 28:1

උත්පත්ති 38:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:19

උත්පත්ති 38:5

පාදසටහන්

  • *

    මූ.අ., “එයා.” ඒ කියන්නේ යූදා.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:29, 31

උත්පත්ති 38:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 1:3

උත්පත්ති 38:8

පාදසටහන්

  • *

    හෝ, “මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:5, 6; මතෙ 22:24

උත්පත්ති 38:9

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:6
  • +ද්වි 25:7, 9

උත්පත්ති 38:10

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:3

උත්පත්ති 38:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:19

උත්පත්ති 38:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:2
  • +උත් 38:1
  • +යොෂු 15:10, 12; විනි 14:1

උත්පත්ති 38:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:5

උත්පත්ති 38:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 30 පි.

උත්පත්ති 38:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 30 පි.

උත්පත්ති 38:17

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තරුණ එළුවෙක්ව.

උත්පත්ති 38:18

පාදසටහන්

  • *

    මූ.අ., “මුද්‍රා තියන මුද්ද.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:42; 1රාජා 21:8

උත්පත්ති 38:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:1

උත්පත්ති 38:21

පාදසටහන්

  • *

    මූ.අ., “දේවාලේ ගණිකාව.” කානානිවරුන්ගේ දේවාලවල ගණිකාවන් හිටියා.

උත්පත්ති 38:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:9

උත්පත්ති 38:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:16, 18

උත්පත්ති 38:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:11; ද්වි 25:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 29 පි.

උත්පත්ති 38:29

පාදසටහන්

  • *

    තේරුම, “ඉරිලා යනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:12; රූත් 4:12; 1ලේක 2:4; ලූක් 3:23, 33

උත්පත්ති 38:30

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 1:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 38:2උත් 24:2, 3; 28:1
උත්. 38:3ගණන් 26:19
උත්. 38:5යොෂු 19:29, 31
උත්. 38:6මතෙ 1:3
උත්. 38:8ද්වි 25:5, 6; මතෙ 22:24
උත්. 38:9රූත් 4:6
උත්. 38:9ද්වි 25:7, 9
උත්. 38:101ලේක 2:3
උත්. 38:11ගණන් 26:19
උත්. 38:12උත් 38:2
උත්. 38:12උත් 38:1
උත්. 38:12යොෂු 15:10, 12; විනි 14:1
උත්. 38:14ද්වි 25:5
උත්. 38:16උත් 38:11
උත්. 38:18උත් 41:42; 1රාජා 21:8
උත්. 38:20උත් 38:1
උත්. 38:24ලෙවී 21:9
උත්. 38:25උත් 38:16, 18
උත්. 38:26උත් 38:11; ද්වි 25:5
උත්. 38:29උත් 46:12; රූත් 4:12; 1ලේක 2:4; ලූක් 3:23, 33
උත්. 38:30මතෙ 1:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 38:1-30

උත්පත්ති

38 ඒ කාලේදී වගේ යූදා එයාගේ අයියලා මල්ලිලාගෙන් වෙන් වෙලා අදුල්ලාම් ජාතික හීරා හිටපු තැනට කිට්ටුවෙන් එයාගේ කූඩාරම ගහගත්තා. 2 එහෙදී යූදාට කානානි ජාතිකයෙක්+ වුණ ෂුවාගේ දුව ගැන කැමැත්තක් ඇති වුණා. ඉතින් යූදා එයාව විවාහ කරගත්තා. 3 යූදාගේ බිරිඳ ගැබ්ගෙන පුතෙක් බිහි කළා. යූදා එයාට ඒර්+ කියන නම තිබ්බා. 4 එයා ආයෙත් ගැබ්ගෙන පුතෙක් බිහි කරලා ඒ පුතාට ඕනාන් කියන නම තිබ්බා. 5 එයා ආයෙත් පුතෙක් බිහි කරලා එයාට ෂේලා කියන නම තිබ්බා. ඒ පුතා ඉපදෙද්දී එයාලා* හිටියේ අක්ෂිබ්වල.+

6 කාලයක් ගියාට පස්සේ යූදා එයාගේ ලොකු පුතා වුණ ඒර්ට බිරිඳක් හොයලා දුන්නා. එයාගේ නම තාමර්.+ 7 ඒත් යූදාගේ කුලුඳුලා වුණ ඒර් යෙහෝවා දෙවියන් ඉදිරියේ හරිම දුෂ්ට දේවල් කළා. ඒ නිසා යෙහෝවා එයාව මරණයට පත් කළා. 8 ඉතින් යූදා ඕනාන්ට මෙහෙම කිව්වා. “ඔයාගේ අයියාගේ බිරිඳව විවාහ කරගෙන අයියාගේ නම ගෙනියන්න දරුවෝ හදන්න.”*+ 9 ඒත් දරුවන් එයාට අයිති වෙන්නේ නැහැ+ කියලා දන්න නිසා ඕනාන් අයියාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු හැම අවස්ථාවකම ශුක්‍රාණු බිමට යන්න ඇරියා. එයා එහෙම කළේ අයියාගේ නම ගෙනියන්න දරුවන් බිහි වෙන්නේ නැති වෙන්නයි.+ 10 එයා කරපු ඒ දේ යෙහෝවා සැලකුවේ හරිම දුෂ්ට දෙයක් විදිහට. ඒ නිසා ඔහු එයාවත් මරණයට පත් කළා.+ 11 ඉතින් යූදා එයාගේ ලේළි වුණ තාමර්ට මෙහෙම කිව්වා. “වෙන විවාහයක් කරගන්නේ නැතුව ඔයාගේ තාත්තාගේ ගෙදරට ගිහින් ඉන්න. මගේ පුතා ෂේලා වැඩිහිටියෙක් වුණාම එයාව විවාහ කරගන්න පුළුවන්.” යූදා එහෙම කිව්වේ එයාගේ අනිත් පුතාලා වගේ ෂේලාත් මැරෙයි කියලා බය වුණ නිසයි.+ ඉතින් තාමර් යූදා කියපු විදිහට එයාගේ තාත්තාගේ ගෙදර ගිහින් එහේ ජීවත් වුණා.

12 කාලයක් ගියාට පස්සේ ෂුවාගේ+ දුව ඒ කියන්නේ යූදාගේ බිරිඳ මැරුණා. එයා ගැන දුක් වෙන කාලේ ඉවර වුණාට පස්සේ යූදා එයාගේ යාළුවා වුණ අදුල්ලාම් ජාතික+ හීරා එක්ක තිම්නාහ්වල+ හිටපු එයාගේ බැටළුවන්ගේ ලොම් කපන අයව බලන්න ගියා. 13 තාමර්ට මේ ආරංචිය ලැබුණා. “ඔයාගේ මාමා බැටළුවන්ගේ ලොම් කපන්න තිම්නාහ්වලට යනවා.” 14 ඉතින් එයා වැන්දඹු ඇඳුම් ගලවලා වෙන ඇඳුමක් ඇඳගෙන මූණත් සළුවකින් වහගෙන තිම්නාහ්වලට යන පාරේ එනායිම්වලට ඇතුල් වෙන තැන ඉඳගත්තා. මොකද ෂේලා වැඩිහිටි වයසට ඇවිල්ලා හිටියත් එයාව ෂේලාට විවාහ කරලා දීලා තිබුණේ නැහැ.+

15 එයා මූණ වහගෙන හිටපු නිසා යූදා එයාව දැක්ක ගමන්ම එයා ගණිකාවක් කියලා හිතුවා. 16 ඉතින් යූදා එයා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “එන්න, ඇවිත් මාත් එක්ක එකට ඉන්න.” ඒ ඉන්නේ එයාගේ ලේළි කියලා එයා දැනන් හිටියේ නැහැ.+ එතකොට තාමර් මෙහෙම කිව්වා. “ඔයා එක්ක ඉන්නවාට ඔයා මට මොනවාද දෙන්නේ?” 17 එතකොට යූදා එයාට මෙහෙම උත්තර දුන්නා. “මගේ රැළෙන් එළු පැටියෙක්* මං ඔයාට එවන්නම්.” ඒත් තාමර් ඇහුවා “ඌව එවනකං ඔයා ඇපයක් විදිහට මට මොනවාද දෙන්නේ” කියලා. 18 එතකොට යූදා ඇහුවා “ඇපයක් විදිහට ඔයාට මගෙන් මොනවාද ඕනෙ” කියලා. තාමර් කිව්වා “ඔයාගේ මුද්දයි,*+ ඒක දාලා තියෙන පටියයි, ඔයාගේ සැරයටියයි මට දෙන්න” කියලා. යූදා ඒවා තාමර්ට දීලා එයාත් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. එයා යූදා නිසා ගැබ්ගත්තා. 19 ඊටපස්සේ එයා එතනින් ගිහිල්ලා එයාගේ සළුව අයින් කරලා වැන්දඹු ඇඳුම් ඇඳගත්තා.

20 ඇපයක් විදිහට ඒ කාන්තාවට දුන්න දේවල් ආයෙත් ගන්න යූදා එයාගේ අදුල්ලම් ජාතික+ යාළුවා අතේ එළු පැටියෙක්ව යැව්වා. හැබැයි එයාව හොයාගන්න එයාට බැරි වුණා. 21 එයා එතන හිටපු මිනිස්සුන්ගෙන් ඇහුවා “එනායිම්වල පාර අයිනේ හිටපු අර ගණිකාව* කෝ” කියලා. එයාලා කිව්වා “මෙතන කවදාවත් ගණිකාවක් නම් ඉඳලා නැහැ” කියලා. 22 පස්සේ එයා යූදා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “මට එයාව හොයාගන්න බැරි වුණා. ඒ පැත්තේ මිනිස්සුත් කිව්වා ‘මෙතන කවදාවත් ගණිකාවක් නම් ඉඳලා නැහැ’” කියලා. 23 එතකොට යූදා මෙහෙම කිව්වා. “එයා ඒවා තියාගත්තදෙන්. එයාව හොයන්න ගියොත් අපිටමයි ලැජ්ජා වෙන්න වෙන්නේ. ඔයාට එයාව හම්බ වුණේ නැත්තං කරන්න දෙයක් නැහැ. මං පොරොන්දු වුණ විදිහට එළු පැටියාව යැව්වානේ.”

24 මාස තුනකට විතර පස්සේ යූදාට මේ ආරංචිය ලැබුණා. “ඔයාගේ ලේළි තාමර් ගණිකාවක් වගේ ඉඳලා දැන් අන්න දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා.” එතකොට යූදා මෙහෙම කිව්වා. “එයාව මෙහෙට අරන් එන්න. එයාව මරලා පුච්චලා දාන්න ඕනේ.”+ 25 එයාව අරන් එද්දී ඇපේට දීපු දේවල් එක්ක එයා මාමාට මේ පණිවිඩය යැව්වා. “මේවා අයිති කෙනා තමයි දරුවාගේ තාත්තා. මේ මුද්දයි, පටියයි, සැරයටියයි අයිති කාටද කියලා හොඳට බලන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා.”+ 26 යූදා ඒවා දිහා හොඳට බලලා මෙහෙම කිව්වා. “ඇත්තටම වැරදිකාරයා එයා නෙමෙයි මං. එයා ඒක කළේ මගේ පුතා ෂේලාව මං එයාට විවාහ කරලා දුන්නේ නැති නිසයි.”+ ඒ සිද්ධියෙන් පස්සේ යූදා තාමර් එක්ක ආයේ ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ.

27 දරුවා බිහි කරන දවස ආවාම තාමර්ට ලැබෙන්න යන්නේ නිවුන් දරුවන් කියලා තේරුණා. 28 දරුවෝ හම්බ වෙන වෙලාවේ එක දරුවෙක් එයාගේ අත එළියට දැම්මා. වින්නඹුව ඉක්මනින් තද රතු පාට නූලක් අරගෙන එයාගේ අතේ බඳින ගමන් මෙහෙම කිව්වා. “මේ දරුවා තමයි මුලින්ම එළියට ආවේ.” 29 ඒත් එයා එයාගේ අත ඇතුළට ගත්තාම අනිත් දරුවා එළියට ආවා. එතකොට වින්නඹුව පුදුමයෙන් මෙහෙම කිව්වා. “බලන්නකෝ ඔයා අම්මාව තුවාල කරගෙනයි එළියට ආවේ.” එයාට පේරෙස්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. 30 ඊටපස්සේ තද රතු පාට නූල අතේ බැඳලා තිබුණ දරුවා එළියට ආවා. එයාට සේරා+ කියන නම තිබ්බා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න