ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ආරක්ෂාව ඉල්ලලා කරන යාච්ඤාවක්

        • ‘ඔබ මගේ හිත විමසුවා’ (3)

        • “ඔබේ පියාපත් සෙවණේ” (8)

ගීතාවලිය 17:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 145:18

ගීතාවලිය 17:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:5, 6

ගීතාවලිය 17:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:5; 16:7; 1කොරි 4:4
  • +ගීතා 26:2; මලා 3:3; 1පේතෘ 1:6, 7

ගීතාවලිය 17:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:9

ගීතාවලිය 17:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:36; 94:18; 119:133; 121:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1999, 11 පි.

ගීතාවලිය 17:6

පාදසටහන්

  • *

    හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:16
  • +යෙසා 37:17

ගීතාවලිය 17:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:21; විලා 3:22

ගීතාවලිය 17:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:9, 10; සෙක 2:8
  • +රූත් 2:12; ගීතා 36:7; 57:1

ගීතාවලිය 17:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:11; ගීතා 35:4

ගීතාවලිය 17:10

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන්ගේ හිත් තෙලින් තර වෙලා.”

ගීතාවලිය 17:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:26

ගීතාවලිය 17:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:6

ගීතාවලිය 17:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:12
  • +මතෙ 5:45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2011, 12 පි.

    5/15/2006, 19 පි.

ගීතාවලිය 17:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 19 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 17:1ගීතා 145:18
ගීතා. 17:2ගීතා 37:5, 6
ගීතා. 17:3ගීතා 11:5; 16:7; 1කොරි 4:4
ගීතා. 17:3ගීතා 26:2; මලා 3:3; 1පේතෘ 1:6, 7
ගීතා. 17:4ගීතා 119:9
ගීතා. 17:5ගීතා 18:36; 94:18; 119:133; 121:3
ගීතා. 17:6ගීතා 55:16
ගීතා. 17:6යෙසා 37:17
ගීතා. 17:7ගීතා 31:21; විලා 3:22
ගීතා. 17:8ද්වි 32:9, 10; සෙක 2:8
ගීතා. 17:8රූත් 2:12; ගීතා 36:7; 57:1
ගීතා. 17:91සාමු 24:11; ගීතා 35:4
ගීතා. 17:111සාමු 23:26
ගීතා. 17:13ගීතා 7:6
ගීතා. 17:14ගීතා 73:12
ගීතා. 17:14මතෙ 5:45
ගීතා. 17:15ගීතා 65:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 17:1-15

ගීතාවලිය

දාවිත්ගේ යාච්ඤාවක්.

17 අනේ යෙහෝවා, මම යුක්තිය ඉල්ලලා කරන කන්නලව්වට ඇහුම්කන් දෙන්න.

මම උදව් ඉල්ලලා අඬද්දී මං දිහා බලන්න.

අවංක හදවතකින් මම කරන යාච්ඤාවට සවන් දෙන්න.+

 2 අනේ දෙවියනි, ඔබේ ඇස් දෙකෙන් ඇත්ත දකින්න.

මට සාධාරණ විනිශ්චයක් දෙන්න.+

 3 ඔබ මගේ හිත විමසලා රාත්‍රියේදී මාව සෝදිසි කළා.+

ඔබ මාව පවිත්‍ර කළා.+

මම දුෂ්ට විදිහට කුමන්ත්‍රණය කරලා නැහැ කියලත්

මගේ කටින් කිසිම වැරදි දෙයක් පිට වෙලා නැහැ කියලත් ඔබ දකියි.

 4 අනිත් අය මොන දේ කළත් මගේ අදිටන ඔබ කියන දේට එකඟව ජීවත් වෙන එකයි.

සොරුන් යන මඟේ නොයන්න මම තීරණය කළා.+

 5 ඔබ පෙන්වන මාර්ගයේ මම දිගටම ගමන් කරනවා.

එතකොට කවදාවත් මගේ පය පැටලිලා මම වැටෙන්නේ නැහැ.+

 6 දෙවියනි, ඔබ මට උත්තර දෙන නිසා මම ඔබේ නම කියලා අයැදිනවා.+

අනේ, මට කන් දෙන්න.* මං කියන දේට ඇහුම්කන් දෙන්න.+

 7 ගැලවුම්කරුවෙනි, ඔබට විරුද්ධ වෙන අයගෙන් ඔබේ සෙනඟව ආරක්ෂා කරන්න.

ඔබේ දකුණතේ රැකවරණය පතන අය වෙනුවෙන්

පුදුම දනවන දේවල් කරලා ඔබේ නොසැලෙන ආදරේ පෙන්වන්න.+

 8 ඔබේ ඇහේ කලු ඉංගිරියාව වගේ මාව රැකගන්න.+

ඔබේ පියාපත් සෙවණේ මාව සඟවගන්න.+

 9 මට පහර දෙන දුෂ්ටයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.

මාව වට කරගෙන ඉන්න සතුරන්ගෙන් මාව බේරගන්න.+

10 ඔවුන්ට කිසිම හිතක් පපුවක් නැහැ.*

ඔවුන් කතා කරන්නේ උද්ධච්ච විදිහටයි.

11 ඔවුන් අපිව කොටු කරගෙන.+

ඔවුන් බලාගෙන ඉන්නේ අපිව බිමටම ඇදලා දාන්නයි.

12 ඔවුන් ගොදුර ඉරලා දාන කල් නොඉවසිල්ලෙන් බලන් ඉන්න සිංහයන් වගෙයි.

ගොදුරක් අල්ලගන්න හැංගිලා ඉන්න තරුණ සිංහයන් වගෙයි.

13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී ඉන්න.+

ඔවුන්ව පහතට ඇදලා දාන්න.

ඔබේ කඩුවෙන් දුෂ්ටයාට පහර දීලා මාව බේරගන්න.

14 අනේ යෙහෝවා, ඔබේ බලවත් අත දිගු කරලා

මේ ලෝකයේ මිනිසුන්ගෙන් මාව ගලවගන්න.

තාවකාලික සතුට හොයන මිනිසුන්ගෙන්+ මාව බේරගන්න.

ඔබ ලබා දෙන යහපත් දේවලින් ඔවුන් තෘප්තිමත් වෙනවා.+

ඔවුන් රැස් කරපු සම්පත් ඔවුන්ගෙන් පස්සේ ඔවුන්ගේ දරු පරම්පරාව භුක්ති විඳිනවා.

15 ඒත් මම හරි දේ කරන නිසා ඔබේ මුහුණ දකින්න මට අවස්ථාව ලැබෙනවා.

ඔබ මං ළඟින්ම ඉන්නවා කියලා දන්න නිසා මම අවදි වෙන්නේ සතුටින්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න