ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • හොරෙබ්වලදී වතුර නැහැ කියලා සෙනඟ බනින්න පටන්ගනියි (1-4)

      • පර්වතයකින් වතුර ලබා දෙයි (5-7)

      • අමලෙක්වරු සටනට ඇවිත් පැරදෙයි (8-16)

නික්මයාම 17:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:12
  • +ගණන් 33:2
  • +ගණන් 33:14

නික්මයාම 17:2

පාදසටහන්

  • *

    හෝ, “යෙහෝවා ඔයාලා වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කරන්න හදන්නේ ඇයි?”

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:19, 21; ගණන් 14:2, 3; 20:3
  • +ගණන් 14:22; ගීතා 78:18, 22; 106:14

නික්මයාම 17:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:2, 3

නික්මයාම 17:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:20

නික්මයාම 17:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:8; ද්වි 8:14, 15; නෙහෙ 9:15; ගීතා 78:15; 105:41; 1කොරි 10:1, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2018, 13-14 පි.

නික්මයාම 17:7

පාදසටහන්

  • *

    තේරුම, “පරීක්ෂා කිරීම.”

  • *

    තේරුම, “රණ්ඩුව.”

  • *

    හෝ, “යෙහෝවා එයාලා වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කළා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:22
  • +ගීතා 81:7
  • +ද්වි 6:16; ගීතා 95:8, 9; හෙබ්‍රෙ 3:8, 9

නික්මයාම 17:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:12
  • +ද්වි 25:17; 1සාමු 15:2

නික්මයාම 17:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2002, 9-10 පි.

නික්මයාම 17:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:15
  • +නික් 24:13, 14

නික්මයාම 17:13

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:12

නික්මයාම 17:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:20; ද්වි 25:19; 1ලේක 4:42, 43

නික්මයාම 17:15

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා මගේ සංඥා කණුව.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

නික්මයාම 17:16

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:1
  • +1සාමු 15:20; එස්ත 9:24

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 17:1ගණන් 33:12
නික්. 17:1ගණන් 33:2
නික්. 17:1ගණන් 33:14
නික්. 17:2නික් 5:19, 21; ගණන් 14:2, 3; 20:3
නික්. 17:2ගණන් 14:22; ගීතා 78:18, 22; 106:14
නික්. 17:3නික් 16:2, 3
නික්. 17:5නික් 7:20
නික්. 17:6ගණන් 20:8; ද්වි 8:14, 15; නෙහෙ 9:15; ගීතා 78:15; 105:41; 1කොරි 10:1, 4
නික්. 17:7ද්වි 9:22
නික්. 17:7ගීතා 81:7
නික්. 17:7ද්වි 6:16; ගීතා 95:8, 9; හෙබ්‍රෙ 3:8, 9
නික්. 17:8උත් 36:12
නික්. 17:8ද්වි 25:17; 1සාමු 15:2
නික්. 17:9ගණන් 11:28
නික්. 17:10යොෂු 11:15
නික්. 17:10නික් 24:13, 14
නික්. 17:13යොෂු 11:12
නික්. 17:14ගණන් 24:20; ද්වි 25:19; 1ලේක 4:42, 43
නික්. 17:16එළි 19:1
නික්. 17:161සාමු 15:20; එස්ත 9:24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 17:1-16

නික්මයාම

17 ඊශ්‍රායෙල් සෙනඟ සින් පාළුකරයෙන්+ පිටත් වුණා. එයාලා යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට+ තැනින් තැන නතර වෙවී අන්තිමට රෙෆිඩිම්වලට+ ඇවිත් කඳවුරු බැඳගත්තා. ඒත් එහේ එයාලට බොන්න වතුර තිබුණේ නැහැ.

2 ඒ නිසා සෙනඟ “අපිට බොන්න වතුර දෙන්න” කියකිය මෝසෙස් එක්ක රණ්ඩු කළා.+ එතකොට මෝසෙස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයාලා මාත් එක්ක රණ්ඩු වෙන්නේ? හැම වෙලේම යෙහෝවාව සැක කරන්නේ ඇයි? දෙවියන් ඔයාලව බලාගනී කියලා ඔයාලට විශ්වාස නැද්ද?”*+ 3 සෙනඟ හුඟක් තිබහෙන් හිටපු නිසා එයාලා මෝසෙස්ට මේ විදිහට බනින්න පටන්ගත්තා.+ “ඇයි ඔයා අපිව ඊජිප්තුවේ ඉඳන් කාන්තාරෙකට ගෙනාවේ? අපිවයි, අපේ දරුවන්වයි, අපේ සත්තුන්වයි මරලා දාන්නද ඔයාට ඕනේ?” 4 එතකොට මෝසෙස් ලොකු වේදනාවකින් යෙහෝවාට කිව්වා “මං දැන් මොනවාද කරන්නේ? තව ටික වෙලාවකින් සෙනඟ මට ගල් ගහයි” කියලා.

5 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “නයිල් ගඟේ වතුරට පහර දුන්න සැරයටිය අතට ගන්න.+ ඔයා සෙනඟව තියලා ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් කීපදෙනෙකුත් එක්ක 6 හොරෙබ්වල තියෙන පර්වතය ළඟට යන්න. මම ඒ පර්වතය උඩ ඉන්නවා. ඔයාගේ සැරයටියෙන් ඒ පර්වතයට ගහන්න. එතකොට ඒකෙන් වතුර ගලාගෙන එයි. සෙනඟට පුළුවන් ඒ වතුර බොන්න.”+ ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් බලාගෙන ඉද්දී මෝසෙස්, දෙවියන් කියපු විදිහට කළා. 7 මෝසෙස් ඒ තැනට මස්සාහ්*+ සහ මෙරිබා*+ කියන නම් තිබ්බා. මොකද එහෙදී ඊශ්‍රායෙල් සෙනඟ එයා එක්ක රණ්ඩු කළා. ඒ වගේම එයාලා “යෙහෝවා ඇත්තටම අපි එක්ක ඉන්නවාද” කියකිය යෙහෝවාව සැක කරලා ඔහුව පරීක්ෂා කළා.*+

8 පස්සේ අමලෙක්වරු+ රෙෆිඩිම්වලදී+ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටනට ආවා. 9 එතකොට මෝසෙස්, යොෂුවාට+ මෙහෙම කිව්වා. “අපි වෙනුවෙන් සටන් කරන්න පුරුෂයන්ව තෝරගෙන අමලෙක්වරුන්ට විරුද්ධව සටනට යන්න. මං හෙට සැබෑ දෙවියන් මගේ අතට ගන්න කියපු සැරයටියත් අරගෙන කන්ද උඩට වෙලා ඉන්නවා.” 10 යොෂුවා මෝසෙස් කියපු විදිහටම කරලා+ අමලෙක්වරු එක්ක සටනට ගියා. මෝසෙස් ඒ වෙලාවේ ආරොන් සහ හූර්+ එක්ක කන්ද උඩට ගියා.

11 මෝසෙස් අත් දෙක උස්සගෙන ඉද්දී ඊශ්‍රායෙල්වරු අමලෙක්වරුන්ට වඩා හොඳට සටන් කළා. ඒත් මෝසෙස් අත් දෙක පහතට දැම්මාම අමලෙක්වරු ඊශ්‍රායෙල්වරුන්ට වඩා හොඳට සටන් කළා. 12 මෝසෙස්ට දිගටම අත් දෙක උස්සගෙන ඉන්න බැරි වුණාම ආරොන් සහ හූර් එයාට ඉඳගන්න ගලක් දුන්නා. ඊටපස්සේ ඒ දෙන්නා දෙපැත්තේ ඉඳන් මෝසෙස්ට අත් දෙක උස්සගෙන ඉන්න උදව් කළා. ඒ නිසා ඉර බැහැලා යන කල්ම අත් දෙක උස්සගෙන ඉන්න මෝසෙස්ට පුළුවන් වුණා. 13 ඒ විදිහට යොෂුවා අමලෙක්වරුන්ට කඩුවෙන් පහර දීලා එයාලව පැරැද්දුවා.+

14 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “‘ඉස්සරහට මං අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. කිසිම කෙනෙක්ට එයාලව මතක් වෙන්නේ නැහැ.’+ මං කියපු ඒ දේ ලියවිල්ලේ සටහන් කරලා යොෂුවාට ඇහෙන්න කියවන්න. එතකොට ඒක සෙනඟට හැමදාම මතක තියෙයි.” 15 මෝසෙස් පූජාසනයක් හදලා ඒකට යෙහෝවානිස්සයි* කියන නම තිබ්බා. 16 එයා ඒ නම තිබ්බ වෙලාවේ මෙහෙම කිව්වා. “අමලෙක්වරු යාහ්ගේ*+ පාලනයට විරුද්ධයි. ඒ නිසා එයාලාගේ හැම පරම්පරාවකදීම යෙහෝවා එයාලට විරුද්ධව යුද්ධ කරනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න