ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • හවුල් පූජාව (1-17)

        • තෙල්වත් ලේවත් කන්න එපා (17)

ලෙවී කතාව 3:1

පාදසටහන්

  • *

    හෝ, “සාමය ඇති කරන පූජාවක්.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:21; ගණන් 6:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 15-16 පි.

ලෙවී කතාව 3:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:29-31
  • +නික් 29:13; ලෙවී 7:23-25; 1රාජා 8:64

ලෙවී කතාව 3:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:1-4

ලෙවී කතාව 3:5

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:12
  • +ලෙවී 4:29, 31

ලෙවී කතාව 3:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2004, 30 පි.

ලෙවී කතාව 3:9

පාදසටහන්

  • *

    සාමාන්‍යයෙන් වලිගය කි.ග්‍රෑ. 5ක් විතර බරයි.

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:22; ලෙවී 9:18-20; 2ලේක 7:7

ලෙවී කතාව 3:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:8, 9; 9:10

ලෙවී කතාව 3:11

පාදසටහන්

  • *

    මූ.අ., “කෑම.” ඒ කියන්නේ හවුල් පූජාවෙන් දෙවියන්ට දෙන කොටස.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 2 පි.

ලෙවී කතාව 3:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:24, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2019, 23 පි.

ලෙවී කතාව 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2019, 23 පි.

ලෙවී කතාව 3:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:23; 1සාමු 2:15-17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2019, 23 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 2 පි.

ලෙවී කතාව 3:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:4; ලෙවී 17:10, 13; ද්වි 12:23; ක්‍රියා 15:20, 29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 32 පි.

    5/15/2004, 22 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 3:1ලෙවී 22:21; ගණන් 6:13, 14
ලෙවී. 3:3ලෙවී 7:29-31
ලෙවී. 3:3නික් 29:13; ලෙවී 7:23-25; 1රාජා 8:64
ලෙවී. 3:4ලෙවී 7:1-4
ලෙවී. 3:5ලෙවී 6:12
ලෙවී. 3:5ලෙවී 4:29, 31
ලෙවී. 3:6ගණන් 6:13, 14
ලෙවී. 3:9නික් 29:22; ලෙවී 9:18-20; 2ලේක 7:7
ලෙවී. 3:10ලෙවී 4:8, 9; 9:10
ලෙවී. 3:11ලෙවී 4:31
ලෙවී. 3:14ලෙවී 4:24, 26
ලෙවී. 3:16ලෙවී 7:23; 1සාමු 2:15-17
ලෙවී. 3:17උත් 9:4; ලෙවී 17:10, 13; ද්වි 12:23; ක්‍රියා 15:20, 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 3:1-17

ලෙවී කතාව

3 “‘කෙනෙක් හවුල් පූජාවක්*+ ඔප්පු කරන්න ගව රැළෙන් පිරිමි සතෙක්ව හරි ගැහැනු සතෙක්ව හරි ගේනවා නම් ඔහු යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ කැළලක් නැති සතෙක්වයි. 2 ඔප්පු කරන්න ගෙනාපු සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 3 හවුල් පූජාවෙන් කොටසක් යෙහෝවා ඉස්සරහා ගින්නෙන් ඔප්පු කළ යුතුයි.+ සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුවයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි,+ 4 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඉවතට ගන්න. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 5 ආරොන්ගේ පුතාලා ඒ කොටස් පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දර මත තියෙන දවන පූජාවට උඩින් තියලා ඒවා දැවිය යුතුයි.+ ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+

6 “‘කෙනෙක් හවුල් පූජාවක් ඔප්පු කරන්න එළු බැටළු රැළෙන් පිරිමි සතෙක්ව හරි ගැහැනු සතෙක්ව හරි ගේනවා නම් ඔහු යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ කැළලක් නැති සතෙක්වයි.+ 7 පූජාව සඳහා බැටළු පැටියෙක්ව ගේනවා නම් ඔහු ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 8 ඔප්පු කරන්න ගෙනාපු සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරම ඉස්සරහා ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 9 හවුල් පූජාවේ තෙල් කොටස් ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි.+ තෙලින් පිරුණු උගේ මුළු වලිගයම* කොඳු ඇට පෙළ ළඟින් ඉවත් කළ යුතුයි. සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුවයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි, 10 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඉවතට ගන්න. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 11 යෙහෝවාට දෙන කොටස* විදිහට පූජකයා ඒ සියල්ලම දුම ඉහළට නඟින විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ඒක මට ගින්නෙන් ඔප්පු කරන පූජාවක්.+

12 “‘කෙනෙක් පූජාව සඳහා එළුවෙක්ව ගේනවා නම් ඔහු ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 13 ඔප්පු කරන සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරම ඉස්සරහා ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 14 ඔහු ඒ පූජාවෙන් යෙහෝවාට දෙන කොටස ගින්නෙන් ඔප්පු කළ යුතුයි. ඒ කොටසට සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුව, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුව,+ 15 වකුගඩු දෙක, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුව සහ වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුව ඇතුළත් විය යුතුයි. 16 පූජකයා ඒ සියල්ල දෙවියන්ට දෙන කොටස විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම දෙවියන් මිහිරි සුවඳක් විදිහට සලකනවා. සියලුම තෙල් කොටස් අයිති යෙහෝවාටයි.+

17 “‘ඔබ තෙල් කොටස් සහ ලේ+ කොහොමටවත් නොකෑ යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් ඒ පනත ඔබයි, ඔබෙන් පැවතෙන හැමෝමයි පරම්පරාවෙන් පරම්පරාවට පැවැත්විය යුතුයි.’”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න