ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • දරුවෙක් ලැබුණ කෙනෙක් පවිත්‍ර වෙන්න කරන්න ඕනෙ දේවල් (1-8)

ලෙවී කතාව 12:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 17 පි.

    5/15/2004, 23 පි.

ලෙවී කතාව 12:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:12; 21:4; ලූක් 1:59; 2:21, 22; යොහ 7:22

ලෙවී කතාව 12:4

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ශුද්ධ කූඩාරමට අයිති ප්‍රදේශය.

ලෙවී කතාව 12:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 23 පි.

ලෙවී කතාව 12:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:10

ලෙවී කතාව 12:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:14; 5:7; 14:21, 22; ලූක් 2:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 12:2ලෙවී 15:19
ලෙවී. 12:3උත් 17:12; 21:4; ලූක් 1:59; 2:21, 22; යොහ 7:22
ලෙවී. 12:6ලෙවී 1:10
ලෙවී. 12:8ලෙවී 1:14; 5:7; 14:21, 22; ලූක් 2:24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 12:1-8

ලෙවී කතාව

12 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කාන්තාවක් ගැබ්ගෙන පුතෙක් බිහි කළොත් ඇගේ ඔසප් දවස්වලදී වගේ දවස් හතක් යන කල් ඇය අපවිත්‍ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි.+ 3 අටවෙනි දවසේදී දරුවාව චර්මච්ඡේදනය කළ යුතුයි.+ 4 ලේ ගැලීම නිසා ඇය ඉන්නේ අපවිත්‍ර තත්වයක. ඒ නිසා පවිත්‍ර වෙන්න තව දවස් 33ක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. ඒ දවස් සම්පූර්ණ වෙන කල් ශුද්ධස්ථානයට* යන එකෙන් සහ ශුද්ධ දේවල් අල්ලන එකෙන් ඇය වළකින්න ඕනේ.

5 “‘ඇය දුවෙක් බිහි කළොත් ඇගේ ඔසප් දවස්වලදී වගේ දවස් 14ක් යන කල් ඇයව අපවිත්‍ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි. ලේ ගැලීම නිසා ඇය ඉන්නේ අපවිත්‍ර තත්වයක. ඒ නිසා පවිත්‍ර වෙන්න තව දවස් 66ක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. 6 ඇය පුතෙක්ව හරි දුවෙක්ව හරි බිහි කළාට පස්සේ පවිත්‍ර වෙන්න වෙන් කරපු දවස් සම්පූර්ණ වුණාම මේ විදිහට කරන්න ඕනේ. දවන පූජාවක්+ හැටියට අවුරුද්දක් විතර වයස බැටළුවෙක්වයි, පාප පූජාවක් හැටියට පරෙවියෙක්ව නැත්නම් කොබෙයියෙක්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට දිය යුතුයි. 7 පූජකයා ඒ පූජා යෙහෝවා ඉස්සරහා ඔප්පු කරලා ඇය වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. එතකොට ලේ ගැලීම නිසා අපවිත්‍ර වුණ ඇය පවිත්‍ර වෙයි. දරුවෙක් බිහි කරන කාන්තාවක් පිළිපදින්න ඕනෙ නීතිය ඒකයි. 8 ඇයට බැටළුවෙක්ව ගේන්න තරම් වත්කමක් නැත්නම් ඇය කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගේන්න ඕනේ.+ එකෙක් දවන පූජාවට. අනිකා පාප පූජාවට. පූජකයා ඒ පූජා දෙවියන් ඉස්සරහා ඔප්පු කරලා ඇය වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. ඊටපස්සේ ඇයව පවිත්‍ර කෙනෙක් විදිහට සලකනවා.’”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න