ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • රතු පාටට හුරු එළදෙන සහ පවිත්‍ර කරන්න පාවිච්චි කරන වතුර (1-22)

ගණන් කතාව 19:2

පාදසටහන්

  • *

    හෝ, “වියගහක් දරපු නැති.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:20; මලා 1:14

ගණන් කතාව 19:4

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:13, 14

ගණන් කතාව 19:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:11, 12

ගණන් කතාව 19:6

පාදසටහන්

  • *

    මේක පැළෑටි වර්ගයක් හෝ වර්ග කීපයක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් හඳුන්වන දේ හරියටම කියන්න බැහැ.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:7

ගණන් කතාව 19:9

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:13, 14
  • +ගණන් 19:13, 21

ගණන් කතාව 19:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49; ලෙවී 24:22; ගණන් 15:15

ගණන් කතාව 19:11

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:1, 11; ගණන් 5:2; 6:9; 9:6; 31:19

ගණන් කතාව 19:13

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:9
  • +ලෙවී 15:31
  • +ලෙවී 22:3; හෙබ්‍රෙ 10:28

ගණන් කතාව 19:15

පාදසටහන්

  • *

    හෝ, “පියන තදින් ලණුවකින් බැඳ නැති.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:31, 32

ගණන් කතාව 19:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:11; 31:19

ගණන් කතාව 19:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:9
  • +ගීතා 51:7

ගණන් කතාව 19:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 14:9; ගණන් 19:12; 31:19

ගණන් කතාව 19:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:13

ගණන් කතාව 19:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:18; හෙබ්‍රෙ 9:9, 10, 13, 14

ගණන් කතාව 19:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:4, 5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 19:2ලෙවී 22:20; මලා 1:14
ගණන්. 19:4හෙබ්‍රෙ 9:13, 14
ගණන්. 19:5ලෙවී 4:11, 12
ගණන්. 19:6ගීතා 51:7
ගණන්. 19:9හෙබ්‍රෙ 9:13, 14
ගණන්. 19:9ගණන් 19:13, 21
ගණන්. 19:10නික් 12:49; ලෙවී 24:22; ගණන් 15:15
ගණන්. 19:11ලෙවී 21:1, 11; ගණන් 5:2; 6:9; 9:6; 31:19
ගණන්. 19:13ගණන් 19:9
ගණන්. 19:13ලෙවී 15:31
ගණන්. 19:13ලෙවී 22:3; හෙබ්‍රෙ 10:28
ගණන්. 19:15ලෙවී 11:31, 32
ගණන්. 19:16ගණන් 19:11; 31:19
ගණන්. 19:18ගණන් 19:9
ගණන්. 19:18ගීතා 51:7
ගණන්. 19:19ලෙවී 14:9; ගණන් 19:12; 31:19
ගණන්. 19:20ගණන් 19:13
ගණන්. 19:21ගණන් 19:18; හෙබ්‍රෙ 9:9, 10, 13, 14
ගණන්. 19:22ලෙවී 15:4, 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 19:1-22

ගණන් කතාව

19 යෙහෝවා දෙවියන් මෝසෙස්ට සහ ආරොන්ට මෙහෙම කිව්වා. 2 “යෙහෝවා ඔබට දෙන නීතිය මේකයි. ‘රැළෙන් රතු පාටට හුරු එළදෙනක්ව තෝරගන්න කියලා සෙනඟට කියන්න. ඌ කිසිම කැළලක් නැති,+ කවදාවත් වැඩට යොදාගත්තේ නැති* එළදෙනක් වෙන්න ඕනේ. 3 ඔබ ඌව පූජක එලියාසර්ට භාර දෙන්න. ඔහු ඌව කඳවුරෙන් පිටතට අරගෙන යා යුතුයි. ඊටපස්සේ එළදෙනව ඔහු ඉස්සරහා මැරිය යුතුයි. 4 පූජක එලියාසර් ඔහුගේ ඇඟිල්ලෙන් උගේ ලේ ටිකක් අරන් හමු වීමේ කූඩාරම දිහාවට හත් වරක් ඉසිය යුතුයි.+ 5 එළදෙනව පූජක එලියාසර් ඉස්සරහම පුලුස්සන්න ඕනේ. උගේ හම, මස්, ලේ සහ ගොමත් පුලුස්සා දැමිය යුතුයි.+ 6 පූජකයා දේවදාර අතු, හිසොප්*+ මිටියක් සහ තද රතු පාට රෙදි ගෙනත් සතා ඇවිළෙන ගින්නට වීසි කළ යුතුයි. 7 ඊටපස්සේ පූජකයා ඔහුගේ ඇඳුම් හෝදගෙන නාගත යුතුයි. නෑවාට පස්සේ ඔහුට කඳවුරට එන්න පුළුවන්. ඒත් හවස් වෙන කල් ඔහු අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.

8 “‘සතාව පුලුස්සපු කෙනාත් ඔහුගේ ඇඳුම් හෝදගත්තාට පස්සේ නාගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.

9 “‘පවිත්‍රව ඉන්න කෙනෙක් එළදෙනගේ අළු එකතු කරලා+ කඳවුරෙන් එළියේ පිරිසිදු තැනක තියන්න ඕනේ. ඊශ්‍රායෙල් සෙනඟ ඒ අළු තියාගන්න ඕනෙ පවිත්‍ර කරන්න පාවිච්චි කරන වතුර එක්ක මිශ්‍ර කරන්නයි.+ ඒක පාප පූජාවක්. 10 අළු එකතු කරන කෙනාත් ඔහුගේ ඇඳුම් හෝදගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.

“‘ඒක ඊශ්‍රායෙල් සෙනඟ සහ ඔවුන් එක්ක ජීවත් වෙන විදේශිකයන් දිගටම පැවැත්විය යුතු නියෝගයක්.+ 11 මළ සිරුරක්* අල්ලන කෙනෙක් දවස් හතක් යන කල් අපවිත්‍රයි.+ 12 ඒ විදිහට අපවිත්‍ර වුණ කෙනෙක් තුන්වෙනි දවසේදී අළු මිශ්‍ර කරපු වතුරෙන් පවිත්‍ර විය යුතුයි. එතකොට හත්වෙනි දවසේදී ඔහුව පවිත්‍ර කෙනෙක් විදිහට සලකයි. ඒත් තුන්වෙනි දවසේදී ඔහු පවිත්‍ර වුණේ නැත්නම් හත්වෙනි දවසේදී ඔහුව පවිත්‍ර කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. 13 මළ සිරුරක්* අල්ලපු කෙනෙක් පවිත්‍ර වුණේ නැත්නම් ඔහු ඉන්නේ අපවිත්‍ර තත්වයක. ඒ නිසා පවිත්‍ර කරන වතුර+ ඔහු මත ඉහලා ඔහුව පවිත්‍ර කළ යුතුයි. එහෙම කළේ නැත්නම් යෙහෝවා වන මගේ ශුද්ධ කූඩාරම ඔහු නිසා අපවිත්‍ර වෙනවා.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+

14 “‘කූඩාරමක ඉන්න කෙනෙක් මැරුණොත් කරන්න ඕනෙ මෙහෙමයි. ඒ කෙනා මැරුණ වෙලාවේ කූඩාරම ඇතුළේ හිටිය අයත් ඊටපස්සේ කූඩාරම ඇතුළට ගිය අයත් දවස් හතක් යන කල් අපවිත්‍රයි. 15 කූඩාරම ඇතුළේ පියන තදින් වහපු නැති* භාජන තිබුණා නම් ඒවාත් අපවිත්‍රයි.+ 16 ඒ වගේම කෙනෙක් එළිමහනේ ඉද්දී කඩුවෙන් මරලා දාපු කෙනෙක්ගේ හරි වෙන ඕනෙම විදිහකින් මැරුණ කෙනෙක්ගේ හරි මළ සිරුර ඇල්ලුවොත් ඔහු අපවිත්‍ර වෙනවා. කෙනෙක් මිනී වළක් හෝ මිනිසෙක්ගේ ඇටකටු ඇල්ලුවොත් ඒ කෙනාත් අපවිත්‍ර වෙනවා. ඒ වගේ කෙනෙක් දවස් හතක් යන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ 17 අපවිත්‍ර වුණ කෙනාව පවිත්‍ර කරන්න මේ දේ කරන්න. පාප පූජාවට ඔප්පු කරපු සතාගේ අළු ටිකක් භාජනයකට දාලා ඒකට නැවුම් වතුර වක් කරන්න. 18 ඊටපස්සේ පවිත්‍රව ඉන්න කෙනෙක්+ හිසොප්+ මිටියක් අරන් ඒක ඒ වතුරේ පොඟවලා කූඩාරමට සහ ඒකේ තියෙන හැම භාජනයකටම ඉහින්න ඕනේ. කූඩාරමේ හිටපු අයගේ ඇඟටත් ඒ වතුර ඉහින්න ඕනේ. මරලා දාපු කෙනෙක්ගේ හරි වෙන ඕනෙම විදිහකින් මැරුණ කෙනෙක්ගේ හරි මළ සිරුර අල්ලපු අයටත් එහෙම කරන්න. මිනිසෙක්ගේ ඇටකටු හරි මිනී වළක් හරි අල්ලපු අයටත් ඒ විදිහටම කරන්න. 19 පවිත්‍රව ඉන්න කෙනා තුන්වෙනි දවසේදී සහ හත්වෙනි දවසේදී අපවිත්‍රව ඉන්න කෙනාගේ ඇඟට ඒ වතුර ඉසිය යුතුයි. හත්වෙනි දවසේදී ඔහු පවිත්‍ර වෙයි.+ එදාට ඔහු ඇඳුම් හෝදගෙන නාගත යුතුයි. හත්වෙනි දවසේ හවස් වෙද්දී ඔහුව පවිත්‍ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි.

20 “‘ඒත් අපවිත්‍ර කෙනෙක් ඒ විදිහට පවිත්‍ර වුණේ නැත්නම් යෙහෝවා වන මගේ ශුද්ධස්ථානය ඔහු නිසා අපවිත්‍ර වෙනවා. පවිත්‍ර කරන වතුර ඔහුගේ ඇඟට ඉස්සේ නැති නිසා ඔහු ඉන්නේ අපවිත්‍ර තත්වයක. ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+

21 “‘පවිත්‍ර කරන වතුර ඉහින කෙනාත්+ ඒ වතුර අල්ලන වෙන ඕනෙම කෙනෙකුත් ඇඳුම් හෝදගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි. ඒක ඔබ දිගටම පැවැත්විය යුතු නියෝගයක්. 22 අපවිත්‍ර කෙනා අල්ලන ඕනෙම දෙයක් අපවිත්‍ර වෙයි. කෙනෙක් ඒ අපවිත්‍ර දේවල් ඇල්ලුවොත් ඒ කෙනාත් අපවිත්‍ර වෙයි. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න