ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ පුත්‍රයන් පොළොවේ ඉන්න කාන්තාවන්ව විවාහ කරගනියි (1-3)

      • යෝධයන් ඉපදෙයි (4)

      • මිනිස්සුන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දුක් වෙයි (5-8)

      • නැවක් හදන්න කියලා නෝවාට කියයි (9-16)

      • ජලගැල්මක් ගේනවා කියලා දෙවියන් කියයි (17-22)

උත්පත්ති 6:2

පාදසටහන්

  • *

    මූ.අ., “මනුෂ්‍යයන්ගේ දූවරුන්.”

  • *

    හෝ, “දේවදූතයන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:6; 38:7; 2පේතෘ 2:4; යූද් 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2013, 22 පි.

    4/15/2010, 20 පි.

    6/1/2008, 5 පි.

    6/1/2007, 5 පි.

    4/15/2000, 27 පි.

    6/15/1997, 15-16 පි.

උත්පත්ති 6:3

පාදසටහන්

  • *

    මූ.අ., “ඒ නිසා එයාලාගේ දවස් අවුරුදු 120ක් වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:4; 1පේතෘ 3:20
  • +2පේතෘ 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2012, 23 පි.

    12/15/2010, 30-31 පි.

    12/15/2003, 15 පි.

    11/1/2001, 9-10 පි.

    8/15/1999, 16 පි.

    9/15/1998, 10-11 පි.

උත්පත්ති 6:4

පාදසටහන්

  • *

    මූ.අ., “නෙෆිලිම්වරු.” තේරුම, “බිමට ඇදගෙන වැටෙන්න අනිත් අයට පහර දෙන අය” වෙන්න පුළුවන්. “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 133 ලිපිය

    මුරටැඹ,

    8/1/2013, 12 පි.

    6/15/2013, 22 පි.

    4/1/2013, 12-13 පි.

    6/1/2008, 5 පි.

    6/1/2007, 5 පි.

    11/15/2001, 28 පි.

    4/15/2000, 27-28 පි.

    6/15/1997, 15-16 පි.

    විශ්වාසය ආදර්ශයක්, 18 පි.

උත්පත්ති 6:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21; යෙරෙ 17:9; මතෙ 15:19

උත්පත්ති 6:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:40, 41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 86 ලිපිය

    මුරටැඹ,

    5/15/2004, 5-6 පි.

    1/1/2004, 29 පි.

    4/15/1998, 7 පි.

උත්පත්ති 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1998, 7 පි.

උත්පත්ති 6:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:1; එස 14:14; හෙබ්‍රෙ 11:7
  • +2පේතෘ 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 10-11 පි.

    මුරටැඹ,

    4/1/2013, 12 පි.

    6/1/2008, 5-6 පි.

    9/1/2005, 18-20 පි.

    11/15/2001, 29 පි.

    12/15/1998, 30 පි.

    11/15/1998, 10 පි.

    9/15/1998, 23 පි.

    6/1/1998, 9 පි.

    විශ්වාසය ආදර්ශයක්, 17 පි.

උත්පත්ති 6:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:32

උත්පත්ති 6:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2013, 5 පි.

    12/15/2003, 16-17 පි.

උත්පත්ති 6:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:18
  • +මතෙ 24:37-39; 2පේතෘ 2:5

උත්පත්ති 6:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:4

උත්පත්ති 6:14

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ මැලියම් සහිත ගස් වර්ගයක ලී ගැනයි. ඒක සයිප්‍රස් වර්ගයට අයිති ගහක් වෙන්න පුළුවන්.

  • *

    ඒක දිග පෙට්ටියක් වගේ.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:7
  • +උත් 14:10; නික් 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    1/2007, 20 පි.

    11/8/2003, 19 පි.

උත්පත්ති 6:15

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). එතකොට නැවේ දිග මීටර් 134යි. පළල මීටර් 22යි. උස මීටර් 13යි. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 156 ලිපිය

    පිබිදෙව්!,

    1/2007, 20-21 පි.

උත්පත්ති 6:16

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ට්සෝහා. සමහරවිට මේක නැව වටේටම යන කවුළුවක් වෙන්න පුළුවන්. මේ ගැන තියෙන තවත් අදහසක් තමයි වහල රියනක බෑවුමක් තියෙන විදිහට හදන්න ඕනෙ කියන එක.

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    1/2007, 20 පි.

උත්පත්ති 6:17

පාදසටහන්

  • *

    මූ.අ., “ජීවන හුස්ම ඇති සියල්ලන්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:7; 7:6, 11
  • +උත් 7:21; ගීතා 104:29; මතෙ 24:39; 2පේතෘ 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1998, 9 පි.

උත්පත්ති 6:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 13-14 පි.

උත්පත්ති 6:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:17
  • +උත් 7:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 13-14 පි.

උත්පත්ති 6:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:14, 15

උත්පත්ති 6:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:29, 30

උත්පත්ති 6:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:16; හෙබ්‍රෙ 11:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 30 පි.

    12/15/1995, 11-12 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 6:2යෝබ් 1:6; 38:7; 2පේතෘ 2:4; යූද් 6
උත්. 6:3උත් 7:4; 1පේතෘ 3:20
උත්. 6:32පේතෘ 3:9
උත්. 6:5උත් 8:21; යෙරෙ 17:9; මතෙ 15:19
උත්. 6:6ගීතා 78:40, 41
උත්. 6:9උත් 7:1; එස 14:14; හෙබ්‍රෙ 11:7
උත්. 6:92පේතෘ 2:5
උත්. 6:10උත් 5:32
උත්. 6:12එළි 11:18
උත්. 6:12මතෙ 24:37-39; 2පේතෘ 2:5
උත්. 6:13උත් 7:4
උත්. 6:14හෙබ්‍රෙ 11:7
උත්. 6:14උත් 14:10; නික් 2:3
උත්. 6:16උත් 7:16
උත්. 6:17උත් 1:7; 7:6, 11
උත්. 6:17උත් 7:21; ගීතා 104:29; මතෙ 24:39; 2පේතෘ 2:5
උත්. 6:18උත් 7:13
උත්. 6:19උත් 8:17
උත්. 6:19උත් 7:2
උත්. 6:20උත් 7:14, 15
උත්. 6:21උත් 1:29, 30
උත්. 6:22නික් 40:16; හෙබ්‍රෙ 11:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 6:1-22

උත්පත්ති

6 පොළොවේ ජනගහනය වැඩි වෙන්න පටන්ගත්තා. ගොඩක් දූවරුනුත් ඉපදුණා. 2 ඒ කාන්තාවන්* හරිම ලස්සනයි කියලා සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ දැක්කා. ඒ ලස්සනට එයාලාගේ හිත් ඇදිලා ගියා. ඉතින් එයාලා කැමති කැමති කාන්තාවන්ව තෝරගෙන එයාලව විවාහ කරගත්තා. 3 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිස්සු කරන මේ දේවල් මම හැමදාටම ඉවසන්නේ නැහැ.+ එයාලා යන්නෙම එයාලාගේ ආසාවන් පස්සේ. ඒ නිසා තව අවුරුදු 120ක් එයාලට ජීවත් වෙන්න ඉඩහරිනවා.”*+

4 ඒ දවස්වලත් ඊටපස්සෙත් පොළොවේ යෝධයෝ* හිටියා. ඒ කාලේදී සැබෑ දෙවියන්ගේ පුත්‍රයෝ පොළොවේ හිටපු කාන්තාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාන්තාවන්ට බිහි වුණ පුතාලා අතීතයේ හිටපු මිනිස්සු අතරේ බලවත්, ප්‍රසිද්ධ අය වුණා.

5 මිනිස්සුන්ගේ දුෂ්ටකම් හැම තැනම පැතිරිලා තිබුණා කියලත් එයාලාගේ හිත්වල තියෙන්නෙම නපුරු දේවල්+ කියලත් යෙහෝවා දැක්කා. 6 යෙහෝවාගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. ඔහු හදපු මිනිස්සු නිසා ඔහු කනගාටු වුණා.+ 7 ඒ හින්දා යෙහෝවා මෙහෙම කිව්වා. “මම හදපු මිනිස්සුන්ව පොළොවෙන් නැති කරලා දානවා. මිනිස්සුන්වත් හීලෑ සතුන්වත් කුඩා සතුන්වත් අහසේ පියාසර කරන ජීවීන්වත් මම විනාශ කරනවා. මං හදපු මිනිස්සු නිසා මම කනගාටු වෙනවා.” 8 ඒත් නෝවා ගැන යෙහෝවා සතුටු වුණා.

9 මේ තමයි නෝවාගේ ජීවිත කතාව.

නෝවා ධර්මිෂ්ඨ මනුස්සයෙක්.+ එයා ජීවත් වුණ කාලේ හිටපු මිනිස්සුන්ට වඩා නෝවා හුඟක් වෙනස් කෙනෙක්. මොකද එයා නිදොස් ජීවිතයක් ගත කළා. නෝවා සැබෑ දෙවියන් එක්ක ගමන් කළා.+ 10 කාලයක් ගියාට පස්සේ නෝවාට පුතාලා තුන්දෙනෙක් ඉපදුණා. එයාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ 11 ඒත් පොළොව ගොඩක් පිරිහිලා කියලා සැබෑ දෙවියන් දැක්කා. මුළු පොළොවම දරුණු භයානක දේවල්වලින් පිරිලා තිබුණා. 12 දෙවියන් පොළොව දිහා බැලුවාම පොළොව හොඳටම පිරිහිලා කියලා ඔහු දැක්කා.+ මිනිස්සු හැමෝම ගත කළේ හරිම නරක ජීවිත.+

13 ඊටපස්සේ දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන හැමෝවම විනාශ කරන්න මම තීරණය කරලා තියෙනවා. මිනිස්සු කරන දරුණු දේවලින් මුළු පොළොවම පිරිලා. ඒ හින්දා මම මිනිස්සුන්වයි, පොළොවේ තියෙන හැම දෙයක්මයි විනාශ කරනවා.+ 14 ඔයා හොඳ ලීවලින්* නැවක්* හදන්න.+ නැව ඇතුළේ කාමරත් හදන්න. ඊටපස්සේ ඒකේ ඇතුල් පැත්තටයි, පිට පැත්තටයි සම්පූර්ණයෙන්ම තාර ගාන්න.+ 15 ඔයා නැව හදන්න ඕනෙ මෙහෙමයි. නැවේ දිග රියන්* 300යි. පළල රියන් 50යි. උස රියන් 30යි. 16 නැවට එළිය වැටෙන්න වහලේ ඉඳලා රියනක් පහළට කවුළුවක්* හදන්න. නැවේ පැත්තකින් නැවට ඇතුල් වෙන්න තැනකුත් හදන්න.+ නැවට තට්ටු තුනක් තියෙන්න ඕනේ.

17 “මම පොළොවට මහ ජලගැල්මක් ගේනවා.+ මම එහෙම කරන්නේ අහස යට ජීවත් වෙන හැමෝවම* විනාශ කරලා දාන්නයි. පොළොවේ ඉන්න හැම ජීවියෙක්ම නැති වෙනවා.+ 18 හැබැයි මම ඔයාත් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. ඔයායි, ඔයාගේ බිරිඳයි, ඔයාගේ පුතාලයි, එයාලාගේ භාර්යාවනුයි නැවට ඇතුල් වෙන්න ඕනේ.+ 19 හැම සතෙක්ගෙන්ම දෙන්නා ගාණේ+ ඒ කියන්නේ පිරිමි සතෙක්වයි, ගැහැනු සතෙක්වයි නැවට ඇතුල් කරගන්න.+ ඔයාලාගේ ජීවිත වගේම උන්ගේ ජීවිතත් ආරක්ෂා වෙන්න එහෙම කරන්න. 20 ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්ගෙන්, පියාසර කරන ජීවීන්ගෙන් සහ අනිත් කුඩා සතුන්ගෙන් දෙන්නා ගාණේ නැවට එයි. උන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න උන්ව ඔයාත් එක්ක නැවට ඇතුල් කරගන්න.+ 21 ඔයා හැම කෑම වර්ගයක්ම රැස් කරගන්න ඕනේ.+ ඒවා ඔයාලටයි, සත්තුන්ටයි කෑමට ගන්න පුළුවන්.”

22 නෝවා දෙවියන් අණ කරපු හැම දෙයක්ම කළා. එයා දෙවියන් කියපු විදිහටම කළා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න