ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • සලමොන් පාරාවෝගේ දුවව විවාහ කරගනියි (1-3)

      • යෙහෝවා සලමොන්ට හීනයකින් පෙනෙයි (4-15)

        • සලමොන් ප්‍රඥාව ඉල්ලයි (7-9)

      • සලමොන් අම්මලා දෙන්නාගේ ප්‍රශ්නේ විසඳයි (16-28)

1 රාජාවලිය 3:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:3, 4; 1රාජා 7:8; 9:24; 11:1; නෙහෙ 13:25-27
  • +2සාමු 5:7; 1ලේක 11:7
  • +1රාජා 7:1
  • +1රාජා 8:17-19
  • +1රාජා 9:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2011, 10 පි.

1 රාජාවලිය 3:2

පාදසටහන්

  • *

    මූ.අ., “උස් තැන්වල.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5, 6; 1රාජා 5:3; 1ලේක 28:6
  • +2ලේක 33:17

1 රාජාවලිය 3:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:9; 10:8; 1ලේක 21:26

1 රාජාවලිය 3:4

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:39, 40; 21:29
  • +2ලේක 1:3-6

1 රාජාවලිය 3:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 1:7-10

1 රාජාවලිය 3:6

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක්.”

  • *

    හෝ, “නොසැලෙන ආදරයක්.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:1, 4

1 රාජාවලිය 3:7

පාදසටහන්

  • *

    හෝ, “පොඩි කොල්ලෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:1; යෙරෙ 1:6

1 රාජාවලිය 3:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5, 6

1 රාජාවලිය 3:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “හසුරුවන්න අමාරු.” මූ.අ., “බර.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:1; 119:34
  • +හෙබ්‍රෙ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2007, 27 පි.

    7/15/1998, 29-31 පි.

1 රාජාවලිය 3:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:8

1 රාජාවලිය 3:11

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 22:12; 29:19; 2ලේක 1:11, 12; හිතෝ 16:16

1 රාජාවලිය 3:12

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:16; 1යොහ 5:14
  • +1රාජා 4:29; හිතෝ 2:3-5; යාකො 1:5
  • +මතෙ 12:42

1 රාජාවලිය 3:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 84:11; මතෙ 6:33; එෆී 3:20
  • +1රාජා 4:21; දේශ 7:11
  • +1රාජා 10:23

1 රාජාවලිය 3:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:5
  • +ගීතා 21:4; 91:14, 16; හිතෝ 3:13, 16

1 රාජාවලිය 3:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:11

1 රාජාවලිය 3:20

පාදසටහන්

  • *

    මූ.අ., “එයා තුරුල් කරගත්තා.”

1 රාජාවලිය 3:28

පාදසටහන්

  • *

    මූ.අ., “බයක්.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:23-25; ගීතා 72:5
  • +1රාජා 3:9, 10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 3:1ද්වි 7:3, 4; 1රාජා 7:8; 9:24; 11:1; නෙහෙ 13:25-27
1 රාජා. 3:12සාමු 5:7; 1ලේක 11:7
1 රාජා. 3:11රාජා 7:1
1 රාජා. 3:11රාජා 8:17-19
1 රාජා. 3:11රාජා 9:15
1 රාජා. 3:2ද්වි 12:5, 6; 1රාජා 5:3; 1ලේක 28:6
1 රාජා. 3:22ලේක 33:17
1 රාජා. 3:31සාමු 7:9; 10:8; 1ලේක 21:26
1 රාජා. 3:41ලේක 16:39, 40; 21:29
1 රාජා. 3:42ලේක 1:3-6
1 රාජා. 3:52ලේක 1:7-10
1 රාජා. 3:61රාජා 2:1, 4
1 රාජා. 3:71ලේක 29:1; යෙරෙ 1:6
1 රාජා. 3:8නික් 19:5, 6
1 රාජා. 3:9ගීතා 72:1; 119:34
1 රාජා. 3:9හෙබ්‍රෙ 5:14
1 රාජා. 3:10හිතෝ 15:8
1 රාජා. 3:111ලේක 22:12; 29:19; 2ලේක 1:11, 12; හිතෝ 16:16
1 රාජා. 3:12දේශ 1:16; 1යොහ 5:14
1 රාජා. 3:121රාජා 4:29; හිතෝ 2:3-5; යාකො 1:5
1 රාජා. 3:12මතෙ 12:42
1 රාජා. 3:13ගීතා 84:11; මතෙ 6:33; එෆී 3:20
1 රාජා. 3:131රාජා 4:21; දේශ 7:11
1 රාජා. 3:131රාජා 10:23
1 රාජා. 3:141රාජා 15:5
1 රාජා. 3:14ගීතා 21:4; 91:14, 16; හිතෝ 3:13, 16
1 රාජා. 3:15ලෙවී 7:11
1 රාජා. 3:281ලේක 29:23-25; ගීතා 72:5
1 රාජා. 3:281රාජා 3:9, 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 3:1-28

පළවෙනි රාජාවලිය

3 සලමොන් ඊජිප්තුවේ රජ වුණ පාරාවෝ එක්ක එකඟතාවකට ඇවිල්ලා එයාගේ දුවව විවාහ කරගත්තා.+ එයා පාරාවෝගේ දුවව දාවිත්ගේ නුවරට අරගෙන ගියා.+ එයාගේ මාලිගාවයි,+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයයි,+ යෙරුසලම වටේ තියෙන පවුරයි+ හදලා ඉවර වෙන කල් සලමොන් එයාව ඒ නුවරේ තියාගත්තා. 2 ඒ වෙද්දී යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදලා තිබුණේ නැති+ නිසා මිනිස්සු පූජනීය තැන්වල*+ පූජා ඔප්පු කළා. 3 සලමොන් එයාගේ තාත්තා වුණ දාවිත් කියලා දීපු අණපනත් පිළිපැදලා දිගටම එයාගේ ආදරේ යෙහෝවාට පෙන්නුවා. හැබැයි මිනිස්සු පූජා ඔප්පු කරපු පූජනීය තැන්වලට එයාත් ගියා. ඒ තැන්වලදී දුම ඉහළට නඟින විදිහට එයා පූජා ඔප්පු කළා.+

4 සලමොන් රජ පූජා ඔප්පු කරන්න ගිබියොන්වලට ගියා. මොකද එහේ තමයි ඒ කාලේ තිබුණ ප්‍රධානම පූජනීය තැන තිබුණේ.+ එතන තිබ්බ පූජාසනය උඩ සලමොන් දවන පූජා 1,000ක් ඔප්පු කළා.+ 5 සලමොන් ගිබියොන්වල රෑ නිදාගෙන ඉද්දී යෙහෝවා හීනෙන් පෙනිලා එයාට මෙහෙම කිව්වා. “ඔයාට ඕනෙ දෙයක් තියෙනවා නම් ඒක මගෙන් ඉල්ලන්න.”+ 6 එතකොට සලමොන් මෙහෙම කිව්වා. “ඔයාගේ සේවකයා වුණ දාවිත්ට, මගේ තාත්තාට ඔයා කොච්චර ලොකු ආදරයක්* පෙන්නුවාද! මොකද එයා විශ්වාසවන්තව ඔයාගේ මඟ පෙන්වීම් පිළිපැද්දා. ඔයා ඉස්සරහා එයා ධර්මිෂ්ඨ, අවංක ජීවිතයක් ගත කළා. එයාගේ සිංහාසනයේ ඉඳගන්න එයාට පුතෙක් දීලා ඔයා අදටත් එයාට කොච්චර ලොකු ආදරයක්* පෙන්නලා තියෙනවාද!+ 7 යෙහෝවා, මගේ දෙවියනි, මං අද්දැකීම් අඩු තරුණ කෙනෙක්.*+ ඒත් ඔයා, ඔයාගේ සේවකයා වන මාව මගේ තාත්තා වුණ දාවිත්ගෙන් පස්සේ රජකමට පත් කළා. 8 ඔයා තෝරගත්ත මේ සෙනඟගේ පාලකයා විදිහට ඔයාගේ සේවකයා වන මාව පත් කළා.+ එයාලා ගණන් කරන්නවත් බැරි තරම් විශාල සෙනඟක්. 9 ඔයාට අයිති මේ විශාල* සෙනඟ විනිශ්චය කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් හදවතින්ම ඔයාට කීකරු වෙන්න ඔයාගේ සේවකයාට උදව් කරන්න.+ එතකොට හරි වැරැද්ද තේරුම් අරන්+ ඔයාගේ සෙනඟව හොඳින් විනිශ්චය කරන්න මට පුළුවන්.”

10 සලමොන් කරපු ඉල්ලීම ගැන යෙහෝවා දෙවියන් සතුටු වුණා.+ 11 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඔයා දිගු කාලයක් ජීවත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් සතුරන්ව විනාශ කරන්න කියලවත් ඉල්ලුවේ නැහැ. ඒ වෙනුවට ඔයා ඉල්ලුවේ සාධාරණව විනිශ්චය කරන්න උදව් වෙන තේරුම්ගැනීමේ හැකියාව දෙන්න කියලයි.+ 12 ඒ නිසා මං ඔයාගේ ඉල්ලීම ඉටු කරනවා.+ මං ඔයාට ඥානවන්ත හිතක් වගේම හැම දෙයක්ම හොඳට තේරුම්ගන්න හැකියාවත් දෙනවා.+ ඔයා වගේ කෙනෙක් මීට කලින් කවදාවත් ඉඳලා නැහැ වගේම මීට පස්සේ කවදාවත් ඉන්නෙත් නැහැ.+ 13 ඔයා ඉල්ලපු නැති දේවලුත් මං ඔයාට දෙනවා.+ ගොඩක් ධන සම්පත් වගේම ලොකු ගෞරවයකුත්+ මං ඔයාට දෙනවා. ඔයාගේ ජීවිත කාලේ පුරාම ඔයාට සමාන තව රජ කෙනෙක් ඉන්නේ නැහැ.+ 14 ඔයාගේ තාත්තා දාවිත් වගේ+ ඔයාත් මගේ නියෝග සහ ආඥා පිළිපැදලා මං කියලා දෙන විදිහටම ජීවත් වුණොත් දිගු කාලයක් ජීවත් වෙන්න අවස්ථාවත් මං ඔයාට දෙනවා.”+

15 සලමොන්ට ඇහැරුණාම එයාට තේරුණා දෙවියන් එයාට හීනෙකින් කතා කළා කියලා. ඊටපස්සේ එයා යෙරුසලමට ගිහිල්ලා යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා දවන පූජා සහ හවුල් පූජා+ ඔප්පු කළා. එයාගේ සේවකයන් හැමෝම වෙනුවෙන් එයා ලොකු සංග්‍රහයකුත් ලෑස්ති කළා.

16 පස්සේ අවස්ථාවක ගණිකාවන් දෙන්නෙක් රජ ඉස්සරහට ආවා. 17 එයාලාගෙන් එක් කෙනෙක් මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, අපි දෙන්නා ඉන්නේ එකම ගෙදර. මට දරුවෙක් හම්බ වෙද්දී මෙයාත් එතන හිටියා. 18 මට දරුවා හම්බ වෙලා දවස් තුනකට පස්සේ මෙයාටත් දරුවෙක් හම්බ වුණා. ගෙදර හිටියේ අපි දෙන්නා විතරයි. අපි දෙන්නා ඇරෙන්න වෙන කවුරුත් ගෙදර හිටියේ නැහැ. 19 මෙයා රෑ නින්දෙන් දරුවාගේ ඇඟට පෙරළුණ නිසා මෙයාගේ පුතා මැරුණා. 20 ඉතින් ඔබේ දාසිය වන මං නිදාගෙන ඉද්දී මෙයා මහ රෑ නැඟිටලා එයාගේ මැරුණු පුතාව මං ළඟින් තියලා මගේ පුතාව අරගෙන එයා ළඟින් තියාගත්තා.* 21 මං උදේ නැඟිටලා පුතාට කිරි දෙන්න බලද්දී පුතා මැරිලා කියලා මං දැක්කා. දරුවා දිහා හොඳට බලද්දී මට තේරුණා එයා මගේ පුතා නෙමෙයි කියලා.” 22 ඒත් අනිත් ස්ත්‍රිය මෙහෙම කිව්වා. “නැහැ, පණපිටින් ඉන්නේ මගේ පුතා. මැරුණේ ඔයාගේ පුතා!” එතකොට මුලින්ම කතා කරපු ස්ත්‍රිය මෙහෙම කිව්වා. “නැහැ, මැරුණේ ඔයාගේ පුතා. මගේ පුතා තමයි මේ ඉන්නේ.” ඒ විදිහට එයාලා දෙන්නා රජ ඉස්සරහා වාද කළා.

23 අන්තිමට රජ මෙහෙම කිව්වා. “එක් කෙනෙක් කියනවා ‘පණපිටින් ඉන්නේ මගේ පුතා. ඔයාගේ පුතා තමයි මැරුණේ’ කියලා. අනිත් කෙනා කියනවා ‘නැහැ, ඔයාගේ පුතා තමයි මැරුණේ. මගේ පුතා තමයි මේ ඉන්නේ’ කියලා.” 24 ඊටපස්සේ රජ මෙහෙම කිව්වා. “මට කඩුවක් ගෙනත් දෙන්න.” ඉතින් රජගේ සේවකයෝ කඩුවක් ගෙනාවා. 25 එතකොට රජ මෙහෙම කිව්වා. “දරුවාව දෙකට කපලා එක කෑල්ලක් එක් කෙනෙක්ටයි, අනිත් කෑල්ල අනිත් කෙනාටයි දෙන්න.” 26 එතකොටම පණපිටින් හිටපු දරුවාගේ අම්මාට එයාගේ පුතා ගැන දැනුණ දරු සෙනෙහස නිසා එයා රජට මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, දරුවාව එයාටම දෙන්න. දරුවාව මරන්න නම් එපා.” ඒත් අනිත් ස්ත්‍රිය මෙහෙම කිව්වා. “අපි දෙන්නාගෙන් කාටවත් එයාව අයිති වෙන්නේ නැහැ. දරුවාව දෙකට කපපුදෙන්.” 27 එතකොට රජ මෙහෙම කිව්වා. “දරුවාව මරන්න එපා. එයාව අර ගෑනු කෙනාට දෙන්න. එයා තමයි දරුවාගේ ඇත්ත අම්මා.”

28 රජ දීපු ඒ තීන්දුව ගැන ඊශ්‍රායෙල් දේශය පුරාම ප්‍රසිද්ධ වුණා. හැමෝටම රජ ගැන ඇති වුණේ ලොකු ගෞරවයක්.*+ මොකද සාධාරණව විනිශ්චය කරන්න දෙවියන් එයාට ප්‍රඥාව දීලා තියෙනවා කියලා එයාලා තේරුම්ගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න