ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් සාවුල්ව මැරුවේ නැහැ (1-22)

        • යෙහෝවා අභිෂේක කරපු තැනැත්තාට දාවිත් ගෞරව කරයි (6)

1 සාමුවෙල් 24:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:28, 29

1 සාමුවෙල් 24:2

පාදසටහන්

  • *

    ඒක ප්‍රපාත තිබුණ පැත්තක්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

1 සාමුවෙල් 24:3

පාදසටහන්

  • *

    ඒවා ගල්වලින් හදපු බැටළු ගාල්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:පෙර සටහන; 142:පෙර සටහන

1 සාමුවෙල් 24:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:8, 23

1 සාමුවෙල් 24:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 24:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 18 පි.

    මුරටැඹ,

    10/15/2007, 21-22 පි.

1 සාමුවෙල් 24:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:28; 1සාමු 26:11; 2සාමු 1:14; 1ලේක 16:22

1 සාමුවෙල් 24:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:17

1 සාමුවෙල් 24:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:19

1 සාමුවෙල් 24:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:4
  • +1සාමු 9:16; 10:1; 26:9; ගීතා 105:15

1 සාමුවෙල් 24:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:18; ගීතා 35:7
  • +1සාමු 23:14

1 සාමුවෙල් 24:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:23
  • +ද්වි 32:35
  • +1සාමු 26:11

1 සාමුවෙල් 24:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:20

1 සාමුවෙල් 24:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:39; ගීතා 35:1

1 සාමුවෙල් 24:16

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:17

1 සාමුවෙල් 24:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:21

1 සාමුවෙල් 24:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:4, 10

1 සාමුවෙල් 24:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:25; ගීතා 18:20

1 සාමුවෙල් 24:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:14; 15:28; 18:8; 20:31; 23:17

1 සාමුවෙල් 24:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:12; ද්වි 6:13
  • +2සාමු 9:1; 21:7

1 සාමුවෙල් 24:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:34
  • +1සාමු 23:29

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 24:11සාමු 23:28, 29
1 සාමු. 24:3ගීතා 57:පෙර සටහන; 142:පෙර සටහන
1 සාමු. 24:41සාමු 26:8, 23
1 සාමු. 24:52සාමු 24:10
1 සාමු. 24:6නික් 22:28; 1සාමු 26:11; 2සාමු 1:14; 1ලේක 16:22
1 සාමු. 24:81සාමු 26:17
1 සාමු. 24:91සාමු 26:19
1 සාමු. 24:101සාමු 24:4
1 සාමු. 24:101සාමු 9:16; 10:1; 26:9; ගීතා 105:15
1 සාමු. 24:111සාමු 26:18; ගීතා 35:7
1 සාමු. 24:111සාමු 23:14
1 සාමු. 24:121සාමු 26:23
1 සාමු. 24:12ද්වි 32:35
1 සාමු. 24:121සාමු 26:11
1 සාමු. 24:141සාමු 26:20
1 සාමු. 24:151සාමු 25:39; ගීතා 35:1
1 සාමු. 24:161සාමු 26:17
1 සාමු. 24:171සාමු 26:21
1 සාමු. 24:181සාමු 24:4, 10
1 සාමු. 24:191සාමු 26:25; ගීතා 18:20
1 සාමු. 24:201සාමු 13:14; 15:28; 18:8; 20:31; 23:17
1 සාමු. 24:21ලෙවී 19:12; ද්වි 6:13
1 සාමු. 24:212සාමු 9:1; 21:7
1 සාමු. 24:221සාමු 15:34
1 සාමු. 24:221සාමු 23:29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 24:1-22

පළවෙනි සාමුවෙල්

24 සාවුල් පිලිස්තිවරු එක්ක සටන් කරලා ආපු ගමන්ම එයාට ආරංචි වුණා “දාවිත් දැන් ඉන්නේ ඒන්ගෙදී+ පාළුකරයේ” කියලා.

2 ඉතින් සාවුල් ඊශ්‍රායෙල් හමුදාවෙන් මිනිස්සු 3,000ක්ව තෝරගෙන දාවිත්වයි, එයාත් එක්ක හිටපු අයවයි අල්ලගන්න කඳු එළුවන් ගැවසෙන පැත්තට* ගියා. 3 ගමන යන අතරතුරේදී සාවුල් බැටළු ගාල්* තියෙන තැනකට ආවා. ඒ වෙලාවේ සාවුල්ට මලපහ කරන්න ඕනෙ වෙලා ඒ ළඟ තිබුණ ගුහාවක් ඇතුළට ගියා. ඒ වෙද්දී දාවිත් සහ එයාගේ පිරිස ඒ ගුහාවේම ඇතුළට වෙන්න ඉඳගෙනයි හිටියේ.+ 4 එතකොට දාවිත් එක්ක හිටපු අය එයාට මෙහෙම කිව්වා. “අද යෙහෝවා ඔයාගේ හතුරාව ඔයාගේ අත ළඟටම ගෙනල්ලා දුන්නා.+ ඒ නිසා ඔයාට කැමති ඕනෙම දෙයක් එයාට කරන්න. ඒකට දෙවියන්ගේ අවසරය ඔයාට තියෙනවා.” ඉතින් දාවිත් නැඟිටලා හෙමින් සැරේ සාවුල් හිටපු තැනට ගිහින් එයාගේ අත් නැති ඇඳුමේ වාටියෙන් කෑල්ලක් කපාගත්තා. 5 ඒත් ඊටපස්සේ එයා කරපු දේ ගැන දාවිත්ගේ හිත වධ දෙන්න පටන්ගත්තා.+ 6 ඒ නිසා දාවිත් එයා එක්ක හිටපු අයට මෙහෙම කිව්වා. “මං කොහොමද මගේ ස්වාමියාට විරුද්ධව අතක් උස්සන්නේ? එයා යෙහෝවා දෙවියන් අභිෂේක කරපු රජනේ! ඒ වගේ දෙයක් කරන එක ගැන මට හිතන්නවත් බැහැ. මං දන්නවා යෙහෝවා කවදාවත් ඒ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ කියලා. මොකද එයා යෙහෝවා දෙවියන් අභිෂේක කරපු රජ.”+ 7 දාවිත් එහෙම කියලා සාවුල්ට හානියක් කරන එකෙන් එයාගේ සේවකයන්ව වැළැක්කුවා. එයා සාවුල්ට කිසිම අනතුරක් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැති සාවුල් නැඟිටලා ගුහාවෙන් එළියට ගියා.

8 දාවිත් ගුහාවෙන් එළියට ඇවිත් “මගේ ස්වාමීනි, රජතුමනි”+ කියලා සාවුල්ට කතා කළා. සාවුල් පිටිපස්ස හැරිලා බලද්දී දාවිත් දණගහගෙන, ඔළුව බිමටම පහත් කරලා රජට ආචාර කළා. ඊටපස්සේ එයා බිම දිගා වෙලා, 9 මෙහෙම කිව්වා. “‘දාවිත් ඔබට හානියක් කරන්න හදනවා’ කියලා මිනිස්සු කියන දේවල් ඔබ විශ්වාස කරන්නේ ඇයි?+ 10 අද ඔබ ගුහාව ඇතුළට එද්දී යෙහෝවා මට අවස්ථාවක් දුන්නා ඔබට අනතුරක් කරන්න. සමහරු ඔබව මරන්න කියලත් මට බල කළා.+ ඒත් මම ඔබට අනුකම්පා කළා. මං එයාලට කිව්වා ‘මං කොහොමද මගේ ස්වාමියාට විරුද්ධව අතක් උස්සන්නේ? ඔහු යෙහෝවා අභිෂේක කරපු රජනේ’+ කියලා. 11 මේ බලන්න මගේ තාත්තේ, ඔබේ ඇඳුමෙන් කපාගත්ත කෑල්ලක් මගේ අතේ තියෙනවා. ඒක කපාගත්ත වෙලාවේ මට ඕනෙ නම් ඔබව මරන්න තිබුණා. ඒත් මං එහෙම කළේ නැහැ. ඒකෙන් ඔබට තේරුම්ගන්න පුළුවන් නේද ඔබට හානියක් කරන්නවත් ඔබට විරුද්ධව වැඩ කරන්නවත් මගේ හිතේ කිසිම අදහසක් නැහැ කියලා? මං කවදාවත් ඔබට විරුද්ධව වරදක් කරලා නැහැ.+ ඒත් ඔබ මගේ පස්සේ පන්න පන්න මාව මරන්න හදනවා.+ 12 යෙහෝවා දෙවියන් අපි දෙන්නාව විනිශ්චය කරයි.+ යෙහෝවා අනිවාර්යයෙන්ම මං වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+ ඒත් මම කවදාවත් ඔබට අතක්වත් තියන්නේ නැහැ.+ 13 ‘දුෂ්ටයන් කරන්නේ දුෂ්ට දේමයි’ කියලා පැරණි කියමනක් තියෙනවා. ඒත් මම නම් කවදාවත් ඔබට නපුරක් කරන්නේ නැහැ. 14 රජතුමනි, ඔබ මේ පන්නගෙන යන්නේ කාගේ පස්සේද? පණ නැති බල්ලෙක් පස්සේ නෙමෙයිද? නිකම්ම නිකම් මැක්කෙක් පස්සේ නෙමෙයිද?+ 15 වරද තියෙන්නේ කාගේ අතේද කියලා යෙහෝවාම විනිශ්චය කරයි. අපි දෙන්නා අතරේ තියෙන ප්‍රශ්නේ ගැන හොඳට හොයලා බලලා ඔහු මං වෙනුවෙන් කතා කරයි.+ ඔහු ඔබේ අතින් මාව බේරගන්නවා කියලා මං දන්නවා.”

16 දාවිත් ඒ දේවල් කිව්වාට පස්සේ සාවුල් “දාවිත්, මගේ පුතේ, මේ කතා කරන්නේ ඔයාමද”+ කියලා ඇහුවා. එහෙම කියලා සාවුල් හයියෙන් අඬන්න පටන්ගත්තා. 17 එයා දාවිත්ට මෙහෙමත් කිව්වා. “ඔයා මට වඩා ධර්මිෂ්ඨයි. ඔයා මට හොඳට සැලකුවා. ඒත් මං ඔයාට සැලකුවේ නපුරු විදිහට.+ 18 අද යෙහෝවා මාව ඔයාගේ අතටම අල්ලලා දුන්නත්+ ඔයා මාව මැරුවේ නැහැ. ඔයා මට හොඳින් සැලකුවා කියලා මම ඒකෙන් දැනගත්තා. 19 සාමාන්‍යයෙන් හතුරෙක්ව අතටම අහු වුණොත් එයාට බේරිලා යන්න දෙන්නේ කවුද? ඒත් අද ඔයා මට බේරිලා යන්න ඉඩ දුන්නා. ඒ නිසා යෙහෝවා දෙවියන් ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+ 20 මං දන්නවා ඔයාට රජකම ලැබෙනවා කියලා.+ ඔයා දිගටම ඊශ්‍රායෙල් දේශයේ රජකම් කරනවා කියලත් මං දන්නවා. 21 දැන් ඔයා යෙහෝවාගේ නමින් මට දිවුරලා පොරොන්දුවක් වෙන්න ඕනේ.+ මගේ දරුදැරියන්ව විනාශ කරන්නේ නැහැ කියලත් මගේ තාත්තාගේ පෙළපතින් මගේ නම අයින් කරන්නේ නැහැ කියලත් මට පොරොන්දු වෙන්න.”+ 22 ඉතින් දාවිත් සාවුල් ඉල්ලුව විදිහටම දිවුරලා එයාට ඒ පොරොන්දුව දුන්නා. ඊටපස්සේ සාවුල් එයාගේ ගෙදරට ගියා.+ දාවිත් සහ එයාගේ පිරිසත් ආපහු එයාලා කලින් හැංගිලා හිටිය තැනටම ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න