ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වල කඳුවලට විරුද්ධව අනාවැකි කියයි (1-14)

        • පිළිකුල්සහගත රූප විනාශ කරයි (4-6)

        • “මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා” (7)

එසකියෙල් 6:3

පාදසටහන්

  • *

    මූ.අ., “උස් තැන්.”

එසකියෙල් 6:4

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 27:9
  • +ලෙවී 26:30

එසකියෙල් 6:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:1, 2

එසකියෙල් 6:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:15; 32:29; මීකා 3:12
  • +එස 16:39

එසකියෙල් 6:7

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ මේ යෙදුම එසකියෙල් පොතේ 60 වතාවකටත් වඩා තියෙනවා. මේ මුල්ම අවස්ථාව. ඒ යෙදුමෙන් පොළොවේදී යෙහෝවාගේ නමට නිසි ගෞරවය ලැබෙනවා කියන එක අදහස් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:18
  • +එස 7:4

එසකියෙල් 6:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:10; 44:28; එස 14:22

එසකියෙල් 6:9

පාදසටහන්

  • *

    හෝ, “අනාචාරයේ යෙදෙද්දී.”

  • *

    හෝ, “රූපවලට වහ වැටිලා ඒවා පස්සේ දුවද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:1, 2; ගීතා 137:1
  • +ගණන් 15:39
  • +ගීතා 78:40, 41; යෙසා 63:10
  • +එස 20:43; 36:31

එසකියෙල් 6:10

හරස් යොමු දැක්වීම්

  • +එස 33:29; දානි 9:12; සෙක 1:6

එසකියෙල් 6:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:2; 16:4; එස 5:12

එසකියෙල් 6:12

හරස් යොමු දැක්වීම්

  • +එස 5:13

එසකියෙල් 6:13

හරස් යොමු දැක්වීම්

  • +එස 20:28
  • +යෙරෙ 8:2
  • +එස 12:15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 6:4යෙසා 27:9
එස. 6:4ලෙවී 26:30
එස. 6:5යෙරෙ 8:1, 2
එස. 6:6යෙරෙ 2:15; 32:29; මීකා 3:12
එස. 6:6එස 16:39
එස. 6:7යෙරෙ 14:18
එස. 6:7එස 7:4
එස. 6:8යෙරෙ 30:10; 44:28; එස 14:22
එස. 6:9ද්වි 30:1, 2; ගීතා 137:1
එස. 6:9ගණන් 15:39
එස. 6:9ගීතා 78:40, 41; යෙසා 63:10
එස. 6:9එස 20:43; 36:31
එස. 6:10එස 33:29; දානි 9:12; සෙක 1:6
එස. 6:11යෙරෙ 15:2; 16:4; එස 5:12
එස. 6:12එස 5:13
එස. 6:13එස 20:28
එස. 6:13යෙරෙ 8:2
එස. 6:13එස 12:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 6:1-14

එසකියෙල්

6 යෙහෝවා දෙවියන් මට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ කඳු දිහාවට හැරිලා ඒවාට විරුද්ධව අනාවැකි කියන්න. 3 ඔයා මෙහෙම කියන්න ඕනේ. ‘ඊශ්‍රායෙල් දේශයේ කඳු සියල්ලෙනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන දේට සවන් දෙන්න. කඳුවලටත් හෙල්වලටත් දිය පහරවල්වලටත් නිම්නවලටත් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබට විරුද්ධව කඩුවක් එවනවා. මම ඔබේ පූජනීය ස්ථාන* විනාශ කරනවා. 4 ඔබේ පූජාසන කුඩු කරලා දානවා. සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩලා දානවා.+ මැරුම් කන අයව මම ඔබේ පිළිකුල්සහගත රූප* ඉස්සරහට වීසි කරලා දානවා.+ 5 ඊශ්‍රායෙල්වරුනි, මම ඔබේ මළ කඳන් ඔබේ පිළිකුල්සහගත රූප ඉස්සරහට වීසි කරනවා. පූජාසන වටේට ඔබේ ඇටකටු විසුරුවලා දානවා.+ 6 ඔබ ජීවත් වෙන හැම ප්‍රදේශයකම තියෙන නගර විනාශ වෙලා යනවා.+ පූජනීය ස්ථාන කඩලා බිඳලා දාලා නටබුන් ගොඩක් කරනවා.+ ඔබේ පූජාසන කඩලා කුඩු කරලා දානවා. ඔබේ පිළිකුල්සහගත රූප නැති වෙලාම යනවා. සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩලා දානවා. ඔබේ අත්වලින් හදපු හැම දෙයක්ම අතුගාලා දානවා. 7 ඔබ අතරේ ඉන්න හුඟදෙනෙක් මැරුම් කාලා වැටෙයි.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.*+

8 “‘“ඒත් මම ඔබෙන් කුඩා පිරිසක් ඉතුරු කරනවා. ඔබ විවිධ දේශයන් පුරා විසිරිලා ජාතීන් අතරේ ඉද්දී ඔබෙන් සමහර අය කඩුවෙන් බේරෙනවා.+ 9 බේරෙන ඒ අය ජාතීන් අතරේ වහලුන් විදිහට ඉද්දී මාව මතක් කරයි.+ එදාට ඔවුන් තේරුම්ගනියි ඔවුන් අවිශ්වාසවන්ත වෙද්දී,* මට පිටු පාලා යද්දී, පිළිකුල්සහගත රූප පස්සේ ආසාවෙන් දුවද්දී*+ මගේ හිතට කොයි තරම් දුකක් දැනුණාද කියලා.+ ඔවුන් කරපු හැම දුෂ්ට දෙයක් ගැනම, හැම ජරා දෙයක් ගැනම ඔවුන් ලැජ්ජා වෙයි. ඔවුන් ඒවා පිළිකුල් කරයි.+ 10 මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඔවුන් පිටට විපත්ති ගේනවා කියලා මම කියද්දී ඒ වචන නිකම්ම හිස් වචන නෙමෙයි කියලත් ඔවුන්ට පිළිගන්න සිද්ධ වෙනවා.”’+

11 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් සෙනඟ කරලා තියෙන හැම දුෂ්ට දෙයක් ගැනත් පිළිකුල් දෙයක් ගැනත් අත් දෙක එකට ගගහා, කකුල් පොළොවේ ගගහා දුක් වෙන්න. මොකද ඔවුන් කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් මැරුම් කයි.+ 12 දුර ඈත ඉන්න කෙනා වසංගතයෙන් මැරෙයි. ළඟපාත ඉන්න කෙනා කඩු පහරින් මැරුම් කයි. ඒවායින් බේරිලා ඉතුරු වෙන අය සාගතය නිසා මැරිලා යයි. මම ඔවුන්ට විරුද්ධව මගේ කේන්තිය සම්පූර්ණයෙන්ම පිට කරනවා.+ 13 මැරුම් කාපු අය තමන් හදපු පිළිකුල්සහගත රූප අතරෙත් ඒ රූපවලට මිහිරි සුවඳක් නැඟෙන පූජා+ ඔප්පු කරපු පූජාසන වටෙත් හෙල් සහ කඳු මුදුන් මතත් සරුවට වැඩුණු හැම ගහක් යටත් විශාල ගස්වල අතු යටත් වැටිලා ඉඳියි.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+ 14 මම ඔවුන්ට විරුද්ධව මගේ අත දික් කරලා දේශය පාළු තැනක් කරනවා. ඔවුන් හිටපු තැන් දිබ්ලා ළඟ තියෙන පාළුකරයටත් වඩා පාළු තත්වයකට පත් කරනවා. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න