ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • මෝවබ්වලදී ඊශ්‍රායෙල්වරු එක්ක ඇති කරගත්ත ගිවිසුම (1-13)

      • අකීකරු වුණොත් ලැබෙන ප්‍රතිඵල (14-29)

        • රහස් සහ ඒවා හෙළි කරයි (29)

ද්විතීය කතාව 29:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:8

ද්විතීය කතාව 29:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:4; යොෂු 24:5

ද්විතීය කතාව 29:3

පාදසටහන්

  • *

    හෝ, “දීපු විනිශ්චයන්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34; නෙහෙ 9:10

ද්විතීය කතාව 29:4

පාදසටහන්

  • *

    හෝ, “අවබෝධ කරගන්න හැකියාවක්.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:8

ද්විතීය කතාව 29:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:3; 8:2
  • +ද්වි 8:4; නෙහෙ 9:21; මතෙ 6:31

ද්විතීය කතාව 29:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:26
  • +ගණන් 21:33
  • +ගීතා 135:10, 11

ද්විතීය කතාව 29:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33; ද්වි 3:12, 13

ද්විතීය කතාව 29:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:6; 8:18; යොෂු 1:7, 8; 1රාජා 2:3; ගීතා 103:17, 18; ලූක් 11:28

ද්විතීය කතාව 29:11

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 8:2
  • +නික් 12:38

ද්විතීය කතාව 29:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:3; 29:1

ද්විතීය කතාව 29:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; ද්වි 7:6; 28:9
  • +උත් 17:1, 7; 22:16, 17
  • +උත් 26:3
  • +උත් 28:13
  • +නික් 6:7; 29:45

ද්විතීය කතාව 29:14

පාදසටහන්

  • *

    “මම” කියන්නේ මෝසෙස්ට. යෙහෝවා ඒ ගිවිසුම ඇති කරගත්තේ මෝසෙස් මාර්ගයෙන්.

ද්විතීය කතාව 29:15

පාදසටහන්

  • *

    මූ.අ., “අද අපිත් එක්ක මෙතන නැති අය.”

ද්විතීය කතාව 29:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:4

ද්විතීය කතාව 29:17

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:1, 2

ද්විතීය කතාව 29:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:16; හෙබ්‍රෙ 3:12
  • +හෙබ්‍රෙ 12:15

ද්විතීය කතාව 29:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:19
  • +ද්වි 27:26; 28:15

ද්විතීය කතාව 29:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:24; යූද් 7
  • +උත් 10:19; 14:2

ද්විතීය කතාව 29:24

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:8, 9; 2ලේක 7:21, 22; යෙරෙ 22:8, 9

ද්විතීය කතාව 29:25

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:32
  • +1රාජා 19:10

ද්විතීය කතාව 29:26

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:12

ද්විතීය කතාව 29:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:16; ද්වි 27:26

ද්විතීය කතාව 29:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:45, 63; 1රාජා 14:15; 2රාජා 17:18; ලූක් 21:24
  • +එස්රා 9:7; දානි 9:7

ද්විතීය කතාව 29:29

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:33
  • +ගීතා 78:5; දේශ 12:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 29:1නික් 24:8
ද්වි. 29:2නික් 19:4; යොෂු 24:5
ද්වි. 29:3ද්වි 4:34; නෙහෙ 9:10
ද්වි. 29:4රෝම 11:8
ද්වි. 29:5ද්වි 1:3; 8:2
ද්වි. 29:5ද්වි 8:4; නෙහෙ 9:21; මතෙ 6:31
ද්වි. 29:7ගණන් 21:26
ද්වි. 29:7ගණන් 21:33
ද්වි. 29:7ගීතා 135:10, 11
ද්වි. 29:8ගණන් 32:33; ද්වි 3:12, 13
ද්වි. 29:9ද්වි 4:6; 8:18; යොෂු 1:7, 8; 1රාජා 2:3; ගීතා 103:17, 18; ලූක් 11:28
ද්වි. 29:11නෙහෙ 8:2
ද්වි. 29:11නික් 12:38
ද්වි. 29:12ද්වි 1:3; 29:1
ද්වි. 29:13නික් 19:5; ද්වි 7:6; 28:9
ද්වි. 29:13උත් 17:1, 7; 22:16, 17
ද්වි. 29:13උත් 26:3
ද්වි. 29:13උත් 28:13
ද්වි. 29:13නික් 6:7; 29:45
ද්වි. 29:16ද්වි 2:4
ද්වි. 29:17ගණන් 25:1, 2
ද්වි. 29:18ද්වි 11:16; හෙබ්‍රෙ 3:12
ද්වි. 29:18හෙබ්‍රෙ 12:15
ද්වි. 29:20යොෂු 24:19
ද්වි. 29:20ද්වි 27:26; 28:15
ද්වි. 29:23උත් 19:24; යූද් 7
ද්වි. 29:23උත් 10:19; 14:2
ද්වි. 29:241රාජා 9:8, 9; 2ලේක 7:21, 22; යෙරෙ 22:8, 9
ද්වි. 29:25යෙරෙ 31:32
ද්වි. 29:251රාජා 19:10
ද්වි. 29:26විනි 2:12
ද්වි. 29:27ලෙවී 26:16; ද්වි 27:26
ද්වි. 29:28ද්වි 28:45, 63; 1රාජා 14:15; 2රාජා 17:18; ලූක් 21:24
ද්වි. 29:28එස්රා 9:7; දානි 9:7
ද්වි. 29:29රෝම 11:33
ද්වි. 29:29ගීතා 78:5; දේශ 12:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 29:1-29

ද්විතීය කතාව

29 යෙහෝවා දෙවියන් හොරෙබ්වලදී ඊශ්‍රායෙල්වරුන් එක්ක ඇති කරගත්ත ගිවිසුමට අමතරව මෝවබ් දේශයේදී එයාලා එක්ක තවත් ගිවිසුමක් ඇති කරගත්තා.+ එහෙම කරන්න කියලා ඔහු මෝසෙස්ට අණ කළා. ඒ ගිවිසුමට ඇතුළත් දේවල් තමයි මේ.

2 මෝසෙස් මුළු ඊශ්‍රායෙල් සෙනඟවම රැස් කරලා එයාලට මෙහෙම කිව්වා. “ඊජිප්තු දේශයටයි, පාරාවෝටයි, එයාගේ සේවකයන්ටයි යෙහෝවා කරපු හැම දෙයක්ම ඔයාලා දැක්කා.+ 3 ඔහු ගෙනාපු දරුණු පීඩා,* ඔහු කරපු පුදුමසහගත ක්‍රියා සහ ආශ්චර්යයන් ඔයාලා ඇස් දෙකෙන්ම දැක්කා.+ 4 ඒත් ඔයාලා අහපු, දැකපු ඒ දේවල් හරියටම තේරුම්ගන්න පුළුවන් හදවතක්* යෙහෝවා අද වෙන කල් ඔයාලට දුන්නේ නැහැ.+ 5 ඔහු ඔයාලට මෙහෙම කිව්වා. ‘පාළුකරයේ අවුරුදු 40ක් පුරා ගමන් කරද්දී ඔයාලට මඟ පෙන්නුවේ මමයි.+ ඒ කාලේදී ඔයාලාගේ ඇඳුම් දිරුවේවත් ඔයාලාගේ පාවහන් ගෙවුණේවත් නැහැ.+ 6 ඒ කාලේදී ඔයාලට කන්න රොටිවත් බොන්න වයින්වත් වෙන කිසිම මත්පැන් වර්ගයක්වත් තිබුණේ නැහැ. ඒත් මම ඔයාලව බලාගත්තා. එහෙම කළේ යෙහෝවා වන මම ඔයාලාගේ දෙවියන් කියලා ඔයාලට තේරුම් කරලා දෙන්නයි.’ 7 කාලයක් ගියාට පස්සේ ඔයාලා මෙහෙට ආවා. ඒ කාලේදී හෙෂ්බොන්වල+ රජ වුණ සීහොන් සහ බාෂාන්වල+ රජ වුණ ඕග් අපිට විරුද්ධව සටනට ආවා. ඒත් එයාලව පරාජය කරන්න අපිට පුළුවන් වුණා.+ 8 අපි ඒ රජවරුන්ට අයිති ප්‍රදේශ අල්ලගෙන ඒවා රූබෙන් සහ ගාද් ගෝත්‍රවලටත් මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටත් උරුමයක් විදිහට දුන්නා.+ 9 ඉතින් මේ ගිවිසුමේ තියෙන හැම දේකටම කීකරු වෙලා ඒවා පිළිපදින්න. එහෙම කරනවා නම් ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+

10 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා අද ඔයාලා හැමෝම රැස් වෙලා ඉන්නවා. ඔයාලාගේ ගෝත්‍රවල ප්‍රධානීන්, වැඩිමහල්ලන් සහ නිලධාරීන් වගේම ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම පුරුෂයෙක්මත් 11 ඔයාලාගේ භාර්යාවන්, දරුදැරියන්,+ දර කපන්න සහ වතුර අදින්න ඉන්න විදේශිකයන්+ ඇතුළුව ඔයාලා අතරේ ඉන්න විදේශිකයන් හැමෝමත් මෙතන ඉන්නවා. 12 ඔයාලා මෙතන රැස් වෙලා ඉන්නේ දිවුරුමක් දීලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගන්නයි. ඒ ගිවිසුම ඔයාලාගේ දෙවි වන යෙහෝවා අද ඔයාලා එක්ක ඇති කරගන්නවා.+ 13 ඔහු මේ ගිවිසුම ඇති කරගන්නේ ඔයාලව ඔහුගේ සෙනඟ හැටියට භාරගන්නවා කියලා ස්ථිර කරන්නයි.+ ඒ වගේම ඔයාලටයි, ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්ටයි,+ ඊසාක්ටයි,+ යාකොබ්ටයි+ දිවුරලා පොරොන්දු වුණ විදිහටම ඔහු ඔයාලාගේ දෙවියන්+ කියලා ස්ථිර කරන්නයි.

14 “දිවුරුමකින් ස්ථිර කරන මේ ගිවිසුම මම* ඇති කරගන්නේ ඔයාලා එක්ක විතරක් නෙමෙයි. 15 අපේ දෙවි වන යෙහෝවා ඉස්සරහා අද මෙතන රැස් වෙලා ඉන්න හැමෝම එක්ක වගේම අනාගතයේදී බිහි වෙන පරම්පරාව* එක්කත් මේ ගිවිසුම ඇති කරගන්නවා. 16 (අපි ඊජිප්තුවේ ජීවත් වුණ විදිහත් එහෙන් පිටත් වෙලා ඇවිත් විවිධ ජාතීන්ගේ දේශයන් මැදින් ගමන් කරපු විදිහත් ඔයාලට හොඳට මතක ඇති.+ 17 ඒ ජාතීන්ගේ පිළිකුල්සහගත රූප ඒ කියන්නේ එයාලා ලී, ගල් සහ රන් රිදීවලින් හදාගත්ත ජරා පිළිම*+ ඔයාලා දැක්කා.) 18 අපේ දෙවි වන යෙහෝවාගෙන් ඈත් වෙලා ගිහින් ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන කිසිම පුරුෂයෙක්ටවත් ස්ත්‍රියකටවත් කිසිම පවුලකටවත් ගෝත්‍රයකටවත් ඔයාලා අතරේ ඉන්න ඉඩ දෙන්න එපා.+ මොකද ඒ වගේ කෙනෙක් හරියට විස තියෙන, තිත්ත පල හැදෙන ගහක මුලක් වගෙයි.+

19 “මේ දිවුරුමට ඇතුළත් වචන ගැන ඇහුවත් කෙනෙක් උඩඟු වෙලා ‘මට ඕන විදිහට මං ජීවත් වුණා කියලා මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ’ කියලා හිතන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ එයාටයි, එයා වටේ ඉන්න හැමෝටමයි ලොකු හානියක් වෙන එකයි. 20 ඒ වගේ කෙනෙක්ට යෙහෝවා සමාව දෙන්නේ නැහැ.+ ඒ වෙනුවට යෙහෝවාගේ කේන්තිය ඒ කෙනාට විරුද්ධව ඇවිළෙයි. මේ නීතියේ ලියලා තියෙන හැම ශාපයක්ම අනිවාර්යයෙන්ම එයා පිටට එයි.+ ඒ කෙනාගේ නම යෙහෝවා පොළොවෙන් මකලා දායි. 21 යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරින් එයාව වෙන් කරලා විපත්තිවලින් එයාට පහර දෙයි. නීතියේ ලියලා තියෙන විදිහට ගිවිසුම කඩ කරන අය පිටට එන හැම ශාපයක්ම එයා පිටට එයි.

22 “යෙහෝවා දේශය පිටට ගේන හැම විපතක්ම ඔයාලාගෙන් පැවතෙන දූදරුවන් සහ දුර ඈත දේශවලින් එන විදේශිකයන් දකියි. 23 ගින්දර, ගෙන්දගම් සහ ලුණුවලින් නාස්ති වෙලා ගිය නිසරු දේශයක් එයාලා දකියි. යෙහෝවා ලොකු කේන්තියකින් සම්පූර්ණයෙන්ම විනාශ කරපු සොදොම්, ගොමෝරා,+ අද්මා සහ ෂෙබොයිම්+ වගේ කිසිම දෙයක් වගා කරන්න බැරි, කිසිම පැළෑටියක් හැදෙන්නේ නැති දේශයක් එයාලා දකියි. 24 එතකොට එයාලයි, අනිත් ජාතීන්වල අයයි මෙහෙම අහයි. ‘යෙහෝවා දෙවියන් මේ දේශයට මේ වගේ දෙයක් කළේ ඇයි?+ මේ වගේ දෙයක් කරන්න තරම් ඔහුට කේන්ති ගියේ ඇයි?’ 25 එතකොට මිනිස්සු මෙහෙම උත්තර දෙයි. ‘එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා එයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ඇවිත් එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ ඒත් එයාලා ඒක කඩ කළා. ඒ නිසයි මේ වගේ දෙයක් වුණේ.+ 26 එයාලා කවදාවත් අහලා තිබුණේ නැති වෙනත් දෙවිවරුන් පස්සේ ගිහිල්ලා ඒ දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටුණා. ඒත් ඒ වගේ දෙයක් කරන්න දෙවියන් එයාලට අවසර දීලා තිබුණේ නැහැ.+ 27 ඉතින් යෙහෝවාගේ කේන්තිය මේ දේශයට විරුද්ධව ඇවිළුණා. ඒ නිසා එයාලාගේ නීතියේ ලියලා තියෙන හැම ශාපයක්ම ඔහු දේශය පිටට ගෙනාවා.+ 28 යෙහෝවා ලොකු කේන්තියකින් එයාලව දේශයෙන් උදුරලා දාලා+ වෙනත් දේශයකට පිටුවහල් කළා. එයාලා අදටත් ඉන්නේ එහේ.’+

29 “අපේ දෙවි වන යෙහෝවා හැම රහසක්ම දන්නවා.+ ඔහු අපිටත් අපෙන් පැවතෙන අයටත් පරම්පරාවෙන් පරම්පරාවට ඒ දේවල් හෙළි කරනවා. ඔහු එහෙම කරන්නේ මේ නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්න අපිට පුළුවන් වෙන්නයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න