ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • වරදකරුවෙක්ට දඬුවම් කරන විදිහ (1-3)

      • කරල් පාගන සතාගේ කට බඳින්න එපා (4)

      • මස්සිනාගේ යුතුකම (5-10)

      • රණ්ඩුවකදී නොකළ යුතු දෙයක් (11, 12)

      • නිවැරදි මිනුම් (13-16)

      • අමලෙක්වරුන්ව විනාශ කරන්න (17-19)

ද්විතීය කතාව 25:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:18; 17:8, 9; 19:16, 17
  • +නික් 23:6; 2ලේක 19:6; හිතෝ 17:15; 31:9

ද්විතීය කතාව 25:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:13; 20:30; 26:3; ලූක් 12:48; හෙබ්‍රෙ 2:2

ද්විතීය කතාව 25:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:24

ද්විතීය කතාව 25:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:10; 1කොරි 9:9; 1තිමෝ 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2012, 30 පි.

ද්විතීය කතාව 25:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:7, 8; රූත් 4:5; මාක් 12:19

ද්විතීය කතාව 25:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:9; රූත් 4:10, 17
  • +ගණන් 27:1, 4

ද්විතීය කතාව 25:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 4 පි.

ද්විතීය කතාව 25:9

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2004, 26 පි.

ද්විතීය කතාව 25:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:1; 20:10; මීකා 6:11

ද්විතීය කතාව 25:14

පාදසටහන්

  • *

    ඒ කියන්නේ නියම ඒපා මිනුමකුයි, හොර ඒපා මිනුමකුයි. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:36

ද්විතීය කතාව 25:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2022, 27 පි.

ද්විතීය කතාව 25:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:35

ද්විතීය කතාව 25:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:8; ගණන් 24:20

ද්විතීය කතාව 25:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:4
  • +නික් 17:14; 1සාමු 14:47, 48; 15:1-3; 1ලේක 4:42, 43

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 144 පි.

    මුරටැඹ,

    1/1/2012, 29 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 25:1ද්වි 16:18; 17:8, 9; 19:16, 17
ද්වි. 25:1නික් 23:6; 2ලේක 19:6; හිතෝ 17:15; 31:9
ද්වි. 25:2හිතෝ 10:13; 20:30; 26:3; ලූක් 12:48; හෙබ්‍රෙ 2:2
ද්වි. 25:32කොරි 11:24
ද්වි. 25:4හිතෝ 12:10; 1කොරි 9:9; 1තිමෝ 5:18
ද්වි. 25:5උත් 38:7, 8; රූත් 4:5; මාක් 12:19
ද්වි. 25:6උත් 38:9; රූත් 4:10, 17
ද්වි. 25:6ගණන් 27:1, 4
ද්වි. 25:9රූත් 4:7
ද්වි. 25:13හිතෝ 11:1; 20:10; මීකා 6:11
ද්වි. 25:14ලෙවී 19:36
ද්වි. 25:15ද්වි 4:40
ද්වි. 25:16ලෙවී 19:35
ද්වි. 25:17නික් 17:8; ගණන් 24:20
ද්වි. 25:19යොෂු 22:4
ද්වි. 25:19නික් 17:14; 1සාමු 14:47, 48; 15:1-3; 1ලේක 4:42, 43
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 25:1-19

ද්විතීය කතාව

25 “දෙන්නෙක් අතරේ ආරවුලක් ඇති වුණොත් ඒක විසඳගන්න එයාලා විනිශ්චයකරුවන් ඉස්සරහට යන්න ඕනේ.+ විනිශ්චයකරුවන් ඒක විභාග කරලා නිදොස් කෙනා කවුද කියලත් වරදකරු කවුද කියලත් දැනුම් දෙයි.+ 2 වරදකරු පහර ලබන්න වටින වරදක් කරලා තියෙනවා නම්+ විනිශ්චයකරු එයාට කියන්න ඕනෙ බිම දිගා වෙන්න කියලා. ඊටපස්සේ විනිශ්චයකරු ඉස්සරහා වරදකරුට පහර දෙන්න. එයාට කී පාරක් ගහන්න ඕනෙද කියලා තීරණය කරන්න ඕනෙ එයාගේ වරදේ බරපතළකම අනුවයි. 3 හැබැයි එයාට පහරවල් 40කට+ වඩා ගහන්න අවසර නැහැ. ඊට වඩා වැඩියෙන් ගැහුවොත් ඔයාලා ඉස්සරහා ඔයාලාගේ සහෝදරයා නින්දාවට පත් වෙයි.

4 “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා.+

5 “සහෝදරයන් කීපදෙනෙක් ඉන්න පවුලක එක සහෝදරයෙක් විවාහ වුණාට පස්සේ පුතෙක් ලැබෙන්න කලින් එයා මැරුණා කියලා හිතන්න. එයාගේ බිරිඳට වෙනත් පවුලක කෙනෙක් එක්ක විවාහ වෙන්න අවසර නැහැ. එයාගේ මස්සිනා එයාව විවාහ කරගෙන මස්සිනාගෙන් වෙන්න ඕනෙ යුතුකම ඉටු කරන්න ඕනේ.+ 6 විවාහ වුණාට පස්සේ එයාලට හම්බ වෙන කුලුඳුල් පුතාව සලකන්න ඕනෙ මැරුණ සහෝදරයාගේ පුතෙක් හැටියටයි.+ එතකොට ඒ මැරුණ කෙනාගේ නම ගෙනියන්න කෙනෙක් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉඳියි.+

7 “ඒත් මැරුණ සහෝදරයාගේ බිරිඳව විවාහ කරගන්න එයා කැමති නැත්නම් ඒ වැන්දඹුව නගරේ දොරටුව ළඟ රැස් වෙන වැඩිමහල්ලන් ළඟට ගිහිල්ලා මෙහෙම කියන්න ඕනේ. ‘මගේ සැමියාගේ සහෝදරයා මාව විවාහ කරගෙන මස්සිනාගේ යුතුකම ඉටු කරන්න කැමති නැහැ. ඊශ්‍රායෙල් සෙනඟ අතරින් මගේ සැමියාගේ නම නැති වෙලා යයි කියලා දැන දැනත් එයා එහෙම කරන්න බැහැ කියනවා.’ 8 එතකොට නගරේ වැඩිමහල්ලන් එයාට අඬගහලා එයාගෙන් ඒ ගැන අහන්න ඕනේ. ‘මම එයාව බඳින්න කොහොමටවත් කැමති නැහැ’ කියලා එයා කියන්න ඉඩ තියෙනවා. 9 එහෙම වුණොත් එයාගේ මැරුණ සහෝදරයාගේ බිරිඳ නගරේ වැඩිමහල්ලන් ඉස්සරහා මෙහෙම කරන්න ඕනේ. ඒ කෙනාගේ පාවහනක් ගලවලා+ මූණට කෙළ ගහලා ‘සහෝදරයා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න කැමති නැති කෙනෙක්ට කරන්න ඕනෙ මෙහෙමයි’ කියලා කියන්න. 10 එදායින් පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එයාගේ පෙළපත හඳුන්වන්නේ ‘පාවහනක් ගලවපු කෙනාගේ පෙළපත’ කියලයි.

11 “පුරුෂයන් දෙන්නෙක් රණ්ඩු කරද්දී එක් කෙනෙක්ගේ බිරිඳ තමන්ගේ සැමියාගේ උදව්වට ඇවිත් එයාගේ සැමියාට ගහන කෙනාගේ ලිංගේන්ද්‍රියෙන් අල්ලගත්තොත් 12 එයාගේ අත කපලා දාන්න ඕනේ. එයාට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා.

13 “ඔයාලාගේ මලුවල නියම බර තියෙන මිනුම් පඩියකුයි, අඩු බර තියෙන මිනුම් පඩියකුයි තියාගන්න එපා.+ 14 ඔයාලාගේ ගෙවල්වල ධාන්‍ය මනින්න නිවැරදි මිනුම් භාජනයකුයි, හොර මිනුම් භාජනයකුයි* තියාගන්න එපා.+ 15 ඔයාලා ළඟ තියෙන්න ඕනෙ නියම බර තියෙන මිනුම් පඩි සහ මිනුම් භාජනයි. ඒ විදිහට ඔයාලා අවංකව වැඩ කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ලබා දෙන දේශයේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි.+ 16 අවංකව වැඩ කරන්නේ නැතුව වංචනික දේවල් කරන අයව ඔයාලාගේ දෙවි වන යෙහෝවා පිළිකුල් කරනවා.+

17 “ඔයාලා ඊජිප්තුවෙන් පිටත් වෙලා ඇවිත් ඔයාලාගේ ගමන යද්දී අමලෙක්වරුන් ඔයාලට කරපු දේ මතක තියාගන්න.+ 18 ගමන් මහන්සිය නිසා හෙම්බත් වෙලා ඔයාලා අතරේ පිටිපස්සෙන්ම ආපු අයට එයාලා ඇවිත් පහර දුන්නා. එයාලට දෙවියන් ගැන කිසිම ගරුබියක් තිබුණේ නැහැ. 19 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශයට ගියාම ඔයාලාගේ සතුරන්ගෙන් කිසිම හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න අවස්ථාව යෙහෝවා ඔයාලට දෙයි.+ එතකොට ඔයාලා අමලෙක්වරුන් කියන ජාතිය අහස යට ජීවත් වෙන කාටවත් ආයේ මතක් වෙන්නේ නැති විදිහට නැත්තටම නැති කරලා දාන්න ඕනේ.+ එහෙම කරන්න අමතක කරන්න එපා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න