ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • විවාහය සහ දික්කසාදය (1-5)

      • ජීවිතයට ගරු කරන්න (6-9)

      • දුප්පත් අය ගැන සැලකිලිමත් වෙන්න (10-18)

      • අත්හැරුණ පලදාව ගැන නීති (19-22)

ද්විතීය කතාව 24:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:31, 32; මාක් 10:4, 11
  • +මලා 2:16; මතෙ 1:19; 19:3-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 122 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2018, 11 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2016, 10-11 පි.

    මාර්ගය යේසුස්, 222 පි.

    මුරටැඹ,

    9/1/2008, 25 පි.

    8/15/1993, 4-5 පි.

ද්විතීය කතාව 24:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:7

ද්විතීය කතාව 24:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:7; හිතෝ 5:18; දේශ 9:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 5 පි.

ද්විතීය කතාව 24:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:26, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2014, 7 පි.

    9/15/2004, 26 පි.

ද්විතීය කතාව 24:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28; 40:15
  • +නික් 21:16
  • +ද්වි 19:18, 19; 21:20, 21

ද්විතීය කතාව 24:8

පාදසටහන්

  • *

    ලාදුරු කියන්න පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට ලාදුරු රෝගය වගේම තව බෝ වෙන හමේ රෝග ගොඩක් ඇතුළත් වෙනවා. ඒ වගේම රෙදි සහ ගෙවල් පුස් අල්ලන්න හේතු වෙන විෂබීජත් ඇතුළත් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 13:2, 15; මාක් 1:44; ලූක් 17:14

ද්විතීය කතාව 24:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 12:10, 15

ද්විතීය කතාව 24:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 8; හිතෝ 3:27

ද්විතීය කතාව 24:12

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 24:9, 10

ද්විතීය කතාව 24:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:26, 27

ද්විතීය කතාව 24:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:39, 43; හිතෝ 14:31

ද්විතීය කතාව 24:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:13; යෙරෙ 22:13; මතෙ 20:8
  • +හිතෝ 22:22, 23; යාකො 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2018, 32 පි.

ද්විතීය කතාව 24:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 25:3, 4
  • +එස 18:20

ද්විතීය කතාව 24:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:21, 22
  • +නික් 22:26, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 24-25 පි.

ද්විතීය කතාව 24:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:15

ද්විතීය කතාව 24:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:9; 23:22; රූත් 2:16; ගීතා 41:1
  • +ද්වි 15:7, 10; හිතෝ 11:24; 19:17; ලූක් 6:38; 2කොරි 9:6; 1යොහ 3:17

ද්විතීය කතාව 24:20

පාදසටහන්

  • *

    මූ.අ., “අතුවලට රිටකින් ගහලා.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:10; ද්වි 26:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 24:1මතෙ 5:31, 32; මාක් 10:4, 11
ද්වි. 24:1මලා 2:16; මතෙ 1:19; 19:3-8
ද්වි. 24:2ලෙවී 21:7
ද්වි. 24:5ද්වි 20:7; හිතෝ 5:18; දේශ 9:9
ද්වි. 24:6නික් 22:26, 27
ද්වි. 24:7උත් 37:28; 40:15
ද්වි. 24:7නික් 21:16
ද්වි. 24:7ද්වි 19:18, 19; 21:20, 21
ද්වි. 24:8ලෙවී 13:2, 15; මාක් 1:44; ලූක් 17:14
ද්වි. 24:9ගණන් 12:10, 15
ද්වි. 24:10ද්වි 15:7, 8; හිතෝ 3:27
ද්වි. 24:12යෝබ් 24:9, 10
ද්වි. 24:13නික් 22:26, 27
ද්වි. 24:14ලෙවී 25:39, 43; හිතෝ 14:31
ද්වි. 24:15ලෙවී 19:13; යෙරෙ 22:13; මතෙ 20:8
ද්වි. 24:15හිතෝ 22:22, 23; යාකො 5:4
ද්වි. 24:162ලේක 25:3, 4
ද්වි. 24:16එස 18:20
ද්වි. 24:17නික් 22:21, 22
ද්වි. 24:17නික් 22:26, 27
ද්වි. 24:18ද්වි 5:15
ද්වි. 24:19ලෙවී 19:9; 23:22; රූත් 2:16; ගීතා 41:1
ද්වි. 24:19ද්වි 15:7, 10; හිතෝ 11:24; 19:17; ලූක් 6:38; 2කොරි 9:6; 1යොහ 3:17
ද්වි. 24:20ලෙවී 19:10; ද්වි 26:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 24:1-22

ද්විතීය කතාව

24 “පුරුෂයෙක්ට එයා විවාහ වුණ ස්ත්‍රිය අගෞරවනීය විදිහට හැසිරිලා තියෙනවා කියලා දැනගත්තාට පස්සේ එයාව එපා වුණොත් කරන්න ඕනෙ මේකයි. එයා බිරිඳව දික්කසාද කරනවා කියලා ලියවිල්ලක් හදලා+ ඒක එයාට දීලා එයාව ගෙදරින් පිටත් කරලා යවන්න ඕනේ.+ 2 ඊටපස්සේ ඒ ස්ත්‍රියට වෙනත් පුරුෂයෙක් එක්ක විවාහ වෙන්න පුළුවන්.+ 3 දෙවෙනියට විවාහ වෙන පුරුෂයාටත් ඒ ස්ත්‍රියව එපා වෙලා එයාව දික්කසාද කරනවා කියලා ලියවිල්ලක් හදලා ඒක එයාට දීලා එයාව ගෙදරින් පිටත් කරලා යවන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ පුරුෂයා මැරෙන්න පුළුවන්. 4 ඒ වගේ අවස්ථාවලදී මුල්ම පුරුෂයාට එයාව ආපහු විවාහ කරගන්න අවසර නැහැ. මොකද ඒ ස්ත්‍රිය එයා ඉස්සරහා අපවිත්‍ර කෙනෙක්. එයාව ආපහු විවාහ කරගන්න එක යෙහෝවාට පිළිකුලක්. ඒ වගේ පව්කාර දේවල් කරලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශය අපවිත්‍ර කරන්න එපා.

5 “පුරුෂයෙක් විවාහ වුණ මුල් අවුරුද්දේදී එයාව හමුදා සේවයෙනුත් වෙනත් වගකීම්වලිනුත් නිදහස් කරන්න. ඒ අවුරුද්ද පුරාම එයා ගෙදර ඉඳලා එයාගේ බිරිඳ එක්ක සතුටින් කාලේ ගත කරන්න ඕනේ.+

6 “ඔයාලාගෙන් ණයක් ගත්ත කෙනෙක්ගෙන් ඇපයක් හැටියට එයාගේ ඇඹරුම් ගලවත් ඒකේ අත්ගලවත් ගන්න එපා.+ එහෙම කළොත් ඔයාලා කරන්නේ එයාගේ ජීවිතය රැකගන්න එයාට තියෙන දේ ගන්න එකයි.

7 “ඊශ්‍රායෙල්වරයෙක් තමන්ගේ සහෝදරයෙක්ව පැහැරගෙන ගිහින් එයාට හිරිහැර කරලා එයාව සල්ලිවලට විකුණුවොත්+ ඒ කෙනාව මරලා දාන්න ඕනේ.+ ඒ විදිහට ඔයාලා අතරින් ඒ දුෂ්ට දේ කරපු කෙනාව අයින් කරලා දාන්න.+

8 “කෙනෙක්ට ලාදුරු* රෝගය හැදුණොත් ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් ඔයාලට දෙන මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපදින්න වගබලා ගන්න.+ මම පූජකයන්ට අණ කරලා තියෙන හැම දෙයක්ම ඔයාලා ඒ විදිහටම කරන්න ඕනේ. 9 ඔයාලා ඊජිප්තුවෙන් පිටත් වෙලා ඇවිත් ඔයාලාගේ ගමන යද්දී මිරියම්ට ලාදුරු රෝගය හැදුණ වෙලාව මතකද?+ ඒ වෙලාවේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා දේවල් කරපු විදිහ අමතක කරන්න එපා.

10 “ඔයාලාගේ අසල්වැසියෙක්ට මොනවා හරි දෙයක් ණයට දුන්නොත්+ එයා ඇපයක් විදිහට දෙන්න පොරොන්දු වුණ දේ ගන්න එයාගේ ගෙට කඩා පනින්න එපා. 11 එයා ඒක ගෙනත් දෙන කල් එළියට වෙලා ඉන්න. 12 ඒ කෙනා දුප්පත් නම් ඔයාලා නිදාගන්න යන්න කලින් ඇපයක් විදිහට එයා දීපු ඇඳුම ආපහු එයාට දෙන්න.+ 13 ඉර බැහැලා යනවාත් එක්කම එයා දීපු ඇඳුම එයාට ආපහු දෙන්න. එතකොට නිදාගනිද්දී ඒ ඇඳුමෙන් උණුසුමක් ලබාගන්න එයාට පුළුවන්.+ ඔයාලා එහෙම කළොත් එයා ඔයාලට ආශීර්වාද කරයි. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයා කරපු දේ ධර්මිෂ්ඨ දෙයක් විදිහට සලකයි.

14 “දුප්පත්කම නිසා කුලී වැඩ කරන්න එන කෙනෙක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. ඒ කෙනා ඔයාලාගේ නගරේ ඉන්න ඔයාලාගේ සහෝදරයෙක් වුණත් විදේශිකයෙක් වුණත් එයාට එහෙම සලකන්න එපා.+ 15 එයාගේ කුලිය ඒ දවසේම, ඉර බැහැලා යන්න කලින් එයාට දෙන්න.+ මොකද එයා දුප්පත් කෙනෙක් නිසා ඒ කුලියෙන් තමයි එයා ජීවත් වෙන්නේ. එයාගේ කුලිය එයාට දුන්නේ නැත්නම් ඒ අසාධාරණය ගැන එයා යෙහෝවාට කන්නලව් කරයි. එතකොට ඔයා වරදකරුවෙක් වෙයි.+

16 “දරුවෙක්ගේ වරදක් නිසා එයාගේ තාත්තාව මරලා දාන්න එපා. තාත්තාගේ වරදක් නිසා එයාගේ දරුවාව මරලා දාන්නත් එපා.+ කෙනෙක්ව මරලා දාන්න ඕනෙ එයා කරන වරදටයි.+

17 “ඔයාලා අතරේ ඉන්න විදේශිකයෙක්ටවත් තාත්තා නැති දරුවෙක්ටවත් කිසිම අසාධාරණයක් කරන්න එපා.+ වැන්දඹුවකගේ ඇඳුමක් ඇපයට ගන්න එපා.+ 18 ඔයාලා කාලයක් ඊජිප්තුවේ වහලුන් විදිහට හිටියා කියලත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා තමයි ඔයාලව නිදහස් කළේ කියලත් අමතක කරන්න එපා.+ එහෙම කරන්න කියලා මං ඔයාලට අණ කරන්නේ ඒ නිසයි.

19 “කෙතේ අස්වැන්න නෙළාගත්තාට පස්සේ එක මිටියක් කෙතේ අමතක වෙලා ගියොත් ඒක ගන්න ආපහු යන්න එපා. විදේශිකයන්ට, තාත්තා නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට ඒක ගන්න ඉඩ දෙන්න.+ එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා කරන හැම දේකටම ආශීර්වාද කරයි.+

20 “ඔයාලට අයිති ඔලීව ගස්වල අතු හොල්ලලා* ගෙඩි කඩාගත්තාට පස්සේ ඉතුරු වෙලා තියෙන ගෙඩි කඩාගන්න ආපහු අතු හොල්ලන්න එපා. ඒවා විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් වෙනුවෙන් ඉතුරු කරන්න.+

21 “ඔයාලාගේ මිදිවත්තෙන් මිදි එකතු කරගත්තාට පස්සේ ඉතුරු වෙලා තියෙන මිදි ගන්න ආයේ යන්න එපා. ඒවා විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් වෙනුවෙන් ඉතුරු කරන්න. 22 ඔයාලා ඊජිප්තුවේ වහලුන් විදිහට හිටියා කියලා අමතක කරන්න එපා. ඒ දේවල් කරන්න කියලා මං ඔයාලට අණ කරන්නේ ඒ නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න