ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • බාෂාට විරුද්ධව යෙහෝවාගේ විනිශ්චය (1-7)

      • ඒලාහ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (8-14)

      • සිම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (15-20)

      • ඔම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (21-28)

      • ආහබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (29-33)

      • හීයෙල් යෙරිකෝව ආයෙත් ගොඩනඟයි (34)

1 රාජාවලිය 16:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:7
  • +2ලේක 19:2; 20:34

1 රාජාවලිය 16:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:8
  • +1රාජා 13:33

1 රාජාවලිය 16:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:10, 11; 15:29

1 රාජාවලිය 16:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:21, 33

1 රාජාවලිය 16:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:25-29

1 රාජාවලිය 16:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:31

1 රාජාවලිය 16:11

පාදසටහන්

  • *

    හෝ, “ලේවල පළිය ගන්න අය.”

1 රාජාවලිය 16:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:1-3

1 රාජාවලිය 16:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:21; 1සාමු 12:21; 2රාජා 17:15; යෙසා 41:29

1 රාජාවලිය 16:15

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:44, 48; 21:20, 23; 1රාජා 15:27

1 රාජාවලිය 16:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:26; මීකා 6:16

1 රාජාවලිය 16:18

හරස් යොමු දැක්වීම්

  • +විනි 9:53, 54; 1සාමු 31:4; 2සාමු 17:23

1 රාජාවලිය 16:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:28-30; 14:7, 9

1 රාජාවලිය 16:24

පාදසටහන්

  • *

    තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

  • *

    තේරුම, “ෂෙමෙර්ගේ පවුලට අයිති.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 20:1; 2රාජා 17:24; ආමො 6:1; ක්‍රියා 8:5

1 රාජාවලිය 16:25

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:16

1 රාජාවලිය 16:26

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:28-30; 13:33

1 රාජාවලිය 16:28

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:33; 21:4, 20-22; 2රාජා 10:1

1 රාජාවලිය 16:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:23, 24; යෙසා 7:9

1 රාජාවලිය 16:30

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:25; 21:25; 2රාජා 3:1, 2

1 රාජාවලිය 16:31

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:28-30
  • +උත් 10:15
  • +1රාජා 18:4, 19; 21:7; 2රාජා 9:30; එළි 2:20
  • +විනි 2:11; 10:6; 2රාජා 10:19; 17:16

1 රාජාවලිය 16:32

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:21, 27

1 රාජාවලිය 16:33

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:13; 2රාජා 10:26, 28; 13:6

1 රාජාවලිය 16:34

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1998, 21-22 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 16:12ලේක 16:7
1 රාජා. 16:12ලේක 19:2; 20:34
1 රාජා. 16:21සාමු 2:8
1 රාජා. 16:21රාජා 13:33
1 රාජා. 16:31රාජා 14:10, 11; 15:29
1 රාජා. 16:61රාජා 15:21, 33
1 රාජා. 16:71රාජා 15:25-29
1 රාජා. 16:102රාජා 9:31
1 රාජා. 16:121රාජා 16:1-3
1 රාජා. 16:13ද්වි 32:21; 1සාමු 12:21; 2රාජා 17:15; යෙසා 41:29
1 රාජා. 16:15යොෂු 19:44, 48; 21:20, 23; 1රාජා 15:27
1 රාජා. 16:162රාජා 8:26; මීකා 6:16
1 රාජා. 16:18විනි 9:53, 54; 1සාමු 31:4; 2සාමු 17:23
1 රාජා. 16:191රාජා 12:28-30; 14:7, 9
1 රාජා. 16:241රාජා 20:1; 2රාජා 17:24; ආමො 6:1; ක්‍රියා 8:5
1 රාජා. 16:25මීකා 6:16
1 රාජා. 16:261රාජා 12:28-30; 13:33
1 රාජා. 16:281රාජා 16:33; 21:4, 20-22; 2රාජා 10:1
1 රාජා. 16:291රාජා 16:23, 24; යෙසා 7:9
1 රාජා. 16:301රාජා 16:25; 21:25; 2රාජා 3:1, 2
1 රාජා. 16:311රාජා 12:28-30
1 රාජා. 16:31උත් 10:15
1 රාජා. 16:311රාජා 18:4, 19; 21:7; 2රාජා 9:30; එළි 2:20
1 රාජා. 16:31විනි 2:11; 10:6; 2රාජා 10:19; 17:16
1 රාජා. 16:322රාජා 10:21, 27
1 රාජා. 16:33නික් 34:13; 2රාජා 10:26, 28; 13:6
1 රාජා. 16:34යොෂු 6:26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 16:1-34

පළවෙනි රාජාවලිය

16 යෙහෝවා දෙවියන් බාෂා රජට දෙන්න යන විනිශ්චය ගැන හනානිගේ+ පුතා වුණ යේහුට+ දැනුම් දුන්නා. 2 “දූවිල්ලේ හිටපු ඔයාව මං උඩට අරන් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට පත් කළා.+ ඒත් ඔයා දිගටම යෙරොබොවම්ගේ අඩිපාරේ ගිහින් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව වැරදි කරන්න පෙලඹුවා. ඉතින් එයාලා ඒ වැරදි දේවල් කරලා මාව කේන්ති ගැස්සුවා.+ 3 ඒ නිසා මම බාෂාවත් එයාගේ පවුලේ අයවත් නැත්තටම නැති කරලා දානවා. නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ගේ පවුලේ අයට කරපු දේම+ මම එයාගේ පවුලටත් කරනවා. 4 නගරවලදී මැරෙන බාෂාගේ පවුලේ අයව බල්ලෝ කාලා දානවා. නගරෙන් පිට මැරෙන අයව කුරුල්ලෝ කාලා දානවා.”

5 බාෂාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු දේවල් ගැනත් එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 6 ඊටපස්සේ බාෂා රජ මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ තිර්ෂාවල.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ ඒලාහ් රජකමට පත් වුණා. 7 බාෂාටත් එයාගේ පවුලේ අයටත් වෙන්න යන දේ යෙහෝවා හනානිගේ පුතා වුණ අනාගතවක්තෘ යේහු මාර්ගයෙන් කියලා තිබුණා. එහෙම වුණේ යෙරොබොවම්ගේ පවුලේ අය කළා වගේ නරක දේවල් කරලා එයාත් යෙහෝවාව කේන්ති ගස්සපු නිසයි. බාෂා, දෙවියන් ඉස්සරහා ගොඩක් දුෂ්ට දේවල් කළා. ඒ වගේම නාදාබ්වත් මරලා දැම්මා.+

8 යූදාවල රජ වුණ ආසා පාලනය කරපු 26වෙනි අවුරුද්දේ තමයි බාෂාගේ පුතා වුණ ඒලාහ් ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණේ. එයා අවුරුදු දෙකක් තිර්ෂාවල ඉඳන් පාලනය කළා. 9 එයාගේ අශ්ව රථ සේනාවෙන් භාගයක් භාරව හිටපු සිම්රී කියන එයාගේ සේවකයා එයාට විරුද්ධව කුමන්ත්‍රණයක් කළා. ඒ වෙලාවේ ඒලාහ් හිටියේ තිර්ෂාවල තිබුණ එයාගේ මාලිගාවේ වැඩ බලාගත්ත ආර්ෂාගේ ගෙදර. එයා හිටියේ හොඳටම බීලා වෙරි වෙලා. 10 සිම්රී එතනට ඇවිත් ඒලාහ්ට පහර දීලා+ එයාව මැරුවා. ඒක වුණේ ආසා යූදාවල රජකම් කරපු 27වෙනි අවුරුද්දේ. ඒලාහ් වෙනුවට සිම්රී රජකමට පත් වුණා. 11 එයා රජ වෙලා සිංහාසනයේ ඉඳගත්ත ගමන්ම බාෂාගේ පවුලට අයිති හැමෝවම මරලා දැම්මා. බාෂාගේ නෑදෑයන්* සහ යාළුවන් අතරින් කිසිම පුරුෂයෙක්ව එයා ඉතුරු කළේ නැහැ. 12 සිම්රී ඒ විදිහට බාෂාගේ පවුලේ හැමෝවම නැත්තටම නැති කරලා දැම්මා. අනාගතවක්තෘ යේහු මාර්ගයෙන් බාෂාට විරුද්ධව යෙහෝවා කියපු දේ ඒ විදිහටම ඉටු වුණා.+ 13 ඒ හැම දෙයක්ම වුණේ බාෂා රජයි, එයාගේ පුතා ඒලාහ්යි ගොඩක් වැරදි කරපු නිසයි. එයාලා කිසි වැඩකට නැති රූපවලට නමස්කාර කරලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගැස්සුවා.+ ඒ වැරදි කරන්න එයාලා ඊශ්‍රායෙල්වරුන්වත් පෙලඹුවා. 14 ඒලාහ්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.

15 යූදාවල රජ වුණ ආසා පාලනය කරපු 27වෙනි අවුරුද්දේදී තමයි සිම්රී රජකමට පත් වුණේ. එයා තිර්ෂාවල ඉඳන් දවස් හතක් පාලනය කළා. ඒ වෙද්දී හමුදාව හිටියේ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන්+ නගරයට විරුද්ධව කඳවුරු බැඳගෙනයි. 16 සිම්රී කුමන්ත්‍රණය කරලා රජව මරලා දාලා කියලා කඳවුරේ හිටපු අයට ආරංචි වුණා. එතකොට කඳවුරේ හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම එකතු වෙලා හමුදාවේ ප්‍රධානියා වුණ ඔම්රීව+ ඊශ්‍රායෙල්වල රජ විදිහට පත් කළා. 17 ඊටපස්සේ ඔම්රී සහ එයා එක්ක හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම ගිබ්බෙතොන් ඉඳන් ඇවිත් තිර්ෂා නගරය වැටලුවා. 18 නගරය අල්ලගත්තා කියලා දැක්කාම සිම්රී රජමාලිගාවේ තිබුණ ආරක්ෂිත බලකොටුවට ගිහින් රජමාලිගාවට ගිනි තිබ්බා. ඒ ගින්නෙන්ම එයාත් මැරුණා.+ 19 එහෙම වුණේ එයාගෙම වැරදි නිසයි. එයා යෙරොබොවම්ගේ අඩිපාරේ ගිහින් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කළා. ඒ වගේම එයා ඊශ්‍රායෙල්වරුන්වත් වරදට පෙලඹුවා.+ 20 සිම්රීගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැනත් එයා කරපු කුමන්ත්‍රණය ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.

21 ඒ කාලේ තමයි ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සු කණ්ඩායම් දෙකකට බෙදුණේ. එක කණ්ඩායමක් ගීනත්ගේ පුතා වුණ තිබ්නීගේ පැත්ත ගත්තා. එයාලට ඕනෙ වුණේ තිබ්නීව රජකමට පත් කරන්න. අනිත් කණ්ඩායම ඔම්රීගේ පැත්ත ගත්තා. 22 ඔම්රීගේ පැත්තේ හිටපු අය ගීනත්ගේ පුතා වුණ තිබ්නීගේ පැත්තේ හිටපු අයව පැරැද්දුවා. එයාලා තිබ්නීව මරලා දැම්මා. ඊටපස්සේ ඔම්රී රජ වුණා.

23 යූදාවල රජ වුණ ආසා පාලනය කරපු 31වෙනි අවුරුද්දේ තමයි ඔම්රී ඊශ්‍රායෙල්වල රජ වුණේ. එයා අවුරුදු 12ක් පාලනය කළා. ඒකෙන් අවුරුදු හයක් එයා පාලනය කළේ තිර්ෂාවල ඉඳලයි. 24 ඊටපස්සේ එයා ෂෙමෙර්ගෙන් සමාරිය කියන කන්ද රිදී තලෙන්ත* දෙකකට මිල දීලා ගත්තා. එයා ඒ කන්දේ නගරයක් හැදුවා. ඒ කන්ද අයිති වෙලා තිබුණේ ෂෙමෙර්ට නිසා ඔම්රී එයා හදපු නගරයට සමාරිය* කියන නම තිබ්බා.+ 25 ඔම්රී දිගටම යෙහෝවා වැරදියි කියලා සලකපු දේවල් කළා. එයා එයාට කලින් හිටපු හැම කෙනෙක්ටම වඩා දුෂ්ට දේවල් කළා.+ 26 එයාත් නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ගේ අඩිපාරේ ගිහින් යෙරොබොවම් කරපු හැම නරක දෙයක්ම කළා. යෙරොබොවම්ගේ බලපෑම නිසා ඊශ්‍රායෙල්වරු කිසි වැඩකට නැති රූපවලට නමස්කාර කරලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගැස්සුවා.+ එයාත් ඒ වරදම කළා. 27 ඔම්රීගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු දේවල් ගැනත් එයාගේ යුද ජයග්‍රහණ ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 28 ඊටපස්සේ ඔම්රී මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ ආහබ්+ රජකමට පත් වුණා.

29 ඔම්රීගේ පුතා වුණ ආහබ් ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණේ යූදාවල රජ වුණ ආසා පාලනය කරපු 38වෙනි අවුරුද්දේ. ඔම්රීගේ පුතා වුණ ආහබ් සමාරියේ+ ඉඳන් අවුරුදු 22ක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළා. 30 ඔම්රීගේ පුතා වුණ ආහබ් එයාට කලින් හිටපු හැම කෙනෙක්ටම වඩා වැඩියෙන් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කළා.+ 31 එයා නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්+ කරපු වැරදි කරලා නතර වුණේ නැහැ. එයා සීදොන්වරුන්ගේ+ රජ වුණ එත්බාල්ගේ දුව යෙසබෙල්ව+ විවාහ කරගෙන බාල්ට+ නමස්කාර කරන්නත් පටන්ගත්තා. 32 ඒ විතරක් නෙමෙයි එයා බාල් වෙනුවෙන් සමාරියේ හදපු දේවාලයේ+ බාල්ට පූජාසනයකුත් හැදුවා. 33 ආහබ් නමස්කාර කරන්න කණුවකුත්* හැදුවා.+ ඇත්තටම ආහබ් එයාට කලින් ඊශ්‍රායෙල්වල හිටපු අනිත් හැම රජ කෙනෙක්ටම වඩා වැඩියෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගස්සන දේවල් කළා.

34 එයා පාලනය කරපු කාලේ බෙතෙල්වල කෙනෙක් වුණ හීයෙල් යෙරිකෝව ආයෙත් ගොඩනැඟුවා. හීයෙල් ඒකේ අත්තිවාරම දාද්දී එයාගේ කුලුඳුල් දරුවා වුණ අබිරාම් මැරුණා. ඒකේ දොරටු හදද්දී එයාගේ බාලම දරුවා වුණ සේගුබ් මැරුණා. යෙහෝවා දෙවියන් නූන්ගේ පුතා වුණ යොෂුවා මාර්ගයෙන් කියපු දේ ඒ විදිහට ඉටු වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න