ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ආබ්‍රහම් ආයෙත් විවාහ වෙයි (1-6)

      • ආබ්‍රහම්ගේ මරණය (7-11)

      • ඉෂ්මායෙල්ගේ පුතාලා (12-18)

      • යාකොබ් සහ ඒසව් ඉපදෙයි (19-26)

      • ඒසව් කුලුඳුලා විදිහට තමන්ට තිබුණ අයිතිය විකුණයි (27-34)

උත්පත්ති 25:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2023, 1 පි.

උත්පත්ති 25:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28; නික් 2:15; ගණන් 31:2; විනි 6:2
  • +1ලේක 1:32, 33

උත්පත්ති 25:3

පාදසටහන්

  • *

    මේ හෙබ්‍රෙව් නම්වලින් ගෝත්‍ර හරි ජාතීන් හරි අදහස් වෙන්න පුළුවන්.

උත්පත්ති 25:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:36

උත්පත්ති 25:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:14

උත්පත්ති 25:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2010, 13 පි.

උත්පත්ති 25:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2016, 12 පි.

    සතුටින් පිරි ජීවිතය, 28 පි.

උත්පත්ති 25:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:8, 9; 49:29, 30

උත්පත්ති 25:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:2, 19

උත්පත්ති 25:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:19; 26:12-14
  • +උත් 16:14

උත්පත්ති 25:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:10, 11
  • +ගලා 4:24

උත්පත්ති 25:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:2, 3; යෙසා 60:7
  • +ගීතා 120:5; යෙරෙ 49:28; එස 27:21
  • +1ලේක 1:29-31

උත්පත්ති 25:16

පාදසටහන්

  • *

    හෝ, “පවුරුවලින් වට කරපු කඳවුරු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:20

උත්පත්ති 25:18

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “සහෝදරයන්ට හතුරුකම් කරමින් ජීවත් වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:11, 12
  • +1සාමු 15:7
  • +උත් 16:7, 8

උත්පත්ති 25:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:2; මතෙ 1:1, 2

උත්පත්ති 25:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:23

උත්පත්ති 25:22

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:10

උත්පත්ති 25:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:15
  • +උත් 36:31; ගණන් 20:14
  • +උත් 27:29, 30; ද්වි 2:4
  • +2සාමු 8:14; මලා 1:2, 3; රෝම 9:10-13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 28 පි.

    10/15/2003, 29 පි.

උත්පත්ති 25:25

පාදසටහන්

  • *

    තේරුම, “රෝමවලින් වැහුණු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:11
  • +උත් 27:32; 36:9; මලා 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2009, 14 පි.

උත්පත්ති 25:26

පාදසටහන්

  • *

    තේරුම, “විලුඹ අල්ලගන්න කෙනා; උදුරගන්න කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:3
  • +උත් 27:36

උත්පත්ති 25:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:3, 5
  • +හෙබ්‍රෙ 11:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2013, 27 පි.

    10/15/2003, 28 පි.

උත්පත්ති 25:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:6, 7, 46

උත්පත්ති 25:30

පාදසටහන්

  • *

    හෝ, “කටක්.”

  • *

    තේරුම, “රතු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2002, 11 පි.

උත්පත්ති 25:31

පාදසටහන්

  • *

    මූ.අ., “මට විකුණන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 21:16, 17

උත්පත්ති 25:32

පාදසටහන්

  • *

    හෝ, “කුලුඳුලා විදිහට මට තියෙන අයිතියෙන්.”

උත්පත්ති 25:33

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 25:2උත් 37:28; නික් 2:15; ගණන් 31:2; විනි 6:2
උත්. 25:21ලේක 1:32, 33
උත්. 25:5උත් 24:36
උත්. 25:6උත් 21:14
උත්. 25:9උත් 23:8, 9; 49:29, 30
උත්. 25:10උත් 23:2, 19
උත්. 25:11උත් 17:19; 26:12-14
උත්. 25:11උත් 16:14
උත්. 25:12උත් 16:10, 11
උත්. 25:12ගලා 4:24
උත්. 25:13උත් 36:2, 3; යෙසා 60:7
උත්. 25:13ගීතා 120:5; යෙරෙ 49:28; එස 27:21
උත්. 25:131ලේක 1:29-31
උත්. 25:16උත් 17:20
උත්. 25:18උත් 16:11, 12
උත්. 25:181සාමු 15:7
උත්. 25:18උත් 16:7, 8
උත්. 25:19උත් 22:2; මතෙ 1:1, 2
උත්. 25:20උත් 22:23
උත්. 25:22රෝම 9:10
උත්. 25:23ගීතා 139:15
උත්. 25:23උත් 36:31; ගණන් 20:14
උත්. 25:23උත් 27:29, 30; ද්වි 2:4
උත්. 25:232සාමු 8:14; මලා 1:2, 3; රෝම 9:10-13
උත්. 25:25උත් 27:11
උත්. 25:25උත් 27:32; 36:9; මලා 1:3
උත්. 25:26හොෂෙ 12:3
උත්. 25:26උත් 27:36
උත්. 25:27උත් 27:3, 5
උත්. 25:27හෙබ්‍රෙ 11:9
උත්. 25:28උත් 27:6, 7, 46
උත්. 25:30උත් 36:1
උත්. 25:31ද්වි 21:16, 17
උත්. 25:33හෙබ්‍රෙ 12:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 25:1-34

උත්පත්ති

25 ආබ්‍රහම් ආයෙත් සැරයක් විවාහ වුණා. එයාගේ බිරිඳගේ නම කෙටූරා. 2 කාලයත් එක්ක එයාලට දරුවෝ හම්බ වුණා. එයාලාගේ නම් සිම්රාන්, යොක්ෂාන්, මේදාන්, මිදියන්,+ ඉෂ්බාක් සහ ෂුවාහ්.+

3 යොක්ෂාන්ගේ පුතාලාගේ නම්: ෂෙබා සහ දෙදාන්.

දෙදාන්ගෙන් තමයි අෂ්ෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුමිම් කියන අය පැවත එන්නේ.*

4 මිදියන්ගේ පුතාලාගේ නම්: ඒෆා, ඒෆෙර්, හනොක්, අබිදා සහ එල්දායා.

එයාලා හැමෝම පැවත ආවේ කෙටූරාගෙන්.

5 ආබ්‍රහම් එයාට අයිති හැම දෙයක්ම ඊසාක්ට දුන්නා.+ 6 ඒත් එයා අනිත් භාර්යාවන්ගේ පුතාලට තෑගි දුන්නා. ආබ්‍රහම් ජීවත් වෙලා ඉද්දීම ඒ පුතාලව එයාගේ පුතා ඊසාක්ගෙන් වෙන් කරලා+ දේශයේ නැඟෙනහිර ප්‍රදේශවලට පිටත් කරලා යැව්වා. 7 ආබ්‍රහම් අවුරුදු 175ක් ජීවත් වුණා. 8 එයා සතුටින්, හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. 9 ආබ්‍රහම්ගේ පුතාලා වුණ ඊසාක් සහ ඉෂ්මායෙල් මක්පේලාවල ගුහාවේ එයාව තැන්පත් කළා. ඒ ගුහාව තිබුණේ මම්රේට+ ඉදිරියෙන් තිබුණු හිත්තීවරයෙක් වුණ ෂෝහර්ගේ පුතා වුණ එෆ්‍රොන්ගේ ඉඩමේ. 10 ඒ ඉඩම හෙත්ගෙන් පැවත ආපු අයගෙන් ආබ්‍රහම් මිල දීලා අරන් තිබුණා. ආබ්‍රහම්වත් එයාගේ බිරිඳ වුණ සාරා එක්ක+ එතන තැන්පත් කළා. 11 ආබ්‍රහම් මැරුණාට පස්සෙත් එයාගේ පුතා ඊසාක්ට දෙවියන් දිගටම ආශීර්වාද කළා.+ ඒ කාලේ ඊසාක් ජීවත් වුණේ බෙයර්ලහයිරොයිවලට+ කිට්ටුව.

12 ඉෂ්මායෙල්ගේ+ පෙළපත් වාර්තාව ගැන විස්තර පහළින් තියෙනවා. එයා තමයි සාරාගේ ඊජිප්තු ජාතික සේවිකාව වුණ හාගර්ට+ ආබ්‍රහම්ගෙන් හම්බ වුණ පුතා.

13 ඉෂ්මායෙල්ගේ පුතාලාගේ නම් සහ එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ 14 මිෂ්මා, දූමා, මස්සා, 15 හදද්, තේමා, යෙතූර්, නාෆිෂ් සහ කේදෙමා. 16 ඉෂ්මායෙල්ගේ ඒ පුතාලා ගෝත්‍ර භාරව හිටපු අධිපතීන් 12දෙනෙක්.+ එයාලා එක් එක් කෙනාට අයිති වුණ ජනපද සහ කඳවුරු* එයාලාගේ නම්වලින් හැඳින්නුවා. 17 ඉෂ්මායෙල් අවුරුදු 137ක් ජීවත් වෙලා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. 18 එයාගෙන් පැවත ආපු අය ජීවත් වුණේ එයාලාගේ නෑදෑයන්ට කිට්ටුවෙන්.*+ එයාලා හවිලා ඉඳලා ඇසිරියාව දක්වා තියෙන ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. හවිලා+ තියෙන්නේ ඊජිප්තුවට කිට්ටුවෙන් තියෙන ෂුර්+ ළඟ.

19 මේ තමයි ආබ්‍රහම්ගේ පුතා ඊසාක්ගේ පෙළපත් වාර්තාව.+

ආබ්‍රහම්ගේ පුතා ඊසාක්. 20 ඊසාක් වයස අවුරුදු 40දී රෙබෙකාව විවාහ කරගත්තා. රෙබෙකා කියන්නේ පදන්ආරම්වල හිටපු අරාමීය ජාතික බෙතුයෙල්ගේ+ දුව වගේම අරාමීය ජාතික ලාබන්ගේ නංගි. 21 ඊසාක්ගේ බිරිඳට කාලයක් යන කල් දරුවෝ හම්බ වුණේ නැති නිසා ඊසාක් ඒ ගැන යෙහෝවාට දිගින් දිගටම කන්නලව් කළා. එයාගේ කන්නලව්වට යෙහෝවා දෙවියන් සවන් දුන්නා. ඊටපස්සේ ඊසාක්ගේ බිරිඳ වුණ රෙබෙකා ගැබ්ගත්තා. 22 එයාගේ කුසේ හිටපු පුතාලා දෙන්නා එකිනෙකා එක්ක පොර අල්ලනවා+ කියලා එයාට දැනුණා. එයා මෙහෙම කිව්වා. “මේ විදිහට දුක් විඳවිඳ ජීවත් වෙලා වැඩක් තියෙනවාද?” ඉතින් රෙබෙකා යාච්ඤා කරලා යෙහෝවාගෙන් ඒ ගැන ඇහුවා. 23 එතකොට යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ කුසේ ඉන්න+ දරුවෝ දෙන්නාගෙන් ජාතීන් දෙකක් බිහි වෙනවා. ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි.+ එක ජාතියක් අනිත් එකට වඩා බලවත් වෙනවා.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+

24 දරුවෝ ලැබෙන දවස ආවාම එයා නිවුන් දරුවෝ බිහි කළා. 25 මුලින්ම හම්බ වුණ දරුවාගේ ඇඟ පුරාම රතු පාටට හුරු රෝම තිබුණා.+ එයා ලොම්වලින් හදපු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගෙයි පෙනුණේ. ඒ නිසා එයාට ඒසව්*+ කියන නම තිබ්බා. 26 ඊටපස්සේ එයාගේ මල්ලි ඉපදුණා. එයා ඉපදෙද්දී ඒසව්ගේ විලුඹ අල්ලගෙනයි හිටියේ.+ ඒ නිසා එයාට යාකොබ්*+ කියන නම තිබ්බා. රෙබෙකාට එයාලව හම්බ වෙද්දී ඊසාක්ට වයස අවුරුදු 60යි.

27 දරුවෝ දෙන්නා ලොකු මහත් වුණා. ඒසව් එළිමහනේ ජීවත් වෙන්න කැමති, දක්ෂ දඩයක්කාරයෙක් වුණා.+ ඒත් යාකොබ් හරි දේ කරපු නිර්දෝෂ කෙනෙක්. එයා වැඩියෙන් ආස කළේ කූඩාරම්වල ඉන්න.+ 28 ඊසාක් වැඩියෙන් ආදරේ කළේ ඒසව්ට. මොකද ඒසව් එයාට කන්න නිතරම දඩමස් ගෙනත් දුන්නා. ඒත් රෙබෙකා වැඩියෙන් ආදරේ කළේ යාකොබ්ට.+ 29 දවසක් යාකොබ් කෑමක් උයඋය හිටියා. එතකොට දඩයමේ ගිහිල්ලා ගොඩක් මහන්සි වෙලා හිටපු ඒසව් එතනට ආවා. 30 ඒසව් යාකොබ්ට මෙහෙම කිව්වා. “අනේ, ඔයා උයන ඔය රතු පාට කෑමෙන් ටිකක්* මට දෙන්නකෝ. ඉක්මන් කරන්න, මට හරි මහන්සියි.” එයාට ඒදොම්*+ කියන නම ලැබුණේ මේ සිද්ධිය නිසයි. 31 එතකොට යාකොබ් ඒසව්ට මෙහෙම කිව්වා. “හරි දෙන්නම්. ඊට කලින් කුලුඳුලා හැටියට ඔයාට ලැබෙන්න තියෙන දේවල්+ මට දෙනවා කියලා පොරොන්දු වෙන්න.”* 32 එතකොට ඒසව් කිව්වා “මං මේ බඩගින්නේ මැරෙන්න යන වෙලාවේ මට ඕකෙන්* ඇති වැඩේ මොකක්ද” කියලා. 33 යාකොබ් කිව්වා “මුලින්ම මට දිවුරලා පොරොන්දු වෙන්න” කියලා. ඉතින් ඒසව් කුලුඳුල් පුතා හැටියට එයාගේ අයිතිය යාකොබ්ට දෙනවා කියලා දිවුරුවා. එයා ඒක වික්කා.+ 34 ඊටපස්සේ යාකොබ් ඒසව්ට රොටියි, ධාන්‍ය ව්‍යංජනයයි දුන්නා. එයා හොඳට කාලා බීලා ඉවර වුණාට පස්සේ එතනින් යන්න ගියා. මේ විදිහට ඒසව් කුලුඳුල් පුතා හැටියට එයාට තිබුණ අයිතියෙන් එයාට කිසි වැඩක් නැහැ කියලා පෙන්නුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න